Watch Trailer

Game of Thrones [S6E09 – Battle of the Bastards] with Sinhala Subtitle (18+) | ස්ටාක්, ස්ටාක්, ස්ටාක්!!!!! [සිංහල උපසිරැසි සමඟ]

හැමෝම පුල පුලා බලාගෙන උන්න මහා සටන ඔන්න ගෙනාවා. ගිය සතියෙ කිව්ව වගේ ටිකක් වෙලාව ගියා නම් තමා. හැබැයි පුළුවන් තරම් ඉක්මනින්ම ගෙනාවා. වැඩි දෙයක් කියන්නෙ නෑ. පහුගිය කොටස මතක් කරගෙනම කෙළින්ම කතාවට හැරෙමු. හරි සිතියමට හැරෙමු. සිතියමේ අංක දැම්මෙ ඉහළ ඉඳන් පහළට යන්නයි. රූපය මත right click ක්ලික් කරලා වෙනම…

Game of Thrones S6P2

හැමෝම පුල පුලා බලාගෙන උන්න මහා සටන ඔන්න ගෙනාවා. ගිය සතියෙ කිව්ව වගේ ටිකක් වෙලාව ගියා නම් තමා. හැබැයි පුළුවන් තරම් ඉක්මනින්ම ගෙනාවා. වැඩි දෙයක් කියන්නෙ නෑ. පහුගිය කොටස මතක් කරගෙනම කෙළින්ම කතාවට හැරෙමු.

හරි සිතියමට හැරෙමු. සිතියමේ අංක දැම්මෙ ඉහළ ඉඳන් පහළට යන්නයි. රූපය මත right click ක්ලික් කරලා වෙනම ටැබ් එකක විවෘත කරගන්න.

GOT-EP9

රිවර්ලෑන්ඩ්ස් හී….

රිවරන් (සිතියමේ අංක 1 ) බලකොටුව බ්ලැක්ෆිෂ්ගෙන් සටනකින් තොරවම අල්ලගන්න ජේමි සමත් වෙනවා. බ්‍රියෙන් හා පොඩ් ආපහු සන්සා සිටිනා උතුර බලා පලා යනවා.

මීට අමතරව සැන්ඩෝර් ක්ලේගන් තමුන්ගේ පලිය ගන්න (සිතියමේ අංක 2 ) එනකොට ඔහු තේරුම් ගන්නවා කලින් කොටසේ පහර දුන්න නිවහල් සහෝදරත්වයේ තුන් දෙනා නියෝග වලට පිටින් හිතුමතේ වැඩකරල තියෙන බව. කොහොමහරි ඊට පස්සෙ ඩොන්ඩාරියන් හා තෝරෝස් ඔෆ් මියර් ආරාධනා කරනවා තමුන් එක්ක එකතු වෙන ලෙස. පේන විදියට ඔවුන්ගේ සටනත්, ධවල ඇවිදින්නන්ට විරුද්ධව කරන පාටයි.

කිංග්ස් ලෑන්ඩින් හිදී…(සිතියමේ අංක 3 )

සර්සි විසින් සත් බලකායට වැඩ පෙන්නුවට මොකද ද්වන්ධ සටන් වලින් දෙන විනිශ්චය ටෝමන් විසින් තහනම් කරනවා. ඉතින් ලෝරස් හා සර්සිගේ නඩුව අහන්නම වෙනවා.

බ්‍රාවෝස් හිදී…(සිතියමේ අංක 4 )

තුවාල ලබල උන්න ආර්යා අන්තිමේ කොහොමහරි වෙයිෆ් වල මරලා ජැකෙන් හගාර් ගාවට ඇවිත්, තමුන් නමක් නැති කෙනෙක් නොවෙන බවත්, ආපහු වෙස්ටරොස් බලා යන බවත් කියලා යන්න යනවා.

මෙරීන් හිදී…(සිතියමේ අංක 5 )

වේරිස් නොදන්නා මෙහෙයුමකට පිටත් වූ පසුව, නොහිතපු විදියට හාම්පුතාලා නැව් වලින් නගරයට පහර දෙන්න ගන්නවා. ඔය අව් අස්සෙම මකරා පිට නැගිලා ඩැනේරිස් තම නගරයට එනවා.

