හොඳයි මෙන්න ආයෙමත් මම ආවා මේ සුපිරිම සුපිරි කතා මාලාවේ පස්වෙනි කතා සමයත් අරගෙන. ඊයේ රෑ මේකෙ මුල් කොටස් හතරේ ස්ක්‍රීනර් කොපි අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා. මේ තමා ඉන් පළවෙනි එක. ඊට පස්සෙම දිග විස්තර වලට යන්නම්. කොපියෙ කොලිටි ගැන නම් එච්චරම සෑහීමකට පත්වෙන්න නම් අමාරුයි. ඒත් කැමති අය බාගෙන බලන්නකෝ.…

හොඳයි මෙන්න ආයෙමත් මම ආවා මේ සුපිරිම සුපිරි කතා මාලාවේ පස්වෙනි කතා සමයත් අරගෙන. ඊයේ රෑ මේකෙ මුල් කොටස් හතරේ ස්ක්‍රීනර් කොපි අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා. මේ තමා ඉන් පළවෙනි එක. ඊට පස්සෙම දිග විස්තර වලට යන්නම්. කොපියෙ කොලිටි ගැන නම් එච්චරම සෑහීමකට පත්වෙන්න නම් අමාරුයි. ඒත් කැමති අය බාගෙන බලන්නකෝ. තාම ඉංග්‍රීසි සබ් එක ආවෙත් එක කොටසක විතරයි. ඔයාල පලවෙනි එක බලලා කැමතිනම් විතරක් අනික් ඒවටත් පුළුවන් විදියට සබ් දාල දෙන්නම්. නියමාකාරයෙන් හෙට වෙද්දි අදාල කොපිය ආවහම ඒකටත් සබ් එක හදන්නම්. දැන් ඔන්න නියම කොපියට යාවත්කාලීන කරල තියෙන්නෙ පළවෙනි කොටස.
මේක හැදුණ හැටි ගැන එහෙම තිබ්බ කොටස උපසිරැසි එක්ක බලන්න ඇති කියලා හිතනවා. හොඳයි මුලින්ම අපි හතරවෙනි අදියරේ අවසාන කොටස ටිකක් මතක් කරගම්මු.
පටු මුහුදෙන් එහා…
ඩැනේරිස් ටාගේරියන් රාජ්‍ය විචාරණ කොට මුලින්ම එනවා ආපහු වහල් සේවයටම යන්න කැමති කෙනෙක්. මොකද එයා ඒක ඇරෙන්න වෙන ජීවත් වෙන්න විදියක් නොදන්න නිසා. ඉතින් අකමැත්තෙන් වුණත් ඇය ඉඩ දෙනවා අවුරුද්දක් තම පැරණි හාම්පුතා ළඟ සේවය කරන්න කොන්ත්‍රාත්තුවක් ඇති කරගන්න. ඊට පස්සෙ එන්නේ ඇයගේ මකරෙක් විසින් මරා දැමූණු තම දියණියෙගේ ඉතුරු කොටස් රැගත් පියෙක්. ඉතින් ඒ ඉගිල ගිය මකරා ආපහු ආවෙ නැතත් පෙර ආරක්ෂාවක් වශයෙන් ඇය ඉතිරි මකරුන් දෙදෙනාව දම්වැල් දමා සිර කරනවා. ඇයට රාජ්‍ය පාලනය සෑහෙන්න අසීරු වේගනයි එන්නෙ.
වේල් රාජ්‍යය.
බ්‍රියෙන්නේ සහ ඇයගේ අතවැසි පොඩ්‍රික් හට ආර්යා ස්ටාක්වයි හවුන්ඩ්වයි හමුවෙනවා. ඇය ආර්යා හට පවසනවා ඇයගේ මව වූ කැට්ලින් ස්ටාක් හට ඇය දුන් පොරොන්දුව ගැන. ඒත් හවුන්ඩ් පක්ෂපාතීකම ගැන අවුල් යනකොට බ්‍රියෙන්නේ විසින් ජේමි තෑගි කළ කඩුව අදිනවා. මතකයිනේ ඒක කාගේ කඩුවක් උණු කරලා ආපහු හදපු එකක්ද කියලා. හැබැයි ඒක ලැනිස්ටර් විසින් හදවපු නිසා, මේ ලැනිස්ටර් කඩුව දකින් හවුන්ඩ් යුද්ධ ප්‍රකාශ කරනවා. මේ සටනෙන් දැනටම තුවාල ලබල ඉන්න හවුන්ඩ් පැරදෙනවා වගේම ඔහුව කන්දෙන් පල්ලැහැට වැටෙනවා. හැබැයි ආර්යා මේ අතර සැඟවෙනවා. පස්සෙ ඇය හවුන්ඩ් ළඟට ගියාම ඔහු වේදනාව ඉවරයක් වෙන්න තමාව මරාදාන ලෙස ඉල්ලනවා. ඒත් ආර්යා ඔහුගේ සල්ලි පමණක් අරගෙන යන්න යනවා. අශ්වයා පිට වරායට ගිහින් එතනින් බ්‍රාවෝස් යන්න නැව් නඟිනවා අර මුහුණු වෙනස් කරන්නා දීපු කාසිය භාවිතයෙන්.
