පෝසත් වෙන්න, කොටින්ම කිව්වොත් ගොඩ යන්න මොනවද ඕන! මේ ෆිල්ම් එකේ තියනව ඕන කරන දෙවල්. ඇල්බට් අයින්ස්ටයින්, නෙල්සන් මැන්ඩෙලා, එරින් බ්‍රොකවිච්, ජෝන් නෑෂ්, ඒබ්‍රහම් ලින්කන් (ඉදිරියට එන්න තියන එකක්), රූඩි රුටිගර් වගේ අය ගැන හදපු ෆිල්ම් එහෙම බලල ඇතිනේ. ඒ අය වගේම තමන්ගේ අරමුණ කරා නොසැලී ඉදිරියට ගිය කෙනෙක්…

පෝසත් වෙන්න, කොටින්ම කිව්වොත් ගොඩ යන්න මොනවද ඕන! මේ ෆිල්ම් එකේ තියනව ඕන කරන දෙවල්.
ඇල්බට් අයින්ස්ටයින්, නෙල්සන් මැන්ඩෙලා, එරින් බ්‍රොකවිච්, ජෝන් නෑෂ්, ඒබ්‍රහම් ලින්කන් (ඉදිරියට එන්න තියන එකක්), රූඩි රුටිගර් වගේ අය ගැන හදපු ෆිල්ම් එහෙම බලල ඇතිනේ. ඒ අය වගේම තමන්ගේ අරමුණ කරා නොසැලී ඉදිරියට ගිය කෙනෙක් තමයි මේ චරිතයත්. අපේ රටේ හිටපු, ඉන්න, මේ වගේ උදවිය ගැන ලියැවුනු සාහිත්‍යය නං බොහොම අල්පයි. කොහොම නමුත් මෙවන් වූ චරිත වලින් තමන්ගේ ජීවිත වලට යම් ආදර්ශයක් ගන්නවනං, ඒක තමයි බයිස්කෝප් අඩවියෙ අපෙත් එකම පැතුම.
“ක්‍රිස් ගාඩ්නර්” කියන්නෙ ලෝකයේ ලොකුම ව්‍යවසායකයන්ගෙන් කෙනෙක්. ඒවගේම “ගාඩ්නර් රිච්” කියන කොටස් තැරව් සමාගමේ අයිතිකරු. ඒවගේම හොඳ තාත්ත කෙනෙක්. මේ තියෙන්නෙ ඔහුගෙ ජීවිත කතාව. මේ කියන ධනපතියා ඉන්න හිටින්න ගෙයක්වත් නැතුව, අතේ සතපහ නැතුවත් පාඩම් කරන හැටි එහෙම ඔය පාඩම් කරන ළමයි පොඩ්ඩක් බලන්න. ඒ හැරුනම පඩිත් නැතුව මාස 6ක් ආධුනිකයෙක් විදිහට වැඩකරලා 20 දෙනෙක් අතරෙන් එක්කෙනෙකුට විතරක් ලැබෙන රැකියාව නොහොත්, ඔහුගේ සිහිනය සැබෑ කරගන්න දරන උත්සාහය දිහා බලන්න.
බයිස්කෝප් අඩවියේ ඉතා මුල් අදියරේදි මේ ෆිල්ම් එක පල උනත්, කිසිම කෙනෙක් බලපු නැති පාටයි. මේ වගේ ෆිල්ම් එකක් බයිස්කෝප් අඩවියේ මුල් අදියරේදිම අපි එක්ක බෙදා ගත්තට බෙහෙවින් ස්තුති කරන්න ඕන. ඉංග්‍රීසි සාහිත්‍යය විෂය වෙනුවෙන් ඔලිවර්ට, ජේන් අයර්ට උපසිරැසි දැම්මට පස්සේ තවත් ප්‍රයෝජනයක් ඇති ෆිල්ම් එකකට උපසිරැසි දාන්න හොයනකොට තමයි මේ චිත්‍රපටිය බැලුනේ. බයිස්කෝප් ප්‍රේක්ෂකයන්ගේ රසාස්වාදය වෙනුවෙන් කථිකයාගේ (Narrator) උපසිරැසි වෙනම පාට එහෙම දාල, සෝදුපත් බලල තමයි ඔන්න උපසිරැසි දාල තියෙන්නෙ. එක ජවනිකාවක “ඇත්ත ක්‍රිස් ගාඩ්නර්” ඉන්නව, ප්‍රේක්ෂක ප්‍රබෝධය වෙනුවෙන් එයාවත් ඊතලයක් ගහල පෙන්නල ඇති ඔන්න. (ජෙට් ඕඩියෝ එකෙන් බැලුවොත් ඔය ඔක්කොම පැහැදිලිව පෙනේවි.)
