මේ කතා සමයත් අවසානයි එහෙනම්. මම හිතනවා ඔයාලට පරක්කු නොවී බලන්න සබ් එක ඉක්මනින්ම දෙන්න ලැබුණා කියලා. සයිට් එකට ආව අයගේ දිරි ගැන්වීම් මැද වගේම කෙනෙක් දෙන්නෙක්ගේ දොසුත් අහගෙන තමා මේ වැඩේ කළේ. ඒ අහපු දොස් ගැන නම් ඇත්තටම කියල වැඩක් නෑ. ෆොන්ට් සයිස් ලොකු කරගෙන, සබ් එක ස්ක්‍රීන් එක පුරා පේන එකට වැරදිකාරයා…

මේ කතා සමයත් අවසානයි එහෙනම්. මම හිතනවා ඔයාලට පරක්කු නොවී බලන්න සබ් එක ඉක්මනින්ම දෙන්න ලැබුණා කියලා. සයිට් එකට ආව අයගේ දිරි ගැන්වීම් මැද වගේම කෙනෙක් දෙන්නෙක්ගේ දොසුත් අහගෙන තමා මේ වැඩේ කළේ. ඒ අහපු දොස් ගැන නම් ඇත්තටම කියල වැඩක් නෑ. ෆොන්ට් සයිස් ලොකු කරගෙන, සබ් එක ස්ක්‍රීන් එක පුරා පේන එකට වැරදිකාරයා මමයි. සබ් එකේ අගයි මුලයි නම් දාන එකත් වැරැද්දක්. තවත් වැඩකාරයෝ සබ් එක අරන් ඒවා මකලා දාන්න කියල එහෙම උපදෙස් දීලා තිබ්බා. වැඩේ කියන්නෙ සයිට් එකේ කමෙන්ට් එකක් දාලා හරි මේල් එකක් එවල හරි අවුල විසඳගන්නෙ නැතුව කෙලින්ම මූණූ පොතෙන් තමා ප්‍රසිද්ධියේ චෝදනා කරන්නේ. අනේ මේ වගේ උදවියට සබ් එක පරිවර්තනය කරන්න මොකටද මමත් කාලෙ නාස්ති කරන්නේ. කියලත් හිතෙනවා වෙලාවකට නම්. 🙁
හරි එහෙනම් කතාව දිහාට හැරෙමු. මේ අන්තිම කොටසයි. බොහෝමයක් සිදුවීම් අද සිද්ධ වෙනවා. ඊට කලින් අපි වෙනද වගේම සිතියම ඇසුරෙන් බලමු කලින් කොටසේ වෙච්ච දේවල් වුණේ කොහෙදිද කියලා.
ප්‍රාකාරයෙන් පිටතදී ( සිතියමේ අංක 01 )
ජොන්, ටෝමුන්ඩ්, හවුන්ඩ්, ජෝරා, බෙරික්, තෝරෝස් හා ගැන්ඩ්‍රි කියන සත් දෙනා තව කිහිප දෙනෙක් එක්ක මළ හමුදාවෙන් එකෙක්ව අල්ල ගන්න යනවා. එකෙක්ව ඔවුන් කොහොමහරි අල්ල ගත්තට ඒ වෙද්දිත් තෝරෝස් මිය යනවා. මළ හමුදාවෙන් වට වෙන කට්ටියව බේරගන්න ඩැනී මකරු තුන් දෙනා එක්ක ආවට අන්තිමේ එක මකරෙක්ව නිශාචර රජුගේ හෙලි පහරෙන් මිය යනවා. ජොන් වුණත් පණ බේරගන්නෙ බෙන්ජන් ස්ටාක්ගේ ජීවිත පූජාව හින්දයි. අන්තිමේ කොහොමහරි මිය ගිය විසේරියන් මකරාව නිශාචර රජු නැවත පණ ගන්වා තම මළ හමුදාවේ කෙනෙක් කරගන්නවා. එයින් කරන්නෙ මොකක්ද කියලා අද බලන්න ලැබෙයි.
