Dhootha [S01 : E06] Sinhala Subtitles Dhootha [S01 : E06] Sinhala Subtitles Dhootha [S01 : E08] Sinhala Subtitles Dhootha [S01 : E06] Sinhala Subtitles Dhootha [S01 : E06] Sinhala Subtitles සාගර්ව හොඳට අඳුනනවා වගේ කතා කරපු නිසා කිරන් එයාගේ පස්සෙන් එන්නෙ ඇයි කියලා සාගර් ප්‍රශ්න කරනවා. කිරන් හොල්මන්…

Dhootha Sinhala Subtitles Dhootha Sinhala Subtitles Dhootha Sinhala Subtitles Dhootha Sinhala Subtitles Dhootha Sinhala Subtitles
සාගර්ව හොඳට අඳුනනවා වගේ කතා කරපු නිසා කිරන් එයාගේ පස්සෙන් එන්නෙ ඇයි කියලා සාගර් ප්‍රශ්න කරනවා. කිරන් හොල්මන් ගැන පර්යේෂණ කරන නිසා එයාගේ ප්‍රේක්ෂකයින්ගෙන් ඇත්තම අවතාර ගැන කතා තියෙනවා නම් එයාට ඒවා එවන්න කියලා ඉල්ලනවා. මේ වගේ කතා ගැන කියලා ඊමේල් එහෙම දවසකට බර ගාණක් ලැබෙනවලු. මීට මාස 4කට කලින් රවී කියලා කෙනෙක් කිරන්ට කතා කරලා තියෙනවා එයාගේ ගාව ඇත්තම අවතාරයක් ගැන කතාවක් තියෙනවා කියලා. රවී ඒ කතාව කියන්න කිරන්ට හයිද්‍රාබාද් එන්න කියනවා.
රවී ප්‍රසිද්ධ මාද්‍යවේදියෙක්. එයා මාද්‍යවේදීන්ගේ සියදිවි නසාගැනීම් පර්යේෂණයක් කරලා තියෙනවා. මේ සියදිවි නසාගැනීම් පටන් ගෙන තියෙන්නෙ 1963 ඉඳන්. රවීගේ පවුලේ තාත්තා, අම්මා, බිරිඳ, පුතා හැමෝම එකින් එක මැරිලා තිබුණා. 1963 ඉඳන් මේ වෙනකල්(රවී කියන ආකාරයට) මාධ්‍යවේදීන් 54 දෙනෙක් සියදිවි නසාගෙන මැරිලා තියෙනවා. රවී මේ 54 දෙනා ගැන සෝදිසි කරලා බලද්දි මේ 54 දෙනාටම තියෙන පොදු සාධකය, මේ හැමෝම දූෂිත මාධ්‍යවේදියෝ.
ඉතින් මේ අභිරහස ගැන කිරන්ට හෙළිකරන්න කියලා රවී, කිරන්ගෙන් උදවු ඉල්ලනවා. කිරන්ට මේ වේදනා විඳින මාධ්‍යවේදීන්ව බේරගන්න කියලා රවීගේ පර්යේෂණ ෆයිල් ඔක්කොම කිරන්ට දීලා පහුවදාම රවී සියදිවි නසාගන්නවා. රවී සියදිවි නසාගනිද්දි එයාගේ අතේ පත්තර කොල කෑල්ලක් තිබුණා. ඒකේ තිබුණේ කිරන්ගෙ මරණය ගැන. ඒත් කිරන් තවමත් ජීවත් වෙන එක ගැන එයා පුදුම වෙනවා. කිරන් චාල්ස්ගේ, සාගර්ගෙ පස්සෙන් ගියේ එයාලව මරණයෙන් ගලවා ගන්න උදවු කරන්න. ඒත් ඒක එයාට කරගන්න බැරි වුණා.
