The Planets (1999) [EP – 08] | ලොව අවසානය මෙයද? [සිංහල උපසිරැසි සමඟ]
දැවැන්ත රත් හිරු, අහසේ ඈත ක්ෂිතිජය වසා ගනිමින් පවතී. ශූන්‍යත්වයෙන් ඉරිතැළී ගිය පොළවෙහි කර්කශ බව මැදින් දිස්වන භූදර්ශනය මූසල පාළුවක් දනවයි. සිකුරු දවසක අවසානය දෙස බලා සිටියද ඔබ සිටින්නේ සිකුරු ග්‍රහයා මත නොව. ඔබ මේ බලාසිටින්නේ, වසර බිලියන තුනකින් පසුව එළඹෙන පෘථිවි දවසක අවසානය දෙසයි.The Planets කතා මාලාවේ අවසාන කොටස මෙයයි.
බුධ සහ සිකුරු ගිළගනිමින් යෝධයෙකු සේ වැඩී ආ සූර්යයා දැවැන්ත රතු තරුවක් බවට පෙරළී ඇත. දැන් සෞරග්‍රහමණ්ඩලයේ ආරම්භක සාමාජිකයා වන්නේ පෘථිවියයි. එහෙත් පෘථිවිය අරා රජයන සදාකාලික නිහඬත්වයේ අඳෝනාව පවසාලන්නේ ජීවය වැනසී ගිය පොළවක හිස් බවයි. මෙතෙක් ජීවය රජකළ තුන්වැන්නා ජීවයෙන් තොර මළග්‍රහයෙකි. පෙර ඒ මත තිබූ නිල්වන් සයුරු විමානය ද කොළ පැහැ හරිත සළුව ද ඒ කටෝරත්වය විසින් උගුළුවා පළවා හැර ඇත.
ඉන් ඔබ්බෙහි මිදුණු හිමෙන් වැසී ගෙන පැවති අඟහරු, ඒ වෙනුවට දිය පුරවා ගනිමින් සිටින්නීය. ඈත එපිටහ, වළල්ලෙහි පංගුකාරයන් වූ අඳුරු ශීතල ග්‍රහයන් ලෙස සැරහී උන්, උරේනස් සහ නෙප්චූන් ද කඳු හිස් මත පැළැඳි හිම තොප්පි යට තිබෙන තට්ට හිස නිරාවරණය කරන්නට වැර දරයි. යෝධ මැදි ග්‍රහයන්ගේ චන්ද්‍රයන් වන යුරෝපා/ ටයිටෑන් සහ ට්‍රෛටන් ද සිය පුරුදු ගුණයන් බැහැරලමින් නව ජීවයකට අත වනමින් සිටියි.
ඇතැම් විට පෘථිවියද ගිළගනිමින් තව තවත් පිම්බෙන සුර්යයා ගේ රුදුරු උණුහුම; යන්තම් පණ පොවන ඒ ජීවයද වනසා දමනු ඇත. ජීවය පමණක් නොව, ජීවයේ සලකුණු ද සිය ආධිපත්‍ය පරාසයෙන් අතුගා දමන හිරු, යළි සුදු වාමනයෙකු බවට හැරෙමින් පසුබසිනු ඇත. දැඩි රැසින් නොනැසී; එතෙක් ඉතිරිව පැවති සෙසු සාමාජිකයන් කිළිපොළා යන දරුණු ශීතයකින් මිදී වෙළෙනු ඇත.
තමන් ක්ෂීරපථය යැයි නම් කළ, මණ්දාකිණිය තුළ පැවති ලක්ෂ ගණන් වන ග්‍රහලෝක මණ්ඩල සහ සූර්යයන් ගැන කොයිතාක් දැනසිටියද, මානව වර්ගයාගේ පැවැත්මට සරිලන ග්‍රහයෙකු හමු නොවූ බැවින්, මිනිස් පරපුරේ පැවැත්ම ගැන කිසිදු නිශ්චිත නිගමනයකට එළඹීමට නොහැකිය. මිනිස් වසරින් 1995 වර්ෂයේදී; මිචෙල් මේයර් පළමු පිටත්තර ග්‍රහයා ගැන තොරතුරු සොයාගත් පසු කාලයේ කෙතෙක් උත්සාහ කළද, මිනිස් නිවැසියන්ට සරිලන ආදේශකයක් සොයාගත නොහැකි වුණි. එහෙයින් විශ්වයම දිනන තෙක් පැවතීමේ, මිනිස් වර්ගයාගේ අවසන් සිහිනය බොඳ වී ගොසින්ය. ඒ පැතුම නියත ඉරණමේ කොටසක් බවට පත්ව සුන් වී ගොසින්ය.
