Watch Trailer

Troy (2004) Sinhala Subtitles | ආදරය, යුද්ධය හා අමරණීයත්වය.. [සිංහල උපසිරැසි සමඟ]

මේ ලියන්න යන්නෙ පට්ටම චිත්‍රපටියක් ගැනයි. නිකමටවත් ෆිල්ම් බලන හැමෝම බලල ඇති කියල හිතන ෆිල්ම් එකක් ගැනයි මේ ලියන්නෙ.. බලපු කෙනෙක් උනත් මේ දීලා තියන සබ් එක්ක නැවත බලයි කියලා හිතනවා… මම බලපු හොදම ඇක්ෂන් ෆිල්ම් අතරෙන් එකක් මේක.. මම කතාවෙන් ටිකක් කියන්නම්කො.. කතාවෙ මුල් ටික මෙහෙමයි.. ස්පාටා නුවර අකිලිස්…

මේ ලියන්න යන්නෙ පට්ටම චිත්‍රපටියක් ගැනයි. නිකමටවත් ෆිල්ම් බලන හැමෝම බලල ඇති කියල හිතන ෆිල්ම් එකක් ගැනයි මේ ලියන්නෙ.. බලපු කෙනෙක් උනත් මේ දීලා තියන සබ් එක්ක නැවත බලයි කියලා හිතනවා… මම බලපු හොදම ඇක්ෂන් ෆිල්ම් අතරෙන් එකක් මේක..

මම කතාවෙන් ටිකක් කියන්නම්කො.. කතාවෙ මුල් ටික මෙහෙමයි.. ස්පාටා නුවර අකිලිස් කියල යුධ පුරාවෘත්තයක් වගේ මිනිසෙක් ඉන්නව. බ්‍රැඩ් පීට් තමයි මේ චරිතය රගපාන්නෙ. එයා අමරණීය පුද්ගලයෙක් කියලා තමා සැලකෙන්නේ. ඒත් අකිලිස් ටිකක් දඩබ්බර පුද්ගලයෙක්. ඔහු වටා තමයි මේ කතාව ගෙතිල තියෙන්නෙ..මෙන්න කතාවෙ සාරාංශය..ස්පාටා කියන්නේ ග්‍රීක රාජධානියට අයත් රාජ්‍යයක්. පාලනය කරන්නේ මුලූ ග්‍රීක අධිරාජ්‍ය පාලනය කරන අග්මෙම්නොන් රජතුමාගේ සොහොයුරා. අග්මෙම්නොන් රජතුමා කාලයක ඉඳන් පොඩි පොඩි රාජ්‍ය යටත් කරගෙන තමයි මේ රාජධානිය ගොඩනගන්නේ. ඒත් ස්පාටා වල මැනලස් රජතුමා යුද්ධ වලින් හෙම්බත් වෙලා තම ප්‍රධාන විරුද්ධවාදියා වන ට්‍රෝයි රාජ්‍යය සමඟ සාමය පවත්වාගෙන යන්න ට්‍රෝයි වල කුමාරවරු දෙදෙනෙක් එනව ස්පාටා වලට..මේ ගමනෙදී එක් කුමාරයෙක් ආදර සම්බන්දතාවයක් ඇති කරගන්නව ස්පාටා වල රජුගේ බිරිදත් සමග..මේ සිද්දිය මුල් කරගෙන අතිශය බලවත් මේ රාජධානි දෙක යුධ වදිනව..තවම කිසිදු රාජ්‍යයකට යටත් කර ගන්න බැරිවෙච්ච ට්‍රෝයි නගරය ජයගන්නේ කොහොමද? මේ යුද්ධයේදී අකිලිස් නැමැති අපරාජිත පුද්ගලයාගෙ ඉරණම මොකක් වේවිද? මේක බලපු නැති අය ඉන්නව නම් ඒ බොහොම ටික දෙනෙක් වෙන්න ඕන.. ඒ අයට මම කියන්නෙ මේක බලන්න කියල.. මාර ගති ෆිල්ම් එක…

