මේ හරිම කොපියයි. 🙂 ඔන්න ගොඩ දෙනෙක්ගේ ඉල්ලීම හින්දම ලීක් කොපියට සබ් එක දෙනවා. දෙම්දෝ නොදෙම්දෝ කියල හිතලා අන්තිමේ ඉල්ලීම් වලට ඉඩ දුන්නා. ඒක බලන්න පුළුවන් මට්ටමේ තියෙන හින්දා තමා දෙන්නේ. සඳුදට හරි එකට දාන්නම්. ලීක් කොපි සමහරක් කෑලි කඩල තියෙන්නේ. මේක සම්පුර්ණ එක. සමහර සම්පූර්ණ ඒවල අගින් කොටස් අඩුයි. ඉත…

මේ හරිම කොපියයි. 🙂
ඔන්න ගොඩ දෙනෙක්ගේ ඉල්ලීම හින්දම ලීක් කොපියට සබ් එක දෙනවා. දෙම්දෝ නොදෙම්දෝ කියල හිතලා අන්තිමේ ඉල්ලීම් වලට ඉඩ දුන්නා. ඒක බලන්න පුළුවන් මට්ටමේ තියෙන හින්දා තමා දෙන්නේ. සඳුදට හරි එකට දාන්නම්. ලීක් කොපි සමහරක් කෑලි කඩල තියෙන්නේ. මේක සම්පුර්ණ එක. සමහර සම්පූර්ණ ඒවල අගින් කොටස් අඩුයි. ඉතින් අපි කියන එකම බාගන්න. නැත්තම් සඳුදා වෙනකම් ඉමු.
හරි එහෙනම් කතාව දිහාට හැරෙමු. මේ හයවෙනි කොටසයි. තව තියෙන්නෙ එක කොටසයි. සාමාන්‍යයෙන් අපි දන්නවනේ අන්තිම කොටසට කලින් කොටසේ අනිවා ප්‍රධාන චරිතයක නික්මයෑමක් හරි ලොකු සටනක් හරි තියෙන බව. අද ඒ ගැන දකින්න ලැබෙයි. එහෙනම් වෙනද වගේම සිතියම ඇසුරෙන් බලමු කලින් කොටසේ වෙච්ච දේවල් වුණේ කොහෙදිද කියලා.
මුහුද අසල නැගෙනහිර බලකොටුවේදී.. ( සිතියමේ අංක 01 )
මුල් කොටස් වලදි අපි දැක්කනේ වනචාරීන්ව මේ බලකොටුවේ මුර කිරීම බාර දෙනවා. මොකද දැන් කාසල් බ්ලැක් වල ඉන්නෙත් බොහොම සුළු නයිට්ස්වොච් ලා කට්ටියක් විතරයි. ඉතින් ජොන්, ජෝරා, ගැන්ඩ්‍රි ඇතුළු පිරිස එන්නෙ මෙතෙන්ටයි. මොකද බ්‍රෑන් වගේම හවුන්ඩ් පවා දැක්කා මෙතන්ට තමා ධවල ඇවිදින්නො පහර දෙන්නෙ කියලා. ඉතින් එක සොම්බියෙක් අල්ලගන්න ජෝන් ඇතුළු පිරිවර ඇවිල්ලා බලද්දි, ඒ වෙද්දිත් මෙතෙන්ට ආව හවුන්ඩ් ඇතුළු පිරිසව අත් අඩංගුවට අරන් ඉවරයි. කොහොමහරි අන්තිමේ මේ දෙගොල්ලො පිටත් වෙනවා එක සොම්බියෙක්ව අල්ලගෙන දකුණට ගෙනිහින් මේ තර්ජනය ඇත්තක් කියල ඔප්පු කරන්න.
වින්ටෆෙල් හිඳී… ( සිතියමේ අංක 02 )
නිශාචර රජු නැගෙනහිර බලකොටුව දිහාට එන එක දකින බ්‍රෑන් ඒ බව දැනුම් දෙනවා ජොන්ට හා සිටඩෙල් එකට. මේ අතර ආර්යා දකිනවා උතුරේ වංශවතුන් ජොන් නැති එකට සමච්චල් කරන ගමන්ම සන්සට හොඳ කියන හැටි. පස්සෙ මේ ගැන ආර්යට දොස් කියනවා සන්සට. ඒ වගේම සන්සගේ යටි හිතේ නායකකමට තියෙන ආශාව ගැනත් ආර්යා දකිනවා. කොහොමහරි මේ අස්සෙ ලිට්ල්ෆින්ගර් ගේ ගැටේකටත් ආර්යා අහුවෙනවා. රොබ්ගෙ යුද්ධ කාලෙ කිංග්ස්ලෑන්ඩින් වල හිරකාරයෙක් වෙලා උන්න සන්සා ලැන්ස්ටර්වරුන්ගේ බලපෑම මත ලිව්ව පණිවිඩයක් තමා ආර්යට අහුවෙන්න ලිට්ල්ෆින්ගර් තියන්නේ. බලමුකෝ ඉස්සරහට මොකෝ වෙන්නෙ කියලා.
