Dhootha [S01 : E08] Sinhala Subtitles සාගර්, මහ රෑම DCP ක්‍රාන්තිගේ ගෙදරට ඇවිත් සිද්ධ වුණ දේවල් එකින් එක කියන්න ගන්නවා. කෝටිගේ සිරුර ගොඩ ගෙන ඇති නිසා සාගර්ගේ පාපෝච්චාරණයෙන් ඵලක් නැති නිසා ක්‍රාන්ති සාගර්ට උසාවියට ඇවිත් කියන්න ඕනේ දේවල් කියන්න කියනවා. ඒ වෙලාවෙදි සාගර්, එයාව හොල්මන් කරන පත්තර කොළ කැබ…

Dhootha Sinhala Subtitles
සාගර්, මහ රෑම DCP ක්‍රාන්තිගේ ගෙදරට ඇවිත් සිද්ධ වුණ දේවල් එකින් එක කියන්න ගන්නවා. කෝටිගේ සිරුර ගොඩ ගෙන ඇති නිසා සාගර්ගේ පාපෝච්චාරණයෙන් ඵලක් නැති නිසා ක්‍රාන්ති සාගර්ට උසාවියට ඇවිත් කියන්න ඕනේ දේවල් කියන්න කියනවා. ඒ වෙලාවෙදි සාගර්, එයාව හොල්මන් කරන පත්තර කොළ කැබලි ක්‍රන්තිට පෙන්වනවා.
ප්‍රියාට සිද්ධ වෙන්න යන අනතුර ගැන සඳහන් වුණ කොළ කැබැල්ලත් පෙන්වනවා. ප්‍රියා සාගර්ව දකින්නවත් කැමති වුණේ නැති සාගර්ට ප්‍රියාව හම්බවෙලා ප්‍රියාට, ඝාතකයා ගැන අනතුරු අඟවන්න ක්‍රමයක් තිබුණෙ නැහැ. සාගර් එයාගේ නූපන් දරුවවයි, ප්‍රියාවයි බේරගන්න උදවු කරන්න කියලා ක්‍රාන්තිගෙන් බැගෑපත් වෙලා ඉල්ලනවා.
Dhootha Sinhala Subtitles Dhootha Sinhala Subtitles Dhootha Sinhala Subtitles Dhootha Sinhala Subtitlesක්‍රාන්ති පත්තර කොල කෑලි එහෙට මෙහෙට කරලා බලද්දි මේ කොළ කැලි ඔක්කොම එකම පත්තර කොලයකට අයත් ඒවා කියලා දකිනවා. පසල් එකක් වගේ කොළ එකින් එකට සම්බන්ධ කරලා බලද්දි තවත් අනාවැකියක් දකින්න ලැබෙනවා. ඒ SI අජේ ඝෝෂ්ගෙ මරණය ගැන ප්‍රවෘත්තිය. හරියටම ටික වෙලාවකින් ඝෝෂ්ගේ මරණය දැනුවත් කරමින් ක්‍රාන්තිට ඇමතුමක් ලැබෙනවා. කොහොම හරි ක්‍රාන්ති ප්‍රියාගේත් දරුවාගේත් ජීවිතය බේරගන්න ප්‍රියාගේ ගෙදරට යනවා. සාගර්ව ප්‍රියාගේ ගෙදර ඇතුලට ගන්න දැඩි අකමැත්තක් තිබුණත් ක්‍රාන්තිගේ ඉල්ලීම නිසා සාවදානව කාරණාව අහන්න එකඟ වෙනවා.
කොහොම හරි ප්‍රියාට අනතුරු අඟවලා, අවදානයෙන් ඉන්න කියලා සාගර් ප්‍රියාගෙ ගෙදරින් පිටත් වෙනවා. ගෙදර ආව සාගර් රවීගේ ෆයිල් වල තිබුණ වින්දිතයන්ගේ පවුල් වලට කෝල් කරලා වින්දිතයාගෙන් පස්සෙ පවුලෙ කවුරුහරි මැරුණද කියලා විපරම් කරනවා. ඒ හැම පවුලකම අදාල දූෂිත මාධ්‍යවේදියා මිය ගියාට පස්සෙ පවුලෙ වෙනත් ඥාතීන් අස්වාභාවික ආකාරයට මැරිලා නැහැ. ඉතින් සාගර් එයාගේ පවුලේ අයව බේරගන්න සියදිවි නසාගන්න තීරණය කරනවා. තීරණය කරනවා විතරක් නෙවෙයි බෙහෙත් පෙති කිහිපයක්ම එක හුස්මට බීලා දානවා.