මෙන්න GOT විශේෂඥ තරිඳු අයියගේ ලිපිය.

Game of Thrones 6 වෙනි කතා මාලාවේ තවත් තියෙන්නෙ කොටස් දෙකක් විතරයි. අයියෝ කියලත් හිතෙනවා නේ? ගිය සතියේ ලිපියට දායක වෙන්න වුණේ නැති එකට සමාවෙන්න ඕන ඔන්න. ඒ වෙනුවට Faceless Men and No One ගැන විශේෂ වීඩියෝ review එකක් කරා. ඔයාල ඒක බලන්න ඇති කියල හිතෙනවා.

6 වෙනි කතා මාලාවේ 9වෙනි කොටස අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් 5වෙනි කතාමාලාවේ “Hardhome” කොටස අධ්‍යක්ෂණය කළ මිගෙල් සැපොච්නික් විසින්මයි.

1. hardhome

Battle of the Bastards ලෙස නම් කරලා තියෙන මේ කොටස නිෂ්පාදනය කරන කණ්ඩායම 600 දෙනෙක්, රඟපෑම සඳහා අතිරේක පිරිස 500ක්, සහ අශ්වයන් 70දෙනෙකු පාවිච්චි කරලා තියෙනවා. දින 25ක් තිස්සේ රූගත කළ මේ කොටස සඳහා ඩොලර් මිලියන 10ක මුදලක් වැය වෙලා තියෙනවා. ඒ කියන්නෙ ලංකාවේ සල්ලි වලින් රුපියල් කෝටි 145ක් විතර. Game of Thrones කතාවෙ මෙතෙක් වැඩියෙන්ම පිරිවැයක් දරලා නිෂ්පාදනය කළ කොටස වෙන්නෙත් මේ Battle of the Bastards කොටසයි. ලෝකෙ බොහෝ Game of Thrones රසිකයන් පුන පුනා බලා සිටියෙ මේ කොටස එනකම්. අපි පුන පුනා බලා හිටියේ රොයිලි සොයුරා දෙන උපසිරැසිය දෙනකම්.

ශතවර්ෂ ගණනාවක ඉඳන් උතුරේ පාලනය අයිති වෙලා තිබුණේ ස්ටාක්වරුන්ට. උතුරේ තියෙන කාස්ටාක්, අම්බර්, බෝල්ටන්, මෝමෝන්ට් වගේ අනෙත් නිවාස ප්‍රතිඥාවකින් ස්ටාක්වරුන්ට පක්ෂපාත වෙලා ඉන්නෙ. ටාගේරියන් පාලනයක් වෙස්ටරෝස්වලට පැමිණෙන තුරු, ස්ටාක්වරුන් උතුරේ රජ පෙළපත ගෙන ගියා. ඒගොන් ටාගේරියන් සමග සටන් කරන්න ගිය ඒ කාලෙ හිටපු උතුරේ රජතුමා ටොර්හෙන් ස්ටාක්, මකරුන් සමග එන ටාගේරියන් සේනාව දැක, යුද්ධයකින් තොරව දණ නැමුව. එයින් උතුරේ බොහෝ පිරිස් යුද්ධයෙන් විනාශ වීම වැළකුණා. ස්ටාක්වරුන්ට ටාගේරියන් පාලනයක් යටතේ උතුරේ අයිතිය දිගටම තියාගන්න ඒගොන් ටාගේරියන් අවස්ථාව ලබා දුන්නා. රොබර්ට් බැරතියන් විප්ලවයෙදි, ඉන්පසුව ආ ග්‍රේජෝයි විප්ලවයේදීත් මේ නිවාස ස්ටාක් නිවාසය පැත්තට සටන් කරා. මෝමෝන්ට් නිවාසයෙන් ජෝරා මෝමෝන්ට් පවා නෙඩ් ස්ටාක් එක්ක එකට සටන් කරපු කෙනෙක්. එයාගෙ අඹුව ආම්බාම් කරන්න සල්ලි මැදිවෙලා වහලෙක් විකිණීමේ වරදට නෙඩ් ස්ටාක් ඔහුව අත් අඩංගුවට ගන්න හෙව්වා. ඒ ඔහුගේ හිස ගසාදමන්න. ගැහැණු ළමයි නිසා සල්ලි වියදම් වුණ කොල්ලන්ට මේ ගැන තේරුම් ගන්න ලේසි වෙයි. ඒ නිසා එසෝස්වලට ගිහින් ඉද්දි, ඩැනේරිස් ටාගේරියන් එක්ක එකතු වෙලා ඔහු ඇයට බොහෝ සේවාවක් කරා. ඒත් ඔහු දැන් ග්‍රේස්කේල් ලෙඩේ නිසා ඔහු මාරාන්තික තත්වයට පත් වෙලා ඉන්නෙ..

