Watch Trailer

The Old Guard (2020) Sinhala Subtitle | අමරණිය රණශුරයින්… [සිංහල උපසිරැසි] (300)

කොහොමද හැමෝටම. අද මේ අරගෙන එන්නෙ විශේෂ චිත්‍රපටයක් සමඟයි. චිත්‍රපටය විශේෂ වෙනවා වගේම මටත් මේක විශේෂ අවස්ථාවක් වෙනවා. මොකද කිව්වොත් මේ මගේ උපසිරැසකරණ ජිවිතෙ 300 වෙනි කඩයිම. කෙටියෙන් කියනවා නම් සයවෙනි කඩයිම. ඉතිං මේ ”Netflix” විශේෂ චිත්‍රපටය වෙන් කරලා දීපු හසන්ත අයියව විශේෂයෙන්ම මතක් කරන්න ඕන. එහෙනම්…

කොහොමද හැමෝටම. අද මේ අරගෙන එන්නෙ විශේෂ චිත්‍රපටයක් සමඟයි. චිත්‍රපටය විශේෂ වෙනවා වගේම මටත් මේක විශේෂ අවස්ථාවක් වෙනවා. මොකද කිව්වොත් මේ මගේ උපසිරැසකරණ ජිවිතෙ 300 වෙනි කඩයිම. කෙටියෙන් කියනවා නම් සයවෙනි කඩයිම. ඉතිං මේ ”Netflix” විශේෂ චිත්‍රපටය වෙන් කරලා දීපු හසන්ත අයියව විශේෂයෙන්ම මතක් කරන්න ඕන. එහෙනම් වෙනදා වගේම මගේ උපසිරැසකරණයෙ කඩයිම් ටික ගෙවී ගිය ආකාරය මතක් කරලා ඉන්නම්කෝ.

01 වෙනි උපසිරැසිය 2016.08.20
50 වෙනි උපසිරැසිය 2017.06.02
100 වෙනි උපසිරැසිය 2018.03.14
150 වෙනි උපසිරැසිය 2019.06.08
200 වෙනි උපසිරැසිය 2019.08.01
250 වෙනි උපසිරැසිය 2020.02.15

ඉතිං ඔන්න ඔය විදියට තමයි කාලවකවානුව ගෙවී ගියෙ. ඉතිං එදා හිතේ තිබ්බ චූටි ආසාවක් ඉෂ්ට කරගන්න පටන්ගත්තු මේ ගමන අද මේ තරම් දුරක් ඇවිත් තියෙනවා. ඉතිං දැන් මේක පුරුද්දක් වෙලා තියෙන්නෙ. හැමදාම අරගෙන එන්නෙ බැරි වුණත් ඉඳලා හිටලා හරි එකක් දෙකක් කරන තත්ත්වයකට පත්වෙලා තියෙනවා. ඉතිං මේ පුරා වසර 5 තුළ හඳුනාගන්න ලැබුණු කට්ටිය බොහොමයි. හරියට මේක එක්තරා පවුලක් වගේ. ඉතිං මං අදටත් සතුටු වෙනවා මේකෙ සාමාජිකයෙක් වෙන්න ලැබිච්ච එක ගැන. ඉතිං මේ දැනහඳුන ගත්ත කට්ටියගෙ නම් වශයෙන් කියන්න ගිහිල්ලා එක්කෙනෙක්ගෙ හරි නමක් අමතක වුණොත් ඒක හරි නෑනෙ. ඒ නිසා ඇඩ්මින් මඩුල්ල වගේම අනික් සහෝදර සහෝදරියෝ හැමෝම වගේ මේ වෙලාවෙ ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම ස්තුති කරන්න ඕන තව කට්ටියකුත් ඉන්නවා. ඒ හැමදාම වගේ කමෙන්ට් එකක් දාගෙන යන කට්ටිය. නම් වශයෙන් කියන්න හැකියාවක් නොලැබුණත් ඔය හැමෝමත් කරනවා. විශාල ප්‍රමාණයෙන් නොමැති වුණත් ලැබෙන ටිකෙන් හරි සතුටක් ලබනවා.

