Watch Trailer

The Hobbit: The Battle Of The Five Armies (2014) | මකර දඩයමේ අවසානය. (100) [සිංහල උපසිරැසි සමඟ]

මුළු රටටම වැදගත් දවසක් වෙච්ච ඊය දවස, අද මටත් පොඩි විශේෂයක් තියෙනවා. පොඩිමත් නෑ. ටිකක් ලොකුයි ඉතින්. 😀 😀 😀 . ඇත්තටම ගොඩක් සතුටු දවසක්. මන්ද යත් මම මේ සොඳුරු අඩවියට ගොඩවෙලා අද මේ ඔයාලට ලබා දෙන්න යන්නේ “මගේ 100 වෙනි සිංහල උපසිරැසිය” නිසා. මම සතුටුයි කිව්වේ හේතු කිහිපයක් ම නිසා. මුල්ම කාරණය තමයි කවදාකව…

The Hobbit The Battle of the Five Armies (2014)

මුළු රටටම වැදගත් දවසක් වෙච්ච ඊය දවස, අද මටත් පොඩි විශේෂයක් තියෙනවා. පොඩිමත් නෑ. ටිකක් ලොකුයි ඉතින්. 😀 😀 😀 . ඇත්තටම ගොඩක් සතුටු දවසක්. මන්ද යත් මම මේ සොඳුරු අඩවියට ගොඩවෙලා අද මේ ඔයාලට ලබා දෙන්න යන්නේ “මගේ 100 වෙනි සිංහල උපසිරැසිය” නිසා. මම සතුටුයි කිව්වේ හේතු කිහිපයක් ම නිසා. මුල්ම කාරණය තමයි කවදාකවත් මුණගැහිලා නැති ඒත් අපි අතරේ ලොකු අවබෝධයකින් වැඩ කරන පට්ට යාළුවෝ ටිකක් සෙට් උන එක. මට නම් ඒක තමයි ලොකුම දේ. ඉවසීම සාධාරණය උදව් කිරීම සහ කැපවීම වගේ වටිනා වැදගත් දේවල් උපරිමයෙන් තියෙන අපේ අඩවියේ ඇඩ්මින්ලා සෙට් එක නැත්නම් මේ සොඳුරු අඩවිය මේ තරම් සංවිධානාත්මකව ජයග්‍රාහී ලීලාවෙන් ඉදිරියට යන්න කොහොමත්ම බෑ කියලා මම හොදාකාරවම දන්නවා. අන්න ඒකයි මම පට්ටයි කිව්වේ මේ අඩවිය සහ කාර්‍යමණ්ඩලය.

කාලයක් තිස්සේ මොකක් හෝ හොඳ විනෝදාංශයක් කරන්න හොයමින් ඉන්නකොට තමයි මට මේ වලිගේ පෑගුණේ. ඒකට වගකියන්න ඕනේ නම් අපේ “ලොකු අයියා රොයිලි” තමයි. එයා උපසිරැසි යොදලා තිබ්බ The Avengers (2012) ෆිල්ම් එකේ සබ් එක අහම්බෙන් වගේ මට ලැබුණා. එදා තමයි හිතුවේ මමත් මේක පොඩ්ඩක් කරලා බලන්න ඕනේ කියලා. ඒත් මම මේ අඩවියේ පළකරන්න නම් හිතුවේ නෑ, After Earth (2013) චිත්‍රපටයේ කැමරා කොපියකට තනියම අසාගෙන සබ් කරලා හොඳ කොපිය ආවාම බයිස්කෝප් එකට කලින් මගේම බ්ලොග් අඩවියක පල කරන්න තමයි හිතන් උන්නේ. කරන්න ගියාම තමයි වැඩේ ලේසි නැහැ කියලා තේරුණේ. කොහොමහරි හොඳ කොපිය ආවා. ඒ වෙනකොට මම සබ් එකෙන් 75% ක් වගේ කරලා තිබ්බේ. මාර වැඩේ කියන්නේ මම ඉතුරු පොඩ්ඩ ඉංග්‍රීසි සබ් එක බලාගෙන කරන ටිකට හසන්ත අයියා සැප්තැම්බර් 17 වැනිදා මේ අඩවියේ පල කළා කියන්නකෝ. අම්මෝ ආයේ සබ් කරන්නේ නෑ කියලා හිතුනා. 😛 😛 😛