3. north map i

Dreadfort – බෝල්ටන්
Hornwood (Dreadfortවලට මදක් පහළින්)- හෝන්වුඩ්- බොහෝ විට සටන් කරන්නෙ ජෝන් ස්නෝගෙ පැත්තට
Last Hearth – අම්බර් – රම්සේගෙ පැත්තට
Karhold – කාස්ටාක් – රම්සේගෙ පැත්තට
Bear Island – මොමෝන්ට් – ජෝන් ස්නෝගෙ පැත්තට
Deepwood Motte – ග්ලෝවර් – රම්සේගෙ පැත්තට
Torhen’s Square – ටෝල්හාට්
Moat Cailin – රීඩ් – රම්සේගෙ පැත්තට
White Harbor – මැන්ඩර්ලි – මොන පැත්තට සටන් කරනවද කියන එක තවම පැහැදිලි නෑ. බොහෝවිට ජෝන් ස්නෝ එක්ක එකතු වෙයි.
Flint’s finger – ෆ්ලින්ට් – white harbor පක්ෂපාත වන පැත්තට ඔවුන්ද සහයෝගය ලබා දෙනු ඇත.

රොබ් ස්ටාක් උතුරේ හමුදාව එකතු කරද්දි, ඔවුන් සියලු දෙනාම ඔහු සමග එකතු වුණා. ඒ වගේම රොබ්ව උතුරේ රජු විදිහට ප්‍රකාශ කරලා, ප්‍රධාන රාජධානිය එක්ක තියෙන සම්බන්ධය කඩල දැම්මා. රොබ්ව උතුරේ රජ විදිහට නම් කරපු මුල්ම කෙනා තමයි Greatjon Umber.

4. greatjon umber

ජෝන් ස්නෝ සහ රම්සේ බෝල්ටන් කියන්නෙ දෙදෙනාම අවජාතකයන්. ඒ නිසයි ඔවුන් දෙදෙනාගෙ සටනට වෙන් වුණ මේ කොටසට Battle of the Bastards කියන නම ලැබිල තියෙන්නෙ. මීට කලින් රම්සේගෙ නම වුණෙත් රම්සේ ස්නෝ. ඒත් තියෝන්ව පාවිච්චි කරලා මෝට් කේලින් බෝල්ටන් නිවාසය යටතට ලබාගන්න රම්සේ සමත් වුණ නිසා ඔහුගේ තාත්තා වුණ රූස් බෝල්ටන්, රම්සේට බෝල්ටන් නාමය ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි, සංසා සමග විවාහය සකස් කරලා, ඔහුට උතුරේ බලය ලබා දුන්නා. රම්සේ අපි මුලින්ම කතාවෙ දැක්කෙ තියොන් වින්ටර්ෆෙල් ලබාගත් වෙලාවෙ ඔහුගෙන් නැවත වින්ටර්ෆෙල් ලබාගන්න රූස් විසින් අණ ලබාදුන්නෙ රම්සේට නිසා. ඒ රොබ් ස්ටාක්ගෙත් අනුදැනුම ඇතුව. ස්ටාක්වරුන් වෙනුවෙන් වින්ටර්ෆෙල් ලබාගන්න පොරොන්දු වුණත්, ඔවුන් එයට ගිනිතබා ගිනි බත් කරලා, ඒ වරදත් තියෝන් පිටට පැවරුවා. ටයිවින් ලැනිසටර් සහ වොල්ඩර් ෆ්‍රේ එක්ක එකතු වෙලා red wedding එකේදී රොබ් ස්ටාක් සහ කැටලින් මරා දැමීමෙන් පස්සෙ, ජෝෆ්රිගේ රාජ්‍ය නියෝගයකින් උතුරේ පාලන අයිතිය රූස් බෝල්ටන්ට හිමි වුණා. ඒත්, උතුරේ අනෙක් නිවාස හැමවිටම පක්ෂපාත ස්ටාක්වරුන්ට නිසා, ඔවුන්ගෙ සහයෝගය ලබාගන්න රම්සේ සහ සංසාගෙ විවාහය සූදානම් කරා.