ප්‍රාකාරයෙන් පහළ මුහුදේදී. ( සිතියමේ අංක 02 )
බෙරික් හා ටෝමුන්ඩ් දෙන්නා නැගෙනහිර බලකොටුවේ නවතිනවා. මරණයේ ආසන්නයටම ගිය ජොන්ව හා ඉතුරු පිරිවර රැගත් නෞකාව ඩ්‍රැගන්ස්ටෝන් බලා පිටත් වෙනවා. ඩැනීට වූ අහිමිවීම ගැන පසුතැවෙන ජොන් තමා ඩැනීට දණ නමන බව දැනුම් දෙනවා.
වින්ටෆෙල් හිඳී… ( සිතියමේ අංක 03 )
ආර්යා සන්සාගෙන් ලිපිය පිළිබඳව විමසනවා. සන්සාගේ නිදහසට කරුණු දැක්වීම් ආර්යා පිළිගන්නෙ නෑ. බේලිෂ් නම් කියන්නෙ අක්ක නගෝගේ වලියකට බ්‍රියෙන් මැදිහත් වෙන්න බැඳිලා ඉන්නවා කියන එකයි. හැබැයි කොහොමහරි සර්සි ගේ පණිවිඩයක් මත සන්සාව නියෝජනය කිරීමට බ්‍රියෙන්ව කිංග්ස්ලෑන්ඩින් යවන්න සන්සා තීරණය කරනවා. ඒ වගේම ආර්යාට කෙනෙක්ගේ මුහුණු වලින් අදාල කෙනා විදියට හැසිරෙන්න, වෙස් වලාගන්න හැකි බව සන්සාට කියනවා.
ඩ්‍රැගන්ස්ටෝන් වල… ( සිතියමේ අංක 04 )
සර්සිගේ හමුවට ඩැනී යා යුතු විදිය හා වෙනත් කරුණු ට්රියන් හා ඩැනී කතා බහ කරනවා. හැබැයි ඩැනී ඒ කතාව නවත්වන්නෙ තරහ අරගෙනයි. විශේෂයෙන්ම ඩැනිට ළමයි හදන්න බැරි බන්ධයක් තියෙන හින්දා ඩැනීට මොකක් හරි වුණොත්, ඒ වෙනුවට රජකම් කරන්න පත් කරන්නෙ කවුද කියන ප්‍රශ්නය ගැන ඩැනී එච්චර මනාපයක් දක්වන්නෙ නෑ. ඩැනී කියන්නෙ මුලින් රජ වෙලා පසුව ඉතිරි වැඩ ගැන බලමු කියලයි. ඒ වගේම ඩැනී ජොන්ව බේරගන්න යන්නෙත් ට්රියන්ගේ බලවත් විරෝධය මැද්දෙයි.
ඔන්න අදනම් තරිඳු අයියගේ ලිපිය තියෙනවා. එහෙනම් ඊට කලින් තරිඳු අයියාට හා නෙරංජි නගාට ස්තූති වන්ත වෙනවා බයිස්කෝප් එකත් එක්ක මේ කතාමාලාවේ අපි නොදකින පැති අපි එක්ක බෙදාගත්ත එක ගැන. එහෙනම් අපි ගියා. ජයම වේවා෴෴
මෙන්න එහෙනම් තරිඳු අයියගෙ ලිපිය.
මුලින්ම සමාව ඉල්ලනවා. මේ සැරේ මට උපසිරැසි ලිපියට දායක වෙන්න වුණේ මේ ලිපිය එක්ක තුන් සැරයයි. Video වැඩිපුර කරපු නිසා, වැඩි කාලයක් ඒවට වැය වුණා. Game of Thrones 7 වෙනි කතා මාලාවේ අවසාන කොටස නම් කරලා තියෙන්නෙ “The Dragon and the Wolf” කියල. “මකරා සහ වෘකයා”, නම හරියට පොඩි කාලෙ අහපු කතාවක නමක් වගේ. එක විදිහට ගත්තම මේක Ice and Fireවලට තවත් නමක් වගේ. වක්‍රාකාරයෙන් මොවුන් කතාවේ ප්‍රධාන තේමාවට ජෝන් ස්නෝ සහ ඩැනේරිස් ටාගේරියන් ළඟා කරනවා විතරක් නෙවෙයි, එහි තියෙන විවිධ අර්ථ ගැනත් අපිට යම් අදහස් ලබා දෙනවා.