මැරෙන්න කලින් තමන් සියදිවි නසා ගන්න බව කියමින් ක්‍රාන්තිට වොයිස් මැසේජ් එකක් යවනවා. ඒ වගේම ප්‍රියාගෙන් සමාව ඉල්ලා වොයිස් මැසේජ් එකක් කරමින් ඉන්න අතරේ ෆෝන් එකේ බැටරිය සම්පූර්ණයෙන්ම බැහැලා ෆෝන් එක ඕෆ් වෙනවා. මැරෙන්න කලින් ප්‍රියාට කියන්න ඕන දේ කියන්න ඕන නිසා ෆෝන් එක චාර්ජ් කරගන්න චාජරය හොයනවා. චාජරය හොයද්දි ප්‍රියාගේ බෑග් එකක තිබුණු ෆයිල් වගයක් බිමට වැටෙනවා. එයින් එක ෆයිල් එකක “15- මහල් ගොඩනැගිල්ල කඩා වැටේ: දොස් පැවරිය යුත්තේ කාටද?” යන මාතෘකාවෙන් ලිපියක් තිබුණා.
එතකොටයි තේරුණේ ප්‍රියා, සාගර්ට වඩා පවුකාර වැඩ මාධ්‍යවලින් යටගහලා තියෙනවා කියලා. සාගර් මැරුණත් අනිවාර්යයෙන්ම මේ අවතාරය ප්‍රියාගේ පස්සෙන් එනවා. සාගර් වහාම බීපු බෙහෙත් වමනය කරනවා. කොහොම හරි වොයිස් මැසේජ් එක ලැබුණ ක්‍රාන්ති සාගර්ගෙ ගෙදරට ඇවිත් සාගර්ව රෝහලට ගෙන ගොස් ජීවිතය බේරාගන්නවා. ජීවිතය බේරාගත් සාගර් සත්‍යපට්නම් ප්‍රදීපාගාරය වෙත යනවා. පවුලේ ඥාතීන්ගේ අහිමි වීම්, සියදිවි නසාගැනීම් සගර්ගෙන් නතර වෙන්න ඕන කියන තීරණය අරගෙන ඒකට පිළියමක් හිතුවා.
මුද්‍රණ යන්ත්‍රයට කුළුගෙඩි පහරවල් එල්ල කරමින් කඩා බිඳ දාන්න හැදුවත් ඒකට කිසිම හානියක් වුණේ නැහැ. අවසානයේ වෙහෙසට පත් වුණ සාගර් පරාජය බාරගෙන, සාගර්ගේ පවුල අතහරින්න කියලත්, සත්‍ය මූර්තිට අවශ්‍ය දේ මොනවද කියලා ඉල්ලමින් ආයාචනා කරනවා. ඔන්න එතකොටම මුද්‍රණ යන්ත්‍රය වැඩ කරන්න ගන්නවා. මුද්‍රණය වූ පිටපතේ “ඔබ එක් පුද්ගලයෙකු තුල ගෙන එන වෙනස ලෝකය අභිවෘද්ධිය කරා ගෙන යයි.” ලෙසින් සටහන් වෙලා තිබුණා.
සාගර් මේ ඝාතන දාමය නතර කරන්නේ කොහොමද කියලා කල්පනා කරමින් කාලය ගත කළා. මුදල් ගෙවා පාරේ අතන මෙතන තියෙන පත්තර කොළ ලෝඩ් පිටින් සාගර්ගේ ෆාර්ම් හවුස් එකට ගෙන්වා ගත්තා. මේ කොළ වලින් සාගර් එයාගේ කාමරයම පිරෙව්වා. සාගර්ගේ අම්මා මේ වගක් දැනගෙන හිටියේ නැහැ. අහම්බෙන් වගේ සාගර්ගේ කාමරය බලන අම්මාට පත්තර කොළ කැබලි ගොඩක් පුරවපු කාමරය මැද ඉන්න සාගර්ව දකිනවා. සාගර්ගේ අම්මා ගොඩාක් බය වෙනවා.
