Watch Trailer

Game of Thrones [S6E07 – The Broken Man] with Sinhala Subtitle (18+) | පළිගැනීම් [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න ගෙනාවා 7 වෙනි කොටස. කෝ කට්ටියගෙන් කිසි තල්ලුවක් නෑනේ. 🙁 අච්චර වටින කියන දැනුම් සාගරයක් වෙච්ච තරිඳු අයියගෙන් නොදන්න දෙයක් අහන්නෙවත් නෑ. උපසිරැසි දාන මටවත් කිසිම උද්‍යෝගයක් නැතිවෙනවා මෙහෙම ඇල්මැරුණු රසිකයෝ ටිකක් ඉන්නකොට. 🙁 එහෙනම් සිතියමට හැරෙමු. සිතියමේ අංක දැම්මෙ ඉහළ ඉඳන් පහළට යන්නයි. රූපය මත…

Game of Thrones S6P2

මෙන්න ගෙනාවා 7 වෙනි කොටස. කෝ කට්ටියගෙන් කිසි තල්ලුවක් නෑනේ. 🙁 අච්චර වටින කියන දැනුම් සාගරයක් වෙච්ච තරිඳු අයියගෙන් නොදන්න දෙයක් අහන්නෙවත් නෑ. උපසිරැසි දාන මටවත් කිසිම උද්‍යෝගයක් නැතිවෙනවා මෙහෙම ඇල්මැරුණු රසිකයෝ ටිකක් ඉන්නකොට.

🙁

එහෙනම් සිතියමට හැරෙමු. සිතියමේ අංක දැම්මෙ ඉහළ ඉඳන් පහළට යන්නයි. රූපය මත right click ක්ලික් කරලා වෙනම ටැබ් එකක විවෘත කරගන්න.

GOT-EP7

ප්‍රාකාරයට එපිට…(සිතියමේ අංක 1 )

බ්‍රෑන් හා මීරාට අන්තිමේ පැනගන්න උදව් ලැබෙනවා. බලන් ගියාම ඒ සෑහෙන කාලෙකට කලින් අතුරුදහන් වුණ, ජෝන් ස්නෝව් ව කාසල් බ්ලැක් වලට කැන්දගෙන ගිය බෙන්ජන් ස්ටාක් තමා ඒ ආව කෙනා. ඔහුව ධවල ඇවිදින්නන් මරා ඇවිදින ඇටසැකිල්ලක් වෙන්න දාල ගියාම children of forest වරු විසින් ඒ ශාපය පැතිරීම වැළැක්වූ බවත්, දැන් ධවල ඇවිදින්නන් නැවත එනවිට එයට බ්‍රෑන් ස්ටාක් සූදානම් විය යුතු බවත් ඔහු පවසනවා.

ට්වින්ස් වලදී…(සිතියමේ අංක 2 )

වෝල්ඩර් ෆ්‍රේ ආපහු තම පුතුන්ට අණ දෙනවා බ්ලැක්ෆිෂ්ගෙන් බලකොටුව ආපහු අල්ලාගන්නා ලෙස. ටලී වංශයේ යටත් වංශයක් විදියට උන්න ෆ්‍රේ වරුන්ට ටලී බලකොටුව ලැබුණේ ලැනිස්ටර් වරු හා කුමන්ත්‍රණය කොට බෝල්ටන්වරුන් සමඟ හවුල්ව රොබ් ස්ටාක්ව මරා දැමූ රත් විවාහයේදීයි. ටලී වංශයට අයිති සියලු දේ ෆ්‍රේ වංශයට ජොෆ්‍රී පැවරුවේ ඔවුන්ව ප්‍රධාන වංශයක් කරවමිනුයි. ඉතින් රත් විවාහය දා විවාහ වූ හා මෙතෙක් සිරකරුවෙක්ව සිටි එඩ්මියුර් ටලීව ප්‍රාණ ඇපයක් ලෙස ගෙනයන ලෙස වෝල්ඩර් තම පුතුන්ට අණ දෙනවා.

