අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComics (TV)Featured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)කොමඩි (TV)වික්‍රමාන්විත (TV)සචින්ත කල්හාර බෙනට්සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

The Umbrella Academy [S02 : E10] Sinhala Subtitles | එක් අවසානයක්… තවත් එක් ඇරඹුමක්… [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 7 votes.
Please wait...

ඔන්න යාලුවනේ එහෙනම් සුපිරි The Umbrella Academy වෙබ් කතා මාලාවේ දෙවෙනි අදියරේ 10 වෙනි කොටස නැත්තම් මේ අදියරේ අවසන් කොටස අරන් ආවා. හැබැයි ඔන්න 2 වෙනි සීසන් එක ගිය වසරේ අවසන් වූ වාහාම තමයි Netflix එකෙන් මේ කතා මාලාව 3 වෙනි අදියරට දීර්ග කළේ. මොකද Netflix ඇතුලු streaming ලෝකයේ වාර්තා බිඳදමමින් මේ කතා මාලාව ප්‍රේක්ෂක සිත් වැලඳගත්තා. ඉතිං තුන්වෙනි අදියරත් මේ වසර තුළ හෝ ලබන වසර මුල් භාගයේ දැකගන්න පුලුවන් වේවි.

මේ පාර කතා සමය ගෙවුණේ ’60 දශකයේ සිදුවීම් මාලාවක් එක්කනේ. ඒ නිසා අපිට ඇත්තම ඉතිහාසයේ දකින්න ලැබෙන පුද්ගලයෝ වගේම කෙනඩි ඝාතනය, කළු ජාතික ජනයා තම අයිතීන් ඉල්ලා ගෙන ගිය සටන වගේ ඇත්තම ඉතිහාසයේ වුණු සිදුවීම් රැසක් දකින්න ලැබුණා.

පළවෙනි අදියරේ අවසන් කොටසෙදී 2019 අප්‍රේල් 1 වෙනිදා වන ලෝක විනාශයෙන් බේරෙන්න අම්බ්‍රෙල්ලා ඇකැඩමියේ සහෝදර සහෝදරියෝ ටික කාල තරණය කරනවා. මේකෙදි වෙන වැරැදීමක් නිසා අපි වීරයො ටික නවතින්නෙ ’60 දශකයේ එක එක වසරවල සහ දිනවල අතරමන් වෙලා. ඉතිං අන්තිමේටම වැටෙන ෆයිව් දැනගන්නවා ඔවුන් පස්සෙන් 2019 වූ ලෝක විනාශයත් ඇවිල්ලා කියලා. මෙතනද පරණ සතුරෙක් වුනු හේසල් ඇවිත් තමන්ගේ ජීවිතය කැප කරලා ෆයිව් බේරගෙන ලෝක විනාශය නවත්තන්න මාර්ගය සකසනවා. ඉතිං තැන් තැන්වල විසිරිලා ඉන්න සහෝදරයො ටිකත් එකතු කරගෙන ලෝක විනාශය නවත්තන්න ෆයිව් අරගෙන ගිය සටන තමයි මුලු 2 වෙනි සීසන් එකේම අපිට දකින්න ලැබුනේ.