පල්ලෙහා තියෙන කලින් ලිපියෙ තියනවා “මේ ෆිල්ම් එක බලල වැඩක් නෑ කියල හිතෙනව නම් මෙතන කොටන්න” කියල. කොටල බැලුවනං එහෙනං…
මීට පෙර පළ කළ ලිපිය.
ඔන්න මට ආයෙත් මතක් උනා බලන්න වටින කතාවක්..ඒකයි මෙ ගැන ලියන්නෙ..ඔයාල මේක බලල නැත්නම් අදම බලන්න කියල තමයි කියන්න තියෙන්නෙ..මේකෙ රගපාන්නෙ විල් ස්මිත්…එතුමාගේ රංගන හැකියාව ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ නේ…කොහොම උනත් ෆිල්ම් එක ගැන කෙටි විස්තරයක් කරනව නම් මෙහෙමයි..මේක හරිම සංවේදී කතාවක් කියන්න පුලුවන්..ඇක්ශන් එහෙම නම් නෑ..ඒ උනාට මේ කතාව බැලුවම හිතට හරිම සතුටක් දැනෙනව ලස්සන කතාවක් බැලුව කියල..මේ ෆිල්ම් එකෙ කියවෙන්නෙ ජීවත් වෙන්න උත්සාහ කරන ආදරණීය තාත්ත කෙනෙක් ගැන,පොහොසතෙක් විදියට නෙවේයි,ජීවිතේ ගැටගහගන්න..කතාව සරළයි,හෑල්ලක් ලියන්න දෙයක් නෑ,ඔයිට වඩා කිව්වොත් ඒකෙ අගයක් නැති වෙනව..මගේ මතයට අනුව නම් අධ්‍යක්ෂ වරයා ගේ දක්ෂ කම හා විල් ගේ විශිෂ්ට රංගනය නිසා තමයි මේක මෙච්චර හැඩ වෙලා තියෙන්නෙ… කොහොම උනත් මම නම් කියන්නෙ මේක බලන්න,බලල තියනව නම් ආයෙ ආයෙ බලන්න..මොකද පිය සෙනෙහස හරිම ලස්සන විදියකට නිරූපණය වෙනව..
ප.ලි:
මේ ෆිල්ම් එක බලල වැඩක් නෑ කියල හිතෙනව නම් මෙතන කොටන්න.. මොකද ගොඩක් දුරට ඔබේ ඒ අදහස වෙනස් කරන්න පුලුවන් මැජික් එකක් තියෙනව! 😀

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත සඳහා අදාළ වේ.
32,003 downloadsDownload The-Pursuit-of-Happyness-2006.zip154 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රන්දිම සේනාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011/03/01
Subtitles by
රන්දිම සේනාරත්න
Subtitles
138 comments
පොතේ ගුරා
චින්තක
ඒක නෙවෙයි ,,, මේ වැඩේ නම් පට්ටම පට්ටයි. . .!! දිගටම ලියන්න. . .
පොතේ ගුරා
@නලින්! තෑන්ක්ස් මචෝ..ඒ වීඩියෝ ඒක පට්ට..කතාව ගැන තව ආස හිතෙනව..
@බින්කු! ඔව් ඔව් මචෝ අනිවා බලපන්..පට්ට!!
@මලී!ඒක ඇත්ත..කාටත් බලන්න වටින ෆිල්ම් එකක් මේක.. :yes:
-බිன்ku-
ස්තුතියි ගුරෝ, මාත් බලන්න ඕනෑ!
malee_msg
අම්මෝ ඇති යන්තං මේ බ්ලොග් එකේ මං බලපු ෆිල්ම් එකක් ගැන තියනවා.. හික් හික්.. ඇත්තටම ලස්සන ෆිල්ම් එකක් තමයි මේක. හැමෝම බලන්න.