ඒ වගේම තව දෙයක් කියන්නම් ඔයාලගේ පරිගණකයේ වයිරස් එහෙම ඇවිල්ල ඇතිනේ.. එතකොට නිතරම කියවෙන නමක් තමා Trojan horse කියන්නේ.. ඉතින් මෙන්න මේ නම පටබැඳිලා තියෙන්නේ මෙන්න මේ කතාව පදනම් කරගෙන. ඒ වයිරසයෙනුත් කරන්නේ අපිව රැවටීමකට ලක්කරලා ඒ වගේම පරිඝනකයත් නොමග යවා පහර දීම.. ඉතින් බලන්නකෝ මේ කට්ටිය කොහොමද කියලා රජ කාලේ මේ දේ කරන්නේ කියලා.

ඉතින් මේ ටිකත් කියන්නම්. Ratings: 7.1 ලබා ඔස්කාර සම්මානයකට නිර්දේශ ලබා The Perfect Storm (2000), Poseidon (2006), Air Force One (1997) වැනි ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදක Wolfgang Petersen නිර්මාණය කරන ලද්දක්..ඔබත් සිනමා රසිකයෙක් නම් අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම සුපිරි සිනමා පටයක් ලෙස හැදින්විය හැකිය..

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BR / HD පිටපත් සඳහා අදාළ වේ.

7,993 downloadsDownload Troy.DC_.2004.Sinhala.Sub_.zip89 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2012-08-11

Subtitles by

පැතුම් අතුකෝරල

Subtitles

7,993 downloadsDownload Subtitles89 KB

94 comments

  1. පොතේ ගුරා

    @Palitha!මචං බොහොම ස්තුතියි The Reader ගැන කිව්වට..ඒක බාන්න හිතාගෙන හිටියත් අමතක වෙලයි තිබ්බෙ..උඹ කිව්වට පස්සෙ තමයි ආයෙ මතක් වෙලා බෑවෙ..නියම ෆිල්ම් එක..තෑන්ක්ස් අගේන්...

  2. Darshana

    අනේ මන්දා... මටනම් මෙ චිත්‍රපටය ඒ තරම් ඇල්ලුවෙ නෑ......!!!

  3. Palitha

    මමත් බලන්න හිටපු ෆිල්ම් එකක්. ලින්ක් එකට ස්තූතියි. මමමේ ළගදි The Reader බැළුවා. මට මතක නැ ඒක මේ බ්ලොග් එකේ දැම්මද කියලා. දැම්මනං සොරි.දාලා නැත්තං අනිවාර්යෙන් බලල ඒක ගැන විස්තර දාන්න. නියම ආදර කතාවක්. හින්දි සිනමාවේ ආදරයට කොටු වෙලා ඉන්න අපිට ඇත්ත ආදරේට සීමා මායිම් නැතිබව පෙන්වන කතාවක්. කමෙන්ට දැම්මේ නැතිවුනාට මම මේක කියවනවා. දිගටම දාන්න

  4. පොතේ ගුරා

    @ChuttaFX! අහ් ඔවු බන්..ඒක අදම දාන්න ඕන..මට ඕක කලින් මතක් උනා..උබ කිව්වම තමයි ආයෙ මතක් උනේ..තෑන්ක්ස්..

  5. ChuttaFX

    ඔන්න දැන් පොඩ්ඩකට කලින් බලලා ඉවර උනා. ෆිල්ම් එක නම් එළකිරි. හැබැයි පොඩ්ඩක් විතර සබ්‍ය නොවන කොටස් ටිකකුත් තියනවා නේද? ඒ වගේ ෆිල්ම්ස් වෙනම ලේබල් කරොත් හොදයි. නැත්තම් බලන අයට ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්. :)

  6. -බිன்ku-

    ෂා අදත් හොඳම එකක් ලියලා, එළ මචන්.

  7. පිටස්තරයා

    නියම ෆිල්ම් එකක්... ඒක නෙමෙයි. Twilight මම බැලුවා. නියමයි.. කියලා වැඩක් නෑ.