කලින් කොටසෙදි දකින්න ඇතිනේ ෆයිව්- ෆයිව් අතරත් සටනක් යනවා. මේක නවතින්නේ ලුතර් මැදිහත් වෙලා. ඊට පස්සේ වෙන්න ඕන විදිහට වයස්ගත ෆයිව්ව 2019 ට නැවත යවනවා. හැබැයි මේ පාර ඒ ෆයිව් ගාව නිවැරදි ගණනත් තියෙන නිසා පොඩි ෆයිව්ට වුණු දේ වෙන එකක් නැතිවෙයි වගේ පේන්නේ. හැබැයි ඒ වෙලාවේ ඔවුන්ට ගෙදර යන්න තිබුණු එකම අවස්ථාව වුණ වයස්ගත ෆයිව්ගේ බ්‍රීෆ්කේස් එකත් විනාශ වෙනවා. මේ අතර ලෝක විනාශයට හේතුව වුණු වන්යාව නවත්තන්න දියේගෝ, ඇලිසන් සහ ක්ලවුස් යනවා. නමුත් අන්තිමේදි වැඩේට ලොකුම උදවුව වෙන්නෙ බෙන්. බෙන් තමන්ගේ මතුපිට ජීවත් වෙන්න පුලුවන් ආත්මයත් කැප කරලා වන්යාව බේරගෙන ලෝක විනාශය නවත්තනවා. (ඒ හින්දා ආයෙ අපිට ක්ලවුස්ගේ විශන් එකෙන් බෙන්ව දැකගන්න වෙන්නෙ නැහැ.) ඉතිං දියේගෝ වන්යා නැවතීමෙන් ආයෙත් ලෝක විනාශයක් වෙන එකක් නැහැ කියලා හිතලා කෙනඩි ජනපතිව ඝාතනය කිරීම වළක්වන්න ගියත් ඒක අසාර්ථක වෙනවා. මොකද දියේගෝ කියන විදිහට රෙජිනල්ඩ් මේකට සම්බන්ද වෙන නිසා ඔහු නවත්තන්න යන්නේ රෙජිනල්ඩ්ව. ඒත් රෙජිනල්ඩ් එතන උගුලක් අටවලා තිබුණේ. හැබැයි අපි අන්තිම හරියෙදි දැක්කනේ කෙනඩි ජනපතිතුමාව මරපු එකට සහ තමන්ට තර්ජනය කරපු නිසා Majestic 12 එකේ ඉතුරු සාමාජිකයෝ 11 දෙනාට රෙජිනල්ඩ් කරපු දේ. ඒ වගේම ලාවට වගේ රෙජිනල්ඩ්ගේ ඇත්තම මූනත් පෙන්නුවා.

කොහොම හරි දැන් ඔන්න ලෝක විනාශය නතර වුණා. හැබැයි ප්‍රශ්න තවම ඉවර නැහැ කියලා 9 වෙනි කොටසේ අවසානයේදි අපි දැක්කනේ. එතන ඉඳන් ඉතිරි සිදුවීම් අවසන් කොටසට බාරයි.

ඉතිං මේ පාරත් සීසන් ෆිනාලේ එක මදි නොකියන්න ලැබිලා තියෙනවා. මේ කොටස නම් වෙලා තියෙන්නේ The End Of Something නමිනුයි. මේ කොටසට IMDB අගය 9.0 ක් ලැබිලා තියෙනවා වගේම මේ කොටස තමයි කතා මාලාවේ මේ තාක් දුර ආපු කොටස්වලින් වැඩිම IMDB අගයක් ලබා ගත්තු කොටස. ඇත්තටම කිවුවොත් එහෙම නොවුනා නම් තමා පුදුමේ. 2020 ආපු හොඳම සීරිස් එපිසෝඩ්වලින් එකක්. හැන්ඩ්ලර් vs අම්බ්‍රෙල්ලා ඇකැඩමි ගැටුමේ උච්චතම අවස්තාව කොහොම වෙයිද කියලා බලන්න පුලුවන් මේ අවසන් කොටසින්. අද කොටස අවසන් වෙන්නෙ තුන්වෙනි කතා සමයකට ඉඟි දීලමයි.