කිංග්ස් ලෑන්ඩින් වල….
අපි හැමෝගෙම හිත දිනාගත්ත ඩෝන් වල ඕබ්‍රන් කුමාරයාව මරල දැම්ම ග්‍රෙගෝර් ක්ලේගන් හෙවත් ගිර දැන් කුමාරය මැරෙන්න කලින් ඇනුණ විෂ සහිත හෙලි පහර හින්ද දැන් ඉන්නෙ මරණාසන්නවයි. පයිසෙල් එයාව බේරගන්න අමාරුයි කිව්වට සර්සි වඩා කැමති කුයිබර්න් කියන්නෙනම් එයාව බේරගන්න පුළුවන් කියලා. හැබැයි හොඳ වුණාම එයා කලින්ට වඩා වෙනස් වෙයි කියල අනතුරු අඟවනවා.
ඊට පස්සෙ සර්සි ඇයගේ තාත්ත වෙච්ච ටයිවින්ට අනතුරු අඟවනවා ලෝරස් ටයිරෙල්ව බඳින්න බලකළොත් එහෙම, ඇය තම සහෝදරයා එක්ක අනාචාරයේ හැසිරීම සහ ඇයගේ ළමයින් ඒ හින්ද බිහිවෙච්ච අය බව ලෝකෙට කියනවා කියලා.
මේ අතර හිරේ ඉන්න කොට ආදිපාද තම මරණය ගැන හිත හිත ඉන්න කොට නොහිතපු විදියට තම සහෝදරයා වෙච්ච ජේමි ඇවිල්ලා ඔහුව නිදහස් කරලා පැනල යන්න කියනවා. රහසිගත උමඟක් දිගේ ඔහු පැනල යන ගමන් රජුගේ දෙවෙනියා නැත්තම් පුරෝහිත තනතුරේ ඉන්න තම පියාගේ කුටියට යනවා. ඒ වෙලාවෙ ඔහු දකිනවා තමාගෙ පෙම්වතිය වගේ අඟවපු ශේ තම පියාගේ ඇඳේ ඉන්නවා. එන තරහට ඔහු ඇයගේ බෙල්ල මිරිකලා පස්සෙ වැසිකිළියේ ඉන්න තම පියාවත් ඊතලයෙන් මරල දාල එසොස් යන්න සූදානම් කරපු නැව ළඟට යනවා. ජේමිත් සමඟ මේ සියල්ල සූදානම් කරවපු වාරිසුත් ලැනිස්ටර් ගේ මරණය හින්දා නාද වෙන අනතුරු ඇඟවීමේ සීනු හඬ ඇහිලා කොට ආදිපාදත් එක්ක නැවටම නඟිනවා..
ප්‍රාකාරයෙන් පිටත.
ජෝන් ස්නෝව් ප්‍රාකාරයෙන් එහා රජ වෙච්ච මෑන්ස් රෙයිඩර්ව හම්බවෙනන් යනවා සටන නිමාකරන්න එකඟතාවකට එන්න කතා බහ අරඹන්න වගේ අඟවන්ගෙන. ඒත් යටි අරමුණ තමා ඔහුව මරල දාන එක. ඒත් ඒ ගැන මෑන්ස් රෙයිඩර් ට තේරෙනකොටම හොරණෑ නාදයක් ඇහෙනවා. ඒ තමා ස්ටැනිස් බ්රැතියන් තම කුලී හමුදාවත් එක්ක එතෙන්ට ඇවිත් මෑන්ස් රෙයිඩර්ව වට කරනවා. සිරාවට ඒක රූගත කරල තිබ්බා මතක ඇති. ස්ටැනිස් රෙයිඩර්ව මරන්න හැදුවත් ජෝන් ස්නෝව් අතීතය මතක් කරලා ඔහුව අත් අඩංගුවට ගන්න කියනවා. ඒ වගේම ජෝන් තම මියගිය සහෝදරයන්ව හා ටෝමුන්ඩ්ගේ ඉල්ලීම පරිදි ප්‍රාකාරයෙන් පිටතදී යිග්‍රීටිවත් භූමදාන කරනවා.