ලියානා ස්ටාක් සහ රේගා ටාගේරියන්
දැනට පවතින තර්ජනය වන whitelwalkersල සහ army of dead ගැනත්, ඊට විරුද්ධව මිනිසුන් හසුරන වීරයා වන (අ)සෝ අහායි ගැනත් වන Prophecy එක රේගා ටාගේරියන් තදින්ම විශ්වාස කරා කියල අපි දන්නවා. මුලින්ම ඔහු හිතාගෙන හිටියේ (අ)සෝ අහායි නැවත පැමිණීම කියන්නෙ තමුන් කියල. නමුත් පස්සෙ ඔහු තේරුම් ගත්තා, ඒක එහෙම නෙවෙයි, තමන්ගේ දරුවෙක් තමයි ඒ අනාවැකියට ගැළපෙන්නෙ කියල. Song of Ice and Fire, Dragon has three heads කියන අනාවැකි ගැන ඔහුට තවත් ඒත්තු ගැන්වුණේ උතුරු කලාපයේ සීතල වින්ටෆෙල් සිට පැමිණි ලියානා ස්ටාක් මුණ ගැසුනට පස්සෙ. රේගාට ලියානා ගැන ආදරයක් ඇති වුණා වගේම, ලියානාටත් රේගා ගැන ආදරයක් ඇති වුණා. ඔවුන්ගේ ආදරය මල් පණගන්නත්, මේ සුවිශේෂ අනාවැකි සම්පූර්ණ කරන්නත් ඔවුන් හොර රහසේම පැනල ගියා. මෙතෙක් දරුවන් දෙදෙනෙකු සමග ඒලියා මාටෙල් සමග තිබුණු විවාහය කටුගාල, රේගා ටාගේරියන් ලියානා ස්ටාක් (the dragon and the wolf) එක්ක විවාහ වුණා. (වචන හරියට “මේ ආදරයයි” review එකක් වගේ නේ :D)

රේගා, දැනට ඔහුට සිටිය දරුවන් දෙදෙනාට වඩා, ලියානාට දාව ඉපදෙන්න සිටිය දරුවා (ජෝන් ස්නෝ) ගැන විශේෂයක් තිබුණා කියන කාරණාව පැහැදිලියි. තමන් විවාහ වෙන්න හිටිය ලියානා පැහැරගත්තා කියන කාරණාව මුල් කරගෙන රොබර්ට් බැරතියන් විප්ලවය ආරම්භ වෙද්දිත්, ලියානාගේ තාත්තා සහ මාමාව Mad King විසින් මරා දැමූ හේතුව නිසා ස්ටාක් ප්‍රමුඛ රාජධානියේ මුළු උතුරු කලාපයම ඒ විප්ලවයට එක්ව සිටියදීත්, ලියානා සහ රේගා ඔවුන්ගේ සම්පූර්ණ අවධානය යොමු කළේ තමන්ට ඉපදෙන්න ඉන්න දරුවා ගැන විතරයි. යුද්ධවල අවසාන බාගයේ රේගා ටාගේරියන් රොබර්ට් බැරතියන් එක්ක ද්වන්ද සටනකට ගිහිං මිය යද්දිත්, කිංස්ලෑන්ඩින්හිදි රේගාගේ (කලින්) බිරිද සහ දරුවන් මිය යද්දිත්, රේගාගේ හොඳම සගයෙකු සහ රාජ්‍ය ආරක්ෂක කණ්ඩායමේ සාමාජිකයෙකු වුණ ආතර් ඩේන් තවත් සාමාජිකයන් දෙදෙනෙකු සමග Tower of Joyහි ලියානා ස්ටාක් සහ අලුත උපන් දරුවා වුණ ජෝන් ස්නෝව (the song of ice and fire) ආරක්ෂා කරා. ආතර් ඩේන් ඉදිරියට එන යුද්ධ ගැන රේගාගෙ තිබුණු විශ්වාස දැනගෙන සිටියා විතරක් නෙවෙයි, ඔහුත් ඒ අනාවැකි විශ්වාස කරා කියල අපිට හිතන්න පුළුවන්. රොබර්ට් බැරතියන් යුද්ධය ඉවර වෙලා නෙඩ් ස්ටාක් ලියානා ස්ටාක්ව හොයාගෙන Tower of Joy වෙත ගියාම, එහි සිටිය ආතර් ඩේන් සඳහන් කරේ යුද්ධය ආරම්භ වෙන්නේ දැන් කියලයි.