“The Old Guard” කිව්වා නම් බොහෝ දෙනෙක් දන්නෙ නැතිව ඇති. මේකත් හරියට ”Netflix” ලා ඉඳලා හිටලා රිලීස් කරලා හිට් ෆිල්ම් ගණයට අයත් වෙන්නෙ. උදාහරණයක් ගත්තොත් 6 Underground l Triple Frontier වගේ එව්වා. ඉතිං කොහොමහරි චිත්‍රපටය පළවෙනි සැරේට කරනවා කියලා නිවේදනය කළේ 2018 වර්ෂයෙ. ඒකත් මේකම කරනවා කියලා තිබුණේ නැහැ. කොමික් බේස් චිත්‍රපටයක් කරනවා කියලා තමයි සඳහනක් කළේ. එහෙනම් අපි බලමුකො මොකක්ද මේ ”The Old Guard” කියන කොමික් එක කොයි වගේද කියලා.

මේ කොමික් පොත නිර්මාණය කරන්නෙ Greg Rucka සහ Leandro Fernandez විසින්. ඉතිං මේක පළවෙනියාට එළිදැක්වීමක් කරන්නෙ 2017 වර්ෂයෙ. ඒවගේම තමයි මෙය නිකුත් කරපු සැනින්ම වගේ විශාල රසිකයන් ප්‍රමාණයක් අල්ලගන්න පුළුවන් වුණා. ඉතිං මේ පොත ඒ වසරේදී ටිකක් ප්‍රසිද්ධ වුණා. කොහොමහරි මේ කතාව යන්නෙ කුලී මිනීමරුවන් පිරිසක් ගැන. නමුත් මොවුන් විශේෂ වෙනවා. ඒ මොකද කිව්වොත් මොවුන් දශකයක් ජීවතුන් අතර නෙමේ ඊට වසර ගණනාවක් පෙර ඉඳලා ජීවත් වෙන සොල්දාදුවන් පිරිසක්. කෙටියෙන් කියනවා මෙයාලා කට්ටියම අමරණීය පුද්ගලයින් පිරිසක් වෙනවා. පහලින් තියෙන්නෙ කොමික් පොතට නිකුත් වෙච්ච කවර් දෙකක ජයාරූපයක්.

ඉතිං උඩ සඳහන් කළා වගේ මේ අමරණීය පුද්ගලයින් 4 දෙනෙක් ඉන්නවා. ඒවගේම තමයි අපිට පුර්ව ප්‍රචාරක පටයෙ අලුතින් කෙනෙක්ව දකින්න හැකියාවකුත් ලැබුණා. ඉතිං මං මෙතැනදී කතා කරන්න යන්නේ ඇය හැරෙන්න අනිත් කට්ටිය ගැන. ඒ කියන්නෙ ප්‍රධාන හතර දෙනා ගැන. වසර ගණනාවක් තිස්සෙ පැවතගෙන එන කට්ටියගෙ චරිත වගේම ඔවුන්ගෙ හැකියාවක් පිළිබඳව. එහෙනම් අපි චිත්‍රපටයෙදී මේ හතර දෙනා කොයි වගේද කියලා බලමුකො පහළ තියෙන ජයාරූපයෙන්.

~ චිත්‍රපටයෙ අමරණිය පුද්ගලයින් පස්දෙනා ~

ඉතිං මේ ඉන්න පස් දෙනාගෙන් හතරක් ගැන තමයි මං දැන් සඳහනක් කරන්න යන්නේ. දකුණු පස ඉන්න කළු ජාතික කාන්තාව තමයි නව සාමාජිකයා වන්නෙ. ඉතිං ඇය ගැනත් පොඩි සඳහනක් කළා.

නම – නිකොලෝ ඩි ජෙනෝවා
කණ්ඩායමේදී හඳුන්වන නම – නික්
මූලාරම්භය – ජෙනෝවා, ඉතාලි
උපත – ක්‍රිස්තු වර්ෂ 1069
වෘත්තීය – හිටපු පුජකවරයෙක්
සටන් විලාස – ඉතාලියානු කඩු හරඹකරුවෙක්
භාෂාව – ඉතාලි/අරාබි/ රුමේනියානු
පළමු මරණය – කුරුස යුද්ධය 1099