මේ අතර ප්‍රාකාරයෙන් සෑහෙන උතුරට ගිය බ්‍රෑන් ස්ටාක් ඇතුළු පිරිස තම ගමනාන්තයට ළඟා වෙනවා. රීඩ් තම දර්ශන වලින් දැක්ක ලොකු හදවත් වෘක්ෂය ළඟට ඔවුන් ළඟාවෙන කොටම පොළවෙන් මතුවෙන නොමළ ඇටකටු වගයක් ඔවුන්ට පහර දෙනවා. එයින් රීඩ් මියගියත් ඉතුරු අයව, එනම් බ්‍රෑන්, හෝඩෝර්, මීරාව Child of the Forest කෙනෙක් විසින් බේරගන්නවා. (මේ අය ගැන මම කලින් ලිපි වලින් කිව්ව මතක ඇතිනෙ.) මේ කණ්ඩායම ඊට පස්සෙ වෘක්ෂයේ මුල් අතර ජීවත් වෙන වයසක පුද්ගලයෙක් හමුවෙන්න රැගෙන යනවා. බ්‍රෑන් තමුන්ට ඇවිදින්න හැකිවෙයි කියා හිතාගෙන ආවත් වයසක මනුෂ්‍යාට අනුව ඔහුට ආපහු ඇවිදින්න නොහැකි වුණත් පියාඹන්න හැකිවෙන බව පවසනවා. මට හිතෙනවා තරිඳු සහෝ කියනවා වගේම මේ කියන්නෙ මකරුන් පිට යෑමක්දෝ කියලා.
හදිස්සියේ දෙන්න ව්වෙච්ච හින්දා විස්තර ලිපිය සම්පූර්ණ කරගන්න බැරිවුණා. 4 වෙනි කොටසෙන් පස්සෙ වගේ ලිපිය සම්පූර්ණ කරල දෙන්නම්. එතකම් පරණ ඒවා ආපහු බලන්නකෝ.
පසුබිම් විස්තර ලිපි.
1) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
2) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
3) ඇදහීම් හා නයිට්වරු.
4) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
5) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
6) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
7) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
8) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
9) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.377
Due to copyright issues, we do not provide any torrent links.
75,464 downloadsDownload GOT.S05.E01.Sinhala.zip120 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
119 comments
chandana
හර්ෂණ
මන් දෙවෙනියා.. :v අනේ රොයිලි අයියේ හොද කොපි ඕනේ නැහැ ඊලග ටිකෙත් අද හෙටම දෙන්න. ඉවසීම ප්‍රගුණ කරපු අය ඉවසීමෙන් ඉදල හොද කොපි එක්ක බලාවි. අපි ඉතින් ඕවා ප්‍රගුණ කරලා නැනේ අයියේ. ඒ නිසා අනික් ටිකත් දෙන්න :D
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
බයිස්කොප් වාසින්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ! :-D
සබට තැන්ක්ස්.
ජය වේවා. !sha
meke sound witaraine ahenne,,ekarta mokada karanne ply kranne kohomada
හර්ෂණ
ඔයාලට මතක ඇති මේ හැම සීසන් එකකදීම ප්‍රධාන චරිතයක් සමුගන්නවා. මේ සීසන් එකේදී කව්රු සමුගනීවී කියලද හිතන්නේ?
Dilshan
දැන් නම් දන්නවා කවුද මැරුනේ කියල
vimukthi
Thanks 4 sub mcn. Episode 4k dala tiyenne ikmanata diyan..
ප්‍රදීප් මධුසංඛ
නියමයි...
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ...
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා...!
:DSHEHAN
thanks saho.... meka anakam thama mechcharakal jeewath une...
Gamage
appa roily saho mare maru . . . . .balagena hitiye enakam
Sisira Hegoda
නියමයි. එනකම් බලන් හිටියේ. ස්තූතියි.