Arthure Dayne: “I wish you good fortunes in the wars to come. And now it begins.”
Ned Stark: “No… Now it ends.”

ජෝන් ස්නෝ
ජෝන් ස්නෝ ලියානාගේ සහ රේගා ටාගේරියන්ගෙ දරුවෙකු කියල දැනගෙන හිටියේ නෙඩ් ස්ටාක් සහ හොලන්ඩ් රීඩ් පමණයි. රොබර්ට් බැරතියන්ගෙ හිතේ ටාගේරියන්ල ගැන තිබුණු වෛරයත්, තවත් ටාගේරියන් කෙනෙකු ඉතිරිව සිටීම රොබර්ට් අලුතින් ලබා ගත් රජකමට තර්ජනයක් නිසාත්, නෙඩ් ස්ටාක් ජෝන් ස්නෝව වින්ටර්ෆෙල්වලට අරගෙන ආවෙ තමන්ගෙ පුතෙක් විදිහටයි. මේ රහස ඔහු ඔහුගේ බිරිඳ වුණු කැටලීන් ටලීගෙන් පවා වසන් කර සිටියා. ඇය ජෝන් ස්නෝ ගැන ඇහුවහම නෙඩ් ස්ටාක්ගෙ පිළිතුර වුණේ “මේ මගේ ලේ. එපමණයි නුඹ දැනගත යුත්තේ” කියල. මතුපිටින් එහි අදහස ‘ජෝන් ස්නෝ නෙඩ් ස්ටාක්ගෙ පුතෙක්’ වුණාට, එහි අදහස ජෝන් ස්නෝ ලියානා ස්ටාක්ගෙ පුතෙකු බවයි. ඒ වගේම මිය යන්න මොහොතකට කලින් ලියානා නෙඩ් ස්ටාක්ට රහසක් කියනවා. ඒ රහස සම්පූර්ණයෙන්ම මොකක්ද කියල අපි දන්නෙ නෑ. නමුත් රොබර්ට් බැරතියන්ගෙන් දරුවාව ආරක්ෂා කරගන්න කියන පොරොන්දුව ලියානා විසින් ලබාගන්නා බව පැහැදිලියි. නමුත් ඊට අමතරව සමහරවිට ජෝන් ස්නෝ ගැන රේගාගෙ තිබුණු විශ්වාසය ලියානා නෙඩ් ස්ටාක්ටත් හෙළි කළා වෙන්න පුළුවන්.