  8. පොතේ ගුරා

    @ChuttaFX! මේක බලල නැති එක නම් අප‍රාදයක් බං..ඉක්මනට බලපං..බලල කියන්නකො කොහොමද කියල..

  9. ChuttaFX

    මම බලලා නෑනේ!! බලන්න ඕන. තැන්ක්ස්..ආ! ;)

  10. Prasad

    හොද ෆිල්ම්ස් වල උප සිරස ??? Like -Troy

  11. ashan kandy

    Helen,Reign of Assassins, 2ka ගැන පොඩ්ඩක් විතර බලන්න.. පුලුවන්නම් සබ් එක්කම දෙන්න...

  12. Shashi Fernando

    නියම ෆිල්ම් එකක්. මක්ක්සා... සුපිරි කිව්වොත් හරි....

  13. chamara

    maxxxa thnxxz macho pattai

  14. didula

    thnxxxx macho supirima film akak thama meyka

  15. gayan

    maxxama film akak thama meyak.jaya wewa

  16. rajitha i.b.k

    එළ මචන්

  17. damith

    ela ela macho meykata subs dunna aka nama maxxa thx digatama sub denna

  18. mudiya / මුදියා

    මං බලපු සුපිරිම ෆිල්ම් එකක්.සිංහල සබ් එක්ක දුන්න එක නම් ගොඩක් වටිනවා.එල පැතුම් එල.ජයවේවා.බොහෝ.............ම ස්තූතියි...!

  19. chathura

    ඉස්තූති :-)

  20. Dina

    thanx machan......

  21. sagara

    loweth balapu maxxama akak aniwa balanna hamoma.nobala nam inna epa.thnzz sub akata

  22. Harsha Lahiru

    Sira Film Eka Macho. Sab Walata Stutie.

  23. අෂේන් මලින්ද

    එලම කිරි මචං මැක්සා, මම තාම මේක බැලුවෙ නෑ. දැන් බලනවා

  24. Menu1024

    Thank you very much for the sinhala subz :)

  25. කැලුම් ගුණසේකර

    106 ම කමෙන්ට් කරන දවසක් කවදා ඒවිද මන්දා. ස්තුතියි සහෝ මහන්සියට.

  26. chamila

    මේක බලල නැති එක නම් අප‍රාදයක්ලු අපි මොකටද නිකන් අපරාදකාරයෝ වෙන්නේ...

  27. ajantha

    athata ma hoda wadak .tv eketh meka balala thiyen wa.kauruth nara biya yuthu kathawak.meka echarata ma hodai.kohoma unath sub ekata pin.

  28. | D i N 3 s H | දිනේෂ් ගමගේ

    elazzz.. tnx machan!

  29. වෙනුර

    මේක ලොවෙත් නෑ පට්ට ෆිල්ම් එකක් :) ඉස්තූතියි

  30. kalinga

    මේක බලලා නැති දෑස කුමටද කියන්න තමා මටත් තියෙන්නේ.එච්චරටම සුපිරි ෆිල්ම් එකක්..ආයේ සබ් එක්ක බලනවා..මේ වගේ සුපිරි නිර්මාණ වලට සබ් දීපු එකට ගොඩා...ක් ඉස්තූතියි

  31. elakiri

    එල කිරි මචෝ මෙන්න ෆිල්ම්ස් .. බලනවා නම්.දිගටම සබ දෙන්න ශක්තිය ලැබේවා!

  32. kanishka

    pattama thama thanks machoo............... ela

  33. අසංක

    ජය වේවා
    දිගටම සබ් දෙන්න මේ වගේ හොද පරණ ෆිල්ම්ස් වලට..

  34. chamath cafe

    ලොවෙත් නෑ සුපිරි
    සබ් වලට හුගාක් ඉස්තූතියි :) :)

  35. manusha

    isthuhi saho.. jaya wewa!!!!