නම – යූසුෆ් අල්-කිසාන්
කණ්ඩායමේදී හඳුන්වන නම – ජෝ
මූලාරම්භය – මෑග්රිබ්, උතුරු අප්‍රිකාව
උපත – ක්‍රිස්තු වර්ෂ 1066
වෘත්තීය – වෙළඳාම් කරන්නෙක්
සටන් විලාස – ටාටිබ් කඩු හරඹකරුවෙක්
භාෂාව – ඉතාලි/අරාබි/ පර්සියානු
පළමු මරණය – කුරුස යුද්ධය 1099

නම – සෙබෙස්තියන් ලීවේරා
කණ්ඩායමේදී හඳුන්වන නම – බුකර්
මූලාරම්භය – මර්සෙයිලි, ප්‍රංශය
උපත – ක්‍රිස්තු වර්ෂ 1077
වෘත්තීය – යුද්ධයෙන් පැනගිය කෙනෙකි
සටන් විලාස – ජිජුට්සු/ඕනෑම වැඩක්
භාෂාව – ඉතාලි/ප්‍රංශ/ ග්‍රීක්
පළමු මරණය – කුරුස යුද්ධය 1812

නම – ඇන්ඩ්‍රොමැකේ සිතීයන්
කණ්ඩායමේදී හඳුන්වන නම – ඇන්ඩි
මූලාරම්භය – බරහිර ආසියාව
උපත – ක්‍රිස්තු පුර්ව 5 වෙනි සියවසේ
වෘත්තීය – විල්වවාදියෙක්/මුදලට දඩයම් කරන කෙනෙක්/සොල්දාදුවෙක්
ඇය කැමතිම ආයුධය – පොරව
භාෂාව – ඕනෙම භාෂාවක්
පළමු මරණය – ආසන්න වශයෙන් ක්‍රිස්තු පුර්ව 4700

නම – නයිල් ෆ්‍රීමන්
කණ්ඩායමේදී හඳුන්වන නම – නයිල්
මූලාරම්භය – චිකාගෝ
උපත – 1994
වෘත්තීය – මැරීන් කෝප්‍රල්වරණියක්
භාෂාව – ඉංග්‍රීසි/ප්‍රංශ/ස්පාඤ්ඤ
”නවතම සාමාජිකාව”

ඔන්න දැන් චරිත ටික ගැන සඳහනක් කරානෙ. දැන් අපි චිත්‍රපටය ගැන කතා කරමු. චිත්‍රපටය නිකුත් වෙන්නෙ 2020 වර්ෂයෙ ජූනි මස 10 වෙනිදා. ඒ කියන්නෙ අද දවසෙ. ඒවගේම තමයි මං ලිපිය ලියනකොටත් IMDb රේටින් අගයක් තිබුණේ නැහැ. කොහොමත් ඕක හැදෙන්න කාලයක් යනවා. ඉතිං ඔබ රේටින් නරඹා චිත්‍රපට බලන කෙනෙක් නම් ඒ එනකම් ඉඳලා බලන්න පුළුවන් එසේ නැත්තම් පහල ඇති ”පුර්ව ප්‍රචාරක පටය” නරඹා බලන්න පුළුවන්. ඉතිං කොහොමහරි මේක අධ්‍යක්ෂණය කරන්නෙ ”Gina Prince-Bythewood” විසින්. ඒවගේම පැය 2 පුරා දිවෙන මෙම චිත්‍රපටය අයිති වෙන්නෙ Fantasy | Thriller | Action | Sci-Fi යන කාණ්ඩ වලටයි. ඒවගේම තමයි රංගනයෙන් Charlize Theron | Kiki Layne | Matthias Schoenaerts | Marwan Kenzari | Luca Marinelli | Chiwetel Ejiofor | Harry Melling | Haruka Ohshima | Ngo Thanh Van රංගනයෙන් දායක වෙනවා. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.