හෝන් හිල් හිදී…(සිතියමේ අංක 3 )

සෑම් හා ගිලි හෝන් හිල් වලට පැමිණෙනවා. එහිදි තම පියාගේ ගැරහුමටත්, මව හා අනික් අයගේ ලෙංගතු කමටත් ලක්වෙනවා. අවසානයේ තම අදහස වෙනස් කර, ගිලීව හා ළමයාව තමන් සමග පැරණි නගරයට ගෙනියන්න සෑම් සූදානම් වෙනවා. නිකන්ම නෙවෙයි, තම පවුලේ උරුමය වෙන වැලේරියන් කඩුවත් අරගෙනම. මොකද සෑම් දන්නවා ධවල ඇවිදින්නන් හා සටනට ඒ කඩුව ඔරොත්තු දෙන බව.

බ්‍රාවෝස් හිදී…(සිතියමේ අංක 4 )

ආර්යා බහු මූණූ දෙවියන්ට සේවය කරනවා වෙනුවට, තම හැඟීම් වලට මුල් තැන දී ස්ටාක් වරයෙක් විදියටම ඉන්න තීරණය කරනවා. ඉතින් ඇය හා නිතරම කොක්කෙන් ඉන්න වෙයිෆ් හට ඇයව මරන්න ජැකෙන් හෙගාර්ගෙන් අවසර ලැබෙනවා.

කිංග්ස් ලෑන්ඩින් වල…(සිතියමේ අංක 5 )

ජේමිගේ සැලසුම් සියල්ල වතුරේ යනවා. ඒ වෙනකොටත් ලොකු ගේ කුරුල්ලා රජුව දපනේ දාගෙන අවසානයි. හැබැයි මට නිකමට හිතෙනවා මාජරිගේ මේ වෙනස් වීම පිටුපස තව රහසක් ඇති කියලා. කොහොමහරි ජේමිට කිංග්ස්ගාර්ඩ් ආරක්ෂක අංශයට සමු දෙන්න වෙනවා. ඒ වගේම රිවරන් වල බලකොටුව නැවත බ්ලැක්ෆිෂ්ගෙන් අල්ලාගන්න ලැනිස්ටර් හමුදාව මෙහෙයවන්න ඔහුට පැවරෙනවා.

ඩොත්‍රාකි සී හිදි….(සිතියමේ අංක 6 )

නැව් වල යන්න බය ඩොත්‍රකි වරුන්ට තම අධිකාරී බලය තවත් පෙන්වමින් ඩැනේරිස් විසින් මකරා පිට පැමිණ ඔවුන්ගෙන් අහනවා නැව් මාර්ගයෙන් වෙස්ටරොස් ගොස් එහි සටනට සූදානම්ද කියලා. ඔවුන් එක හඬින් එයට අනුමැතිය දෙනවා.

හොඳයි මෙන්න එහෙනම් GOT විශේෂඥ තරිඳු අයියගේ ලිපිය. මොනාවත් තව දැනගන්න තියෙනවනම් කමෙන්ට් එකක් විදියට අහන්න. තරිඳු අයියා උත්තර දෙයි.

