අපරාධ, අභිරහස් සහ ක්‍රියාදාම (Crime Thriller) කතාමාලාවලට ආදරය කරන බයිස්කෝප් සිංහලෙන් හිතවතුන් හැමෝටම සුබ දවසක්! 2026 වසරේ Hulu නාලිකාව ඔස්සේ නිකුත් වූ "Furious" කතාමාලාවේ Episode 03 සඳහා සිංහල උපසිරැසිය සමඟින් අද මම ඔබ හමුවට පැමිණෙනවා.
දෙවන කොටසේදී ඝාතක කැතරින්ගේ ඊළඟ ඉලක්කය වන්නේ ජාවාරම් ජාලයකට සම්බන්ධ ඔලිවර් චාල්ස් නම් බලවත් නීතිඥයායි. අතීතයේදී තමන්ට සිදු වූ අසාධාරණයට පලිගැනීමක් ලෙස ඇය ඔලිවර්ට මාරාන්තික ඖෂධ මාත්‍රාවක් දී ඝාතනය කරනවා. මේ අතරතුර ඔලිවර්ගේ දියණිය වන මීරා නිවසට පැමිණියත්, කැතරින් ඇයට හානියක් නොකර ඇගේ පියාගේ අඳුරු අපරාධ පිළිබඳ සත්‍යය හෙළි කරනවා. අනෙක් පසින්, FBI පරීක්ෂක ඇලිස් සහ නෝරා මෙම ඝාතන පිටුපස ඇති ජාවාරම් ජාලයේ සබඳතාවයන් හඳුනාගන්නා අතර, ඇලිස්ට ඇගේ අතීතයේ කෲර මතකයන් සහ මානසික පීඩනයන් සමඟද පොරබදන්නට වෙනවා.
මේ තෙවන කොටසේදී පරීක්ෂණ වඩාත් සංකීර්ණ මාවතකට යොමු වෙනවා. ඝාතකයාගේ ඊළඟ පියවර හඳුනා ගැනීමට FBI කණ්ඩායම උත්සාහ කරන අතරතුර, ඇලිස් සහ ඝාතකයා අතර ඇති පෞද්ගලික සබඳතාවය තවදුරටත් තීව්‍ර වෙනවා. ඝාතකයාගේ ඊළඟ ඉලක්කය වළක්වා ගැනීමට ඇලිස්ට හැකි වේවිද?
එසේනම් කුතුහලය පිරි මේ තෙවන කොටසත් නැරඹීමට හැමෝටම ආරාධනා කරනවා! හතරවෙනි Episode එකෙන් හමුවෙමු. සුභ දවසක්!

Subtitles
- #Editor's Pick
- #Furious S01 Sinhala Sub
- #Furious S01 Sinhala Subtitles
- #Furious Sinhala Sub
- #Furious Sinhala Subtitles
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #TV
- #උපසිරැසි
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet. Yours will be the first.
Advertisement
![Furious [S01 : E03] Sinhala Subtitles | මුලාවූ මතකය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Furious-S01-1.jpg)