ඒත් කොහොම හරි දවස් හතරක් යනකොට එනම් 2013 සැප්තැම්බර් 21 වැනිදා පළමු උපසිරැසිය අඩවියේ පළකලා. එදා දැනුන සතුට නම් කියලා නිමකරන්න බැහැ. පේනවනේ ඒකෙ තරම කොහොමද කියලා. මගේ පනස් වෙනි උපසිරැසිය විදියට The Amazing Spider Man 2 (2014) 2014 ජුනි 17 වැනිදා ලබා දුන්නා. ඒ වෙනකොට මම උපසිරැසි සියල්ලම චිත්‍රපට වලින් ලබා දීම විශේෂත්වයක්. ඒත් පස්සේ අපේ ඇඩ්මින්ලා ගේ ආරාධනයෙන් Tyrant 2014(10) සහ The Missing 2014(8) යන මිනි රුපවාහිනී කතා මාලාවන් දෙකක් එකවරම ලබා දුන්නා ඔයාලට මතක ඇති. ඊට අමතරව පිළිවෙලින් ඉංග්‍රීසි හින්දි සහ වෙනත් භාෂා චිත්‍රපට 46, 28 සහ 7 ක් ලෙස ලබා දීලා තියෙනවා. ඒ අතරින් මම අදටත් කැමතිම එක තමයි Rush (2013) කියන්නේ. මේ සියල්ලේම බාගත කිරීම ගණන අද වෙනකොට 417,234 ක් වෙනවා. නමුත් මගේ උපසිරැසි එක්ක ෆිල්ම් නැරඹු සංඛ්‍යාව මෙම සංඛ්‍යාව වගේ දෙතුන් ගුණයක් වෙනවා. මේ අගයන් දැක්කාම ඇත්තටම සතුටුයි.

මම දන්නා දෙයින් තවත් කෙනෙක් සතුටු වෙනවා කියල දැනුණාම ලැබෙන ආත්ම තෘප්තියට නම් වටිනාකමක් දෙන්න නොහැකි තරම්. දැන් දැන් අපි ලබා දෙන උපසිරැසි එක්ක ෆිල්ම් බලන කණ්ඩායමක් වගේම සබ් ඩිවීඩි පට වලට ඇතුලත් කරලා තම වෘත්තීය විදියට අපේ සබ් පාවිච්චි කරලා යම් මුදලක් උපයා ගන්න කණ්ඩායමක් ඉන්න එක ගැනත් එක් අතකින් සතුටක් දැනෙනවා. ඒ වගේම මේ උපසිරැසිකරණයේදී මට අළුත් වචන වගේම ඉංග්‍රීසි භාෂාවේ ගොඩක් යෙදීම් මට අහුවෙලා තියෙනවා. පස්සේ මම එව්වා පාවිච්චියට අරගෙනත් තියෙනවා, මොකද මම හිතන්නේ මේ දෙයින් අපිව භාෂාවේ නවතම ඉසව් වලට අරගෙන යනවා. මගේ ලඟ හිටිය සමහර යාළුවො. “උඹට වැඩ නැද්ද ඔව්වා කරන්නේ” කියලා කිව්වත් මට ඒ අයව ඇහුණේ නැතුවාද මංදා.

ලොකු අයියා මාව අල්ල ගත්තට මට මේ ඉස්සව්ව මොන වගේද කියලා පෙන්නුවේ “ඔන්ලයින් විකියා.” මොකද මම එහෙම කිව්වේ මම අඩවියට එකතු වුන කාලේ ඉඳන් මගේ සබ් ගත්තු අය දන්නවා මම ඒ දවස් වල කොහොමද සබ් දුන්නේ කියලා. මොකද මට ඔන්ලයින් එන්නම බෑ. ආව ගමන් මැසේජ් එකක් එනවා.”සහෝ පට්ට ෆිල්ම් එකක් ඇවිත් කරමුද කරමුද කරමුද?” මම ඉතිං බෑ කියන්නෙත් නෑ ඉස්සර දැන් වගේ. ඔහොම ඔහොම මට කියල එක දිගටම පනහකට කිට්ටු වෙන්නම කරගත්තා. මම මුලින් හිතුවේ මේක මට විතරක් උන වැඩක් කියලා. පස්සේ පස්සේ තමයි දන්නේ සෙට් එකටම “ඔන්ලයින් විකියා” තමයි වැඩේ දීලා තියෙන්නේ කියලා. දැන් නම් අපිට වගේ සබ් ලියන්න ඇම්ම තියෙන අපේ නව සාමාජිකයින්ට නම් මම දන්නා තරමින් ඒ තරම් ප්‍රශ්නේ නෑ. මොකද ඔන්ලයින් විකියා වැඩිය පේන්න නැත්තේ පවුල් පන්සල් වෙන්නද මංදා යන්නේ. අනේ මංදා මම නම් දන්නේ නෑ ඔන්න ඔව්වා.