අවසන් අනියත උත්සාහයක් ලෙස මිනිස් වර්ගයා සිදු කළ ගැළවුම් යානාවක් පිටත් කර හැරීමේ උත්සාහය; නියමයක්/ නිසියමක් නොමැතිව අභ්‍යවකාශයේ ඔහේ පාවී යමින් ඇතුවාට සැක නැත. සිය මව්ග්‍රහයා හා සම්බන්ධ වන්නට ඉන් නිකුත් කරනු ලබන දුර්වල සියුම් සංඥාවන් දහස් ගණනක් වන අවකාශ තරංග හා එක්වී වියැකී යනු ඇත…
ඒ යානයේ ගමනාන්තය පෙර තියා දැන, එකේළි කරන ලද්දක්’දැයි එතරම්ම පැහැදිලි නැත. ඒ ගැන හරියටම නොදනිතත්; ඇතැම් විට මිනිස් වාසයට සරිලන කිසියම් ලොවක් සොයාගන්නට ඔවුන් සමත් වන්නටත් ඇත. සිය කතාන්තරය මුල සිට යළි ඇරඹිය හැකි, ජීවයේ ග්‍රහලොවක් මිනිසාට කිසිදා හමුවීද? මෙය හුදු, අහඹු බලාපොරොත්තුවක සේයාවක් ඔස්සේ කරන ගමනක්ද? ඒ බව පවසන්නට තවත් කාලය ඉතිරිව ඇත…
ලිපිය – උදා
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 1196 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/pathum.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
niyama lipiyak sahoo! good luck! Thanks for sub!
The Planets 2019 ekatath sub denna!!!!!
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂 🙂
ජය වේවා.!
The planets 2019 BBC mekath denna
thank you
Thanks a lot !!! bro…
සුපිරියට සබ් තියෙනවා….
මේවගේ TV සිරිස් එකකට සබ් කරපු එක මාරම වටිනවා….
බොහොම ස්තුතියි..
Suppa bn thanks ube mahansiyata welaawata
niyama kathawak mekanam saho…. thanks
ela
thank u very much bro..!
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
can i have subtitles of each and every program( 1 to 8), when i download i can only see Episode 8’s subtitle , plz can u give a solution .
බොහොම ස්තුතියි සහෝ මේක අවසන් කලාට
ජය
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි පැතුම් සහෝ මේ කතා ටික ඉවර කරපු එකනම් සුපිරියි, බොහොම වටින වැඩසටහනක් මේක, මම කොටස් 5ක් දැනට බැලුව, අනිවත් අරන් තියෙන්නේ, අනේ සහෝ ඒලියන් 4ත් දෙන්න,ජයවේවා.
great job saho…………..
thanks for the sub……………..
තවත් රසවත් කතා මාලාවක නිමාව සනිටුහන් කරමින්, එය රසවිදි ඔබ සියල්ලන්ට ස්තුතිය පුදකරන්නට කැමැත්තෙමි. විවේකයක් වේලාවක් ලද ඇසිල්ලෙන් යලිත් ඔබ වෙත මෙවන් අගනා නිර්මාණයක් ගෙන එන්නට ප්‍රයත්න දරමි. දිරි දෙමින් මා හට අත්වැල් සැපයූ baiscope.lk සහ මගේ උපසිරැසි අගය කළ ඔබ සියලු දෙනා හට නැවතත් ස්තුති පළ කරමි.
පිවිසෙන්න මගේ facebook රසික පිටුව වෙත.
https://www.facebook.com/PathumsSubFans
ඉවරයි නේද.
