ඔන්න එහෙනම් හාහාපුරා කියල මගේ පළවෙනි සිංහල සබ් එක දෙන්නයි යන්නෙ. හැමදාම films බාල විතරක් මදි හින්ද ඔන්න සිංහල සබ් එකක් අරගෙන ආව. එහෙනම් අපි චිත්‍රපටිය දිහාට හැරෙමුකෝ. මේක 2004 තිරගත උන සුපිරිම Animation බයිස්කෝප් එකක්. ටිකක් පරණ එකක් කියල හිතුනට Graphic & Animation සුපිරියි. පට්ටම බයිස්කෝප් එකක්. I…

ඔන්න එහෙනම් හාහාපුරා කියල මගේ පළවෙනි සිංහල සබ් එක දෙන්නයි යන්නෙ. හැමදාම films බාල විතරක් මදි හින්ද ඔන්න සිංහල සබ් එකක් අරගෙන ආව. එහෙනම් අපි චිත්‍රපටිය දිහාට හැරෙමුකෝ. මේක 2004 තිරගත උන සුපිරිම Animation බයිස්කෝප් එකක්. ටිකක් පරණ එකක් කියල හිතුනට Graphic & Animation සුපිරියි. පට්ටම බයිස්කෝප් එකක්. IMDB ratings 8ක් අරගෙන තියනවා. ඒ වගේම Oscar සම්මාන 2කටත් වග කියල තියනවා. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Brad Bird. ඔහු Ratatouille, Up, The simpsons වගේ සුපිරිම බයිස්කෝප් හදන්න දායක වෙච්ච පොරක්. මේකට හඩ කැවීමෙන් Craig T. Nelson, Samuel L. Jackson, Holly Hunter වගේ සුපිරි සෙට් එකක් දායක වෙලා තියනවා. එතකොට ඉතින් film එක ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ. 🙂
මේකෙ කතාව කියනව නම්, සුපිරි වීරයෙකුගෙ පවුලක් වටා තමයි කතාව ගොඩනැගෙන්නෙ. මෙයා කරන සුපිරි ක්‍රියාවක් හින්ද රජය විසින් සියලුම සුපිරි වීරයන්ගේ වැඩ තහනම් කරනවා. ඔවුන්ටත් සිද්ද වෙනවා මහජනතාව අතරෙම ජීවත් වෙන්න. හැබැයි අපේ වීරයට නම් එහෙම ඉන්න අමාරුයි. ඒ හින්ද මෙයා අඵත් වැඩකට අත ගහනවා.. මොකද්ද මේ වැඩේ..? ඒක කරන්න ගිහිල්ලා මෙයාට මොකද වෙන්නෙ..? ඒ ගැන හොයාගන්න නම් බාලම බලන්න වෙනවා. මේක පවුලෙ ඔක්කොටම හොඳට හිනා වෙවී එකට බලන්න පුලුවන් බයිස්කෝප් එකක්.
අන්තිමට කියන්න ඕනි ගොඩාක් වැඩ රාජකාරි අතරෙ තමයි මේකෙ සබ් හැදුවෙ. ඒ හින්ද පුදුම කට්ටක් කෑවෙ. 🙂 ඒ හින්ද බාගෙන විතරක් යන්නෙ නැතුව පොඩි comment එකක් දාගෙන යන්න කියල ඉල්ලනවා. තව තවත් සබ් දෙන්න ඒක ලොකු හයියක් වෙයි. එහෙනම් තවත් සබ් එකක් එක්ක නැවතත් හමුවෙමු. ජය වේවා..!
මීට පෙර පළකල ලිපිය
මේ කියන්න යන්නෙ ඇනිමේශන් ෆිල්ම් එකක් ගැන.. මේක පික්සාර් ලාගෙ වැඩක්.. එයාලගෙ වැඩ ගැන දන්න අය නම් මේක කෙලින්ම බාගනියි.. තාම බාගන්න හිතුනෙ නැත්නම් මේ ටික කියවල බලන්නකො.. මේ ෆිල්ම් එක ඔස්කාර් සම්මාන දෙකක් හා තවත් සම්මාන 39ක් දිනාගෙන තිබෙනව.. තාම බලන්න හිතුනෙ නැද්ද? මේක තමයි ලෝකෙ හොදම ෆිල්ම් අතුරින් 188 වැනි ස්ථානයේ තියෙන්නෙ.. IMDB රෙටින්ග්ස් හි 8.1/10 ක් ලබාගෙන තියෙනව.. සෙල්ලම් නෑ නේද?
මේක වඩාත් ගැලපෙන්නෙ තරුණ ළමයින්ට.. ඒත් හැමෝටම ආසාවෙන් බලන්න පුලුවන් ඇක්ශන් ෆිල්ම් එකක්..
