සුභ දවසක් වේවා හැමෝටම. අද මං බයිස්කෝප් වෙබ් අඩවිය වෙත පැමිණියේ ඉන්දියාවේ තිබෙන තවත් Over-the-top media service එකක් නැතහොත් OTT සේවාවක් වෙන Voot Select නම් ආයතනය විසින් නිකුත් කරන ලද කොටස් අටකින් යුතු වෙබ් සීරිස් එකක් සමඟිනුයි. Voot Select කියන නාමය සමහර විට ඔයාලට එච්චර හුරුපුරුදුත් නැතුව ඇති මොකද…

සුභ දවසක් වේවා හැමෝටම. අද මං බයිස්කෝප් වෙබ් අඩවිය වෙත පැමිණියේ ඉන්දියාවේ තිබෙන තවත් Over-the-top media service එකක් නැතහොත් OTT සේවාවක් වෙන Voot Select නම් ආයතනය විසින් නිකුත් කරන ලද කොටස් අටකින් යුතු වෙබ් සීරිස් එකක් සමඟිනුයි. Voot Select කියන නාමය සමහර විට ඔයාලට එච්චර හුරුපුරුදුත් නැතුව ඇති මොකද ගොඩක් අය Ott Flat form ගැන කියපුවම දන්නේ නෙට්ෆ්ලීක්ස්, ඇමසන් ප්‍රයිම්, සී5 වගේ සුප්‍රසිද්ද සේවාවන් ගැන විතරයි. මේ කතාව බලන්නට කලින් ඔවුන් විසින් නිර්මාණය කරපු මීට පෙර බයිස්කෝප් සිංහලෙන් අපි විසින් සිංහල උපසිරැසිද ලබාදුන් වෙබ් සීරිස් කිහිපයකගේ නම් ගැන මතක් කරා බැලුවහොත් Asur 2020, Illegal 2020, The Gone Game 2020 යන වෙබ් සීරිස් දක්වන්න පුලුවන්.! ඔබ මීට පෙර අප විසින් සිංහල උපසිරැසි ගන්වා ලබාදුන් ඒ කතා මාලා රසවිඳ ඇත්නම් අද සිට සිංහල උපසිරැසි නිර්මාණය කරල මේ ගෙන එන්නට සූදානම් වෙන Crackdown 2020 කතා මාලාව ගැන අමුතුවෙන් වර්ණනා කරන්න ඕන නැතුව ඇති කියලා හිතනවා. ඔබ Action, Thriller, Crime, Drama වර්ගීකරණයට අයත් සිනමා හා කතාමාලා රසවිඳින කෙනෙකු නම් ඔබට කොටස් 08 කින් යුතු මෙම කතා මාලාවත් මඟ ඇරගන්නේ නැතුව රසවිඳින ලෙසට ආරාධනා කරමින් කතාමාලාවේ අනෙකුත් තොරතුරු කිහිපය පහතින් දක්වනවා.
මේ වන විට මනාප 2160 ක් ලබාගෙන IMDb දර්ශකයේ 6.6/10 අගයක් හිමි කර ගත්තු මේ වෙබ් කතා මාලාව ඉතා ජනප්‍රිය වූ හින්දි සිනමාපට කිහිපයක් උන Mission Istaanbul, Zanjeer, Haseena Parkar, Shootout at Lokhandwala වැනි සිනමා නිර්මාණයන්හි අධ්‍යක්ෂකවරයා වූ Apoorva Lakhia ගේ Ott මාධ්‍යයක් වෙනුවෙන් සිදු කරන ලද පළමු නිර්මාණය ලෙස Crackdown 2020 කතා මාලාව හඳුන්වන්නට පුලුවන්.! ඔබ හින්දි සිනමාපට රසිකයෙකු නම් අනිවාර්යෙන්ම ඉහතින් කී සිනමාපටයන්ගෙන් එකක් හෝ ඔබ නරඹල ඇති.එසේනම් Apoorva Lakhia නම් අධ්‍යක්ෂකවරයාගේ නිර්මාණ හැකියාවන් ගැන තවත් අමුතුවෙන් වර්ණනා කලයුතු නෑ, කිසිම සැකයකින් තොරව බලන්නට යැයි කියා නිර්දේෂ කල හැකි නිර්මාණයක් විදියට Crackdown 2020 හදුන්වන්න පුලුවන්.! අධ්‍යක්ෂකවරයා වගේම මෙහි රංගන ශිල්පීන් ගැනත් විමසා බැලුවොත් Saqib Saleem. Shriya Pilgaonkar, Iqbal Khan, Ankur Bhatia, Rajesh Tailang යන ප්‍රධාන නළු නිලි කැල සමඟන් තවත් නලු නිලි පිරිසක් මේ නිර්මාණයට රංගනයෙන් දායක වෙලා තියෙනවා.