ඇන්ඩි, නිකී, ජෝ, බුකර් කියන්නෙ ඉස්සර ඉඳලම පැවතගෙන එන කට්ටියක්. උඩ කිව්වත් වගේම අමරණීය පුද්ගලයි පිරිසක්. එයාලට මේ බලය කොහොම ලැබුණාද කියන එක ගැන කිසිම සඳහනක් නැහැ. ඔන්න කොහොමහරි මෙයාලා අවුරුදු ගාණක් පණ බේරාගෙන ඉන්නවා. ඒ අවුරුදු ගණනා වලදී ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එයාලා නොහිතන විදියෙ. කොහොමහරි දැන් වර්ථමානයට එලබිලා. හොර රහසේ සිටින මෙයාලාට වැඩක් හම්බවෙනවා CIA එකෙ හිටපු පුද්ගලයෙක් මගින්. නමුත් අතරමඟදී තේරුම් යනවා මොහු කරන්නෙ ද්‍රෝහීකමක් කියලා. ඔහු කට්ටියක් දමලා මොවුන්ව මරණවා. ඒවගේම තමයි ඔහු එය රෙකෝඩ් කරගන්නවා. මොකද ඔහු කලින් ඉඳලම මොවුන් ගැන හොයපු කෙනෙක්. හැබැයි කණ්ඩායමේ කට්ටියට මේ ගැන කිසිම අදහසක් නැහැ. ඉතිං මේ වැඩේ නිසා කණ්ඩායමේ කට්ටියට ලොකු තරහක් යනවා. මොකද කිව්වොත් එයාලා අහුවෙන්න බයයි. ඒ අවුරුදු ගාණක ඉඳලා එයාලා ඒ දෙයින් පාඩමක් ඉගෙනගෙන තියෙන නිසා. ඒක ඔයාලට කතාව බලද්දී තේරුම්යයි. කොහොමහරි ඔය අතරේ තමයි මෙයාලගෙ කණ්ඩායමට ඇතුලෙන් සමාජිකයෙක් එකතු වෙන්නෙ. ඉතිං ඇයට වෙන දේවල් ගැන කිසිම අදහසක් නැහැ. හැමෝම වගේ ඇය දිහා අමුතු විදියට බලන්නෙ. ඉතිං මොහුන්ට පුළුවන් වෙයිද CIA කෙනාව මරණ්න? ඒවගේම අලුත් සමාජිකාවට කුමක් වෙයිද මේ සිද්ධ වෙන දේවලුත් එක්ක? එහෙනම් අවසානය වෙනකම් නරඹන්නකෝ. ඒවගේම තමයි මෙහි අවසානය හැටියට දෙවැන්නක් ගැන බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් ඒ ගැන කිසිම සඳහනක් නැහැ. ඉදිරියෙඩි අපි බලමුකො.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

~ Forever Is Harder Than Its Look ~

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB RIP පිටපත් සඳහා අදාළ වේ.

39,379 downloadsDownload The-Old-Guard-2020.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

39,379 downloadsDownload Subtitles40 KB

106 comments

  1. Maleesha Praveen

    Congratulations for your 300th subtitle..

  2. Anonymous

    Thanks for Sub and CONGRATULATIONS!

  3. Uvindu sathsara

    300 වැනි කඩයිමට සුභපැතුම් සහෝදරයා ! :)

  4. Ayesh

    300වෙනි උපසිරසියට සුභ පැතුම්!!!
    ගොඩාක් ස්තුතියි

  5. උවිඳු

    300 වන සිංහල උපසිරසට මාගේ උනුසුම් සුබපැතුම් .

  6. උවිඳු

    පුලුවන් නම් disney ලගෙ hamilton වලටත් sub දාන්න .

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම 300 වෙනි කඩඉමටත් සුබ පැතුම්....!

  8. madhubashana bandara

    300 වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ !ජයවේවා !!

  9. PramothC

    Congratulations Machan...!

  10. එල්.සී. දමැල්

    රවිඳුගේ සබ් කිහිපයක් බලලා තියෙනව. ඇත්තටම හොඳටම ගුණාත්මකව තිබුණා.
    එහෙනම් ඉතින් මගෙනුත් උණුසුම් සුභ පැතුම් 300 වෙනි උපසිරස වෙනුවෙන්.
    ඊළඟ කඩයිමටත් ඉක්මනින්ම යන්න කාලය සහ හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. :)
    ඒකට වැඩි කාලයක් ගෙවෙන එකක් නම් නැහැ නේ...
    ජය... :D

  11. උදයංග සම්පත් හතරසිංහ

    සුබපැතුම් මල්ලි. ලොකු ගමනක් ආපු උඹ, තව ගොඩක් ඉස්සරහට යන්න ඕනෙ. බයිස්කෝප් නම එක්ක උඹේ නමත් හැමෝමට හුරුපුරුදු නමක් වෙලා තියෙන්නෙ. හැමෝම ආදරේ කරන, හැමෝගෙම විශ්වාසය දිනාගත්ත කෙනෙක් විදියට උඹට ලොකු ගමනක් යන්න පුළුවන්. ජය වේවා..! ❤❤

  12. Sandaruwan

    Thank you very for all things which you did for us..

