The Mentalist [S05 : E20] | ලව් දොස්තර. [සිංහල උපසිරසි සමඟ]
පහුගිය කතාවේ මතක ඇති වෑන් පෙල්ට්ට නිව්යෝර්ක් වලින් කොල්ලෙක් සෙට් වුනා කියලා. ඒ වගේම රිස්ග්බි තරමක් ඒකට වෑන් පෙල්ට් එක්ක තරහින් ඉන්නේ. ඔන්න ඉතිං අද කතාවේදී ඒකත් බේරුමක් කරගන්නවා. හැබැයි ඒක බේරුමක් කරගන්නේ මිනීමැරුමක් විසඳන්න ගිහිල්ලා. අද කතාවේදී මැරිලා තියෙන්නේ මිසී රොබර්ට්ස් කියලා තැනැත්තියක්. නිවස ඇතුලේ හැම තැනකටම වෙඩි උණ්ඩ වැදිලා තියෙනවා. පපුවට වෙඩි තියලා තමයි ඝාතනය කරලා තියෙන්නේ. ඒ වගේම කකුලටත් වෙඩි තියලා තියෙනවා. අද මිනිය තියෙන තැන පරීක්ශා කරන්න ජේන් එතැනට එන්නේ නෑ. ජේන් රෙඩ් ජෝන් කේස් එකත් එක්ක කාර්යබහුල වෙලා ඉන්නේ. මේක නිසා ජේන්, චෝ සහ රිස්ග්බි කියන දේවල් ෆෝන් එකෙන් අහලා ඒ අනුව තමයි ඒ දෙන්නා ගැන පැහැදිලි කිරීම් සිදු කරන්නේ. කොහොමහරි මේ විස්තර අනුව ජේන් මැරුණු තැනැත්තියගේ සහ ඇයගේ සැමියා අතර තියෙන පවුල් සම්බන්ධයන් ගැන විස්තර පැහැදිලි කරනවා. ඒ වගේම තමයි දැක්කේ නැති වුනත් ජේන් ෆෝන් එකෙන්, රිස්ග්බි කරන පොඩි හොරකමක් අල්ලනවා.
අද කතාවේ නම් වෙනදට වඩා පොඩි ෆන් එකක් තියෙනවා. මෙයාලට දැනගන්න ලැබෙනවා මැය කලින් දිනයකදී ගුවන් විදුලියේ ප්‍රශ්ණ තියෙන ජෝඩු වල ආදර ප්‍රශ්ණ විසඳන වැඩසටහනකට ගිහිල්ලා තියෙනවා කියලා. මෙයාලා මේක ගැනත් පොඩ්ඩක් හොයලා බලනවා. ඒ වගේම තමයි ජේන් මෙතනට ගිහිල්ලා විකාර වැඩ ටිකකුත් කරනවා. මේ වැඩසටහන කරන්නේ බඩී හෙනින්ග්ස් කියලා කෙනෙක්. මිනීමරුවා අල්ලන්න කියලා ජේන්, රිස්ග්බිව සහ වෑන් පෙල්ට්ව මේ වැඩසටහනට යවනවා. ඒ වැඩසටහනට මේ දෙන්නා යන්නේ ප්‍රශ්ණ තියෙන කපල් එකක් විදියට. කොහොමහරි අන්ඩකවර් වැඩේ සිරාවටම පත්තු වෙලා නැගලා යනවා. ඒ වගේම මේ සිද්ධිය නිසා දෙන්නට දෙන්නා ආපහු ආයෙමත් යාළු වෙනවා. ඒ වගේම තමයි අන්තිමේදී මිනීමරුවා අල්ලගන්නත් පුළුවන් වෙනවා.
අපි බලමු ජේන් කරපු වැඩ වලින් කොහොමද මිනීමරුවා අහු වෙන්නේ කියලා. ඒ වගේම තමයි මේ සමය අවසාන වෙන්නත් ලඟයි ඔන්න. තවත් කතා දෙකකින් 6 වෙනි සමය පටන් ගන්නත් පුළුවන්. මීලඟ කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමු ගන්නවා.
ආයු -බෝ -වේවා !!!
4331 downloads
ස්තූතියි මචං. ❤️
thanks
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය…………
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela ela
thnx mchnnnnnnnnnn
Thanks hode….
thanks
එල ඈ..
ජය වේවා.
thanks denakan hitiye
niayamai…thanks PRANEETH saho..sub ekata.. digatama sub demu.jaya wewa……
නියමයි සහෝ.
😛
ගොඩක් ස්තුතියි සබ් එකට.
ජයවේවා. 😀 😀 😀
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks bro
ela ela
thnxxxxxxxxxxxx
thanks bro………………