  36. කැළුම්

    මේ වගේ මැක්සා ෆිල්ම් දෙන එකට බයිස්කෝප් එකට බොහොම පින්
    !! ඕල්ඩ් ඉස් ගෝල්ඩ් !! කියන්නේ නිකන්ද ...

  37. lasidu

    ඉස්තූතියි බොහෝ...

  38. vee

    කාලෙකට කලින් බලපු පට්ට තවත් සිය වතාවක් උනත් බලන්න පුළුවන් පට්ටම පට්ට ෆිල්ම් එකක්.මේ වගේ ෆිල්ම් වලට සබ් දෙන එක වටිනවා කියලා අනිම කරන්න බෑ/
    බොහොම ඉස්තූතියි සහෝ....

  39. කේ. යූ. ජී. උදාර

    මාත් මේක එක සැරයක් බලල තියෙනවා........
    සුපිරිම චිත්‍රපටයක්. සබ් දුන්න එක හුඟක් වටිනවා. දැන් නම් අනිවා ආයේ සැරයක් බලනවා. බොහොම ස්තූතියි සහෝ........

  40. උදාර

    මැක්සා ෆිල්ම් එකක්..සබ් දුන්න එකට ඉස්තූතියි මචෝ :)

  41. ash

    pattai machan...!!!

  42. samith

    thnxxxxxxxxxxxxxx

  43. නිපුණ

    මේක නං මම බලපු ෆට්ටම ෆිල්ම් වලින් එකක්. සබ් එක්ක ආපහු බලනවා.. මෙන්න මේ වගේ ෆිල්ම් වලට තමයි සබ් දෙන්න ඕන.. මාරම වටිනවා. තෑන්ක්ස් මචෝ...

  44. sasika

    wonderful movie.thanks

  45. sura

    thanks oyata mhansi unata.

  46. Isuru Udana

    මේක මම බලන්න හිටියට මිස් වෙච්ච එකක්. මේක සුපිරි චිත්‍රපටයක් කියලා ලිපියෙන්ම කියවෙනවා. වෙලාවක් ලැබුණු ගමන් සිංහල උපසිරැසිත් එක්කම බලනවා. පැතුම් සහෝට බොහොමත්ම තුති මේ සුපිරි සිනමා සිත්තමට සිංහල උපසිරැසි ලබාදීම ගැන!!!

    ~ ජය! ~

  47. maxy (හේවා ලුණුවිලගේ )

    පට්ටම පට්ට ෆිල්ම් එකක් තමයි මේක, මම සබ් දෙනක්ම්මයි හිට්යේ, මේකේ මුල්ම ගේම නම් පට්ටයි, එක ෂොට් එකෙන් රාජ්‍යය ජය ගන්නවා, කියලම වැඩක් නැ, මම බලපු එලම ඉන්ග්ලිෂ් ෆිල්ම් එක මේක තමයි, පට්ටම තැන්ක්ස් සබ් ඒකට, පුළුවන් නම් ඇලෙක්සැන්ඩර් මූවි එකටත් සබ් දෙන්න, එකත් පට්ටයි, ජය වේවා

  48. Isuru Sampath

    මමත් බලලා නෑ නෙ අෆ්ෆා..අවුලක් නෑ එල පිලිමයක් කියලා මෙච්චර කියනවනම් අනිවා බලන්න ඕනේ..
    තෑන්ක්ස් ආ යාලුවා සබ් එකට

  49. සඳුන් ප්‍රියංකර විතානගේ

    මෙය විශිෂ්ට ගණයේ සිනමා සිත්තමක්! යුදධයේ කටුක බව ඉස්මතු කෙරෙන පසුබිම් සංගීතය විස්මය දනවන සුඵයි! වසර කිහිපයකට පෙර බැලූ මෙහි සංගීතය අදටත් මාව කම්පනය කරවනවා!

    මෙවැන්නකට උපසිරැසි යෙදුවාට පැතුම්ට ස්තූතියි!

  50. Gayan

    thnxxxxxxxx

Load more comments