  13. Anonymous

    keep it up bro

  14. Pramod

    තෑන්ක්ස් ම්චං සබට එල. ජය වේවා

  15. Praneeth

    Congratulations for your 300 sub

  16. Anonymous

    Thanks bro
    300* suba pathum..

  17. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    300 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
    ජය

  18. Lolinda

    300 සුබ පැතුම්

  19. Sohan Jayasooriya

    සබ් තුන්සීයක් හදන එක සෙල්ලමක් නෙමේ මල්ලි.. නෙෆ්ට්ලික්ස් ෆිල්ම් වැඩිම හරියකට වග කිව්වෙ ඔයානෙ ඉතින්.. ඔයාගෙ සබ් නම් ආයෙ ලෙසටම තියෙනවා.. සීරීස් එපියක් කරමුද කරමුද අහලා ඉන්බොක්ස් පිරෙනව වෙලාවකට උඹෙන්.. සුබ පතනව මේ කඩඉමට.. ඉදිරි කඩඉම් වලටත් ඔහොමම යමු.. නවත්තන්න නම් එපා.. ජය වේවා!

  20. LaHIRU MV

    300 වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම් සහෝ...ඉදිරි කඩඉම් පසු කරන්න කාලය හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

  21. Kantha_DLA

    300 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    (psarips(dot)one site eke thiyana
    honda aluth movies walata sub denna plz..)

  22. Kavindu12345desilva

    300ta suba pathum ayye.issarahath me wagema sub denna labewa kiyla prarthana karanawa

  23. th

    congratulations
    batwoman tv series akatath sub aka denawada

  24. Anonymous

    300ට සුබපැතුම්...
    ජය...

  25. subodha

    Thanks

  26. Pasindu Madumal

    සයිටෙන් හම්බවුණු හොදම යාලුවෙක්..! ✌️
    ඕනම ප්‍රශ්නෙකදී මාත් එක්ක හිටියා, මරු පොරක්. ටීවී සීරීස් ෆිල්ම්ස් 300කට උපසිරැසි ගන්වනවා කියන්නේ එසේ මෙසේ වැඩක් නෙවෙයි. අවුරුදු ගාණක් බයිස්කෝප් වෙබ්පලත් එක්ක එකතු වෙලා සිනමා රසිකයන්ට සිංහල උපසිරැසි ලබාදී කළ මහගු මෙහෙවරට ගොඩක් ස්තුතියි කියන ගමන්, 350ත් ගැම්මක් නැතුවම ගහමු. ලිපියත් මරු, Netflix නම් බැලිල්ලක් තමයි. එහෙනම් 300වෙනි කඩයිම සාමකාමීව සමරන්න කියල කියනවා හරි. බුදුසරණයි ❤️

  27. Praneeth

    Congratulations ❣️ malli

  28. රොයිලි

    උණුසුම් සුබපැතුම් රවිදු මලේ 300 ට. මෙතෙන්ට එන්න වැය කරපු කාලය ශ්‍රමය නම් කියල නිම කරන්න බැරුව ඇති. ඉතින් මෙතනින් නොනැවතී හැකි ඉක්මනට 400 ටත් යන්න ලැබේවායි පතන ගමන්ම වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P

  29. නලින් පෙරේරා

    සුභම සුභ පැතුම් රවිදු මල්ලි, 300ක් කියන්නේ ඉතින් 300ක්ම තමයි නේ :D මේ ආව වගේ ඉක්මනින් 400 ටත් යන්න ඉක්මනින් හැකියාව ලැබේවා.
    ජය වේවා!

  30. Naveen Randika

    300 වෙනි සබට සුභ පැතුම්!
    ජයවේවා!

  31. ninini

    300 sub එකට සුභ පැතම්....
    ජය වේවා!!!

