Watch Trailer

The Perfect Storm (2000) with Sinhala Subtitles | බියකරු සුළි කුණාටුව [සිංහල උපසිරැසි සමඟ]

හෙලෝ යාලුවනෙ…..මේ මගේ දෙවන ලිපිය. මගේ පලමු ලිපිය The Sixth Sense (1999). මම ඒකෙදි පොරොන්දු වුනා දෙවන ලිපියේදි සිංහල sub එකකුත් එක්ක දෙවන ලිපිය ගේනවා කියලා. මේක මගේ පලමු sub එක. ටිකක් අමාරු වුනා වැඩෙනම්. මේ movie එක ගැන කියනවානම් මේකේ අන්තර්ගතයනම් අපිට බොහොම සමීප මාතෘකාවක්. මම මේ ලිපිය ලියන මොහොතේදී…

හෙලෝ යාලුවනෙ…..මේ මගේ දෙවන ලිපිය. මගේ පලමු ලිපිය The Sixth Sense (1999). මම ඒකෙදි පොරොන්දු වුනා දෙවන ලිපියේදි සිංහල sub එකකුත් එක්ක දෙවන ලිපිය ගේනවා කියලා. මේක මගේ පලමු sub එක. ටිකක් අමාරු වුනා වැඩෙනම්.

මේ movie එක ගැන කියනවානම් මේකේ අන්තර්ගතයනම් අපිට බොහොම සමීප මාතෘකාවක්. මම මේ ලිපිය ලියන මොහොතේදීත් අපේ අසල්වැසි රට සුළි කුණාටුවක් නිසා පීඩා විඳිනවා. ඔබට නිකමටවත් හිතුනාද…ගොඩබිමේදි මෙතරම් දරුණු සුළි කුණාටු මුහුදේදී කොතරම් දරුණු වෙනවාද කියලා. මෙම movie එකේ තියෙන තව විශේෂත්වයක් නම් මෙය අනුවේදනීය සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණයක් වූ සිනමා සිත්තමක් වීමයි. 1991 දී නැගෙනහිර ඇමරිකානු වෙරළ කළඹා මිනිස් ජීවිත සහ කෝටී ගණනක් වටිනා දේපල විනාශ කර හඹා ගිය සුළි කුණාටුව පාදක කරගෙන මෙම movie එක නිර්මාණය කර තිබෙනවා. මුහුදු යන ධීවරයන් පිරිසක් වටා ගොතා ඇති මෙය ධීවරයන් විඳින දුක මැනවින් විදහා දක්කනවා. මෙය හොඳම ශබ්ද සංකලනය සහ හොඳම දෘශ්‍ය ප්‍රයෝග වෙනුවෙන් Academy Awards වලට නිර්දේශ වී තිබෙනවා. ඒ වාගේම මෙය ඇ.ඩො මිලියන 140 වැනි දැවැන්ත නිශ්පාදන පිරිවැයක් යොදා නිර්මාණය කර තිබෙනවා.

කතාවේ අන්තර්ගතය ගැන කියනවානම්..කතාව මේකයි. බිලී සහ ඔහුගේ පිරිවර මාලු ඇල්ලීම වෘත්තියක් වශයෙන් කරගෙන යන පිරිසක්. නමුත් ඔවුන්ගේ අවසාන ගමන් කිහිපයේදී ඔවුනට සිතූ තරම් මාලු නොලැබී යනවා. එම නිසා ඔවුන් මෙවර තමන් මාලු අල්ලන්න යන සුපුරුදු ස්ථානය වෙනස් කර වෙනත් තැනකට මාලු ඇල්ලීම සදහා පිටත්ව යනවා. ඒ අතරතුරේ තමයි….මම ඉහත සදහන් කල සුළි කුණාටුවට ඔවුනට මුහුනදීමට සිදුවන්නේ. ඔවුන් එම බාධකය මගහැර තම ජීවිතය රැක ගැනීමට හැකිවූවාද? නැද්ද? යන ප්‍රශ්නවලට ඔබට මේ movie එක අවසානයෙදී උත්තර හම්බවෙයි. මෙහිදී ධීවරයන් මුහුන දෙන ප්‍රශ්න, ඔවුන් මුහුනදෙන දුක් කම් කමටොලු සහ ඒවා පරයා නැගෙන ඔවුන්ගේ සමගි බව, එකමුතුකම මැනවින් විදහා දැක්වෙනවා.

යාලුවනේ…මේ movie එකේ ඉන්නේත් සුපිරි තරු ටිකක්..බිලී ගේ චරිතයට පන පොවන George Clooney , බොබීගේ චරිතයට පන පොවන Mark Wahlberg ඇතුලු නලු නිළියෝ රැසක් මෙහි රඟපානවා. මේ එක නොබලපු අය බාගෙන බලන්නකෝ. අනිවාර්යෙන්ම මේ එක බැලුවාට පස්සේ ඔබගේ හිතේ ධීවරයන් සම්බන්ධයෙන් තියෙන ආකල්පය සුළු වශයෙන් හෝ වෙනස් වේවි.