ඊට පස්සේ තමයි “පොඩි අයියා හසන්තව” සෙට් උණේ. ඒ එයා මේකේ ප්‍රින්සිපල් උනකාලේම තමයි. මම දන්නේ නැති මොනවාම හරි දෙයක් නම් ඔන්න පිහිට. උපසිරසිකරණයේදී අවශ්‍ය වෙන ගොඩක් දේවල් අහගෙන තියෙනවා. හැබැයි ඉතින් අවුල තියෙන්නේ මොකක් හරි කියා දුන්නාම ඒ දේ තව හොඳට පුරුදු වෙන්න කියලා පැවරුම් නොසෑහෙන්න දෙනවා. ඒක නිසා දැන් නම් වැඩිය යන්නේ නෑ ඉල්ලන් කන්න. 😛 😛 😛

ඊට පස්සේ “සමීර කරුණාරත්න” මුණ ගැසුණු තවත් හොඳ මිතුරෙක් තමයි. නොදන්නා ගොඩක් දේවල් අහගෙන තියෙනවා. මෙයයි හසන්ත අයියයි තමයි මට හොඳ පෝරියල් සෙට් කරලා තියෙනවා. එව්වා ගැන නම් කියල වැඩක් නෑ ඕන්.

වැඩිය සෙට් වෙන්නේ නැතත් අඩවිය වෙනුවෙන් සෑහෙන වැඩක් කල සහ කරන වාසල අයියාවත් මතක් කරනවා. ඒ වගේම අපිට අවශ්‍ය ඕනෙම වෙලාවක අපිට මනරම් පින්තූර නිර්මාණය කරලා දෙන “මචං නලින්” වත් මතක් කරනවා. මම මචං කියන්නත් විශේෂ හේතුවක් තියෙනවා ඔන්න.

අහ්හ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා. හේවා – වීමා සුසංයෝගය. මේ දෙන්නා ගෙන් තමයි උපදෙස්. ලැව්, මළඉලව්, වලි, සොමි ඕන එකකට විසඳුම. සුපිරි ඩබල. ඒ වගේ ගැටළු තියේ නම් ඔන්න අමතන්න. එක දෙයක් විසඳන්න ගිහිල්ලා වෙන ප්‍රශ්ණයක් උණා කියලා නම් මට කියන්න එන්නත් එපා හැබැයි. හේවා ට තද උණාම හින්දියෙන් බැනුම් අහන්නත් වෙනවා හැබැයි. අපේ විමාව නම් වැඩියෙන් මතක් වෙන්නේ හොඳ ලැව් ස්ටෝරි ෆිල්ම් එකක් ආවට පස්සේ තමයි. මේ දවස් වල නම් විමාව මතක් කර කර පියුම් මහත්තයා එනකම් මම පාර බලන් ඉන්නවා ඕන්.

ඒ වගේම විවිධාකාරයෙන් උදව් කරපු කිනා, යශෝධ මල්ලි, කාලිංග, ගයාන් මල්ලි, සඳුන් සහ ළහිරු මල්ලි වත් මතක් කරනවා ඔන්න. ඒ විතරක් නෙමේ. ඔක්කොගෙම නම් ගම් කියන්න මේක වෙලාවක් නොවෙන නිසා කිසි කෙනෙක් මාත් එක්ක තරහ වෙන්නේ නැති වෙයි කියලා හිතනවා.

100 sami2

ගොඩක් දේවල් කිව්ව නිසා අද ෆිල්ම් එක ගැන ගොඩක් නම් විස්තර කියන්න යන්නේ නැහැ. මේක තමයි The Hobbit කතා මාලාවේ අවසාන කොටස වෙන්නේ. තිරගත කිරීම ආරම්භ කලේ දෙසැම්බර් 17 වැනිදා. IMDb එකට අනුව 7.8 ක් ලැබිලා තියෙනවා. වෙනදා වගේම Peter Jackson ගේ අධ්‍යක්ෂණය.