මොකද එක වතාවක් රවීව හම්බවුණ හින්දා කිරන්ගෙ මරණය ගැන පුවතක් පළ වීම නිසා එයා ගොඩක් බය වුණා. සාගර් ඇමති චක්‍රවර්තිගේ බොහෝ අපරාධ වසන් කරලා ප්‍රවෘත්ති නිකුත් කළා. කිරන්, රවීගේ පර්යේෂණයේ ෆයිල් ඔක්කොම සාගර්ට දෙනවා. ඒ වෙලාවෙදි සාගර් එයාගේ ළඟ තිබුණ පත්තර කොළ එකතුව කිරන්ට පෙන්වනවා. විශේෂයෙන්ම මේ හැම කොළයකම ‘ක’ අකුර අනිත් පැත්තට ලියවිලා තියෙනවා සාගර්ට දකින්න ලැබුණා. සාගර් මේ පත්තරය මුද්‍රණය කරන්නෙ කොහෙන්ද කියලා දැනගන්න කිරන්ගෙන් උදවු ඉල්ලනවා. කිරන් එයා අඳුනන කථිකාචාර්ය කෙනෙක්ගෙ ළඟට යනවා.
1960 ගණන්වල ප්‍රසිද්ධ පත්තර වල මේ අනිත් පැත්ත ගැහුණු ‘ක’ තියෙනවද කියලා හොයද්දි එක පත්තරයක මේ විදියට ‘ක’ අනිත් පැත්ත ගැහිලා තියෙනවා දකිනවා. මේ පත්තරයේ නම “ධූතා”. මේ ධූතා පත්තරයේ නිර්මාතෘ සත්‍ය මූර්ති. සත්‍ය මූර්ති “පුවත්පත් කලාව. වටිනාකම් සහ සිද්ධාන්ත” කියන ග්‍රන්ථය රචනා කරලා තිබුණා.
පුස්තකාලයෙන් පිටවෙලා යද්දි සාගර්ට තවත් පත්තර කොළයක් ලැබෙනවා. මේ කොලයේ කිරන්ගේ මරණය ගැන සටහන් වෙලා තිබුණා. ඒ වෙද්දි කිරන් තවත් අවතාර ගැන පරීක්ෂණයක් කරන්න පාළු රෝහලකට ඇතුල් වෙලා හිටියේ. සාගර් කිරන්ව බේරගන්න රෝහලට යනවා. ඒත් සාගර් රෝහලට යද්දි කිරන් මැරිලා හිටියා.
DCP ක්‍රාන්ති තවදුරටත් එයාගේ විමර්ශනයේම ඇලිලා හිටියා. පොටක් පෑදෙනකල් වළ හාරපු තැනදි ගත්ත පොටෝ දිහා බලාගෙන හිටියා. එක පොටෝ එකක තිබුණ ඝන මුල් කෑල්ලකට ක්‍රාන්තිගේ අවධානය යොමු වෙලා තිබුණා. මේ මුළ ළඟ තිබුණ නුග ගහේ මුලක් වෙන්න ඇති කියලා අනුමාන කළා. නුග මුළක් සාමාන්‍යයෙන් අඩි 10-15ක් ගැඹුරට බහිනවා. ඒත් එදා පොලිස් කණ්ඩායම හෑරුවේ අඩි 5ක් පමණ වෙනතුරු විතරයි. අනිවාර්යයෙන්ම බල්ලගේ කුණට යටින් කෝටිගේ මිනිය ඇති කියලා ක්‍රාන්ති අනුමාන කළා.
සාගර්ට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්ද්‍ර මූර්තිගෙන් ‘පුවත්පත් කලාව. වටිනාකම් සහ සිද්ධාන්ත’ කියන පොත තෑගි ලැබිලා තිබුණා. සාගර් සත්‍ය මූර්ති ලියපු මේ පොතේ තිබුණ ලිපිනය බලන් ධූතා මුද්‍රණාලය හොයාගෙන යනවා. ධූතා මුද්‍රණාලයට ගිහින් බැලුවම තමයි දැනගන්න ලැබුණේ මේ මුද්‍රණාලය අයිති සත්‍ය මූර්තිගේ පුතා සාගර් රස්සාවෙන් නෙරපා දමපු චන්ද්‍ර මූර්ති කියලා. සාගර් මේ මුද්‍රණාලයට ආවේ සත්‍ය මූර්ති ගැන දැනගන්න කියලා කිව්වම කිසිම විස්තරයක් දෙන්න චන්ද්‍ර මූර්ති කැමති වුණේ නැහැ. මොකද සාගර්ගෙ ප්‍රතිපත්ති ගැන මූර්ති දන්න නිසා.