විකියා
පට්ටම බයිස්කෝප් එක මම කලින් බලලා තියේ..
නියමයි....අනිවා හැමෝම බලන්න ජීවිතයට ගන්න දේවල් හුගාක්ම
තියෙන...බලලා කාලයක් යනතුරු අමතක වෙන්නේ නැති නිර්මානයක්...
සැබවින්ම විශිෂ්ට ගනයේ නිර්මානයක්... :)Viraj
බොහොම ස්තූතියි
Dinesh
Top Top Topeeeeeee top
දුකා
දෑසින් හෝ ගා කඳුලු වගුරවමින් ඊයේ රෑ 12හේ සිට පාන්දර දෙක වනතුරු MBC 2එකේ The Pursuit of Happyness බැලුවෙමි . . .
indikson
මේක මම ළඟදි බැලුව. සර්ච් එකක් දාල බැලුවෙ පෝස්ට් එකක් දාල නැත්තං එකක් දාන්න. හරිම ලස්සන චිත්‍රපටියක්.
Menu
Thank you very much bro :)
uda
පුහ් බලල වැඩක් නෑ... අප්පා මේ මොකද්ද මේ...
මෙහෙම හිතෙන්නනම් හිතක් පපුවක් නැති එකෙක්ම වෙන්න වෙයි.
නැතිනම් ඉතිං අපේ ජීවිතයෙදි හැමදාමත් හුරු පුරුදු හැබෑවටම අත්විදින දේවල් කවදද වැඩක් නැති වෙන්නේ? කිසිදාක එහෙම නෑ. බොහොම වටිනවා.''සරල දේ ගැඹුරුයි''
රන්දිම
පට්ට ඈ! මං දෙඤ්ඤං මේකට උපසිරැසි ළඟදීම!
ශ්‍යාමල්
ලොවෙත් නෑ මචං
srimal
MAXA MACHO
lasidu
මැක්සා මචං නියමයි
pubudu
ජය වේවා :)
හේවා ලුණුවිලගේ (ආසිරි)
පට්ට බඩ්ඩක් නේ.....අනික විල්ස්මිත් ඉන්නවා කියන්නේ එලටම ඇති...
අනිවා බානවා මේක නම්...තැන්ක්ස් සහෝwas
ලොවෙත් නෑ පට්ට
කේ. යූ. ජී. උදාර
රන්දිමත් ඉඳල ඉඳල මතුවෙන්නෙ මරු ෆිල්ම් අරන්නෙ.......
මේකට සිංහල සබ් දුන්නට බොහොම ස්තූතියි සහෝ. ලඟදි ම තව එකක් අරන් එන්න. ජයවේවා!!!MXX
තැන්කු
rusuru | රුසිරු
මේක නම් පට්ටම පට්ට එකක්
චමිඳු සඳකැලුම් (චමියා)
එල එල සහොදරයා.... බොහොම ස්තුතියි....!!!!
jeewantha
Thanks
lasanatha!!!!!!
maxxa machan
Isuru
ලොවෙත් නෑ පට්ට
prasanna
thxz lot
රාම් රාජ්
කට්ටිය කියන විදියට මේක නොබලා බෑ.බාන්න දාගන්නනම්.
Isuru Dimantha
thankz me wage watina film walata sub denawata
අරුණ
බොහෝ පින් සබ් එකට :)
Ishan Gihantha
thanks machan
fd
maxxxa saho
yasomal
තවත් හොද එකකට සබ් ඉක්මනට ඕනේ
Pushpe
loweth na patta
රන්දිම
බොහොම ස්තුතියි උදාර. හොඳ දේ දුලභයි කියනව නොවැ..
me
Thanks
Uraj Deemantha
2009 දි දීලත් මට මග හැරුනු ෆිල්ම් එකක් වගේ..... :( දැන් නම් ඉතින් සිංහල සබ් එකත් තියෙන නිසා අනිවා බානවාම තමා...... :D
sanju lakshan
thanks
අමීර
Thanks...
uda
රන්දිම සේනාරත්නට මාගේ විශේෂ ස්තුතිය!