කොහොමෙන් කොහොම හරි මේ කතා සමයේ උපසොරැසිත් මේ විදිහට අවසන් වෙනවා. ඇත්තම කිවුවොත් මේ සීසන් එක දෙන්න සෑහෙන කාලයක් ගත වුණා. එක්සෑම් ඉවර කරල එක දිගට කරන්නම් කියලා හිතුවට ඔන්ලයින් කෝස් වැඩත් සෑහෙන ගොඩ ගැහෙන්න ගත්තේ මට උපසිරැසි හදන්න සීමිත කාලයක් පමණක් ඉතුරු කරමින්. ඉතිං මෙච්චර ප්‍රමාද වීම ගැන ඇඩ්මින් මඩුල්ලෙන් හා ප්‍රේක්ෂක ඔබෙන් සමාව ඉල්ලනවා. ඒත් මේ කතා සමයට වුණු දේ තුන්වෙනි සීසන් එකට වෙන්න දෙන්නෙ නැහැ. ආපු ගමන්ම වගේ තුන් වෙනි අදියර ලබා දෙන්න පොරොන්දු පිට තමයි මේ කතා සමයේ උපසිරැසි මාම් අවසන් කරන්නේ. ඉතිං අපිව විශ්වාස කරමින් පුරා කොටස් 10 ක් පුරා The Umbrella Academy Season 2 සමග රැඳී සිටිය ඔබට ස්තුති කරන ගමන් මම තාවකාලිකව ඔබෙන් සමුගනන්වා. මේ වගේ හොඳ තවත් නිර්මානයකින් යලි හමුවෙමු…!

෴෴ සුබ දවසක්…! ෴෴

Season 2 Episode 10:
“The End Of Something “

අධ්‍යක්ෂණය: Jeremy Webb
රචනය: Steve Blackman
විකාශය කළ දිනය: ජූලි 31, 2020
ධාවන කාලය: විනාඩි 49
IMDB අගය: 9.0
Age Rating: TV-14

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

51 thoughts on “The Umbrella Academy [S02 : E10] Sinhala Subtitles | එක් අවසානයක්… තවත් එක් ඇරඹුමක්… [සිංහල උපසිරසි]

    • Session 3 sub දෙන්නකො boys.❤️

      Reply
  • season 3 eke sub ek diyanko bro

    Reply
  • Anura Vishwajith

    ado season 3 diyanko bros.dn kochchara dawasda release wela .sub ne kohewath

    Reply
  • W.D.Fernando

    season 3 subtitle ekath dennako

    Reply
  • Season 3 sub dipanko

    Reply
  • ai ban bageta wada krnne ubala … s02 sub dila s03 dnne natte ,gdk kal inne denkn balagena ….s03 sub denko plsssssssssssssssssssssssssssssssssssssssssssss………….

    Reply
  • Site eka nm ajuthaii
    Ad vitharai

    Reply
  • Season 3 sub denne ndd

    Reply
  • Sameera Jayadarshana

    Season 3 sub danna please. ❤

    Reply
  • s03 sub denne ntte ai bro …. sub dennko

    Reply
  • Season 3 sub dennako. S3 download karala balanne nathuwa inne sub denakam

    Reply
  • season 3 දෙන්නේ නැද්ද

    Reply
  • Kavinda kasun

    Season 3 ekata subtitles nadda

    Reply
  • Season 3 sub dennako

    Reply
  • Sumedha marasingha

    Season 3 sub one..

    Reply
  • Season 3 subs tika dapallakoo. Godak dawasaka idan ubala danakan balan inne❤️

    Reply
  • Sanida Collure

    season 3 dennadooo

    Reply
  • Sub thina kenek ndda bn

    Reply
  • Anonymous

    season 3 Subtitle දෙන්නේ නැද්ද

    Reply
  • Season 3 sub eka danne nadda

    Reply
  • Dinusha Nayoda

    Sub tika niyami❤️
    Season3 එකත් ඔන ❤️

    Reply
  • sason 3 eketh sub eka dennko

    Reply
  • Pasindu Kaweeshwara

    Stranger things එකෙ වගේ hype එක ඉවර උනාමද දන්නෙ නෑ මෙයාල මේකෙත් සබ් දෙන්න හදන්නෙ

    Reply
  • Season 3 dendakoo sub

    Reply
  • season 3 eke sub eka ona

    Reply
    • Meke s3 awane …ikmnt sub eka dennko

      Reply
  • Season 3 ekath awilla thiyenne denawada ekatath

    Reply
  • Amila Konara

    සබ් එකට ස්තූතියි සහෝ
    ඊලග සීසන් එකත් ආපු ගමන් සබ් ඕනේ

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ මේ කතාවට සබ් කරාට

    Reply
  • Thanks Brother , anthima venakan sub dunnata,

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *