අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)නාට්‍යමය (TV)ප්‍රණිත් රණසිංහරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Mentalist [S02 : E07] | කප්පම… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.4/10. From 7 votes.
Please wait...

Mentalist 2

තවත් දවසකින් ඔයාලට මේ දෙන්න කියලා සූදානම් වෙන්නේ The Mentalist කතාංගයේ 2වන සමයේ 7වන කතාංගය. මේකේ ආරම්භය නම් අනෙකුත් කතා වලට වඩා වෙනස් විදියට තමයි පටන් ගන්නේ. ඒකට හේතුව කතාවෙන්ම හොයාගන්න වෙයි. කොහොමහරි මේකෙදී CBI කණ්ඩායම් දෙකක් තව ඩිංගෙන් වෙඩි තියාගන්නවා. ඒ කණ්ඩායම් දෙක තමයි බොස්කෝ ගේ කණ්ඩායම සහ ලිස්බන්ගේ කණ්ඩායම. මෙයාලා මෙතනදී විමර්ශණය කරන්නේ කාරණා දෙකක් වුනාට, අන්තිමේදී මෙයාලා වැටෙන්නේ එකම පාරකට. ඒක නිසා මේ කතාවෙදී අපේ සදාදරණීය කාගෙත් ලොක්කා වර්ජිල් මිනෙලි, මේ දෙගොල්ලන්ටම එකට වැඩ කරන්න කියනවා. අන්න එතැන ඉඳගෙන තමයි මේ කතාව දිවයන්නේ. නමුත් ඒක නිසා බොස්කෝ මෙතනදී මූණ පුලුටු කරගෙන තමයි වැඩේට බහින්නේ. මොකද කිව්වොත් ජේන් එක්ක වැඩකරා කියන්නේ, කුණු ලොරියකුත් තව සවල් දෙකක්ම ඉතුරුවෙන වැඩක් නිසා.

මම දැන් මේ කතාව දෙකට පලලා, ඇට අයින් කරලා මදෙන් රස පොඩ්ඩක් ඔක්කෝටම කවන්නයි යන්නේ…කවුරුත් කට ඇරගෙන බලාගන්නකෝ.දැන් මෙතනදී මිනීමැරුමක් ගැනමත් නෙමෙයි මෙයාලට විසඳන්න වෙලා තියෙන්නේ. පැහැරගැනීමක්. මේ පැහැරගැනීම සිදුවෙන්නේ පොහොසත් පවුලක සහෝදරියන් දෙදෙනෙකුගෙන් කෙනෙකුගේ. මෙතන ඉන්න ලොකු සහෝදරිය විවාහකයි. ඇයගෙන් ප්‍රශ්ණ කරලා අවසානයේ මහත්තයා ඇයව සනසන අතරේ, අපේ ජේන්. මෙයා කොතනකට හරි ගියෝතින් තේ එකක් ඕනේමයි නේ. ගෙදර එයාගේ වගේ කුස්සියට ගිහිල්ලා හදාගෙන බොනවා (ආරම්භක කතාව මතක ඇති නේ?). මෙතනදී මෙයා මේ විදියට ඇතුලට ගිහිල්ලා මහත්තයා එක්ක බහින් බස් වෙලා අන්තිමේදී, කොහොමහරි එයාගේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිය ගැන අපහාස කරනවා. ඊට පස්සේ මේ මහත්තයා බොස්කෝට අණ කරනවා ජේන්ව මේ විමර්ශණයෙන් ඉවත් කරන්න කියලා. අන්තිමේදී බොස්කෝට මේකට ඒ මහත්තයා එක්ක තරහා ගිහිල්ලා, ජේන්ගේ පැත්තට කතා කරනවා. අන්න එහෙම තමයි මේ කතාවේදී බොස්කෝ සහ ජේන් අතරේ මිතුදම ගොඩ නැගෙන්නේ. මෙම කතාවේදී රිස්ග්බිගේ (රහස්)පෙම්වතිය වන වෑන් පෙල්ට් ට වෙඩි වදිනවා. කියන දේ අහන්නේ නැති නිසා රිස්ග්බිට සනීපෙට ටොක්කක් කන්නත් වෙනවා. අන්තිමටම වැදගත් දේ තමයි…. ජේන් බොස්කෝ එක්ක යාළු නිසා. එයාට රෙඩ් ජෝන් ෆයිල් ටික ආපහු අතපත ගාන්න හමුවෙනවා.

මම මේ ලියපු ටිකේ ගොඩක් අඩුපාඩු ඇති. මම ලියනවට වඩා මේ කතා ගොඩක් රසවත්. කවදාවත් රස කෑමක් කාලා ඒකේ රස අකුරු කරන්න බෑ වගේ තමයි මේකත්. කතාවේ රස අකුරුවලින් මනින්නේ නැතිව. ඇස්දෙකෙන්, කන්දෙකෙන් සහ මනසින් මනින්න.

එසේනම් හැමෝටම ආයු-බෝ-වේවා !!! __/|\__

The Mentalist (2008) on IMDb

 

 

[button link=”http://tinyw.in/pDWZ” type=”icon” “center” newwindow=”yes”] 130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න[/button]

b4c840572e4e75496267929260f3d894690c81d7

[button link=”http://tinyw.in/TEny” type=”icon” “center” newwindow=”yes”] 350 MB (8.0GB) කොපිය මෙතනින් බාගන්න[/button]

df37d5e19f02233007ebe80c722835dfb6df4e86
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                        All Episodes                      Next Episode >>

19 thoughts on “The Mentalist [S02 : E07] | කප්පම… [සිංහල උපසිරසි සමඟ]

  • Godak sthuthi..Jaya wewa!

    Reply
  • ස්තූතියි බං එල ❤️

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • ..::දුලාජ් නලින්ක::..

    බොහෝම ස්තූතියි සහෝ…සබට

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි ප්‍රණිත් සහෝ..
    අනිවා අනිවා කතාවේ රස අකුරු කරන්න බෑ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • machan meka pattama series ekak .mama dawasata episode 4k balanawa.thnx baiskope team …………

    Reply
  • patta patta sahoooo…… 😀
    ohoma yan….
    thankzzzzzz

    Reply
  • හුදකලාවූ වෘකයා

    Tnx Macho…!!!

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි ආ..
    සුපිරි..
    ජය

    Reply
  • චන්දිම අමරසිංහ

    niyamai saho…thaz

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *