Watch Trailer

100 Meters AKA Hyakuemu (2025) Sinhala Subtitles | ජීවිතයම කැප කරන තත්පර 10 ක්… [සිංහල උපසිරසි]

100 Meters AKA Hyakuemu (2025) Sinhala Subtitles ඇනිමෙ රසිකයො හැමෝටම වෙනසකටත් එක්ක වෙනස්ම නිර්මාණයක් අරගෙනයි මේ එන්නෙ. මේක චිත්‍රපටයක්. මනුස්සයෙක්ගෙ ජීවිතේ කැපකිරීම් කියන දේ විවිධාකාරයි වගේම සාපේක්ෂයි. ඒ කැප කිරීම් කරන්නෙ අනිවාරෙන්ම මොකක් හරි දෙයක් සම්පූර්ණ කරගන්න හෝ ළඟා කරගන්න. ඒ වගේම ඒ දේට ආදරය ක…

100 Meters AKA Hyakuemu (2025) Sinhala Subtitles

 

ඇනිමෙ රසිකයො හැමෝටම වෙනසකටත් එක්ක වෙනස්ම නිර්මාණයක් අරගෙනයි මේ එන්නෙ. මේක චිත්‍රපටයක්. මනුස්සයෙක්ගෙ ජීවිතේ කැපකිරීම් කියන දේ විවිධාකාරයි වගේම සාපේක්ෂයි. ඒ කැප කිරීම් කරන්නෙ අනිවාරෙන්ම මොකක් හරි දෙයක් සම්පූර්ණ කරගන්න හෝ ළඟා කරගන්න. ඒ වගේම ඒ දේට ආදරය කරද්දි, ඒ කැප කිරීම් කැප කිරීම්ද කියල දැනෙන්නෙ නැති වටිනාකමක් තියෙන දෙයක් වෙනවා. මේ චිත්‍රපටය අන්න ඒ විදිහෙ දෙයක් ගැන කියන කතාවක්.

100 Meters Movie Theatre Key Visual

2025 සැප්තැම්බර් 19 වෙනිදා මුල් වතාවට නිකුත් වුනු මේ 100 Meters ඇනිමෙ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ Kenji Iwaizawa විසිනුයි. Uoto රචිත Volumes පහකින් යුතු Hyakuemu මන්ගාව ඇසුරෙන් නිමවුනු මේ චිත්‍රපටයේ ඇනිමේෂන් නිෂ්පාදනය Rock ‘n’ Roll Mountain ස්ටූඩියෝව සිද්ධ කරල තියෙනවා. Drama, Sports යන Genre වලට අයත් වෙන මේ චිත්‍රපටය IMDB දර්ශකයේ 7.6 ක අගයක් සහ MyAnimeList දර්ශකයේ 8.35 ක අගයක් ලබාගෙන තිබෙනවා. පැය 1 මිනිත්තු 46 ක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටය Official HIGH DANdism කණ්ඩායම perform කරන “Rashisa” නම් Ending Theme එකෙන් හැඩ වෙනවා. බොහෝ දෙනෙකුගේ ධනාත්මක ප්‍රතිචාර සහ Rotoscoped animation චිත්‍රපටයට යොදාගෙන තිබීම හේතුවෙන් ප්‍රශංසා ලබපු මේ චිත්‍රපටය 49 වන Japan Academy Film Prize හි Animation of the Year ඇතුළු තවත් කිහිපයකටම යෝජනා ලබන්නටත් සමත් වෙලා තියෙනවා.