ඉන්දියානු දේශයේ ආරක්ෂාව වෙනුවෙන් තම දිවියේ සෑම දෙයක්ම කැප කළ වීරයන් කිහිප දෙනෙකුගේ කතාවක් ගැනයි මේ Crackdown 2020 ඔස්සේ දිග හැරෙන්නේ.! අද සිංහල උපසිරැසි ගෙන ආ මේ කතා මාලාවේ පළමු කොටස ගැන කියනවා නම් මෙවැනි වර්ගීකරණයට අයත් සිනමා නිර්මාණයන් හි නිතර භාවිතා වෙන වචනයක් වෙන රෝ (RAW) සංවිධානය එහෙමත් නැතිනම් ඉන්දියාවේ විදේශ බුද්ධි අංශ සේවාව වෙන Research and Analysis Wing හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරියෙක් වෙන Riyaaz Pathan නොහොත් RP විසින් තම අනෙකුත් නිලධාරින් සමඟන් ත්‍රස්තවාදීන් ඉන්න ෆාර්ම් හවුස් එකක් වටලනවා. ඔවුන් මේ මෙහෙයුම කරන්නේ ඔවුනට ලැබුන බුද්ධි තොරතුරක් පදනම් කරගෙනයි. ඔවුන් මෙහෙයුම කරන අතරතුරේදී ත්‍රස්තවාදීන් සමඟින් සිටි කාන්තාවක් මිය යනවා. බුද්ධි තොරතුරු වල සඳහන් නොවුන මේ කාන්තාවගේ මරණය නිසා RP ඇතුලු රෝ සංවිධාන නිලධාරින් උභතෝකෝටික ගැටලුවකට මුහුණ දෙනවා. ඒ තමයි කතා මාලාවේ ආරම්භය එතකොට ඔවුන්ගේ මෙහෙයුම මොකද්ද.? එම කාන්තාවගේ මිය යාම නිසා ඔවුන්ට මොන වගේ ගැටළු වලට මුණ දෙන්න වෙයිද.? මේ ගැටළු වලට උත්තර අපි කතාව නරඹලම දැන ගමු නේද?
දෙවැනි උපසිරැසිය සමඟින් නැවත හමුවෙමු.! සුභ දවසක් වේවා. !

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
2,291 downloadsDownload Crackdown-S01-E01.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
12 comments
Kelum
Hashan M. Priyadarshana
බොහොම ස්තූතියි සබ් එකට :) :) ... මේ WEB Series එක ඉවර කරල මලයාලම් film එකකට සබ් ඕනෙ සුභාෂිණී අක්කෙ ඈ :)
ජය!chamindu lakshitha
බොහොම ස්තූතියි ..Scam 1992 එකටත් ඕනේ..
Prabodha
ගොඩක් ස්තුති ඔබට
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
tharidu16
OKKOMA DUNNATA PASSE BALALNAWA
Chandima Prasad
Thanks Sub ekata..
Nilush Angana
Sub ekata thanx
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
yohan
hasmukh netflix hindi web series ekata sub dennako
Anonymous
thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


බොහෝම ස්තුතියි..ජය වේවා...