ඒ අනුව ජෝන් ස්නෝ කියන්නෙ වෘකයන් අතර ඇති දැඩි වුණ මකරෙක්. (ආයෙත් අර පොඩි කාලෙ අහපු කතා මතක් වෙනවා නේ? මම ලියන්න දක්ෂ නෑ යාළුවනේ, video හදන තරම්) ඔහු ඉතා පහළ තැනක ඉඳල, බොහෝ තර්ජන, අභියෝග සහ දුක් විඳලා පළමුව Night watch එකේ ඉහළම තැනත්, දැන් උතුරේ රජ බවටත් පත් වෙලා තියෙනවා. ඔහු කවදාවත් බලය හොයාගෙන ගිය කෙනෙක් නෙවෙයි. ඔහු මිනිසුන් වෙනුවෙන් කරපු කැපකිරීම් නිසා ඔහුට ගෞරව බුහුමන් වගේම තාඩන පීඩනවලටත් මුහුණ දෙන්න සිදු වුණා. එහි උච්චතම අවස්ථාව වුණේ Night watch එකේම පිරිසක් ඔහුව මරා දැමීම. ඔහුත් දැනගෙන නොහිටියට දැන් Iron Throne එකේ නියම උරුමක්කාරයා ඔහුයි.
ඔහු වගේම ඉතා පහළ තැනකින් පටන්ගෙන, තාඩන පීඩන, ජීවිත තර්ජන සහ අභියෝග මැද මිනිසුන් වෙනුවෙන් කැප වුණ, Iron Throne එකට තමන්ට ඇති උරුමය සොයාගෙන ආ කෙනෙක් ඉන්නවා. ඒ තමයි…
ඩැනේරිස් ටාගේරියන්
ඩැනේරිස් ටාගේරියන් සමග දැන් විශාල සේනාවක් සිටියත්, ඇය කතාව මුලදී විසේරිස්ට හමුදාවක් ලබා ගන්න දොතරාකි නායකයාට විකුණුනු ගැහැණියක්. ඉන්පසුව ඇයගේ චරිතය මුහුණ දුන්න සිද්ධි ගැන පළමු එපියෙ උපසිරැසි ලිපියෙත් මම සඳහන් කරා. දැන් ඇයට පක්ෂපාත ඩෝන්, හයිගාඩ්න් කලාපවල සහයෝගය නැතිව ගිහිං, යාරා ග්‍රේජෝයි පවා සතුරන්ගේ අතට පත්ව ඉද්දි; ඩැනේරිස් කියන මකරාට උතුරේ වෘකයන්ගෙ සහයෝගය දැඩිව අවශ්‍ය වෙලා තියෙන්නෙ. උතුරේ අනෙකුත් නායකයන් ටාගේරියන් කෙනෙකු විශ්වාස නොකරත්, ඩැනේරිස් සහ ජෝන් ස්නෝ (the dragon and the wolf) ඔවුනොවුන්ගේ පෞර්ෂ හරි හැටි තේරුම් අරගෙන තියෙන නිසා, ජෝන් ස්නෝ උතුරේ අයිතියත් ඩැනේරිස්ගෙ පාලනයට භාර කළා. එය රොබර්ට් බැරතියන් රජ වෙද්දි, නෙඩ් ස්ටාක් උතුර පාලනය කරනවා හා සමාන එකඟතාවක්.

මේ තීරණය ගන්න ජෝන් ස්නෝ හිතුවේ Night king සහ ඔහුගේ හමුදාවට මුහුණ දෙන්න තියෙන එකම විදිහ ඩැනේරිස් සතු මකරන් නිසා. එම කාරණාව ප්‍රතික්ෂේප කරලා ජෝන් ස්නෝ හිටියොත් අවසානයේදි ඔහුගේ උතුරේ ජනතාවට ජීවිතවලින් වන්දි ගෙවන්න සිද්ධ වෙන බවත් ඔහු තේරුම් ගන්නවා. නමුත් ඊටත් වඩා සිත් ඇදගන්නා සුළු කාරණාව වෙන්නෙ, ජෝන් ස්නෝ සහ ඩැනේරිස්ගෙ එකතුවකින් ඔවුන්ට ළමයෙක් ලැබේවිද කියන එකයි (song of ice and fire). තමන්ට නැවතත් දරුවෙකු ලැබෙන්නෙ නෑ කියල ඩැනේරිස් විශ්වාස කරත් එය දුර්ලභ දෙයක් මිස සිදුවිය නොහැකි දෙයක් නොවන බව මම 6 වෙනි එපියේ video review එකේදිත් සඳහන් කරා.