බ්‍රැන්ගෙ Visions

whitewalkersල ඉන්න තැනින් බේරගෙන එද්දිත් බ්‍රැන් තවත් visions වගයක් දකිනවා. ඒ එක vision එකක ඔහු දකින්නෙ, ඩැනේරිස්ගෙ තාත්තා 2වෙනි ඒරිස් රජතුමාව (Mad King) ජේමි ලැනිස්ටර් මරා දමන ආකාරය. රොබර්ට් බැරතියන් විප්ලවයෙ අවසාන සටනට නෙඩ් ස්ටාක් ඔහුගෙ සේනාව අරගෙන King’s Landingවලට එමින් සිටියා. රේගා ටාගේරියන් එක්ක තිබුණු සටනින් පසුව රොබර්ට් තුවාල ලබල හිටිය නිසා ඔහු ආවේ නෑ. මේ සටනින් ටාගේරියන් කුමාරයා මිය ගියා. මෙච්චර කාලයක් 2වෙනි ඒරිස් රජතුමාගෙ පණිවුඩ මගහරිමින් සිටි ටයිවින් ලැනිස්ටර්, ටාගේරියන් කුමාරයා මිය ගියා කියල ආරංචි වුණාම තම ලැනිස්ටර් සේනාව අරගෙන නෙඩ්ට කලින් King’s Landingවලට ආව. අවසානයේ හෝ තමන්ගෙ සහයට තම පරණ සගයා, මීට කලින් තම Hand of the king වෙලා හිටිය ටයිවින් ආව කියල හිතපු රජතුමා ඔහු වෙනුවෙන් දොරටු විවර කරා. නමුත් සහය දෙනව වෙනුවට ටයිවින් ටාගේරියන් රජතුමාගෙ හමුදාව සමූල ඝාතනය කරා.

1. Jaime kills Mad king

2වෙනි ඒරිස් රජතුමා තම රාජ්‍ය ආරක්ෂක කණ්ඩායමේ සාමාජිකයෙක් වුණ ජෙමිට අණ කරා ඔහුගෙ පියා වන ටයිවින්ගෙ හිස අරගෙන එන්න කියල. ඒ වගේම මේ වෙලාව වෙද්දි Wildfire පාවිච්චි කරලා King’s Landingවලට ගිණි තියල ඒ මතින් මකරෙක් විදිහට නැගිටින්න Mad Kingගෙ තිබුණු උමතු අදහසකුත් තිබුණා. මේ හේතු නිසයි ජේමි Mad kingව මරා දැම්මෙ. ඒත් නෙඩ් ස්ටාක් එනකොට ජේමි Iron Throne එකේ වාඩි වෙලා හිටිය නිසා ඔවුන් අතර වැරදි වැටහීමක් ඇති වුණා. රොබර්ට් බැරතියන් රජකම ලබාගනිද්දි රේගා ටාගේරියන්ගෙ බිරිඳ ඒලියා මාටෙල් සහ ඔහුගෙ දරුවන් දෙදෙනා Mountain විසින් මරාදමන්නෙත් ටයිවින්ගෙ අණ පරිදියි. ඒ ටාගේරියන් පරම්පරාව අතුගා දමන්න. ඉන්පසුව ටයිවින්ගෙ දුව සර්සි ලැනිස්ටර් රොබර්ට් සමග විවාහ වෙලා රැජින බවට පත් වුණා. මේ හේතුව නිසයි red viper (ඔබරේන් මාටෙල්) සහ Mountain අතර තිබුණු ද්වන්ධ සටනෙදි ඔබරේන් උත්සහ කරේ Mountainගෙ කටින් පාපොච්චාරණයක් ලබා ගන්න, තම සොයුරිය මරා දමන්න Mountain සහ ටයිවින් ලැනිස්ටර් හවුල් වුණ බව.