කලබලයටත් තැතිගැන්මටත් පවු වුණ අම්මා වහාම මේ පත්තර කොළ ඔක්කොම විසි කරලා දාන්න කියලා කියනවා. අම්මා මේ තරම් බය වෙන්නෙ මොකද කියලා සාගර් කුතුහලයෙන් අහනවා. ඒකට හේතුව සාගර්ගේ සීයාත් මේ විදියටම පිස්සුවෙන් පත්තර කොළ එකතු කරලා කාමරයේ ගොඩ ගහගෙන ඉඳලා සියදිවි නසාගෙන තියෙනවා.
Dhootha Sinhala Subtitles Dhootha Sinhala Subtitles Dhootha Sinhala Subtitles Dhootha Sinhala Subtitles Dhootha Sinhala Subtitlesදෙසැම්බර් 1 දා නිකුත් කරපු මේ කතා මාලාව කොටස් 8කින් යුක්තයි. මේක ඇමසන් ප්‍රයිම් හරහා තෙළිඟු භාෂාවෙන් නිකුත් වුණ Neo Noir(Dark Film), Cime, Thriller කාණ්ඩයට අයත් කතා මාලාවක්. ඉතින් මේ කතා මාලාවට නාගා චෛතන්‍යා, ප්‍රියා භවානි ශංකර්, පාර්වතී තිරුවෝතු, ප්‍රචි දේසායි, පසුපති, රවීන්ද්‍රා විජයි, ජයප්‍රකාශ්, අනිශ් කුරුවිල, තරුන් බාස්කර්, රෝහිණී, තනිකෙල්ලා බරණි වගේ ප්‍රසිද්ධ නළු නිළියන් කීප දෙනෙක් චරිතවලට ජීවය දෙනවා.
බොහෝ අය දන්නවා මලයාලම් සිනමාවේ පාර්වතී තිරුවෝතු සහ දෙමළ සිනමාවේ පසුපති අති දක්ෂ නළුවන් දෙපළක්. ප්‍රධාන චරිතය කළ චෛතන්‍යාට වඩා ඔහුගේ සහය රංගන ශිල්පීන් මේ සීරීස් එක පුරාම ලකුණු දාගත්තා. ඇත්තටම පටන් ගත්ත ගමන්ම කතාව කෘතීම ගතියක් දැණුනත් අනෙක් චරිත එක්ක මිශ්‍ර වෙලා යද්දි ඒ වෙනස නොදැනීම යනවා.
මේ කතා මාලාව අධ්‍යක්ෂක සහ රචනය කළේ වික්‍රම් කේ කුමාර් කියන අති දක්ෂ අධ්‍යක්ෂකවරයා. ඔහු සම්මානලාභී අධ්‍යක්ෂකවරයෙක්. ඔහු 24, Manam, Yavarum Nalam, Ishq, Gang Leader චිත්‍රපට ඔහු විසින් රචනා කර අධ්‍යක්ෂණය කළා. ඔහු මේ සීරීස් එක Neo Noir ආකාරයට නිර්මාණය කර තිබෙනවා. Neo Noir සාමාන්‍ය විදියට Dark Film එකක් කියලා හඳුන්වනවා. ඩාර්ක් ෆිල්ම් එකක් කිව්වම ගොඩක් අපරාධ, ත්‍රාසජනක චිත්‍රපටි මේ ආකාරයෙන් නිෂ්පාදනය කරනවා.