Hyakuemu Manga Vol.01

ඒ විදිහට නිමවුනු මේ 100 Meters ඇනිමෙ චිත්‍රපටයේ කතාවට අපි ආරම්භයක් ගමු. “තොගෂි” මධ්‍යම පාසල් යන කාලෙ ඉඳන්ම මළල ක්‍රීඩාවට දක්ෂ කොල්ලෙක්. ඒ කියන්නෙ සාමාන්‍යයෙන් අපේ රටේ ක්‍රමයට ගත්තොත් ද්විතීයික පාසල් අවධියේ ඉඳලම ක්‍රීඩාවට දක්ෂයෙක්. කෙටි දුර ධාවකයෙක් විදිහට තොගෂි දක්ෂයෙක් වගේම ජනප්‍රිය ශිෂ්‍යයෙක් වෙලා හිටියා. ඒ අතරෙ තව අලුත් කෙනෙක් මාරු වීමක් අරගෙන මෙයාගෙ පන්තියට එනවා. එයා තමයි “කොමියා”. මේ අලුත් කෙනාත් දුවන්න හොඳටම උණ තියෙන කොල්ලෙක්. කොටින්ම මෙයා නිකන් ගමනක් බිමනක් යන්නෙත් දුවගෙනම තමයි. හැබැයි කොමියා තොගෂි තරම් ක්‍රීඩාවට දක්ෂ වත් දුවන්න දක්ෂවත් නෑ. අහිංසක ලැජ්ජාශීලී පෙනුමක් තියෙන කොමියාත් ආස කළා දුවන තරඟෙකින් කවදහරි දිනන්න. තොගෂිත් ඒ ආසාව වෙනුවෙන් කොමියාට උදව් කළා. ඒ අතරෙ එකපාරටම කොමියා පවුලෙ ප්‍රශ්නයක් නිසා මේ ඉස්කෝලෙන් මාරු වීමක් අරන් ගියා. එකම උණක් තියෙන තොගෂිට හම්බ වුනු මේ යාළුවා නැති උනා කියල තොගෂිගෙ ස්වරූපයෙ කිසිම වෙනසක් උනේ නෑ, එයා දිගටම තමන්ගෙ කෙටි දුර ධාවනය ප්‍රගුණ කර කර ජීවිතේ ඉස්සරහට ගියා.

තමන්ගෙ රටේ දක්ෂයෙක් ප්‍රවීණයෙක් ජනප්‍රිය කෙනෙක් වෙන්න හැමෝම ආසයිනෙ. ක්‍රීඩකයොත් එහෙමම තමයි. තොගෂිගෙ මේ ගමනෙදි එක එක විදිහෙ ක්‍රීඩකයො මුණ ගැහෙනවා. තමන්ට වඩා වයසින් වැඩිමල් අය, බාල අය වගේම ඒ අතරෙ ජාතික මට්ටමින් වාර්තා තියපු අය මුණ ගැහෙනවා. මේ ගමනෙ එක තැනකදි තොගෂිට පාසල් කාලෙදි මුණ ගැහුනු යාළුවා වෙන කොමියාව මුණ ගැහෙනවා. ඒ මුණ ගැහුනු කොමියා පොඩි කාලෙදි මුණ ගැහුනු කොමියාමද? කොමියා තාමත් ඉන්නෙ පොඩි කාලෙ හීනෙ පස්සෙමද? තොගෂිගේ ගමන තොගෂි යන්නෙ කොහොමද? අපි සාමාන්‍යයෙන් ජනප්‍රියව දකින තරඟකරුවා සහ එදිරිවාදියා අතර වෙන සටනක් නෙමෙයි මේ කතාව.

මේක මම මුලදි කිව්ව වගේම කැපකිරීම් මතින් දිග හැරෙන කතාවක්. මේ කතාවෙදි මළල ක්‍රීඩයෙක් තමන්ගෙ ශාරීරික වගේම මානසික සෞඛ්‍යය රැකගන්නෙ කොහොමද? පුහුණුවීම් කරන්නෙ කොහොමද? ජය පරාජයන් විඳ දරාගන්නෙ කොහොමද? කියන දේවල් ඉස්මතු කරල පෙන්නනවා. ජය පරාජය මතම නෙමෙයි යම් දේකට තියෙන Love එක Passion එක අනුව ඒවා වටින දේවල් වෙනවා කියල පෙන්නන කතාවක්. අපි ක්‍රීඩකයෙක් උනත් නැතත් මේ කතාව බලන එක ඇත්තටම වටින්නෙ ඒ නිසයි.

නරඹන්න එහෙනම් මේ ඇනිමෙ චිත්‍රපටය. ඔයත් මේ කතාවේ වගේම ක්‍රීඩා කරපු කෙනෙක් නම් මේ කතාව ඔයාගෙ පාසල් කාලය මතක් කරාවි. මේ උපසිරැසිය නිර්මාණය කරල තියෙන්නෙ 100 Meters 2025 1080p (DUAL) WEB-DL HEVC x265 5.1 BONE කියන ටොරන්ට් පිටපතට අනුවයි. කතාව සහ උපසිරැසිය ගැන අදහස් comment කරන්නත් අමතක කරන්න එපා. තවත් කතාවකින් මුණ ගැහෙමු. Happy Anime!

“ඒ දුර කාලයේ බලය ලබා දෙනවා.
ඒ දුර පුද්ගලයාගේ වටිනාකම තීරණය කරනවා.
ඒ දුරට තමයි මම මගේ ජීවිතය කැප කළේ.
ඒ දුර තමයි… මීටර් 100.”

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

100 Meters AKA Hyakuemu (2025) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

351 downloadsDownload 100-Meters-2025-Sinhala-Subtitles.zip41 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles

351 downloadsDownload Subtitles41 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.