රොබ් ස්ටාක් විසින් රිකාඩ් කාස්ටාක්ගෙ හිස ගසා දැමීම නිසා, කාස්ටාක් පිරිසත් එකතු වෙලා ඉන්නෙත් රම්සේට. Greatjon Umber රොබ් ස්ටාක්ගෙ සමීපතම සෙන්පතියෙක් වෙලා හිටියත්, මේ කාලෙ වෙද්දි ඔහු මියගිහින්. ඔහුගේ පුතා Smalljon Umber රම්සේගෙ කල්ලියට එකතු වුණා විතරක් නෙවෙයි, ඔවුන්ගෙ ආරක්ෂාභාරයේ සිටි රිකෝන් ස්ටාක්වත් රම්සේට භාර දුන්නා. රිකෝන් කියන්නෙ ස්ටාක් දරුවන් අතරින් අපි අඩුවෙන්ම අඳුරන කෙනා වුණත්, බ්‍රැන් ස්ටාක් මියගිහින් කියල හිතාගෙන ඉන්න උතුරු කලාපයට නියම ස්ටාක් පාලකයා වන්නෙත් ඔහුයි.

2. smalljon umber

රම්සේ සමග යුද්ධය සඳහා සේනාව එකතු කරගන්න ජෝන් ස්නෝ සහ සංසා ස්ටාක් ගියාම ඇතැම් නිවාස ඔවුන් සමග එකතු වුණත්, සමහර නිවාස රම්සේ සමග සිටිනවා. ඔවුන් අකමැත්තෙන් හෝ උතුරේ නව බලය බෝල්ටන් බව හඳුනාගෙන සිටිනවා. ඒ වගේම රොබ් ස්ටාක්ගෙ වැරද්දකින් උතුරේ බොහෝ නිවාසවල යුද්ධයට ගිය අයට විපතක් ඇති වුණා red wedding එකේදි. ඒ ගැනත් සමහර අයගේ අප්‍රසාදයක් තියෙනවා. ජෝන් ස්නෝ එක්ක wildlings හමුදාව සටන් කරන එක ගැනත් සමහර උතුරේ නිවාස කැමති නෑ. ඔවුන් ඔවුන්ගෙ ජීවිතේ වැඩි කාලයක් ගත කරේ wildlings පිරිස හතුරන් විදිහට දකිමින්. ඒ නිසා ඔවුන් එක්ක එක පිළකට එකතු වෙන්න සමහර නිවාස කැමති නෑ. ස්ටාක්වරුන්ට තියෙන පාරම්පරික ප්‍රතිඥාව නිසා එකතු වෙලා ඉන්න අය පවා wildlings පිරිස් සමග යම් අඩදබර කරගන්නා ආකාරයත් අපි දැක්ක.