  32. Gathsara Umesh

    300ට හදවතින්ම සුබපතවා..ඔයගෙ සබ් බොහූම ඉහල ගුණාත්මක බාවයකින් තමයි පිරිනමන්නෙ අපි හැමොටම..
    බලන හැම කතාවක් මූවි එකක් ගානෙම අපි හැමොම ඔයාට ස්තූති වන්ත් වෙනවා..එහෙන්ම් 350න් නැවතත් හමුවෙමු..
    හැමදාමසබ් දෙමු..අපි හැමදාම ඉන්නවා ...හැමදාම ස්තූති වන්ත වෙනවා..

  33. Kolitha4

    Thanx bro

  34. gihan perera

    නියමයි මචන් නියමයි....300 කඩයිමට උණුසුම් සුභ පැතුම් මචං..... පට්ට ෆිලුමක් මේ.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා....ජය වේවා.... දෙවි පිහිටයි.....

  35. මයුර

    300වන කඩඉමට සුබ පතනවා මල්ලි.
    ඉදිරියටත් තව කඩඉම් ගණනාවක් පහු කරන්න ලැබේවා.
    තව රෙදි සෝදන්න ලැබේවා.

  36. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  37. Hemal

    Thank you Ravindu... Congrats on your triple century.

  38. Arawinda Sunimal

    thanks sub ekata jayawewa...........

  39. ශසිත් සඳරුවන්

    300 වෙනි උපසිරැසි නිර්මාණය වෙනුවෙන් සුබපැතුම් මල්ලී...
    දැන් ඉතින් නෙට්ෆිලික්ස් නම් රවිඳු තමයි කියලා නමකුත් හදාගෙන නෙව ඉන්නේ...
    කලින් කඩඉම් වලට ඉතින් කියන්න තියෙන දේවල් සේරම කියලා තියෙන්නේ ආය කියන්න දෙයක් නෑ. :P
    ඉදිරි කඩඉම් වලටත් ඉක්මනින් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය!

  40. Anonymous

    congrtz bro

  41. Chanaka

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ..!
    ඒවගේම 300 වෙනි කඩයිමටත් සුබ පැතුම්..!

  42. Anonymous

    Thanks Machooo....!!!! Congratulations ......!!!!

    1. nishan

      Thank you bro

  43. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    300 වෙනි උපසිරසියට උණුසුම් සුබ පැතුම්!
    දිගටම සබ් කරගෙන යමු....
    දැනට ඉන්න සුපිරිම සබ් කරන කෙනෙක්....
    ෆිල්ම් එකත් එනෑකම් බලන් හිටියේ... සුපිරියක් වගේ....

  44. Chämàrá Sâmpáth

    300'වැනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභපැතුම් රවිදු.
    මෙතැනින් නොනැවති ඉදිරි කඩයිම් වලටත් ඉක්මණින්ම ලගාවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    ඒවගේම මේ උපසිරැසියටත් හුගක් ස්තුතියි. ජය!!!

  45. Bobby

    You are great

  46. Anonymous

    300 වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ..ඔය ගැම්මටම දිගටම යමු.

  47. Kaviru madushan

    සුභ පැතුම් සහෝ 300වෙනි උපසිරැසියට ...350ට ඔය ගැම්මටම යමු.....

  48. indika75

    300 වන උපසිරැසියට උණුසුම් සුබපැතුම් !!!!උපසිරැසියට ස්තූතියි ..

  49. Kavinu

    නෙට්ෆ්ලික්ස් අධිපතිතුමා හයවෙනි කඩයිමටත් ගිහින්නේ...
    සබ් තුන්සීයක් කියන්නේ මොන තරම් කාලයක්ද! මොන තරම් මහන්සියක්ද!
    ඒ හැමදෙයක් වෙනුවෙන්ම බොහොම ස්තූතියි ❤️
    ඊළඟ කඩයිමටත් ඉක්මනටම යන්න ලැබේවා කියල අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ, මේ අවුරුද්ද ඉවර වෙද්දී 400ටත් ළ‍ං නොවුනොත් තමා පුදුමේ!!
    ජය වේවා අයියේ, හැමදෙයක්ම සාර්ථක වෙන්න සුබ පතනවා

  50. shelby

    Thanks Machan <3

Load more comments