ඒත් එක අවස්ථාවකදි සාගර් සත්‍ය මූර්ති ගැන වැරදි තොරතුරු විශ්වාස කරනවා කියලා දැනගත්තම චන්ද්‍ර මූර්ති එයාගේ තාත්තාගේ කතාව කියන්න ගන්නවා. පුවත්පත් කළාව සත්‍ය මූර්තිගේ ජීවිතයම වෙලා තිබුණා. ඒ නිසාම සත්‍ය මූර්ති “පුවත්පත් කලාව. වටිනාකම් සහ සිද්ධාන්ත” ග්‍රන්ථය රචනා කර එළිදැක්වූවා. සත්‍ය මූර්තිගේ ළඟම යාළුවා මන්ත්‍රී රාඝවයියා.
සත්‍ය මූර්ති එයාගේ ගෝලයා භූපතිට මුද්‍රණාලය බාර දීලා දින තුනක තිරුපති වන්දනා ගමනක් යනවා. සත්‍ය මූර්ති ගමෙන් පිට වෙද්දි අලුතෙන්ම පටන් ගත්ත ප්‍රජා වක්කු පක්ෂයේ නායකයා චක්‍රපානි හා සත්‍ය මූර්තිගේ ගෝලයා භූපති එක්වෙලා මන්ත්‍රි රාඝවයියාට විරුද්ධව කුමන්ත්‍රණයක් දියත් කළා.
Dhootha Sinhala Subtitles Dhootha Sinhala Subtitles Dhootha Sinhala Subtitles Dhootha Sinhala Subtitles Dhootha Sinhala Subtitles
දෙසැම්බර් 1 දා නිකුත් කරපු මේ කතා මාලාව කොටස් 8කින් යුක්තයි. මේක ඇමසන් ප්‍රයිම් හරහා තෙළිඟු භාෂාවෙන් නිකුත් වුණ Neo Noir(Dark Film), Cime, Thriller කාණ්ඩයට අයත් කතා මාලාවක්. ඉතින් මේ කතා මාලාවට නාගා චෛතන්‍යා, ප්‍රියා භවානි ශංකර්, පාර්වතී තිරුවෝතු, ප්‍රචි දේසායි, පසුපති, රවීන්ද්‍රා විජයි, ජයප්‍රකාශ්, අනිශ් කුරුවිල, තරුන් බාස්කර්, රෝහිණී, තනිකෙල්ලා බරණි වගේ ප්‍රසිද්ධ නළු නිළියන් කීප දෙනෙක් චරිතවලට ජීවය දෙනවා.
බොහෝ අය දන්නවා මලයාලම් සිනමාවේ පාර්වතී තිරුවෝතු සහ දෙමළ සිනමාවේ පසුපති අති දක්ෂ නළුවන් දෙපළක්. ප්‍රධාන චරිතය කළ චෛතන්‍යාට වඩා ඔහුගේ සහය රංගන ශිල්පීන් මේ සීරීස් එක පුරාම ලකුණු දාගත්තා. ඇත්තටම පටන් ගත්ත ගමන්ම කතාව කෘතීම ගතියක් දැණුනත් අනෙක් චරිත එක්ක මිශ්‍ර වෙලා යද්දි ඒ වෙනස නොදැනීම යනවා.
මේ කතා මාලාව අධ්‍යක්ෂක සහ රචනය කළේ වික්‍රම් කේ කුමාර් කියන අති දක්ෂ අධ්‍යක්ෂකවරයා. ඔහු සම්මානලාභී අධ්‍යක්ෂකවරයෙක්. ඔහු 24, Manam, Yavarum Nalam, Ishq, Gang Leader චිත්‍රපට ඔහු විසින් රචනා කර අධ්‍යක්ෂණය කළා. ඔහු මේ සීරීස් එක Neo Noir ආකාරයට නිර්මාණය කර තිබෙනවා. Neo Noir සාමාන්‍ය විදියට Dark Film එකක් කියලා හඳුන්වනවා. ඩාර්ක් ෆිල්ම් එකක් කිව්වම ගොඩක් අපරාධ, ත්‍රාසජනක චිත්‍රපටි මේ ආකාරයෙන් නිෂ්පාදනය කරනවා.