2. mountain vs red viper

නෙඩ් ස්ටාක්ගෙ මේ ගැන එතරම් කැමැත්තක් තිබුණේ නෑ. ඔහු ලනිස්ටර්ලගෙ මේ ක්‍රියා පිළිකුල් කරා. ඔවුන් එක්ක එකතුවීම ගැන රොබර්ට් එක්කත් අමනාප වෙලා නෙඩ් ස්ටාක් Tower of Joy කියන ස්ථානයට ගියා. ඒ තම සොයුරිය වන ලියාන ස්ටාක් හිරකර සිටියෙ එහි නිසා. ඒ යද්දි ටාගේරියන් Kingsguard එකේ තුන් දෙනෙක් (TV series එකේ දෙන්නයි) මේ කුටිය ආරක්ෂා කරමින් සිටියා. දෙපිරිස අතර ඇතිවුණ සටන කලින් බ්‍රැන්ගෙ vision එකකදි පෙන්නුවා. මේ සටනින් ඉතිරි වුණේ නෙඩ් සහ හොලන්ඩ් රීඩ් විතරයි. හොලන්ඩ් රීඩ් කියන්නෙ දැන් මේ බ්‍රැන්ට උදව් කරන මීරාගෙ තාත්තා. නෙඩ් Tower of Joy කුටියට යද්දි ලියානා මරණාසන්නව සිටියේ. ඇය මිය යන්නට කලින් නෙඩ්ගෙන් පොරොන්දුවක් ගත්ත බව පොතේ සඳහන් වෙනවා. මේ කොටසේ බ්‍රැන් දකින තව vision එකක් මේ අවස්ථාව වෙන්න පුළුවන්.

3. lyanna bloody hand

බෙන්ජන් ස්ටාක් නැවත පැමිණීම

බෙන්ජන් ස්ටාක් නැවත පැමිණීම මේ කොටසේ තවත් සුවිශේෂ සිදුවීමක්. බෙන්ජන් ස්ටාක් කියන්නෙ නෙඩ් ස්ටාක්ගෙ මල්ලි. බ්‍රැන් දකින vision එකක පවා දකින්න ලැබුණා නෙඩ් සහ බෙන්ජන් සටන් පුරුදු වෙමින් සිටින ආකාරයත්, එතැනට ලියානා ස්ටාක් අශ්වයෙක් පිටින් එන ආකාරයත්. රොබර්ට් බැරතියන් විප්ලවයෙන් පස්සෙ නෙඩ් වින්ටර්ෆෙල්වලට ආවට පස්සෙ බෙන්ජන් night watch එකට බැඳුණා. ජෝන් ස්නෝ night watch එකට එකතු වෙනකොට, බෙන්ජන් එහි First ranger. ඔහු ටික දවසකට පස්සෙ තවත් පිරිසක් එක්ක wall එකෙන් උතුරට ගමන් කරා. ඒ whitewalkersල ගැනත්, wall එකට ආසන්නයෙ ගැවසෙන wildlingsල ගැනත් ලැබුණු තිරතුරු නිසා. නමුත් ඊට පස්සෙ ඔහු අතුරුදහන් වුණා. ඔහු ගැන කිසිම ආරංචියක් ලැබුණෙත් නෑ. ජෝන් ස්නෝව මරපු පිරිසත් ජෝන්ව ඒ මරණ ස්ථානයට එක්කගෙන ආවේ බෙන්ජන් ස්ටාක්ව දැකපු wildling කෙනෙක් ඉන්නවා කියලයි. අවුරුදු දෙක තුනකට පස්සෙ ඇත්තටම තමන්ගෙ බාප්පා ඇවිත් කියල හිතාගෙන ඒ ස්ථානයට ගිය ජෝන්ට එතැන සිටි ද්‍රෝහීන් පිහිපාරවල් ඇන්නා.