අපි දෙන මේ උපසිරැසි බාගත කරගන්නා සහ අඩුවෙන් උණත් අදහසක් දක්වලා යන ඔයාලා නිසාමයි මේ දේ මේ තරම් දුරකට ආවේ කියලා කියන්න ඕනේ, ඒ ඔක්කොටොම බොහොම ස්තුතියි.

“අපි මේ කැපවිමෙක් කරන දේට ලැබෙන ගෙවීම තමයි ඔයාලගේ වටිනා අදහස් උදහස්. හැමදාම කමෙන්ට් දාන අය දානවා තමයි. ඒත් ගොඩක් අය හොරෙන්ම ඇවිල්ලා බාගත කරගෙන යනවා. මොහොතක් නතර වෙලා ස්තුතියි කියලා වත් කියන්නේ නෑ. සෑම විටම නැති උණත් ඔබ උපසිරැසි ගන්න දස වතාවකට සැරයක් වත් අදහස් දක්වල යන්න කාරුණිකවන්න, මොකද ඒක ඔයාලට ලොකු දෙයක් නොවුණට පැය ගානක් තිස්සේ මේ වෙනුවෙන් කී බෝර්ඩ් එකට තඩිබාන අපි හැමෝටම ලොකු වටිනාකමක් ඒකෙන් ලැබෙනවා.”

එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවනතුරු දැනට සමු ගන්නම්. හැමෝටම සුබ දවසක්!!!!!

The Hobbit: The Battle of the Five Armies (2014) on IMDb

 

 

595 MB (BR x265 HEVC) කොපිය මෙතනින් බාගන්න

CDA3AF26D98BB3BE30590BDB13D8AF6A172235D9

934 MB (720P BR) කොපිය මෙතනින් බාගන්න

EA974AA1432B16C764DA618453CEBCFF7812EAAD

2.06 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

2C62576911D20044701CCB15558E1C063CBA3194 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

35,088 downloadsDownload The-Hobbit-The-Battle-of-the-Five-Armies-2014-BR.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

35,088 downloadsDownload Subtitles315 B

472 comments

  1. dilshan

    thanks machan

    1. ruwanu

      thanks bro....

    2. dhananjaya

      font eja venas karanne natuwa sinhala subtitle balanne kohomada
      samahara sinhala subtitle wala pillam maruweka pennanne ai

  2. Sam

    thnksss sahooo...sub denakn hitiyeee....100th sub unusum suba pathum..keep it up...
    elzzz brooo...

  3. නලින් පෙරේරා

    බස්කොප් අඩවිය අඩවිය සොයා ගත් තවත් එක් උපසිරසකරණයේ මිණි කැටයක් තමයි සමීර නුඹ.

    ඉතින් මේ අපි වෙනුවෙන් කල උපසිරසි 100 ක මෙහෙයුම නොනවත්වා කරගෙන යාමට, මගේ මිතුරා නුබට හැකිවේවා..

    අපි වෙනුවෙන් කැප කල තමන්ගේ වටිනා කාලයට නුඹට පිං මචං. මේ අවුරුද්දේ නුබේ සියලු පැතුම් ඉටු වෙන සුබ නව වසරක් වේවා. 100න් නොනැවතී තව තවත් දිගු ගමනක් යන්න නුඹට ශක්තිය ලැබෙන්න ඕනේ..එකෙන්ම...

    ජය වේවා!

  4. Dinuka (Dinki)

    Ela Machan!

  5. Thanu

    Thanku saho sub 1ta, meka denakal thamai hitiye...

  6. Danu

    100 wana sub ekata suba pethum. wada wada lebenna one. oyata saha baiscopelk ekata jaya wewa

  7. tharindu

    thnx bro. great work

  8. kaminda kumara

    ayye unusum subapatum

  9. uditha kavinda

    Thnx danakam balagena hitiye...100 sub akata magen unusum suba pathum.......

  10. nuvan sanjeeva

    neyamae machan''' digatama karagena yanna''''' jayawewaaaaaaaaaaaaaaa

  11. SaDuN dAnUsHkA (ධනූ)

    කියන්න බැරි තරම් සතුටුයි
    අපි කවුරුත් දන්න හදුනන
    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමේ
    සබ් මැෂින් එක 100 වෙනි
    උපසිරැසියට මාගේ උනුසුම් සුභ පැතුම්............. !