ජෝන් ස්නෝ ඔහුගේ සැබෑ උරුමය ගැන දන ගනීවිද? ජෝන් ස්නෝ සහ ඩැනේරිස් අතර ඇති වී තියෙන සම්බන්ධය සහ විශ්වාසයට ඒ මගින් බලපෑමක් ඇති වේවිද? ජෝන් ස්නෝ උතුරේ පාලනය ඩැනේරිස්ට යටත් කර දීම අනෙකුත් උතුරේ නායකයන් පිළිගනීවිද? ජෝන් ස්නොගේ ටාගේරියන් උරුමය ගැන ඔවුන්ගේ අදහස මොන වගේ වේවිද? මේ හැමදේම මැද සර්සි මොකාටද එන්න හදන්නෙ? ඒ හැම දෙයක්ම දැනගන්න අපිට ඉතිරි වෙලා තියෙන්නෙ 8 වෙනි කතා මාලාවත් ඇතුළුව කොටස් 7ක් පමණයි.
කතාවේ නියම රස ගැනීමට කියවියම යුතු පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.
14) නෙරංජි නගාගේ සිංහල රිවිව් ලිපි.

Works with – All Web-DL and HDTV-UAV Releases. / BR – PSA
ඕනෑම ටොරන්ට් අඩවියකින් බාගත කරගන්නා ඉහත සඳහන් ටොරන්ට් සඳහා මෙම උපසිරැසිය සහය දක්වනු ඇත.
81,740 downloadsDownload GOT.S07.E07.Sinhala.zip160 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
- #Aidan Gillen
- #Alfie Allen
- #Daniel Portman
- #Dean-Charles Chapman
- #Emilia Clarke
- #Finn Jones
- #Gwendoline Christie
- #Iain Glen
- #Jacob Anderson
- #Jerome Flynn
- #John Bradley
- #Kit Harington
- #Kristofer Hivju
- #Lena Headey
- #Liam Cunningham
- #Maisie Williams
- #MaxxA
- #Michael McElhatton
- #Michiel Huisman
- #Natalie Dormer
- #Nathalie Emmanuel
- #Nikolaj Coster-Waldau
- #Owen Teale
- #Peter Dinklage
- #Sophie Turner
- #Stephen Dillane
- #රොයිලි ප්‍රනාන්දු
228 comments
tharangani
Tharindu
Thank you very much roily aiye... bohoma pin..☺☺☺
Lahiru Dayan
තෑන්ක් යූ රොයිලි සහෝ !!! අනිත් සීසන් එක කවදද එන්නේ ?
Milan vimukthi
Uba sub aka bewada den ganna be kiyala wetenwanea
tsw
Thanks
Viraj
sub ekata thanks aiye jaya wewa!!
Viraj
tharindu aiyage lipiyatath thanks..
Roshan Manoj
නියමයි
Nilanka
thanks saho..sub eka enakan maga bala bala hitiye..Jayen jaya.....
Kasun Widusha
thada thada roily aiyee
Ganicus
patta macho thanks enkn unee jaya wewa...
Pradeep Anuruddha Dissanayake
තැන්ක්ස් රොයිලි අයියා.
Prathapa89
Thank U sahodaraya...
janitha
thanks bro!!!
thisal
තැන්ක්ස් රොයිලි අයියා.
R.M.Gihan Viranga
thank you very much for your subtitles.
Who am i
Ude idan 10 parka withara awa sub eka dalad blanna..thakz broo
Kalindu
Thank bro !!!
deshan
thankz roily aiye
Milan vimukthi
S07e07sub aka ko aka dwonlord karanna benea
Keshan Wasala
බොහොම ස්තුතියි රොයිලි අයියේ. වෙනද වගේම මේ සීසන් එකත් සුපිරියටම සබ් එක කරාට. තරිදු අයියටත් බොහොම ස්තුතියි ලිපියට මෙන්න එහෙනම් සබ් එක ගත්තා අවසන් සීසන් එක 2019 කියල කතාවකුත් තියේ නේද හපොයි එහෙම උනොත් නම් බලන් ඉදලම එපා වෙනවා :D ලබන අවුරුද්දේ අවොත් නම් හොදයි .. ජය වේවා !!