5. benjan coldhands

සමහර අය අහල තිබුණා මේ කෝල්ඩ්හෑන්ඩ්ස් (coldhands) කියන්නෙත් බෙන්ජන් ස්ටාක්මද කියල. කෝල්ඩ්හෑන්ඩ්ස් කියන්නෙ පොත් කියවපු අය සහ game of thrones විස්තර හොයන අය දන්න චරිතයක්. පොතේ කතාවෙ හැටියට මේ කෝල්ඩ්හෑන්ඩ්ස් කියන පුද්ගලයා, සෑම් සහ ගිලී උතුරෙ ඉඳන් එද්දි whitewalker කෙනෙක් පහර දෙද්දි ඔවුන්ට උදව් කරනවා. ඒ වගේම බ්‍රැන් ඇතුළු පිරිසට උතුරට යන්නත් උදව් කරනවා. බොහෝ අය අනුමාන කරා අතුරුදහන් වුණ බෙන්ජන් ස්ටාක්මද මේ කෝල්ඩ්හෑන්ඩ්ස් කියල. ඒත් පොත ලියන ජෝජ් R R මාටින් හෙළිකරල තිබුණා ඒක එහෙම නෙවෙයි කියල. ඒත් TV Series එකේදි බෙන්ජන් ස්ටාක්මයි කෝල්ඩ්හෑන්ඩ්ස්. ඔහු children of the forest සහ three-eyed raven එක්ක එකතු වෙලා whitewalkersලට විරුද්ධව සටන් කරන, විශේෂ පුද්ගලයෙක්. whitewalker කෙනෙක් අතින් මියගිහින් white කෙනෙක් වෙන්න යද්දි, children of the forest මේ විදිහට ඔහුව නැවත අවදි කරලා තියෙන්නෙ. බෙන්ජන් බ්‍රැන්ට කියනවා මිනිස්සු ඉන්න කලාපයට whitewalkersල එද්දි ඔහු සූදානම් වෙලා ඉන්න ඕන කියල. මේ භයානක පිරිස එක්ක ඉස්සරහට වෙන්න පුළුවන් සටනේ, බ්‍රැන් ඉතා ප්‍රබල කෙනෙක් වෙයි කියලත්, ඒ වෙද්දි ඔහු ඔහුගේ බලය ඉතා හොඳින් ප්‍රගුණ කරාවි කියලත් අපිට හිතන්න පුළුවන්.

රාජ්‍ය බලය ආගමට

Seven Gods අදහන High sparrow ඇතුළු Faith militant එක ටොමෙන්ව ඔවුන්ගෙ පැත්තට නතු කරගැනීම මේ කොටසේ සුවිශේෂ සිදුවීමක් වුණා. මේ පියවර මොන තරම් ලොකු එකක්ද කියන එක බලන්න හොඳම විදිහ තමයි මේ රජකම ගන්න ස්ටැනිස් බැරතියන් දරපු උත්සහය. ජෝෆ්රි රජ කරන කාලේ හමුදාවක් අරගෙන ඇවිත් පරාද වෙලා ගිය ස්ටැනිස්ට ඔහුගෙ නැව් පවා අහිමි වුණා. ඉන්පසුව බ්‍රාවෝසි බැංකුවෙන් ණය අරගෙන නැවත හමුදාව සන්නද්ධ කරගත්තත්, ඔහුගෙ දියණිය බිලි දුන්නත්, ඔහුට රජකම ලබාගන්න වුණේ නෑ. High sparrow ඉතා සූක්‍ෂම විදිහට රාජ්‍යත්වය සහ ඔහුගේ බලය එකට එක් කරා. ඒ වගේම ආගමේ දෙවියන් හා බැඳි විශ්වාස අන්තවාදි විදිහට අනුගමනය කරන මේ කණ්ඩායමට මුදල් හෝ වෙනත් මාර්ග මගින් බලපෑම් කරන්නත් බෑ. ඒ වගේම දැන් ටොමෙන් වටා ඉන්න රාජ්‍ය ආරක්ෂක කණ්ඩායමත් මේ Faith militant එකටම අයත් knightවරු. ඔවුන්ව හඳුන්වන්නෙ warrior’s sons කියල.