  12. ANTON

    Thank you!

  13. Dilshan kalinga

    100 ට සුබපැතුම් මචන්. මම හිතුවේ 200 ක් වත් කරලා කියලා.
    කමක් නෑ 200 ත් ඉක්මනටම ලැබෙයි මම හිතන්නේ. ;-)

  14. Shanu

    Niyamai ayye, suba pethum sub shathakayak gehuwata, loku sewayak ayye oyala me karanne, keep it up for the 150 & more more more!!!

  15. Madusanka Jayasooriya

    Accept my warmest Congratulations. Thank you.

  16. හර්ෂ ලහිරු

    :D :D 100 වෙනි සබට උණුසුම් සුභ පැතුම් සමීර සහො :D :D
    ඉදිරි වැඩකටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවාකියා ප්‍රාර්ථනා කරනවා :P ජය

  17. ධනා

    නියමයි සහෝ.... 100 වෙනි චිත්‍රපටයට මගෙන් උබ පැතුම්.
    නියෙමට ලිපිය ලියලත් තියෙනව. ජයෙන් ජය!!

    1. rasika

      machan meke film eka qulity nane

  18. harsha

    මෙන්න තවත් ශතකයක් ජයම වේවා. මචෝ දැන් සෙන්චරි කාරයෝ ගොඩක් ඉන්නවා ඕක ඩබල් සෙන්චරියක් කරගන්න බලමු නේද.

  19. Kama

    ගොඩක් ස්තූතියියියියියියියියියයියියියියියියියියියියියියියියියියියියියිය.....................................................................

  20. Kama

    එළම හල වැඩක් මචෛා්

  21. Kama

    එළම එල වැඩක් මචෛා්

  22. Nuraj

    thanx bro denakam hitiyaeeeeeeeeeeeee.Congrats for ur centuary

  23. Pissa

    Thanks a lot saho. Wish you all the best!

  24. Nipuna chathuranga

    නියමයි සහෝ

  25. asiri

    all the best baiscope
    sameera best

  26. අශේන් මදුශංක

    සුභපැතුම් සහෝ....... 200කුත් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා... (y)

  27. EAP විශේෂ දැනුම් දීමයි!

    මෙම චිත්‍රපටය දැනටමත් ශ්‍රී ලංකාවේ සිනමාහල් තුල ප්‍රදර්ශනය වන බැවිනුත්, අපට නීතිමය වශයෙන් මෙම චිත්‍රපටයට ශ්‍රී ලංකාව තුල අයිතියක් ඇති බැවිනුත්, ඔබ වෙබ් අඩවිය මඟින් ලංකාවේ ප්‍රදර්ශනය වන බොහෝ ඉංග්‍රීසි චිත්‍රපට සිංහල උපසිරැසි හා නීතියෙන් අවසර නොමැති කැමරා කොපිද දෙන බැවින් නීතිමය පියවර ගැනීමට අපට සිදුව ඇත. එබැවින් ඔබ වෙබ් අඩවිය ශ්‍රී ලංකාව තුල දර්ශනය නොවන ලෙස දැනුම් දීමට අප කණ්ඩායම විදුලි සන්දේශන හා නියාමන කොමිසමට චෝදනාවක් ගොනු කිරීමට සෙරසෙයි. එබැවින් මේ කරන අවසන් දැනුම් දීමයි. අප ආයතනය මගින් ලංකාව තුල ප්‍රදර්ශනය කරනු ලබන ඉංග්‍රීසි චිත්‍රපට එම දර්ශන කාල පරාසය තුල ලබා නොදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු!. ස්තුතියි.

    1. MovieFan

      Boru nokara hitapan *********! Tho hithuwada api pol booruwo kiyala? Hobbit EAP theatres wala pennanne nehe bola. Eka pennanne ceylon theatres un witharai. Ekath thawa dawas keepayayi.

    2. Danushka

      Mr. EAP... ogollana penawda meka Torrent site ekak nemei.. meka ewilla sub titles dena site ekak. me torrents loke ona tharan sites wala thiyenwa... ogolo nadu daanna egollanta. meka baiscopelk eke nogattat loke ona tharan torrents sites walin aran api meka balanaw.. nikan boruwa dannepa.. Hobbit CEL walin gennapu ekak.. api eka dannawa.. mamath interlectual property gean hondata danna kenek.. PK nuth ehemai.. India walata ona ekata nadu daanna.. India walatawat eke BR copy eka block karanna beri una.. nikan boruwata sites baya karanne nethwua inna.. meka Torrent site ekak nemei... pisso..