ඩාර්ක් ෆිල්ම් ගැන කිව්වම ගොඩක් DC කොමික් චිත්‍රපට වලට මේ ක්‍රමය පාවිච්චි කරනවා. මේ ප්‍රභේදයේ චිත්‍රපටි, කතා මාලා වලට ආස කරන වෙනම රසික කොට්ඨාසයකුත් ඉන්නවා. හරි, සීරීස් එක දිහාට හැරිලා බැලුවොත් පළවෙනි කොටසේ ඉඳන්ම අපිට යම් යම් දේවල් ඉඟි කරනවා. කතා මාලාවේ තිර රචනය අවසානය වෙනකල්ම ත්‍රාසජනක භාවය ඒ අයුරින්ම පවත්වාගෙන යනවා. අධ්‍යක්ෂක වරයාගේ අද්විතීය තිර රචනය හැම අවස්ථාවකදීම පෙනෙනෙවා. දිගින් දිගටම ඉඟි දුන්නත් අවසානයේ බලාපොරොත්තු නොවෙන නිමාවක් දීලා කතා මාලාව නිම කළා.
පෞද්ගලිකවම මමත් මේ අධ්‍යක්ෂක වරයාගේ ලැයිස්තුවට කැමතියි. 13B නැත්නම් Yavarum Nalam කියන චිත්‍රපටය බලපු අයට වෙනස්ම අත්දැකීමක් ලැබෙන්න ඇති. ඒ විදියේම වෙනස්ම අතදැකීමක් මේ කතා මාලාවෙන් ලබාගන්න පුළුවන්. යවරුම් නලම් චිත්‍රපටියේ වීරයගේ පවුල අලුත් ගෙදර පදිංචියට ගියා. මේ ගෙදරදි වීරයගේ පවුලෙ අය ගෙදර ටීවි එකේ ගිය ‘යවරුම් නලම්”(සැවොම සතුටින්) කියන නාට්‍යය බලන්න පුරුදු වෙලා හිටියා. මේ නාට්‍යයේ සිද්ද වෙන දේවල් එයාලටත් සිද්ද වෙන්න ගන්නවා. තාමත් බලලා නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න කියලා නිර්දේශ කරනවා.
සූරියා රඟන 24 චිත්‍රපටිය කාල තරණය සම්බන්ධ චිත්‍රපටයක්. ගොඩාක් අය දන්නවා මේ චිත්‍රපටියේ සූරියා ත්‍රිත්ව චරිත මවනවා. කෙනෙක් මේක බලලා නැත්නම් ඇත්තටම ඒක පුදුමයක්. Gang Leader චිත්‍රපටය පළිගැනීමක් වෙනුවෙන් එක්වෙන පවුල් 5ක ධෛර්යමත් කාන්තාවන් 5 දෙනෙකු නවකතා රචකයෙකු සමඟින් එක් වී කරන මෙහෙයුමක් ගැන කතාවක්. Ishq ගැන ලොකුවට කියන්න දෙයක් නැහැ. ලස්සන ආදර කතාවක්.
ධූතා අධ්‍යක්ෂකවරයාගේ වගේම චෛතන්‍යාගේත් පලමු කතා මාලාව ද වෙනවා. මේ අධ්‍යක්ෂකවරයා අක්කිනේනි පවුල එක්ක සමීප සබඳතාවයක් තියෙනවා ඇති. මොකද අක්කිනේනි පවුල වෙනුවෙන් Manam, Thank You, Hello කියන චිත්‍රපට තුන කළා. Manam චිත්‍රපටයේ අක්කිනේනි නාගේෂ්වර් රාඕ මුණුබුරා ලෙසත්, නාගා චෛතන්‍යා පියා ලෙසත්, නාගර්ජුනා සීයා ලෙසත් ආත්මීය සබඳතා, පුනර්ජන්මය මත දිවෙන කතාවක් නිර්මාණය කර තිබුණා. මනම් චිත්‍රපටය ආදායම්, ප්‍රතිචාර වශයෙනුත් අති සාර්ථක වුණා. ඒත් Thank You චිත්‍රපටයට ප්‍රේක්ෂකයින්ව තෘප්තිමත් කරන්න පුළුවන් වුණේ නැහැ.