ඇත්තෙන්ම සහෝ, මේ වගේ ඒවා සිංහල හදන කෙනෙක් මේ මුළු රටෙත් නෑ, ලොවෙත් නෑ. ඒ නිසා ඔයා හරිම සුවිශේෂ කෙනෙක්. කවුරුවත් වැඩිය සැලකිල්ලක් නොදක්වන තාලෙ චිත්‍රපටවලට ඔයා දිගටම සබ් දීලා තියෙනවා. ඒ දවස්වල ඉදලම ඔයා ගැන මගේනම් තිබ්බේ ලොකු ගෞරවයක්, පැහැදීමක්. මොකද මේ වගේ දෙයකින් අනුන්ට සතුට ගේනවට වඩා වැඩි දෙයක් කෙරෙහි තමයි ඔයාගේ අවධානය යොමු කරල තිබුණේ දිගටම. ඉතිං එහෙව් අය හොයාගන්ඩ අඩුයි. තනි අතක ඇගිලි ගාණටවත් නෑ.
ඒක හින්දා ඔයා දිගටම ඒවගේ ඒවලට සබ් දෙනවානම් ඒක මේ රටටම කරන ලොකු සේවාවක් වෙයි. ඒ නිසා ඉදලා හිටලා හරි මේ වගේ ඒවට තව තව සබ් ලබා දෙන්ඩ උත්සාහයක් ගන්ඩ කියලා ඉල්ලා හිටිනවා. ඒත් එක්කම ඔයා වගේ උදවියට මම හරියට ගරු කරනවා. මේ අඩවියේ මෙතෙක් දැකපු පුදුමාකාරම සිංහල උපසිරැසිගන්වන්නා ඔයා තමයි මටනම්! :)
විශිෂ්ටයි සහෝ මේකනම්!
ඉදිරියේදි වැඩියෙන් ඕනේ!
ජය වේවා!Prasad
Me film eka kalin balala thiyanawa. Lassanama film ekak. Mewage ekakata subtitles dunnata kohoma sthuthi karannada manda. Thank u very much.
යසිරු මධුක
ජිවිතයට ආදර්ශයක් අරගන්න පුළුවන් මේ වගේ කතාවක් ඇතුලත් නිර්මාණයක් අපිට ලබාදීම පිලිබදව රන්දිම සේනාරත්න සහෝට ස්තුතියි.
mudiya / මුදියා
හැමෝම කියන විදිහට නම් ගොඩක් ලස්සන ෆිල්ම් එකක් වගේ.බලමු එහෙනම්.නියමයි රන්දිම සහෝ වැඩේ.ජයවේවා.බොහෝ..................ම ස්තූතියි...!
ganesh
මෙක සුවීවෙශී එකක් වටිනවා
ධනුෂ්ක ලක්මාල් | ධනා
Patta man meka baluwa. sub nathiwa kalin. sirama kathawa. awanken. u uge mshne eka ara higana gani ussagena yaddi u duwala gihin eka aye ganna hati. sirama para. duka hithenawa.
dan sub ekka ayemath aniva balanna ona mchan. godak sthuti
රන්දිම
උදාන: Cinderella man (2005) සෑම විවාහක පිරිමියෙක්ම නැරඹිය යුතුමැ කතාවක්. විවාහ වෙන්න ඉන්න උදවියට වඩාත් යෝග්‍යයි. :)
රන්දිම
uda: ඔබගේ අවංක ප්‍රතිචාරය වෙසෙසින් අගයමි. හුදෙක් උපසිරැසි පරිවර්තනයකට වඩා, "සිංහල අදහස යොදා උපසිරැසි ගැන්වීම" හොඳින් සිදුවී ඇතැයි මම අනුමාන කරමි.
ඔබගේ ඉල්ලීම ඉටු කිරීම වෙනුවෙන් තවත් නිර්මාණයකින් හමුවන්නට හැකි සෑම උත්සාහයක්ම දරමි.
ස්තුතියි...
chamila
balamu...
Shashini Dias
wonderful movie....thanks alot brothers.......
විකියා
කලින් බලලා තිබ්බත් නැවතත් බැලුවා ඒ තරමට මේ කතාව ලස්සනයි..උපසිරස ගැන්වීමත් ඉතාම ඉහල මට්ටමක තිබුන බවත් නොකියාම බැහැ ..
ජයෙන් ජය~!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
@චින්තක! තැන්ක් යූ මචෝ..