ඩාර්ක් ෆිල්ම් ගැන කිව්වම ගොඩක් DC කොමික් චිත්‍රපට වලට මේ ක්‍රමය පාවිච්චි කරනවා. මේ ප්‍රභේදයේ චිත්‍රපටි, කතා මාලා වලට ආස කරන වෙනම රසික කොට්ඨාසයකුත් ඉන්නවා. හරි, සීරීස් එක දිහාට හැරිලා බැලුවොත් පළවෙනි කොටසේ ඉඳන්ම අපිට යම් යම් දේවල් ඉඟි කරනවා. කතා මාලාවේ තිර රචනය අවසානය වෙනකල්ම ත්‍රාසජනක භාවය ඒ අයුරින්ම පවත්වාගෙන යනවා. අධ්‍යක්ෂක වරයාගේ අද්විතීය තිර රචනය හැම අවස්ථාවකදීම පෙනෙනෙවා. දිගින් දිගටම ඉඟි දුන්නත් අවසානයේ බලාපොරොත්තු නොවෙන නිමාවක් දීලා කතා මාලාව නිම කළා.
පෞද්ගලිකවම මමත් මේ අධ්‍යක්ෂක වරයාගේ ලැයිස්තුවට කැමතියි. 13B නැත්නම් Yavarum Nalam කියන චිත්‍රපටය බලපු අයට වෙනස්ම අත්දැකීමක් ලැබෙන්න ඇති. ඒ විදියේම වෙනස්ම අතදැකීමක් මේ කතා මාලාවෙන් ලබාගන්න පුළුවන්. යවරුම් නලම් චිත්‍රපටියේ වීරයගේ පවුල අලුත් ගෙදර පදිංචියට ගියා. මේ ගෙදරදි වීරයගේ පවුලෙ අය ගෙදර ටීවි එකේ ගිය ‘යවරුම් නලම්”(සැවොම සතුටින්) කියන නාට්‍යය බලන්න පුරුදු වෙලා හිටියා. මේ නාට්‍යයේ සිද්ද වෙන දේවල් එයාලටත් සිද්ද වෙන්න ගන්නවා. තාමත් බලලා නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න කියලා නිර්දේශ කරනවා.
සූරියා රඟන 24 චිත්‍රපටිය කාල තරණය සම්බන්ධ චිත්‍රපටයක්. ගොඩාක් අය දන්නවා මේ චිත්‍රපටියේ සූරියා ත්‍රිත්ව චරිත මවනවා. කෙනෙක් මේක බලලා නැත්නම් ඇත්තටම ඒක පුදුමයක්. Gang Leader චිත්‍රපටය පළිගැනීමක් වෙනුවෙන් එක්වෙන පවුල් 5ක ධෛර්යමත් කාන්තාවන් 5 දෙනෙකු නවකතා රචකයෙකු සමඟින් එක් වී කරන මෙහෙයුමක් ගැන කතාවක්. Ishq ගැන ලොකුවට කියන්න දෙයක් නැහැ. ලස්සන ආදර කතාවක්.
ධූතා අධ්‍යක්ෂකවරයාගේ වගේම චෛතන්‍යාගේත් පලමු කතා මාලාව ද වෙනවා. මේ අධ්‍යක්ෂකවරයා අක්කිනේනි පවුල එක්ක සමීප සබඳතාවයක් තියෙනවා ඇති. මොකද අක්කිනේනි පවුල වෙනුවෙන් Manam, Thank You, Hello කියන චිත්‍රපට තුන කළා. Manam චිත්‍රපටයේ අක්කිනේනි නාගේෂ්වර් රාඕ මුණුබුරා ලෙසත්, නාගා චෛතන්‍යා පියා ලෙසත්, නාගර්ජුනා සීයා ලෙසත් ආත්මීය සබඳතා, පුනර්ජන්මය මත දිවෙන කතාවක් නිර්මාණය කර තිබුණා. මනම් චිත්‍රපටය ආදායම්, ප්‍රතිචාර වශයෙනුත් අති සාර්ථක වුණා. ඒත් Thank You චිත්‍රපටයට ප්‍රේක්ෂකයින්ව තෘප්තිමත් කරන්න පුළුවන් වුණේ නැහැ.
චෛතන්‍යා Bangarraju (2022) චිත්‍රපටයෙන් පස්සෙ කරපු Thank You, Custody චිත්‍රපට දෙකම අසාර්ථක වුණා. චෛතන්‍යා, අමීර් ඛාන්ගේ Laal Singh Chaddha චිත්‍රපටයත් රංගනයෙන් දායක වුණා. චෛතන්‍යාට විතරක් නෙවෙයි, අක්කිනේනි පවුලේම චිත්‍රපට දිගින් දිගටම අසාර්ථක වුණා. ඒවා පිළිවෙලින් නාගර්ජුන්ගේ The Ghost (2022), අඛිල්ගේ Agent (2022) හා චෛතන්‍යාගේ Custody (2023). කොහොම වුණත් චෛතන්‍යාගේ Thandel නම් චිත්‍රපටය ලබන වසරේ තිරගත වීමට නියමිතයි.