චෛතන්‍යා Bangarraju (2022) චිත්‍රපටයෙන් පස්සෙ කරපු Thank You, Custody චිත්‍රපට දෙකම අසාර්ථක වුණා. චෛතන්‍යා, අමීර් ඛාන්ගේ Laal Singh Chaddha චිත්‍රපටයත් රංගනයෙන් දායක වුණා. චෛතන්‍යාට විතරක් නෙවෙයි, අක්කිනේනි පවුලේම චිත්‍රපට දිගින් දිගටම අසාර්ථක වුණා. ඒවා පිළිවෙලින් නාගර්ජුන්ගේ The Ghost (2022), අඛිල්ගේ Agent (2022) හා චෛතන්‍යාගේ Custody (2023). කොහොම වුණත් චෛතන්‍යාගේ Thandel නම් චිත්‍රපටය ලබන වසරේ තිරගත වීමට නියමිතයි.
කෙනෙකුට මේ කතා මාලාව තේරුම් ගන්න ලෙහෙසියි. දරුවන් ඇරෙන්න තරුණ, මහළු කාටත් අපහසුතාවයක් නැතිව බලන්න පුළුවන්. විශාල වශයෙන් ප්‍රචණ්ඩත්වය දැක්වෙන දර්ශන හෝ ලිංගික දර්ශන ඇතුලත් වෙන්නෙ නැහැ. ඇමසන් ප්‍රයිම් එකේ සීරීස් එකක් වුණාම ඒ ගැන විශ්වාසය තියන්න පුළුවන්. ඔයාලා වැය කරන කාලයට උපරිම තෘප්තිමත් කිරීමක් ලැබෙනවා අනිවාර්යයෙන්ම. සීසන් 2 ගැන අදහසක් තියෙනවා කියලා අන්තිමටම චූටි ඉඟියකින් කියනවා. ඉස්සරහට කොහොම වේවිද කියලා බලමු.
Dhootha Sinhala Subtitles Dhootha Sinhala Subtitles Dhootha Sinhala Subtitles Dhootha Sinhala Subtitles Dhootha Sinhala Subtitles
මේ සීරීස් එක කරමු කියලා වැඩේ පටන් ගත්තේ අපේ ෆීනික්ස් සහෝදරයා. එයා හින්දා තමයි මේක හිතුවටත් වඩා ඉක්මනින්ම කරගන්න ධෛර්යයක් ලැබුණේ. ඒ ගැන මයුර සුරාජ් සහෝදරයට බෙහෙවින්ම ස්තූති කරනවා. මතක තියාගන්න ලංකාවේ විවිධ වෙබ් අඩවි වලින් වගේම ෆේස්බුක් චිත්‍රපටි බලන්නන්ගේ ගෲප් වලින් සොරාගන්නා හොඳම ගුණාත්වයෙන් යුත් සිංහල උපසිරැසි ලැබෙන එකම තැන Baiscope.lk.
අපේ උපසිරැසි මහගෙදර බයිස්කෝප් වෙබ් අඩවියේ කිසිම උපසිරැසි කරුවෙක් වෙනත් වෙබ් අඩවිවලට උපසිරැසි ලබා දෙන්නෙ නැහැ වගේම ලිපිය ඒ ඒ වෙබ් අඩවි වලට ගැලපෙන විදියට කපා කොටා පළ කරන්නේ ද නැහැ. මුලදි නම් ඉස්සුවෙ කතාව විතරයි. දැන් දැන් අමතක විස්තර ඡේදත් එක්කම උස්සනවා. කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL පිටපත් සඳහා ගැළපේ.
8,714 downloadsDownload Dhootha-2023-S01-E06.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
7 comments
Buddhika Lakmal
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි රවි සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Anonymous
Episode 7 eke subtitles dannako
Anonymous
link na ne balanna
Anonymous
Thanks jayawewa.....!
viraj
thanks.......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Dhootha (2023) [Season 01] Sinhala Subtitles](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/12/Dhootha-2023-Cover-01.jpg)




...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
jo