    3. danu

      FUCK EAP.. pala do yanna nikan denne nathuwa.. baiscope ekata athak tiyanna api ida tiyanne na.. api film beluwe thope theaters wala newei.. api mechchara kal film beluwe baiscope ekata pin sidda wenna..

    4. SaDuN dAnUsHkA (ධනූ)

      මේ EAP එකෙන්ද අර අහවල් එකේ ඉරිසියාකරයින්
      කරන වැඩක්ද කියලා හරියටම කියන්න බැහැ.
      එහෙනම් ලංකාව තුල ටොරන්ට් සයිට් පවා
      තහනම් කිරීමට EAP එකට සිදුවෙනවා.
      මම නම් හිතන විදියට මේ ඉරිසියාකාර අහවල් සංගමයේ වැඩක්.......!

    5. ගුරා

      මොනවද යකෝ මේ 2.50 කතා අපේ මේ රට කවදාවත් දියුණු වෙන්නැත්තේ මේ වගේ හිතන බල්ලෝ ඉන්න හින්දා ... බලපන් අපි කොච්චර දෙවල් ඉගෙන ගත්තද ? දකින්න බැරි ලෝකය අපි දැක්ක බයිස්කෝප් 1ට පින් දෙන්න... කවදාවත් බයිස්කෝප් 1 නම් නවත්තන්න එපා... හදවතින් කියන්නේ

    6. සමීර කරුණාරත්න

      කරුණාකර ඔබගේ පැමිණිල්ල මේ විද්‍යුත් ලිපිනය යොදාගෙන විද්‍යුත් ලිපියක් මගින් දැනුම් දෙන්න....

    7. jeen

      sinhala sub karanna EAP eken awasara gannath oneda..

    8. janaka

      බොහෝම පිං ...

    9. thisal

      මෙක ඇත්ත වෙන්න බැ... torrent site කොහොමද බ්ලොක් කරන්නෙ උබලා

    10. ධනංඡ

      මම කියන්නේ බයින්න යන්නේ නැතුව සාකච්ඡා කරලා විසදගන්න කියලා. සයිට් එක බ්ලොක් කරොත් ඔය බැන්න කවුරුත් නැ. ඒක නිසා ඇඩ්මින්ලා සාකච්ඡා මාර්ගෙන් විසදගනිවි. බැනගන්න යන්න එක හොද නැ. ඒ ඇත්තම අයනම් එයාලට නීතිමය පැත්තෙනුත් ලබලය තියෙනවා. මොකද මම නිතීඥයෙක් නිසා ඒක හොදටම පැහැදිලි කරන්න පුලුවන්. අවශ්‍ය වන්නේ සාකච්ඡාවේන විසදා ගැනීම. ඔවුන්ට රජයේ හා අන්තර් ජාතික නියාමන මගින් බලය ලැබිලා තියනවායි කියලා ආයිත් කියන්න ඕනා. මේ ඇත්ත චිත්‍රපට සමාගම නම් කරුනාකරලා වාදයට යන්න ඒපා. ඔවුන්ට බලය තියෙනවා ටී.ආර්.සී එකට පැමිනිලි කරන්න. සාකඡ්චා කරන්න. නමුත් අදාල අය තමන් චිත්‍රපට සමාගම බවට තහවුරු කරන්න.

    11. ධනංඡ

      ටොරන්ට් තහනම් රටවල් ලෝකේ තියනවා. උදා- ජර්මනිය.

    12. SUDEERA

      ඇත්ත සහො අපි මෙක සාමෙන් විසද ගමු නේද අපි කරන්නේ මුදල් මත කරන සේවාවක් නොවන නිසා අපි මෙකෙන් අනිත් අයට වෙන බලපැම ගැන වැඩිපුර හිතන්නේ නැහැ.අැඩ්මින් අයියලා ටික මේ වැඩේ බලාගනිවි. අපි එක තවත් අවුස්සන්නේ නැතුව ඉමු.

  28. JOHAN

    thank you so much BRO ...& all the best ^^ .