නියමයි පැතුමෝ & උදෝ.
මාරම වටින වැඩක් කරේ.
ජයවේවා.බොහෝ………………………………………………………………………………ම ස්තූතියි…!
තවත් රසවත් කතා මාලාවක නිමාව සනිටුහන් කරමින්, එය රසවිදි ඔබ සියල්ලන්ට ස්තුතිය පුදකරන්නට කැමැත්තෙමි. විවේකයක් වේලාවක් ලද ඇසිල්ලෙන් යලිත් ඔබ වෙත මෙවන් අගනා නිර්මාණයක් ගෙන එන්නට ප්‍රයත්න දරමි. දිරි දෙමින් මා හට අත්වැල් සැපයූ baiscope.lk සහ මගේ උපසිරැසි අගය කළ ඔබ සියලු දෙනා හට නැවතත් ස්තුති පළ කරමි.
පිවිසෙන්න මගේ facebook රසික පිටුව වෙත.
https://www.facebook.com/PathumsSubFans
Superi Serious eka…
thanks bro Sub ekata…
thnq
බොහොම ස්තුතියි සහො!
tnX
එල එල
ඔයා කලේ ලොකුම වටිනා කියන වැඩක්
මේ සම්බන්ධව ඉගෙනගන්න අයට එහෙම මේක ගොඩක් වටිනවා
සිංහල සබ් දිලා ඔයා ඒ වටිනාකම තවත් වැඩිකලා
ඒවගෙම උදාත් ලිපි සපයමින් ඊට තවත්
වටිනාකමක් එක්කලා
එහෙනම් තවත් කතාමාලාවක්
අපි වෙනුවෙන් අරන් එන්න
සබට තුති
ඔබට ජය…
තවත් රසවත් කතා මාලාවක නිමාව සනිටුහන් කරමින්, එය රසවිදි ඔබ සියල්ලන්ට ස්තුතිය පුදකරන්නට කැමැත්තෙමි. විවේකයක් වේලාවක් ලද ඇසිල්ලෙන් යලිත් ඔබ වෙත මෙවන් අගනා නිර්මාණයක් ගෙන එන්නට ප්‍රයත්න දරමි. දිරි දෙමින් මා හට අත්වැල් සැපයූ baiscope.lk සහ මගේ උපසිරැසි අගය කළ ඔබ සියලු දෙනා හට නැවතත් ස්තුති පළ කරමි.
පිවිසෙන්න මගේ facebook රසික පිටුව වෙත.
https://www.facebook.com/PathumsSubFans
bohoma stuthi machan….
thanks
ජය වේවා
උදාගෙ ලිපිය තමයි ලිපිය 😛
ආයෙ කියන්න දෙයක් නෑ කොර වෙන්නම ලියනවා 😀
බොහොම ස්තුතියි පැතුම් සහො
මේකත් පට් පට් ගාලා ඉවර කරා තව එකක් දෙමු ජය 😛 😛
ජය වේවා සහෝ!
තවත් රසවත් කතා මාලාවක නිමාව සනිටුහන් කරමින්, එය රසවිදි ඔබ සියල්ලන්ට ස්තුතිය පුදකරන්නට කැමැත්තෙමි. විවේකයක් වේලාවක් ලද ඇසිල්ලෙන් යලිත් ඔබ වෙත මෙවන් අගනා නිර්මාණයක් ගෙන එන්නට ප්‍රයත්න දරමි. දිරි දෙමින් මා හට අත්වැල් සැපයූ baiscope.lk සහ මගේ උපසිරැසි අගය කළ ඔබ සියලු දෙනා හට නැවතත් ස්තුති පළ කරමි.
පිවිසෙන්න මගේ facebook රසික පිටුව වෙත.
https://www.facebook.com/PathumsSubFans
niyamayi saho
supirima machan
wow, maru 😀
ජය වේවා සහෝට සෑහෙන්න වටිනා නිර්මාණයක් තවත් ඒවා දෙමු නේ
Thanks
maxxama machan mara watinawa thawath mey wage akaka demu

thanks machan
https://www.facebook.com/PathumsSubFans