The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E09] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]
ඉයුන් ගි නැවතත් කන්ග් මා රූ ළඟට ආවාම එයා ඉයුන් ගිව පිළිගත්තා. මේ අතරේ හන් ජේ හී දිග කාලෙකට කලින් මා රූ එක්ක යන්න හිටිය තැනක් දැකපු ඉයුන් ගිට මා රූ එක්ක එතනට විනෝද චාරිකාවක් යන්න ඕනේ වුණා. කන්ග් මා රූ ඒකට එකඟ වුණත් ඒ වෙලාවේදිම තමයි එයාට ජේ හීගේ පණිවිඩයක් ලැබෙන්නේ. ඒකෙන් ජේ හී ඉල්ලන්නේ තමන්ට උදව් කරන්න එන්න කියලයි. එයා නැවත වතාවක් තමන්ගේ ගැළවීම උදෙසා මා රූගේ කරුණාව පාවිච්චි කරන්නයි උත්සාහ කරන්නේ. ඒ වගේම ඉයුන් ගි සහ මා රූ බිඳවන්නත් ඒක අවස්ථාවක් කර ගන්නවා. ඒත් ඉතින් ජේ හීගේ අයියා මා රූට කතා කරන නිසා ජේ හීගේ සැලැස්ම විනාශ වෙලා ගිහින් මා රූ යන්න යනවා. මේ වතාවේ නම් මා රූ ඇත්තටම හන් ජේ හී සමඟ තිබුණ තමන්ගේ ආදර කතාව අවසන් කරනවා. ඒ වගේම මා රූට හිරේට යන්න සිද්ධ වුණ කාරණේත් අපිට දකින්න ලැබුනනේ. මේ අතරේ කතාවේ භාගයක් විතරක් අහන්න ලැබුණ ඉයුන් ගි මා රූගේ පැහැදිලි කිරීම වෙනුවෙන් බලා ඉන්නවා. ඉතින් මා රූ හිතුවේ ඉයුන් ගිව මේ මැද්දට ඇදලා ගත්ත එක එයා කරපු වැරැද්දක් කියලයි. ඒ නිසා එයා ඉයුන් ගිව අතහරින්නයි සූදානම. එයාට ඒක කරන්න ඉයුන් ගි ඉඩ දෙයිද? මේ අතරේ සභාපතිතුමා සහ නීතීඥ පාර්ක් ඉයුන් ගිව සම්බන්ධ කරගන්න කොයිතරම් උත්සාහ කළත් එයා ඒ කිසිම ඇමතුමකට පිළිතුරු දෙන්නේ නෑ. මේ නිසා එයාට හුඟක් වැදගත් දෙයක් මඟහැරෙන්නයි යන්නේ. ඒ මොකක්ද? හන් ජේ හී තනියම යනවා සභාපතිතුමාගෙන් ඉල්ලා හිටින්න ඉයුන් සුක්ටත් සමාගමේ උරුමය දෙන්න කියලා. සභාපතිතුමා හන් ජේ හීගේ ඉල්ලීමට එකඟ වෙයිද?
ඊළඟ කොටසින් හමුවෙමු
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2159 downloads
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Kathawa hyaganna ba pls help
thanx
thanksssssssss
Thank you sub ekataa… godaaaariykkkk… Jaya wewa!!! BS!!!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks for sub
subata thanks
ගොඩාක් ස්තුති සහොදරි ජය වෙවා…❤️