  29. සාරංග ලියනගම

    ගොඩක් ස්තූතියි උපසිරසියට...

  30. G. V. & M. C.

    100 ta Suba Pathum..

  31. sudeera

    aaaa attda api sub ekk damma paliyata naduwak dnwa nm oyla mrko copy eka dapu ekwa naduwata genn gnnat epaay neda?

    1. sudeera

      meka dmme EAP kattiyta hodee

  32. Ishara

    ela kiri machan,mama hoya hoya hitapu film ekak,thankz

  33. sudeera

    subapathum saho sub ekta digtma sub demuu apita 200 ikmnta onee

  34. imasha

    උපසිරැසියට මාගේ උනුසුම් සුභ පැතුම්…………. !

  35. Bigwill

    mokadda yako iye tiyena wadagathkama???? anika dan ubala ohe dennam wale film denawa... charter copy time line upset... man dan last week eke balapu films 20/3 sinhala sub time line upset.. ubala comment balan da wada karanne? karanawanam hariyata wade karapan.. hoda quality copy ekak awama, hariyata time line hadala sub dapan... nikan chaa wenna epa.. oya nidan inna admin l poddak nagitila boluwoth hodai mokada wenne l\kiyala.. (Man me katawath wena site walata kade yan na, man mula idanma meken thama sub ganne.. dan danene wenasa kiwwe)

    1. SaDuN dAnUsHkA (ධනූ)

      සහොරයා මොන ෆිල්ම් එකේද ටයිම් ලයින් අප්සට් කියලා කියන්න පුලුවන්ද ?
      අපි pk 2014 එකට ටයිම් ලයින් හදල දුන්නේ
      Hobbit ටයිම් ලයින් හදලා දුන්නේ
      අනිත් ඒවා ඉතින් ටැමිල් තමයි
      කියන්න බලන්න ටයිම් ලයින් අප්සට් ෆිල්ම් වල නම් ටික...

    2. ගුරා

      උබට ‍ෆිල්ම් බලන්න බැරි නම් මැරියන් අවජාතකයා,,, සේවයක් කරන මනුස්සයන්ට ඔහොම කතා කරන්න එපා.

    3. VIDEOS|9

      @Bigwill මේ වගේ හොද දෙයක් දකිනකොට ඇස්වල කටු අනිනවා වගේ නේ.?

    4. thisal

      Bigwill@Time line දෙක තුනක් අවුල් උනාම තොට ඔච්චර අමාරු නම් ෆිල්ම් නොබලා ඉදපන් කොපිය එච්චර අවුල් නම් ටොරෙන්ට් එකට ගිහින් ඉට වඩා හොද කොපියක් බාගනින් සබ් දෙන උන්ට බනින්නෙ නැතුව ,, සබ් දුනෙම නැත්නම් මොක්ද වෙන්නෙ තොට ?.... මාත් මෙකෙ දෙන හැම ෆිල්ම් එකක්මයි ටිවි සිරියස් ගොඩකුයි බානවා උබ කියන මගුලක් මම නම් දැක්කෙ නැ.. උබ ඔච්චර සබ් එක ගැන හොයනවා නම් බලපන්කො eng සබ් එකෙන්ම ෆිල්ම් පව් නොදි.. තොපි ඔහොම බොරුවට බනිද්දි සබ් කරන උන්ටත් එපා වෙනවා එකෙන් කෙල වෙන්නෙ සබ් එක අරන් කොමෙන්ට් එකක් දාලා යන අපි වගෙ උන්ට.....

    5. මාලින්

      මට තරහ නැතුව කියනවද මල්ලි, මේ බයිස්කෝප් එකේ තියෙන ටයිම් ලයින් අප්සෙට් කොපි එක සවුත්තු අධ්‍යක්ෂණය වැරදියට කරල තියෙන ජරාම ජරා *ිල්ම් බලන්න කියල ඔයාට බල කරපු එකම එක ඇඩ්මින් කෙනෙක්ගෙ හරි නමක්...