Kawshalya Dushyan
බොහොම ස්තුතියි රොයිලි අයියේ සබට.මේ කරන කැපවීමට ගොඩක් පිං.අනිවා මේ ලිපි පෙල නැත්තං මම ගොට් බැලුවත් තේරුමක් නෑ.එ්කෙන් තමයි තේරුමක් අැතුව මේක බැලුවේ.අන්තිම සීසන් එකත් අයියම සබ ගෙනෙයි කියලා හිතනවා.එහෙනං එ්කේං හම්බෙමු.බුදු සරණයි.ජය...
තිළිණ
ජයෙන් ජයම වේවා...
Saman Ranasinghe
බොහොම ස්තූතියි.... ඉක්මනටම දුන්නාට....
Shashika Akalanka
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!pathfinder
Thanks
නිෂු
බල්ලෝ බුරයි ! ඒත් සද බැබලෙයි !
ගනන්ගන්න එපා., හැමදාම නොලිවුවත් ඔයාගේ වටිනාකම දන්න මිනිස්සු සිය දාහස් ගානක් ඉන්නවා !
රොයිලි කරපු සබ් එකක් කිවුවොත් මම බය නැතිව බානවා ! ආයේ ඒකේ දෙසරයක්හි තන්න දෙයක් නෑ ! රොයිලි කියන්නේ සබ් වල නිකන් ලෑන්ඩ් මාර්ක් එකක් වගේ ! සුපුරැදු සුපැතුම, ජයවේවා !Minura Banaka
bohoma sthuthi saho
හර්ෂණ
අද ලිපිය කියවන්නේ බලල ඉවර වෙලා, ටන්කු වේවා
Thisara Neo
උපසිරසියට තුති...
ගණන් ගන්න එපා අය්යේ.. උන්ට හොඳවයින් අහගෙන තිවනේ ඔය.... ඔය වගේ කුහකයෝ හන හිතන්න එපා අය්යේ
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_Hydraanoj
bhoma thuthi sahoooo..... aeka aeka aya mona keewath obala may karana katauthu mulu ratatama loku sewayak... jayawaewaaaaa
Uditha
Thanks sub eka danwta ikmnta. Thawa season ekk sure ektam eida
හසන්ත
ගොඩක් ස්තුති මචෝ සබ් වලට. වැඩට යන ගමන් සබ් එක ෆෝන් එකේ දාගෙන කොටලා දෙනවට ඒ වගේ කතා කියල මදි. හැබැයි කුහකයෝ එකෙක් දෙන්නෙක් උන්නට දාස් ගානක් සපෝට් එකට එනවා. ඒක නිසා ඔව්ව නම් මොනවද :P මේකේ ඊළඟ එපිය එනකන් සතිය ඉන්න බැරි එකේ අවුරුද්දක් ඉන්නවා කියන එක තමා හිතා ගන්න බැරි.
දමිත්
ගණන් ගන්න එපා සහෝ..
කාටත් වැදගත් වෙන දෙයක් කරද්දී තමයි දොස් අහන්න වෙන්නේ.
ඔය බනින අය කවුරුවත් වෙනුවෙන් කිසිම දෙයක් නොකරන අය.
