The Mentalist [S06 : E21] |අන්තිම තුරුම්පුව [සිංහල උපසිරසි සමඟ]
ඔන්න ඉතිං පුරුදු විදියකටම මනෝවේදියාගේ කතාවේ අවසාන කතාවකට කලින් කතාවකින් තමයි මේ හමුවෙන්නේ. අද කතාව තරමක් බලාපොරොත්තු සහගත කතාවක්. මෙච්චර දවසක් තිස්සේ ගැහැණු ළමයි ජාවාරමක් වගේ තිබුණු කතාව අද දිනයේදී විසඳනවා. කතාව ආරම්භයේදීම මෙයාලට හොයා ගන්න ලැබෙන්නේ වෙඩි වැදුනු ගැහැණු ළමයෙක්ව. පසුව ඒ ගැහැණු ළමයා වැටිලා හිටපු ගැන අනුව එතැනින් ඩැනියෙලා කියලා ගැහැණු ළමයෙක් හොයා ගන්න FBI වලට හැකි වෙනවා. ඊට පස්සේ ඇයගේ විස්තර අනුව විමර්ශණ සිදු කරද්දී දෙවන කතාංගයේදී දැනගන්න ලැබෙනවා ඒ ගැහැණූ ළමයින්ව ජාවාරම් සිදු කරන්නේ අභ්‍යන්තර ඉන්ද්‍රයන් ලබා ගැනීමට කියලා. අද කතාව එතැන් පටන්.
වෙනදා දෙන සමහර කතා වල වගේම අද කතාවෙදීත් ඔයාලා දන්නවා කවුද මේ අපරාධ වැඩේ කරන්නේ කියලා. ඒත් FBI එක තාමත් එයා කවුද කියලා දන්නේ නෑ. ඒ වුනත් එයාලා ලැබුණූ සාක්ශි අනුව ගිහිල්ලා අපි දන්න කියන කෙනා ලඟට යනවා. හැම අපරාධකාරයාම වගේ මෙයාත් කියන්නේ මම සාධාරණව ව්‍යාපාර කරන මිනිහෙක් කියලා. ඒත් ලිස්බන් සහ ජේන් දෙන්නම දන්නවා මෙයා කියන්නේ බොරු විත්තිය. ඒ වුනත් මෙයාලට එයාව අල්ල ගන්න කිසිම සාක්ශියක් ඉතිරි වෙන්නෙ නෑ. මීට කලින් කතාංගයේ හිටපු කසීමි සහෝදරයෝ දෙන්නත් මරලා දාලා කියලා දැනගන්න ලැබෙනවා. ඒ වුනත් අද කතාවේදී මේ ගැහැණු ළමයින්ගේ ඉන්ද්‍රියන් ලබා ගත්තු ශල්‍ය වෛද්‍යවරයාව අල්ල ගන්නවා. එයාගෙන් FBI වලට ගොඩක් වටිනා තොරතුරු ලබා ගන්න පුළුවන් වෙනවා. නමුත් FBI වලට කිසිසේත්ම මේ කෙනාට නඩු දාන්න කියලා සාක්ශි ඉතුරු වෙන්නේ නෑ. මේක නිසා ජේන් උත්සාහා කරන හැම වැඩක්ම අසාර්ථක වෙනවා. ඔයාලා දන්නවානේ ජේන් කරන වැඩ හරි ගියේ නැති නම් ජේන් මොන ගේමක් හරි දීලා එයාව අල්ල ගන්නවා කියලා. අවසානම වශයෙන් ජේන් ඒ මිනිහාව අල්ලගන්න නියම තුරුම්පුවක් ගහනවා.
අපි බලමු අද කතාවේ සිදුවීම ගලාගෙන යන්නේ කොහොමද කියලා. මේ සමය අවසාන කරන්න 22 වෙනි කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමු ගන්නම්.
ආයු -බෝ -වේවා !!!
4180 downloads
Godak sthuthi..Jaya wewa!
සබ් එකට බොහොම ස්තුතියි
නියමයි
සබට තුති
ඔබට ජය……..
සබ් එකට බොහොම ස්තුතියි සහො ජය
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
එල ඈ..
පොඩි Request එකක් තියෙනවා.
මේක ඉවර උනහම Person of Interest (TV Series 2011– ), Grimm (TV Series 2011– ), White Collar (TV Series 2009– )
වගෙ කතා මාලාවක් දෙමු.
ජය වේවා. !
සබට තුති සහෝ !!!!!!
supiri lokka ubanam..tns mcn sub ekata,,uab kohoma hari serias eka iwara keruwane bn moka monawa kiwwa..ela bn ela..tns mcn
♦♦♣♦♦♣♦♦♣♦♦♣♦♦♣♦♦♣♦♦♣♦♦♣♦♦♣♦♦♣♦♦♣♦♦♣♦♦♣♦♦♣♦♦♣♦♦♣
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thnxxx mchan digatama sub denda thnxxx ayeth uba karana wadeta
thanks
Thank you………….
ඔව් සහො HAWAII FIVE-0 එකට හරි,Fringe series එකට හරි subදෙන්ඩකො………fringe series එකනම් දැන් ඉවරෙටම ඉවරයි……..සිසන් 5ක් තියෙනව………………
ela aaa. Ekat balala iwarawennai yanne. HAWAII FIVE-0 ekata sub denna patan gannako!
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තූතියි සහෝ!!!
niyamay machan. eka digata sub dnnata patta thanks.
Thanks…