සුපුරුදු පරිදි මම කියන්නම්කො කතාවෙන් ටිකක්.. ඔන්න එක්තරා නගරයක සිදුවන අපරාධ මැඩලමින් ඉන්නව සුපිරි වීරයන් පිරිසක්.. Mr. Incredible මේ අය අතුරින් ප්‍රධාන කෙනෙක් (ඔහු අසාමාන්ය විදියට ශක්තිවන්තයෙක් ).. සොරෙක් අල්ලන්න යන ගමනකදි ඔහුට හම්බෙනව මේ වගේම වීර තරුණියක්.. ඇයට ඇඬෙන්න පුලුවන් ඕන තරම් දිගට මේ දෙන්න ආදරය කරන්න පටන් ගන්නව.. පසුව සම්බන්ධය විවාහයකට පෙරළෙනව.. නමුත් අවාසනාවට මේ නගරයේ මිනිසුන් කියනව ඔවුන්ට තවත් සුපිරි වීරයන්ගේ සේවය ඕන නැති බව.. මෙතනින් පස්සෙ ඔවුන්ගේ ජීවිත අවුල් වෙනව.. Mr. Incredible කාර්යාලයක වැඩ කරනව.. ඔහුගේ බිරිද ගෘහණියක් විදියට කටයුතු කරනව.. නමුත් ඔවුන්ගේ සිත්වල වැඩ කරන්නෙ පෙර ලෙසම මිනිසුන්ට උදව් කිරීමේ ආසාව තමයි.. කාලය එහෙම ඒකාකාරී විදියට ගත වෙනව.. Mr. Incredible ට මේ ජීවිතය එපා වෙනව.. ඉන් පස්සෙ මොකද වෙන්නෙ කියල බලන්න ඕන නම් බාගන්නකො.. හරිම ලස්සන ෆිල්ම් එකක්.. හැමෝම ආසාවෙන් රසවිදියි කියල හිතනව.. 🙂

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.
3,194 downloadsDownload The.Incredibles.2004.SInhalaSubs.Baiscopelk.zip122 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසින්ත රත්නායක (මැක්ස්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2012/09/29
Subtitles by
හසින්ත රත්නායක
Subtitles
96 comments
Uraj Deemantha
ravinsp
මේක මම බලපු හොදම ඇනිමේෂන් ෆිල්ම් වලින් එකක්..සෑහෙන enjoy කලා. Scientific/Action ෆිල්ම් වලට කැමති අය සෑහෙන ආස වෙයි.
kolla
18+ ෆිල්ම් නොදා ඉන්න 1ka සයිට් එකට හොදයි..හික් හික් :D 17+ movies danna හික් හික් :D :)
kolla
එළ එළ බාමි
panchaz
machan unrated movie tikak daapanko mewa balanna baha ban,
ameriacn pie wage gindara movies tikak daapanko bannelantha herath
බාමු බාමු.හොඩය් වගෙ
පොඩි එකා
කට්ටිය හිතං ඉන්නෙ හරි ලොකුයි කියල වගේ නේද? :P මේක ලොකු අයටත් හොඳට රස විඳින්න පුළුවන් එකක්. පික්සාර්+ඩිස්නි කවදත් ඉතිං එළම තමයි.
pissu pusa
ado පොඩි එකා :D hikz lolz
පොතේ ගුරා
@Uraj Deemantha! නෑ නෑ මේක මම දැම්මෙ උඹට නෙවෙයි උඹේ ලොකු පුතාට බලන්න! :P :P
@ravinsp! අනිවා අනිවා මචෝ.. :)
@kolla! හික්z..බයෙත් බෑ බන්! :D
@panchaz! හ්ම්ම්ම්..බලමුකො නිවාඩු කාලෙ එහෙම ඒව ටිකක් දාන්න.. :P :P (මේ සයිට් එකටත් කෙළ වෙයිද දන්නෙ නෑ ඕව දාල)
@nelantha herath! සිරාවටම හොදයි මචන්..අනිවා බාපන්..
@පොඩි එකා ! අනිවා අනිවා මචන්..මැක්සා ෆිල්ම් එක!
@pissu pusa! :D :P ;)
panchaz
@පොතේ ගුරා : baya wenna epa ban ehema wenne naha uba nikan baya wela ne machan heta unrated movie ekak gana daapan ban american pie wage pls
AL1717
Uba Nam Mara Porak Thamai guro.