    6. dinesh

      @BIGWILL. me wage gon comment walata monawa kynnda kyl hitha ganna bee..thopita salli walata sub dunna nm balanna thibba..thoo mula idalama sub ganne baiscope ekenlu neda..lejja nedda yakoo mee wagee comment ekk danna tharam..line ekak dekaka time line awul giyata mehema paahara comment daanna epa pakoo..thaniyama sub ekk hadala balapn..edata thota therei sub ekk hadanna widina duka.. anika ubata ochcharatama awul nm pau nodi palayanko..wena oona tharam web site thiyenne... eka rupiyalak hamben nethiwa ,thamange kaale weya karala , mahansi wela sub hadana minissunta eka comment ekakin wath thanx karanna beriwa ee minissunge weradi hoyana thopita hena gahanawa bn..saththai.. anika WERADDAK THYNW NM WEREDDA UNATH KIYANA WIDIYAK THIYAWA..thoo issella eeka igena ganin apita pau nodi..awajathakaya.

  36. sudeera

    meka dmme EAP kattiyta hodee

  37. Nipuna

    උපසිරැසියට බොහොම ස්තූතියි...
    දිගටම උපසිරැසි දෙන්න...

  38. තාරක විදුමාල්

    100 වෙනි ජයග්‍රහණයට අපෙන් ඔබට සුබපැතුම් සමීර චතුරංග සොයුර .............ජයවේවා .....

  39. chathuranga

    Thank u bro, gd luck machan. meka denakam hitiye, all the best

  40. rejith

    subapathum!!!!!!!!!!!!!!!thanks

  41. dineth

    thanks saho.sub denakan balan unne.digatama sub denna

  42. Ravindu Adithya

    100 weni sub ekata suba pathun

  43. rakitha ranathunga

    ammata siri....elane
    supiri film ekakne 100 deela thiyenne...
    suba pethum...
    ikmanat 150 th demu....

  44. imasha

    700mb teyena sub eka wada na ne bro eke time waradi eka hadanna

  45. sumedha

    Elama wadak.magen suba pathum

  46. #ChalinduDeshan (කිනා)

    උබට මීට කලින් හැබැයි සී්‍ය ගහන්න තිබ්බේ ඈ.
    කෝම උනත් එල එකක්.
    එහෙනං මේ අවුරුද්දෙම එකසිය පනහ බලාගන්නත් පුලුවන් වෙයිනේ?
    ජයවේවා!!

  47. ශාන් විමුක්ති (විමා)

    බලන් ඉදින් තැපැල් මාමා එනකම් :P
    දනන් උන්නේ නෑ නොව මෙහෙම හදියක් උනා කියල බන්
    මොනා උනත් හැම එකාම මාවයි හේවවයි අල්ලගන්නව වරද්දන්නෙ නැතුව
    අහිංසක කමෙන් පල ප්‍රයෝජන ගන්නේ මුන් තමා :(
    බයිස්කොප්පුවේ ඉන්න ඉන්න ෂුපිරි පොරක්
    මග තොටේදී දැක්කම අඩෝ උබලව දැක්ක බන් කියල ෆෝන් එකට කෝල් කරලා කියනවා මිසක ඇවිත් කතා කරන්නෙ නෑ
    බොරුනම් සමීර කරුණාරත්නගෙන් අහන්ට.
    එව්වා ඇති
    හම්මේ...
    රොයිලි... දිදුල.. හේවා.. ඊට පස්සේ දැක්ක වේගවත්ම කොටන්නෙක් තමා උබ
    ආයේ කියන්න දෙයක් නෑ
    අතින් පයින් හිටං කොටනවා කියල විස්වාසයි
    මම නම් කොටන්නේ අතින් විතරයි ඒකයි මේ තරම් වේගවත් :D
    බයිස්කොප්පුවේ එක යුගයක පෙරළිකාරයෙක් තමා උබ ඉතිං
    වැඩි කතා ඕන නෑ
    සියට සුභ පැතුම්!
    උබත් දැන් සීය කෙනෙක්,
    එහෙනම්, කරන්නාවූ මේ සද් කාර්යයෙන් ලබන්නාවූ මේ පිනෙන් කරන කියන හැම කටයුත්තක්ම සාර්ථක වේවා
    ජයෙන් ජය වේවා!

  48. Anuruddha

    හම්මේ මාස ගානක් තිස්සෙ එනකම් බලාගෙන හිටපු ෆිල්ම්, එකක් .තැන්ක්ස් සහෝ.තව තවත් වැඩි වැඩියෙන් සබ් කරන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා....

  49. sithija

    Thank u sameera bro.meka mata godak watinawa.suba patum 100 weni subata.GOOD LUCK!

  50. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

Load more comments