4. warriors sons

ඒ වගේම මේ තත්ත්වයට සරසි සහ ටයිරෙල් පිරිස මොන විදිහට මුහුණ දෙයිද කියල තාම හිතාගන්න අමාරුයි. සර්සිගෙ නඩු තීන්දුව සඳහා වන සටනත් ඉක්මනටම තියේවි. ඒ සඳහා ඇයගෙ චැම්පියන් විදිහට mountain ඉදිරිපත් කරලා තියෙනවා. Faith එකෙන් ඉදිරිපත් කරන චැම්පියන් කවුද කියල තාම පැහැදිලි නෑ. Hound මියගිහින් නැතුව, ඔහුව faith එකේ චැම්පියන් විදිහට ඉදිරිපත් කරාවි කියල මතයක් තියෙනවා. ඒ මතය හරියි කියල හිතන්න හේතුවක් තමයි මේ episode එකේ නම “broken man” කියල නම් කරලා තියෙන එක. එහෙම වුණොත් එය ඉතා හොඳ සටනක් වෙයි. ක්ලිගෙන් සහෝදරයන් වන මොවුන් දෙදෙනා කුඩා කාලෙ ඉඳලම තරහින් කියන එක හැමෝම දන්නවා. ඒ ග්‍රෙගර් ක්ලිගේන් (මවුන්ටන්), සැන්ඩර් ක්ලිගෙන් (hound)ව කුඩා කාලෙ ගින්දරකට ඇල්ලීම. houndගෙ මුහුණ විකෘති වෙලා තියෙන්නෙත් මේ නිසා. අවසාන වතාවට අපි houndව දැක්කෙ, ආර්යාව ලබාගන්න බ්‍රියෙන් කරපු සටනින් පස්සෙ ප්‍රපාතයකට වැටිලා ඉද්දි. ඔහුව මරල යන්න කියල ඔහු ආර්යාගෙන් ආයාචනා කරත්, ඇය ඔහුට දුක් විඳින්න දීල එතනින් පිට වෙලා ගියා.

ඩැනේරිස් ටාගේරියන්

මකරුන් තුන් දෙනා අතරින් ඩ්‍රෝගෝන් එක්ක ඩැනේරිස්ගෙ විශාල සම්බන්ධයක් තියෙනවා. ඒක හරියට බ්‍රැන් සහ සමර් වෘකයා අතර තිබුණු සම්බන්ධය (warg) වගේ එකක්. ඩැනේරිස්ට සහ ඩ්‍රෝගෝන්ට ඔවුන්ව හොඳින් දැනෙනවා. great fighting pit එකේදි sons of harpy අතින් ඩැනේරිස්ගෙ ජීවිතේ අනතුරේ තියෙද්දි ඩ්‍රෝගෝන් මකරා ඇවිත් ඇයව බේරාගෙන ගියෙත් ඒ නිසා. මේ මකරා පිට නැගල ඇය සම්පූර්ණ දොතරාකි හමුදාවම ඇයගේ blood ridersල කරගන්නවා. සාමාන්‍යයෙන් කාල් කෙනෙක්ට ඉන්නෙ blood ridersල තුන් දෙනෙක්. සම්පූර්ණ කලසාර් එකකින් මේ තුන් දෙනා කාල් එක්ක ලේ නෑකමකටත් වැඩියෙන් බැඳෙනවා. ඔවුනොවුන් එකිනෙකා අමතන්නෙ “blood of my blood” විදිහට. කාල් කෙනෙක් මියගියාම මේ blood ridersලත් මිය යාම දොතරාකි සම්ප්‍රදාය. කාල් කෙනෙක් යුද්ධයකදි මිය ගියොත්, තමන් මිය යන්න කලින් කාල් මැරූ කෙනාගෙන් පළිගැනීම blood ridersලගෙ වගකීම. ඩැනේරිස් මුළු දොතරාකි හමුදාවම තමන්ගෙ blood ridersල කරගෙන, ඇය කලකට විවාහ වෙලා සිටි කාල් ඩ්‍රෝගෝ ඇයට වුණ පොරොන්දුව අනුවම, ඒ වචන වලින්ම ඔවුන්ගෙන් පොරොන්දුවක් ලබා ගන්නවා. ඒ ඇය එක්ක වෙස්ටරෝස්වලට ගිහින් ඇයට හිමි සිංහාසනය (Iron throne) ලබා ගැනීමට ඔවුන් සහයෝගය ලබා දීම.