ජය වේවා!harsha
බොහෝම බොහෝම ස්තූතියි රොයිලි, තරිඳු සහ නෙරංජි ට. ඔය තුන්දෙනා මේ කතාව අපේ ජීවිතේ කොටසක් කළා. ඉතින් එක එක පිස්සෝ කියන එවා වැඩක් නෑ. වසර 7ක් පුරාවට මේ කතාව සහ බයිස්කෝප් අඩවිය සමඟ සිටි අය දන්නවා තත්වය මොකක්ද කියලා. ජයවේවා
rasanga
තමුන්ගේ පෞද්ගලික වැඩ වලට විරාමයක් දීලා සෑහෙන වෙලාවක් වැයකරල මේ කරන ක්‍රියාදාමයට ස්තූතියි
චතුෂ තුෂර කුමාර
හම්මේ ඇති යන්තං... බඩු බාගෙන බලාගෙන හිටියේ සබ් එනකල්... බනින උන්ට උක්කාගන්න කියලා අල්ලලා දාහං මලයා... කොහොම උනත් උඹලා කරන දේ හරි වටිනවා... නැත්තං අපි මෙව්වා තේරුමක් ඇතිව කොහොම බලන්න කියලද...
රයිටෝ දැන් ගිහින් බලලා එඤ්ඤං...
බොහෝම ස්තූතියි එදා පටන් මේ වෙනතුරු කරපු උදව්වට...CHANNA
බොහෝම ස්තූතියි
දිගටම කරගෙන යමු…
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා…!tharindu
elooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
ishan
ane oye hiptu dial kyna ewa ganan gnna epa ayye...thnqu oyta me thrm ikmnta gnwta sub eka..apita mtkai gya sare season ekdi oya hospitl eke idn sub dunna..ewa apita amtka nha...ehmai oya...sathutui godak...oyge nama watennma oniii ..oyge mhnsiya oye...thnquuu so much..kuhakyooo innwane...thnqu oyta sub ekta...
a wgma tharindu ayytat..oylta jayaJoker
බොහොම ස්තුතියි රොයිලි වෙනද වගේම මේ සීසන් එකත් සුපිරියටම සබ් එක කරාට.
Rajitha
Thanx bro
හසිත
හම්මේ ඉස්පාසුවක් නැතුව උන්නේ..
danu
sub ekata thanks machan
සුපුන් බුද්ධික
එහෙනම් දන්නෙම නැතුව අවසාන කොටසත් ආවා.
උපසිරැසි කරපු රොයිලි අයියටත්,ලිපි සහ ගේනපු තරිඳු අයියටත්
මංසල වෙනුවෙන් ලිපි ලිව්ව් නෙරංජි අක්කටත් ගොඩක් ස්තුතියි.
තවත් උපසිරැසියකින හමු වෙමු.ජය වේවා !!!
kiree
anith ayage katha wedak nehe aiye...oya kaiwaru gahana hema aiyama subtitles gatte baiscope eke eeta passe thama oya mulin screen eka pura nama wetenawata ke gahanne....oyalath ekka inna aya nethiwenne nehe baya wenna epa...mekath ekka inna kattiya kawadawath helenneth nehe aiye....sub hadana hemotama godak thanks....
anthima epiya...pissuwen balagena hitiye......JayaTharindu
Thanks bro! Kauru kohoma kiuwath oayage sub tika gindara
S.H.
Subata thnx sahoo.. Jaya wewa..!!
Nikagoda Nagitha
sub ekata thamks. eka eka kiyana katha ganan ganna epa. ohoma ke gahanne sub ekak hadana eke amaruwa thiya playwe ekakwath hariyata control karaganna danne nethi un. selenna epa. Jayawea!
දිල්ශාන් සචින්ත
බොහොම පින් අයියා සබ් එකට එනකල් ඉවසිල්ලක් නැතිව හිටියේ. දැන් ඉතින් රහට බලතහැකි. හැම එකටම කමෙන්ට් දාන්න බැරිවුනා. එත් හැම එපියක් වෙනුවෙන්ම ස්තූතියි...
dasun
godak godak thanks saho...
Heshan
Oyanm deiyek ayya meccr ikmnt apita sub denwt pin.
Nirosh
fattama machng,,,.. thx soo mutch,,.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



amme mekata awilllama mahansi den ,,thanx thanx thanx