5 jon vs ramsey

මේ අතර යුද්ධයට මුහුණ දෙන්න ජෝන් ස්නෝ සහ පිරස රම්සේ සිටින වින්ටර්ෆෙල්වලට ඇවිත් ඉන්නවා. රම්සේ සතු හමුදාව ජෝන් ස්නෝට සිටින හමුදාව වගේ දෙගුණයක්. ජෝන්ට සහ සංසාට දිනන්න තියෙන අවස්ථාව ඉතා අඩු එකක් විදිහට පේන්න තියෙන්නෙ. රිවරන් හමුදාව එක්කරගන්නා අදහසින් Blackfishට බ්‍රියෙන් අතේ යවපු ලියුමත් ප්‍රයෝජනයක් නැති වුණා. බ්‍රියෙන් හිස් අතින්ම ආයෙ පැමිණෙමින් සිටිනවා. සංසා පීටර් බේලිෂ්(little finger)ට ලිපියක් යැව්වා කියල පැහැදිලියි. වේල්හි නයිට්වරුන් ඇවිත් උතුරේ සටනට උදව් දේවිද? පීටර් බේලිෂ්ව විශ්වාස කරන්න පුළුවන්ද? මේ හැම ප්‍රශ්නයකටම පිළිතුරු මේ කොටසින් බලාගන්න පුළුවන්.

පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.

Game of Thrones (2011) on IMDb

 

Works with – HDTV – KILLERS, AVS, BATV  / WEBRip-NoGrp / BR – PSA rip

ඕනෑම ටොරන්ට් අඩවියකින් බාගත කරගන්නා ඉහත සඳහන් ටොරන්ට් සඳහා මෙම උපසිරැසිය සහය දක්වනු ඇත.

65,791 downloadsDownload GOT.S06.E09.Sinhala.zip108 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

65,791 downloadsDownload Subtitles108 KB

97 comments

  1. lahiru

    fatta macho.. thanx.. ude idan meka heuwa awit

  2. Danu

    supirima supiri. elama ela jaya wewa.

  3. Nipun

    thnkz saho.. ada ikmntama

  4. lahiru

    693F52EDFE020C4707F935BA197BD9F437B960E3

  5. Dimal

    thnks රොයිලි saho..!!

  6. හසන්ත

    සබ් එකට තැන්ක්ස් මචෝ. අදනම් කලින් ඉඳන්ම යුද්ධෙට ලැස්ති වෙලා ඉඳල වගේ.

  7. D Chamara

    bohoma sthuthi

  8. harsha

    ස්තූතියි රොයිලි ඒ වාගෙම තරිඳුටත්. මේක බාගන්නවා ඒත් බලන්න තව පැය 6ක් වත් ඉන්න වෙනවා හෆෝයි ඒක තමයි අමාරුම වැඩේ. එහෙනම් ගෙදර ගිහිල්ලා මේක බලලා තව මොනවා හරි කියන්න බලමු. ජයවේවා

  9. රයන් ද සිල්වා

    පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා මම මේ එපිය බාගන්නෙයි කියලා හැදුව විතරයි මෙන්න සබ් එකත් අද කලින්ම දීලා...
    එහෙනම් අන්තිම එපියෙන් හමු වෙමු...
    සබ් එකට තුති රොයිලි අයියා
    ජය වේවා

    1. රයන් ද සිල්වා

      GAME OF THRONES S06E09 720P HDTV HEVC 285MB hash eka

      26E845324ED0EBF529D45AC1ADDA741613E5BCC4

    2. NAVIN

      Thanks

  10. nuwa

    HASH ekak dannooooooooo........

  11. sashi

    thanks machan....man meka balannama ona nisa english walin me den balala iwara une...:).ayeth sinhala eken balanawa.patta...

  12. Amila

    maxa kalinma deela niyamai

  13. DM

    elama thamai............

  14. CHANNA

    සබ් එකට තැන්ක්ස්
    ජයවේවා

  15. Inusha Ambagahawaththa

    මේතරම් ඉක්මනට උපසිරැසිය දීලා..හිතාගන්නත් බෑ..බොහොම ස්තූතියි රොයිලි අයියේ..ඒ වගේම අපිට ගොඩක් දේ කියදෙන තරිඳු සහෝටත් ගොඩක් ස්තූතියි !!!

  16. devinda

    adowwwwwwwww ummmmmmmmmmmmmaaaaaaaaaaaaaaa.............