6 dany

දොතරාකි හමුදාව රැස් කරගෙන, ඇයට ඉන්න අනෙත් හමුදාව එක්ක ඩැනේරිස් වෙස්ටරෝස්වලට ළඟදීම ඒවි. ඇය එක්ක එහෙම එන්න නැව් නැගීමම දොතරාකි පිරිස කරන විශාල කැපකිරීමක්. මොකද ඔවුන් කවදාවත් මුහුදු ගමන් සිදු කරන්නෙ නෑ. ඔවුන්ගෙ අශ්වයන් බොන්නෙ නැති වතුරට ඔවුන් බයයි.

පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.

Game of Thrones (2011) on IMDb

 

Works with – HDTV KILLERS, AVS / BR – PSA rip

ඕනෑම ටොරන්ට් අඩවියකින් බාගත කරගන්නා ඉහත සඳහන් ටොරන්ට් සඳහා මෙම උපසිරැසිය සහය දක්වනු ඇත.

67,554 downloadsDownload GOT.S06.E07.Sinhala.zip107 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

67,554 downloadsDownload Subtitles107 KB

109 comments

  1. kassa

    ela...bala bala hitiye..godak thanks..

  2. අනිෂ්ක ඉෂාන්

    Mama ada palaweniya thnqu thnqu thnqu sahoo...... &lt;3 &lt;3 &lt;3 &lt;3 :-D

  3. nipun

    thnk bro

  4. eranga

    thanksssssssssssssssssssss............!

  5. chathuwa

    Adooo ela kiri machan thnz...tharinduth pin machn

  6. Praneeth

    ස්තුතියි රොයිලි අයියේ! සිංහල උපසිරැසිය හැමදාම දෙනවට

  7. Sanjeewa77

    enakan refreash kara kara hitiye...elakiri thanks roili ayya

  8. prabath

    thax you very much for sub

  9. Ishan

    Link Please

  10. Gihan

    Thank you bro... :)

  11. kavinda

    බොහොම ස්තූතියි රොයිලි අයියේ...

    1. Milinda

      Thank you very much for you both

  12. Rishan

    ele kiri wage oya dila thiyenne .... bohoma pin

  13. White Walker

    Thanks bro... enakm balagena hitiye...

  14. Dinu Senal

    Thanks Brothers
    Good luck
    Gendry Baratheonta mokada une ???

  15. nad

    thanks royli saho..ude idanma bala bala hitiye..

  16. Lahiru

    I am 300. Thanks for the sub.....

  17. tharanga

    torrent link ekak dapapallako kauruhari... 2gb ekak witharai thiyenne..

    1. සුපුන් බුදිධික

      BE547B7D7FCD6C4E05BA7C0D9BF08E49DD82FF82.

  18. Dinu Senal

    Thanks Brola dennatama !!!
    Gendry Baratheonta mokada une ????

  19. Kasun

    Thank you very much bro

  20. Sanath Perera

    බොහොම ස්තූතියි රෝයිලි සහෝ පුලුවන් ඉක්මනින් මේ කොටසට සබ් අරන් ආවට…
    තරිඳු සහෝගෙ ලිපියටත් බොහොම ස්තූතියි...
    වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙවා ප්‍රාර්ථනා කරනවා…
    ඔබට ජයෙන් ජය…

  21. Hussey

    Thanks you රොයිලි ayya! Hash tag ekath dennako kawru hari

  22. lakshan

    thanzzzzz

  23. ***ගේම් ඔෆ් ත්‍රෝන්ස් පිස්සා***

    නියමයි රොයිලි අයියේ... තර්දු අයියටත් ගොඩාක් පින් කතාව පැහැදිලි කරල දෙනවට... දෙන්නටම තැන්කූ යකූ!!