මොනාහරි අඩු පාඩුවක් තියෙනවානම් බැනලා හරි කමක් නැහැ….comment එකක් දාලා යන්නකෝ හොඳේ?

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය DVD පිටපත් සඳහා ලබා දි ඇත.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංදීප” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/01/11

Subtitles by

සංදීප

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

96 comments

  1. Asabha

    Elazz machan!!!!mama 1st ne

  2. darshi

    thanks

  3. Sameera

    ela ela

  4. කේ. යූ. ජී. උදාර

    ඉස්සරහටත් සිංහල සබ් එක්කම ෆිල්ම්ස් අරන් එන්න සහෝ.
    මේ වැඩේට බොහොමත්ම ස්තූතියි....

  5. sanju

    බොහොම ස්තුතියි

  6. Alaya

    Ela kolla ela..uthsahayata sthuthiya..jaya wewaa !

  7. විකියා

    පට්ට නේ මචෝ...බොහොමත් තුති මේ වගේ බයිස්කෝප් දෙන එක ගැන..ඉස්සරහට මේ වගේ ඒවා දෙන්න..

    ජයෙන් ජය~!

  8. chamila

    thanks....

  9. AL1717

    Thanks Machan Me Movie Eka Gena Denuwath kalata

    Onna Machan Mama Ba Gannawa Thanks Wewaa
    Sinhala Sub Walata

    Jaya Wewaaaa

  10. C

    GODAK THANKS YALUWE SINHALA SUB WALATA... GODAK PIN

  11. sujeewa

    thanks

  12. Djwathila

    Ela.... Ela... Thanks Macho...

  13. [DiN3sH]

    ගොඩක් ස්තූතියි! මේ වගේ ෆිල්ම් බලන්න කවුරුත් කැමතියි! සුභ පතනවා!

  14. kasun

    THANKS MACHAN

  15. sameera

    wenasak ..neyami wedeta thanks wena monawada

  16. මාටිං

    @සංදීප

    සබ් වලට තුති, මහන්සිය අගය කරනව. පොඩි වරදක් පෙන්වන්න අවසරයි නේද?

    තැන් ගොඩක සබ් පේලි දෙක දෙක එකතුවෙල පේනව. ඒ කියන්නෙ ටයිමින් දෙකක සබ්, එකට පේනව තැන් ගොඩක. ඒක හදල ආයෙම අප්ලෝඩ් කලානම් හොදයි වගේ.

    @ අනිත් කමෙන්ට් දාපු සේරටම,

    එල, පට්ට, කියන එකේ තේරුමක් නෑ, සහෝල, ඔයාල අඩු තරමින් මේක බලලවත් නෙවෙයිද එල කියන්නෙ. ඒකෙ තේරුම නිකං බොරුවට සබ් කරන කෙනා අන්දන්න කමෙන්ට් දෙනව කියන එක නේද? සබ් දෙන අය දිරිමත් කරන එක හරි, ඒත් අඩු තරමෙ තමුංටම ප්‍රයෝජනයක් වෙන දෙයක්වත් නොකියන්නෙ ඇයි? අඩු තරමෙ ඇඩ්මින් එකවත් මේව බලන්නෙ නැද්ද?

    තරහ ගන්න එපා, කාටවත් රිද්දන්න නෙවෙයි කිවුවෙ.

    මාටිං

  17. C

    MEKA LINKS DANNA THAHANAM DO... SORRY WENNA ONI EHENAM...

  18. සංදීප

    මචං අඩුපාඩුවක් තියෙනවානම් පෙන්නලා දුන්න එකට ස්තූත්යි.මමත් මේක පරීක්ෂා කරලා දැන් බැලුවා.පොඩි ප්‍රශ්නයක් තියෙනවා වාගේ.ඒත් මම හදලා මගේ පරිඝනකයට කරගෙන save කරලා තිබ්බ එකේ එහෙම අවුලක් පෙන්න නැහැ.මම හිතන්නේ කොහෙන් හරි වැරද්දක් වෙලා තියෙනවා වාගේ.මම ඒ ගැන වාසල සහෝට කියලා බලන්නම්.

  19. ලිට්ල් ජෝන්

    thanks brother!

  20. අනුත්

    මේක ගියා ඊයේ Max Tv එකේ,නැත්නමි බාන්ඩ තිබිබ.