  17. Anju

    Thanks Bro

  18. I maks

    Math podi sub site ekak haduwa meken sub Dena gaman ekata sub ekath danna kamthi aya innawanm mail ekak danna meka hate site ekak nemei. "Imakssolutions" ekata mail ekak denna meka gamil ekak.

  19. Gaya

    dan tahamai balala iwara une...........

    thank saho ikmanata sub eka dunnata

  20. jpmd

    thankz bro

  21. kavinda

    බොහොම ස්තූතියි රොයිලි අයියේ,තරිඳු අයියේ

  22. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි රොයිලී අයියේ.
    අද මාර ඉක්මනින් දීලා නේ.
    ඒකට ගොඩාක් ස්තූතියි.
    ඇත්තටම ඉතාමත් ආසාවෙන් බලාගෙන සිටිය කොටසක් තමා මේක.
    කොටස බලලා තමා කමෙන්ට් එකක් දාන්නේ,
    තව එක කොටසයි තියෙන්නේ.
    කියන්න වචන නෑ.
    සුපිරි එපියක් තමා අද.
    සුපිරි පළි ගැනීමක් වෙන්නේ.
    එහෙනම් අවසන් කොටසින් හමු වෙමු. සිංහල උපසිරැසියට sගොඩාක් ස්තූතියි.
    දිගටම දෙමූ.
    ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!!

  23. Praveen Geeshan

    Thanks bro. That was so cool...

  24. danushka

    Sub එකට thanks

  25. Hologram

    අද මාර ඉක්මනින් දීලා නේ.
    ඒකට ගොඩාක් ස්තූතියි.

  26. මුදියා

    ලොවෙත් සුපිරි රොයිලියෝ
    අදම බලන්න ඕනි
    ජයවේවා.බොහෝ..............................................................................................ම ස්තූතියි...!

  27. Gihan

    OMG...Thank you brother... :)

  28. Eranga

    thank you..

  29. @@*Aruna*@@

    රොයිලි අයියේ ..තරිඳු සහෝ..ඔයාලා කරන්නේ තියන සුපිරිම කතාවට සුපිරිම විදිහට සබ් එක දීලා අපිට මහත් සේව‍යක්...ඔයාලට මේ විදිහට දිගටම කරගෙන යන්ඩ මම හදවතතින්ම සුබ පතනවා...ඔයාලට ජය...

  30. Keshan Wasala

    බුදු අම්මෝ අකුණක් ගැහුවා වගේ !!
    ඉක්මනට බලලා එන්නං අද නං හදිසියි අයියේ .. :D :D ඇවිල්ල අදහසක් දාන්නම් ජය වේවා !!

  31. udara

    Thank both of u......meka ikmanata genawata

  32. ඩ්‍රැගන් සුදා.

    උපසිරැසියට ස්තුතියි රොයිලි අයියා.
    සබ් එකට වගේම හැමදාම වගේ දෙන ලිපි වලට හෙනම තෑන්ක්ස් ආ....

  33. Charaka

    ස්තූතියි රොයිලි ඒ වාගෙම තරිඳුටත්.

    Tharindu please release a video for this episode.
    හෙණ්ඩුව release උනාට තරිඳු release karana අලියා නැතිව වැඩක් නෑ

  34. dedunu

    සබ් එකට තුති රොයිලි අයියා
    ජය වේවා

  35. Reshan

    Thanks...

  36. nalinda

    mechchara ikmnt dunnt
    thanks..............bro

  37. සමීර කරුණාරත්න

    අද වේලාසනින් ම දීලා... මෙහෙම යුද්ධයකට උල් පන්දම් දෙන එක හරිද මන්දා.... :v
    කොහොම වුනත් බොහොම ස්තුතියි...

  38. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..
    අද සබත් ඉක්මනටම දාලා නොවෑ.
    මම හිතන්නේ අර රැම්සියා මළ සතුට නිසාද කොහෙද ඉක්මනටම
    සබ දීලා තියෙන්නේ.එලම.