Keshan Wasala
ගොඩක් ස්තුතියි අයියේ :D :D හැබැයි මේක දැන්ම බලන්නේ නැහැ හෙට හොද කොපියක් අවාම තමා ගන්නේ අවුරුද්දක් හිටපු එකේ දවසක් ඉන්න බැරි නෑනේ හේ හේ ;) හෙට සබ් එක අප්ඩේට් කරන්නෝ දැන් මතකත් නැති එකේ කලින් පොස්ට් ටික කියවන්න ඕනේ...
Keshan Wasala
ඔන්න දැන් තමයි බලන්නේ අයියේ :D බොහොම ස්තුතියි අප්ඩේට් කරාට හොද කොපියක්...
Hasitha
Thanks Brooo. Thanks lot. Ur da best machann.
Rasidu
මරු,ඉක්මනට දීලා,
නියමයි,sub එකට thanxSam
thnkss broo..elzzzzzz..
chithaka
goda kalayak balagena hitiye thanx saho niyamay kiyanna wachana ne
adisha
elama saho meka enakan agili gena gena hitiye
Kulanjana Maduranga
niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
pasan sid
fatta sahooo
piyumals
Game of රොයිලි....
එනකම් බලන් හිටියේ. ස්තූතියි.චතුරංග සුරාජ් පෙරේරා
agili gana gana hitiye thanks bro
GihanC
elama kiri....thanks bro....original ekata sub eka denna ....
kanindu
elama kiri
anith evatath denna awlk na balanna puluvnme
Thanks
Aruna
Thank you Roili aiye...............
Sheharaka Dilshan
Godak sthuthiyi saho sab ekata thama down kare nah hoda copiyak awahama eka update karannako :D dawasak dekak inna bariya
Umesh
tanx.....
Miili
thnxx alot for the sub macho.... hoda copy eka aapu gaman dapan kollo.... jaya wewaaa
podi man
Ela kollo tikak ne thank you for your prompt upload elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaz
best wishes !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!DjU9
තාම තියෙන්නේ WEB Rip නිසා.. HDTV කොපියක් එනකන් ඉන්න වෙනවා..
මේ වගේ සුපිරි සීරිස් එකක් නැතුව බලල වැඩක් නෑ...තිසර නියෝ
:P දෙයියෝ දුන්න වගේනේ මේක ඇවිත් තියෙනවා දැක්කම දැනුනු සතුට... ඔන්න බලල ඉවර කරලයි කමෙන්ට් කරේ.....
වාව්
පට්ට
අව්රුද්දක බලන් හිටිය කාලේ ඉඅවරයි කියල හදවතටම දැනුනා
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ඔන්න එහෙනම් මාත් බැලුවා...
ඔක්කොම උන්දලව පෙන්නුවා..
ආර්යා කෙළිව පෙන්නුවේ නැහැ නොවැ...
කතන්දරේ නම් සුපිරි..
මල් හතයි...
සර්සි පොඩි කාලෙත් හෙන ලස්සනයි නොවැ..
ඒ වගේමයි නපුරුයි..
එහෙනම්, හෙට අනිත් ඒකත් ගම්මු නේද?
ජය වේවා!!dulanga sugeeth
thanx saho,meka enakan balan hitiye anit 3 tat demu
Asiri
හුරේ මේ දීලා තියෙන්නේ එල එල.මෙක එනකල් මග බලගෙන හිටියෙ.thanks ඉක්මනින් sub දුන්නට.ජය වේවා!!!
hansaka
Jupiter Ascending,Chappie me film 2ta ikmanata sub dennako.please....
rejith
thanks
නිරෝෂ්
ස්තුතියි රොයිලි.ජයවේවා !
dev
niyamai......
meka enakanma tama hitiye.bohoma stuti saho.....harsha
හොඳයි හොඳයි කිවුවා වාගේම දීලා තියෙන්නේ. එක පිට කොටස් 4ක් ගිය එක ටිකක අමුතුයි නේද? හොඳ කොපියක් එනතුරු ඉන්න්න තමා මම හිතන්නේ. මොකද තියන වැඩත් එක්ක වෙලාව කලමණාකරනය කරගන්න අමාරුයි. එනිසා හොඳ කොපි ආවාම එවාටත් සබ අප් ඩේට් කරන්න. 14 වෙනිදා හවස් 4න් පස්සේ දෙන්නම් ජම්බු කියලා බලා ගෙන බලා ගෙන යනවා හරිය. එහෙනම් ස්තූතියි ජයවේවා!
sajeevi
thanks a lot.