    1. Dasun dammika

      bro oyage whatsapp number ekak dennako

  24. Tharindu

    torrent link ekak danna puluwannam loku deyak....!!! Thanx....!!!

  25. Ashan Kalu Arachchi

    elzzzz

  26. indika

    බොහොම ස්තූතියි රෝයිලි සහෝ …
    බොහොම ස්තූතියි තරිඳු සහෝගෙ ලිපියටත් …

  27. බොරා

    HDTV x264

    11DCEA0A2DF4DF728DF77F6C41A2C6EB6F68B971

  28. shehan randika jayathunga

    tharidu aiya kiyala dena vidiyata... mis kenekvath apita igannuve naaa.....akma aka podi prashnayai thiyenne joneta aththatama tageriyan lee thiyenavanam vadiyenma Iron Throne akata vadiyenma ayithiyak thiyenne katada........ thank broo

  29. ආසිරි ප්‍රියන්ත

    dan මොකවත් කියන්නේ නෑ.
    බලන්න වෙන්නේ හෙට තමා..
    අනික අමෙ...
    මේ කතාවේ දාන මාතෘකා නම කිසි ගතයක් නෑ,,
    නිකං හුටා!!! පටා!!! වගේ කලින් විදියට දාන්න එපැයි...
    මෙදා පොටේ නෝට්පෑඩ් එකක දාගෙන මේ කමෙන්ට් එක දාන්නේ...
    බලලා ආයේ අනිවා කමෙන්ට් එකක් දානවා..
    හිටපියකො....

  30. lahiru

    niyamai review eka &amp; subs

  31. සුපුන් බුදිධික

    මේක එක කටට බලන්න පුලුවන්නම් ගැම්ම්ට බලන්න පුලුවන්..
    ඒත් කොහෙද එහෙම හිත එකඟ කරන් ඉන්න බෑනේ දෙයියෝ :-D
    රොයිලි අයියේ සුපිරි වැඩක්..ඒ වගේම තරිඳු අයියටත් ගොඩක් ස්තුතීයි..
    මේ එපියටත් කුප්පි කැල්ලක් හදලා දෙන්න..
    ජොනාගේ අම්මා ගැන් විස්තරයක් පොතේ තියෙනවම් එකත් ටිකක් කියන්න..
    මොකද මු අපි හිතන විදිහට නේඩ්ගේ සහෝදරිගේනේ.
    එහෙනම් දෙන්නටම ගොඩක් පින්...

    ජය වේවා !!!

  32. iron god

    jaya wewaa bro
    supiri lipiya
    therenne nathuwa tubba dewal godak therum ganna puluwan una thanks
    keep up the good work :)

  33. saradi

    බොහොම ස්තූතියි

  34. natasha

    thanks ayye

  35. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  36. Maduka

    Thanks Bro...!!!

  37. Shenin Perera

    Thanks රොයිලි aiye, comment kare nathi unata math tharindu aiyage hama got video ekakma balanawa,,,,,,,, dennatama thanks...

  38. Forex Gold

    thanks roily saho. asawen meka enakam balabala inne hamadama

  39. Forex Gold

    aaaa kiyanna amathaka una ape tharidu sahotath mey karana sewayata thanks.... maxa

  40. dilan deshapriya

    elama thamay...wade niyameta yanawa..good luck

  41. Ishan

    THanx wewa..

  42. D Chamara

    bohoma sthuthi sahoooo niyamai....

  43. නෙඩ් ස්ටාක්

    බොහොම ස්තූතියි පුතා

  44. Rajitha

    Thank you saho.......jayawewa.....!

  45. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ.

  46. chamal

    Thanks machan..... :)

  47. Danu

    Nedv Starkge sahodariya gena pahedili kireekak karanna Tharindu saho.

  48. kaveesha

    lipiya nam niyamai .thanks

  49. Sajeevi

    Thanks

  50. rasanga

    බොහොම ස්තුතියි සහෝ.

Load more comments