  21. තුෂාර

    thanks friend

  22. kodizz

    elzz macha

  23. uda

    එළ කොල්ලෙක් මේක මගේ ලිස්ට් එකේ තිබුණු මූවී එකක්. ඒ වුණත් සංදීප සහෝ සබ් දෙන්න බාර ගත්ත බව දැන ගත්තහම ඒක ලැබෙනකම් හිටියා නොබා. මාත් හරි ආසයි සත්‍ය කතා ඇසුරෙන් කළ නිර්මාණ වලට. මොකද සැබෑ ජීවිතයම තමයි ඒවායේ තියෙන්නේ. ඔන්න එහෙනම් මාත් ගත්තා. තව එකක් අරන් එනකම් බලන් ඉන්නවා.
    ජය!

  24. චන්ද්‍රකුමාර

    එල කොල්ලෙක්........ වැඩේ පොඩ්ඩක් අව්ල් ගියාට ගනං ගන්න එපා.....කියන එව්න්ට මොනව කියන්න බැරිද..........අපිනෙ දන්නෙ සබ් එකක් ගහන්න තියන අමාරුව.........මාත් සබ් එකක් දාල රටේ නැති දේවල් කියල සමහරු බැනල තිබ්බ......ගනං ගන්න එපා සහෝ.....උං මෝඩයො කියල මරන්න ඈ.....ඔහොම තමයි මිනිස්සු අතිං අත් වැරදීම් වෙනවනෙ.....ඔයා වැටෙන්න එපා........මං බලාපොරොත්තු වෙනව......ඔයා මේකෙං ධෛර්යමත් වෙලා......අපිට තව එල කිරි වගේ සබක් දෙයි කියල.......ජයෙන් ජය.......!!

  25. Akalanka Yapa

    පට්ට නේ මචෝ… බොහොම ස්තුති...
    දිගටම කරමු..

  26. Anonymous

    best ro

  27. chathuranga

    super

  28. AMBARELLA

    mama me film eka balala thiyanawa.... film ekanan kiyala wadaknahe.... pattama ptta... sinhala sub nathuwa baluwe. dan sinhala sub 1kama balanda puluwn..

    thank macho sub walata

  29. Madushanka Gamage

    තැන්ක්ස් මචන්....!! :)

  30. janaka

    THANKS MACHAN

  31. තිවංක

    THANKS OF LOT,,MEKA MAMA AASAMA FILM EKAK,SUB DUNNATA බොහොම ස්තුතියි....

  32. Tharanga Darshana Ekanayaka

    එළ ඈ......
    සිංහල උපසිරස එක්ක දුන්න එක බොහෝම වටිනවා..........

  33. irshad haniffa

    thax machhan

  34. සංදීප

    comment කරපු ඔක්කෝටම හුගක් ස්තූත්යි...

  35. suminda

    me banawa balana dannam pena widiyata nam hodai wage

  36. Sampath & Ishi from uk

    maxxa film.

  37. මාටිං

    @ චන්ද්‍රකුමාර,

    මම වරදක් පෙන්නුවෙ ඒක එක්ක බලන්න අමාරු නිසා මිසක, සබ් දෙන එක වරදක් නිසා නෙවෙයි.

    අඩුපාඩුව දැකල ඒක හදාගන්න සංදීප සහෝදරය කැමතියි. ඒ වගේම මම ඒකට ගොඩක් ගරු කරනව.

    තමුංගෙ අඩුපාඩු පෙන්නන එක හතුරුකමක් කියල හිතන මේවගේ ගොං පහිදන්ට මීට වැඩි උත්තරයක් මගේ ගාව නෑ.

  38. Dina

    බොහොම ස්තුත්යි යාලුවා... ජය වේවා

  39. indika

    ඔන්න මමත් බාන්න දැම්මා තැන්කියු

  40. Reno Nuwan

    නියමයි සහෝදරයා ..මේ ෆිල්ම් එක මම බාල තිබුනේ එත් බැලුවේ නැ ඔයාගේ සබ් එක එනකන් ..එල මචෝ ජයෙන් ජය ..........

  41. Manoj

    ok thanks download now

  42. රාම් රාජ්

    දෙවන ලිපියෙන් සිංහල සබ් දෙන්න හැකිවීම පිලිබදව අපි සතුටු වෙනවා.ඒ වාගේම පලමු උප සිරැසියට මගේ සුභ පැතුම් එක් කරනවා.මම මේක බාන්න කලින් මේ කමෙන්ටිය දාන්නේ.බලලා ඉවර වෙලා කමෙන්ටියක් දාන්නම්.සබ් දැමිල්ල කොහොමද කියලා.

  43. theekshanax

    thanks saho

  44. ajantha

    sub eka ayeth upload karoyh hodai sinhala sub dun nata godak pin

  45. cc

    thankz macho me wage apita atha pasu wechcha films apita mahnsi wela sub ekkama denawata. thnkzz again

  46. mihiran

    ela ela.film eka elawage.sinhala sub walata saha film ekata godak thanx.

  47. Nishantha

    thanx'

  48. අමීර

    බොහොම ස්තුතියි...........

  49. nuwan

    thank you macho

  50. ajantha

    niyamai thawa hoda ewa denna ong bak 3 ehema nadda

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.