කෙනෙකුට මේ කතා මාලාව තේරුම් ගන්න ලෙහෙසියි. දරුවන් ඇරෙන්න තරුණ, මහළු කාටත් අපහසුතාවයක් නැතිව බලන්න පුළුවන්. විශාල වශයෙන් ප්‍රචණ්ඩත්වය දැක්වෙන දර්ශන හෝ ලිංගික දර්ශන ඇතුලත් වෙන්නෙ නැහැ. ඇමසන් ප්‍රයිම් එකේ සීරීස් එකක් වුණාම ඒ ගැන විශ්වාසය තියන්න පුළුවන්. ඔයාලා වැය කරන කාලයට උපරිම තෘප්තිමත් කිරීමක් ලැබෙනවා අනිවාර්යයෙන්ම. සීසන් 2 ගැන අදහසක් තියෙනවා කියලා අන්තිමටම චූටි ඉඟියකින් කියනවා. ඉස්සරහට කොහොම වේවිද කියලා බලමු.
Dhootha Sinhala Subtitles Dhootha Sinhala Subtitles Dhootha Sinhala Subtitles Dhootha Sinhala Subtitles Dhootha Sinhala Subtitlesමේ සීරීස් එක කරමු කියලා වැඩේ පටන් ගත්තේ අපේ ෆීනික්ස් සහෝදරයා. එයා හින්දා තමයි මේක හිතුවටත් වඩා ඉක්මනින්ම කරගන්න ධෛර්යයක් ලැබුණේ. ඒ ගැන මයුර සුරාජ් සහෝදරයට බෙහෙවින්ම ස්තූති කරනවා. මතක තියාගන්න ලංකාවේ විවිධ වෙබ් අඩවි වලින් වගේම ෆේස්බුක් චිත්‍රපටි බලන්නන්ගේ ගෲප් වලින් සොරාගන්නා හොඳම ගුණාත්වයෙන් යුත් සිංහල උපසිරැසි ලැබෙන එකම තැන Baiscope.lk.
අපේ උපසිරැසි මහගෙදර බයිස්කෝප් වෙබ් අඩවියේ කිසිම උපසිරැසි කරුවෙක් වෙනත් වෙබ් අඩවිවලට උපසිරැසි ලබා දෙන්නෙ නැහැ වගේම ලිපිය ඒ ඒ වෙබ් අඩවි වලට ගැලපෙන විදියට කපා කොටා පළ කරන්නේ ද නැහැ. මුලදි නම් ඉස්සුවෙ කතාව විතරයි. දැන් දැන් අමතක විස්තර ඡේදත් එක්කම උස්සනවා. කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL පිටපත් සඳහා ගැළපේ.
8,710 downloadsDownload Dhootha-2023-S01-E08.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
10 comments
Kantha_DLA
Ravindra
Thanks me series ekata sub dunnata
Buddhika Lakmal
කොලිටි සබ්නං ඉතිං බයිස්කෝප් තමයි....
සීරිස් එකට ඉක්මනින්ම සබ් දීලා ඉවරකරාට තෑන්ක්ස් සහෝ....Vishwa Ravishan Bandara
meke last episode eka mokenda bn download karagaththe
Viraj
Thanks
Mahesh
Bro epi 2 eke sub eka weda nh neh poddak balanwada
විමා
අවුලක් නැතුව වැඩ සහෝ.
baiscopelk ishu
sub okkoma gatta.. sub walata thx ravindu saho
Gihan
Thanks for subtitles.......Good Luck
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Dhootha (2023) [Season 01] Sinhala Subtitles](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/12/Dhootha-2023-Cover-01.jpg)



ගොඩක්ම ස්තූතියි රවි ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!
full series ekatama ikmanata sub genawata
obata maage pranamaya............................!!