Tharindu
Thank you very much roily aiye....meka enakam maga balagena hitiye ...apu gamanma sub eka dunna ekata bohoma sthuthi... hoda copy ekak enakam innawa ba ganna ... aluth awruddata awrudu baiscope eken dunna awrudu taggak wage mata nam :)...elama tama...
නුවන්ත දුලාන්
හම්මේ මේ තියෙන්නේ :D
බොහොම ස්තූතියි රොයිලි අයියා.
ජය!!!!Sherlock
thanks saho..hoda copy eka awama balanawa..
anonymous
Ela elaz maru
Dimuthu
ස්තූතියි සහෝදරයා.. ඔයාට සුභ අලුත්අවුරුද්දක් වේවා......
ck
thanks hode....
4 epiyath mama dekka torrent 1eke thiyenawa .. ithuru tikath ikmanata denna hode
Jaya wewa
Saminda
patta machoooooo
lakshitha
thnx saho :D
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි.
වසරකට පසු ඔන්න ආයෙත් සුපිරි මෙන්ම මං ගොඩාක් ආස කරන රූපවාහිනී කතා මාලාව නරඹන්න ලැබෙනවා.
කතාව සුපිරියට හිතට වදින්න සැලැස්සුවේ ඉතින් රොයිලි අයියාගේ උපසිරැසි නිසා තමා. ඒකට ගොඩ ගොඩාක් ස්තූතියි.
ඔන්න ඉතින් මෙදා පාර, එනම් පස්වන කතා සමයටත් සමාන්‍ය ලොකු සයිස් එකේ අදහස් දැක්වීමට බලාපොරොත්තු වෙමි.
බලමු. ඒකට උපරිම උත්සාහයක් දරමි.
මට පොඩි දුකකට තියෙන්නේ, මේ හොරෙන් නිකුත් වූ කොටස් 4ක් නිසා.
මොකද, ගිය සැරේ සීසන් එක වගේ ඊලග කොටස එනකම් උනන්දුවෙන් ඇගිලි ගැන ගැන ඉදීම, ඊලග සතියේ කොටසේ මොකක් වෙයිද කියලා සතියක්ම කුතුහලයෙන් ඉදීම, ඊලග සතියේ මොකක් වෙයිද කියලා අනුමානය කිරීම යානාදීය යන දේවල් මුල් කොටස් 4 තුල GOT ලෝලීන්ට බොහෝ විට අත් විදීමට අවස්ථාවක් නොලැබී යයි.
මොකද, මේකේ ලෝලියකු නම් අනිවා මුල් කොටස් ටික එක පාර බාගෙන බලන්නට උනන්දු වීමයි.එහෙනම් පොඩි චුට්ටි විස්තරයක් සටහන් කරලා යන්නම්.
මේ සීසන් එකේ අනිවා රෙඩ් වයිපර්ගේ දුවලා තිදෙනා තම පියාගේ ඝාතනය සදහා පළිගැනීම සදහා උපරිම උත්සාහයක් දරාවී.
එම දුවලා තිදෙනා නම්, " Obara Sand, Nymeria Sand, Tyene Sand" යන සුන්දරත්වයෙන් අනූන, සටන් හැකියාවන් වලින් යුක්ත තරුණියන්ය.එහෙනම් සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි රොයිලි අයියේ.
ඊලග කොටසින් හමු වෙමු.
ලිපිය පොඩ්ඩක් මදියි.යශෝධ හේමාල්
බොහොම පිං උපසිරසියට
Release වුන හතරම ඉක්මනට දෙන්ඩෝ :*vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
Anushka
සබ දානකං බලන් හිටියේ.. පට්ට........ නියමයි රොයිලි සහෝ
දිගටම කරගෙන යමු, ජය වේවා!!KP
mekanam enakan agili gena gena unne...anith tikath ikmanata danna..comment walinma terenawane kattiya bala n inna tarama..jaya wewa..digatama karan yanna..
Ishara
patta a,elakiri,ohoma yan ,thankz
ලක්ෂාන්
නියමයි සහෝ ....පට්ට පට පට ..... ජය වේවා !!!!!!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
ada man 1ka.thanks......
balagena hitiye