Api Homa Films Walata Abbahi Karawanna Epa...Hey Hey Thanks
Meka Demmata..කණිෂ්ක
ඕක මමත් බැලුව, පට්ට ෆිල්ම් එක :D
loku eka
Mekai macho. Films gena uma e tharam visthara kiyanne nane ban. Uba karanne balanna films adunwala dena ekane. E nisa eka eka kiyana ewa dala site ekata kelawaganna ona ne. Ubata ona nam ubata awlak ne kiyala hithenawanam daapan. Film eke nama dannawanam uben aha aha inne bambuwakatada? Film name + torrents kiyala google nokara?
ම.ම.ගි
මමත් මේක බලලා තියෙනවා. සුපිරි චිත්‍රපටයක්. බලලා නැති හැමෝම බලන්න.
රසික
නියමයි මචං
කාලෙකින් හොද 3D film එකක් බැලුවා....නියමයි එත් ටිකක් Fantastic 4 film එක වගෙයි...මොනව උනත් එළමකිරි Film එකක්....තව 3D film දෙන්න....ChuttaFX
අෆ්ෆේ මේක මට මිස් වෙලානෙ. මාත් ඕක බලල තියනවා. ලොකු පොඩි බේදයකින් තොරව රසවිදින්න පුලුවන් ලස්සන මරුම මරු ෆිල්ම්1ක්. බොහොම ස්තූතියි මචෝ :D
රොයිලි
ඔන්න පරක්කු වෙලා උනත් මමත් බාන්න දැම්මා. සෑහෙන තොගයක් තියනවා බා ගන්න. :D
Hadda
mona unat hoda film tikak baluwa mekata pin sidda wenna
tanx kiwwa ehenamEdward
එල movie 1..........මම බලල තියනව....maXXaa
gessy
animation nam ithin mata itath wada deyak na...thanks bro
Ramraj
හොද ෆිල්ම් එකක් වගේ. බලමු නේද.
M.wick™
ela ela mamath balala thiyenawa.
gihan
Maxxa palamu akata jaya...
chamara
Thnz saho wadey iasaeahath karagen yamu...jaya wewa...
darshana
Tx saho.suipiri.....
erangay
පට්ට පහර ජය.
sameera
නියම ෆිල්ම් එකක් .
ගයාන් තාරක
ෆිල්‍ම් එක තියනවෝ... සබ් එක බෑවෝ....
tharanga
Pattama film akak meyka animation walin awa hodama akak.aniwa balanna.mamath aye balanawa.thanks sub walata.ae wageyma digatama subs denna
නාමල්
Thanks mahco Thanks mahco Thanks mahco Thanks mahco.
ishan Gihantha
thanks machan sab walata
වරුණ
පට්ටම පට්ට ෆිල්ම් එකක්..පලමු වැඩේට ජය
mihin ලංකා
සුපිරි ෆිල්ම් එකක් මේක..අනිවා බලනවා..මම ආසම ටයිප් එකේ එකක් ....
samaith4
ලොවෙත් නෑ පට්ට පළමු එකට ජය 2 වෙනි එකත් දෙන්න
vee
නියමයි නියමයි බලන්න ඕනේ තුති
chamath cafe
මේවගේ ඒවාට මම කොහොමත් කැමති.පළමු නිර්මාණයට සුභ පැතුම්!!
f_live
ජය වේවා හසින්ත සහෝට දිගටම සබ් දෙන්න මේකත් අනිවා ගන්නවා
kalinga
උපරිමයි සහෝ..පට්ට ෆිල්ම් එකක් දීලා තියෙන්නේ පළමු එක විදියට,,ජය වේවා~!
elakiri
එල කිරි ෆිල්ම්ස් දෙන අලුත් සහෝට ජයම වේවා :)
ccnp
thxx saho :0
MXX
හොද ෆිල්ම්ස් දෙන අපේ සහෝලට බොහොම පින්.
quik
wow.....thxQ
අසංක
නියමයි..ඔන්න පළමු වැඩේට මගේ උණුසුම් සුභ පැතුම්..!
වෙනුර
බොහොම පින්..
චමිඳු සඳකැලුම් (චමියා)
සුපිරි මචන්... පළමු උපසිරසියට සුභ පැතුම්!!!
නිමිල ගුණවර්ධන
පළමු නිර්මාණයට සුභ පැතුම්!!
lasidu
තුති සහෝ :)
සිංහලයා
නියමයි සහෝ මේ වැඩේ .. දිගටම කරමු ඕන්....
කැළුම්
පට්ට පට්ට සහෝ නියම ෆිල්ම් එකක්...
හොට්ටා
ජය වේවා.....!!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සයිට් එක තහනම් කරයි කියලා බයට දැන් 18+ ෆිල්ම් නොදා ඉන්නවා නේද........?? :P හික් හික්ස්........ :D
යකෝ මෙහෙම කාටූන් බලන්න අපි පොඩි ලමයිද..........?? :P