  39. Kulanjana Maduranga

    niayamai…thanks ROYLI saho..sub ekata..digatama sub demu.jaya wewa……

  40. තිසර නියෝ

    උපසිරැසියට තුති රොයිලි අයියේ…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  41. indika

    රොයිලිටත් ඒ වාගෙම තරිඳුටත් ස්තූතියි..!!!

  42. සඳුන් ආර් විමලවීර

    ඔන්න ඉතින් සතියක් බලන් ඉදලා ඉදලා කාපු කට්ට ඉවර උනා..අම්මෝ ඇති යන්තන්..
    මෙච්චර ඉක්මනටම අද දුන්නේ රොයිලි අයියත් දත මැදන් හිටපු බව පේනවා..
    රිකොන්,වුන් වුන් සහ කාලෙකින් දැකපු සුපිරිම දුෂ්ටයා රම්සි aka Iwan Rheon සමාදානයෙන් සැතපේවා..!
    ලබන සතියේ එපිය නම් හිමිට අපු දෙන්..අව්ලක් නෑ..
    Breaking Bad එකේ Ozymandias එපිසෝඩ් එක තාම imdb 10.00 පොයින්ට් ගාන maintain කරන ඉන්නවා..
    බලමු Battle of the Bastards එකට පුළුවන් වෙයිද කියලා..
    එහෙනම් ගිහින් එන්නම්..dead are coming..

  43. oshan

    Puh no words gret !!! යකෝ සිංහලත් අමතක උනා .. උම්ා උම්මා උම්මා

  44. Nuuri

    මේ අද දවසට බලන හතර වෙනි පාර.. අද උණ නිසා ගෙදර.. ෆෝන් එකෙන් බැලුවෙ තුන් පාරම.. දැන් ලැප් ටොප් එකෙන් බලන්න ඕනෙ.. අපේ හිතට පොඩි සැනසූමක් දුන්නු එකම එපිය අයියෙ.. හා නැද්ද?
    ඊතල වලින් බේරෙමු... උතුර රැක ගමු.. :D

  45. Keshan Wasala

    හුරේ :D xD අම්මෝ සතුට කියලා ඉවර කරගන්න බැරියෝ :D :D සන්සා හැදිලා වගේ දැන්... මේක තමා ජීවිතේටම බලපු පට්ටම කොටස ..අවුරුදු කියක් නං හිටියද බලාගෙන අද දවස එනකං :D බොහොම ස්තුතියි අයියේ සමාවෙන්න ඕනේ කලබලේ නිසාම සබ් එක අරන් පැන්නට මේ තරම් රත් වෙලා කොටසක් බැලුවමද කොහෙද හරියට Film එකක් බැලුවා වගේ ..තරිදු අයියටත් බොහොම ස්තුතියි ... දෙන්නටම ජය වේවා !! තව කොටසයි එහෙනං :(

  46. නෙඩ්

    සුපිරි පුතේ සුපිරි

  47. අනුර

    අම්මෝ දැනුඉ බලල ඉවර උනේ.අද එපිය නම් පට්ට ගල ගැහිල තමයි අන්තිම ටික බලන් හිටියේ.නියමයිරොයිලිසහෝ ...ලබන සතියේ මටනම් හිතෙනෙවා ගොඩක්ම කතාව වෙනස් වෙඉද කියලා ජජය රොයිලි සහෝ

  48. Sajeevi

    Thanks a lot.

  49. Ishan

    THanx Ayye

  50. GihanC

    ගිය සතියේ කිව්වනේ මෙදා සැරේ තවත් පරක්කු වෙනවා කියල ...හිත හදන හිටියේ අද රෑ දොළහටවත් බලන්න ලැබේවා කියල ...නිකමට baiscope ඇවිල්ල බැලුවේ ...මෙන්න යකෝ ....රොයිලි අය්යා කියල වැඩක් නෑ නියමයි surprise එක ....දැන් GOT එකේ ආසම චරිත ටික තමයි ඉතුරුවෙලා ඉන්නේ ...මේ කතාව නම් ඉසරහට බලන එක too much shocking වෙයි වගේ .....thank you රොයිලි ...ලිපියටත් තැනක් you තරිඳු ....

Load more comments