ඩ්‍රැගන්ස්ටෝන් වල… ( සිතියමේ අංක 03 )
මකරා පිටේ ආපහු ඩැනේරිස් ජොන්ව බය කරන්න වගේ ඔහු අසලටම මකරව මෙහෙයවනවා. හැබැයි ජොන් මකරව සුරතල් කරනවා. අපි දන්නවා වුණාට ජොන්වත් තවම දන්නෙ නෑනේ ඔහු ටාගේරියන් කෙනෙක් කියලා. ඒ වගේම ජොරාත් එතෙන්ට එනවා, පස්සෙන් පහු වේරිස් හා ට්රියන් කතා වෙනවා ඩැනේරිස්ව තනි තීරණ ගන්න එකෙන් වළක්වන්න ඕනා කියන එක ගැන. බ්‍රෑන්ගේ පණිවිඩය දකින් ජොන් පසුව ට්රියන්ගේ අදහසක් පරිදි තර්ජනය ඔප්පු කරන්න එක සොම්බියෙක්ව අල්ලගෙන එන්න තීරණය කරනවා. ඩැනේරිස් වෙනුවෙන් ජොරාත් ඔවුන්ට එක්වෙනවා. සර්සිටත් මේ සොම්බියව පෙන්වීම පිණිස, හමුවක් යොදාගන්න ට්රියන් හා ඩාවෝස් කිංග්ස්ලෑන්ඩින් බලා පිටත් වෙනවා. ඉන් පසුව ඔවුන් නැගෙනහිර බලකොටුව බලා පිටත් වෙනවා. ඩාවෝස් හා සමඟ එන බැරතියන් අවජාතක ගැන්ඩ්‍රි හා ජොන් තම පියවරුන් පිළිබඳ කතා කරනවා. හැබැයි ඔවුන් හිතන්නේ තම පියවරු යුද්ධ කරල දින්න බවයි. හැබැයි අපි දන්නවා ගැන්ඩ්‍රිගේ පියා තමා ජොන්ගේ නියම පියා වෙච්ච රේගාර්ව ඒ සටනෙදි මැරුවේ කියලා.
කිංග්ස්ලෑන්ඩින් වලදී…( සිතියමේ අංක 04 )
පණ බේරගන්න ජේමි සර්සිව මේ යුද්ධයෙන් අහක් කරගන්න හිතුවත් සර්සි නැවෙන්නෙ නෑ. පසුව බ්‍රොන් විසින් ට්රියන්ව ඔහුට මුණ ගස්වනවා. ටිකක් උද්වේගකර කතාවකට පස්සෙ සටන් විරාම ඉල්ලීමක් අරගෙන ජේමි යනවා සර්සිව මුණ ගැහෙන්න. හැබැයි මේ වෙනකොටත් සර්සි ඒ රහස් හමුව ගැන දන්නවා. සර්සිටත් ඕනා නියමිත වෙලාව එනකම් කල් මරන්නයි. මෙ අතර ඩාවෝස් ගැන්ඩ්‍රිව හොයාගන්නවා. ඔවුන් ආපහු ඩ්‍රැගන්ස්ටෝන් යන්න හදනකොට ඔවුන්ව මුරකාරයො දෙන්නෙක්ට කොටුවෙනවා. මුලින් නම් ලිස්සල යන්න සමත් වුණත් පසුව ට්රියන් හින්දා ඔවුන් ගැන සැක හිතනවා. ඒ වෙලාවේ ගැන්ඩ්‍රි තම පියා මෙන්ම තමුනුත් මිටිය හසුරවන්න දක්ෂයෙක් බව ඔප්පු කරලා එතනින් පැනගන්න සමත් වෙනවා.
රෝස මාවතේදී… ( සිතියමේ අංක 05 )
යුද්ධයෙන් පණ බේරගන්න සමත් වෙච්ච සොල්දාදුවන්ට දණ නමලා තමන් හා එකතු වෙන්න කියල ඩැනේරිස් කියනවා. එයට අකමැති වෙන රැන්ඩ්ල් ටාලිව හා ඩිකොන් ටාලිව පණපිටින් මකරා ලව්වා පුච්චනවා. මේ තීරණය වෙනස් කරවන්න ට්රියන් හැදුවත් ඩැනේරිස් එයට අකමැති වෙනවා. ඉතිරි සෙබළුන් දණ නවා යටත් වෙනවා.
ඕල්ඩ් ටවුන් හිදී… ( සිතියමේ අංක 06 )
බ්‍රෑන් එව්ව පණිවිඩය ප්‍රධාන ආචාරීන් විසින් පිළිගන්න අදිමදි කරනවා. එතන ඉන්න සෑම් ඒකට සෑහෙන්න උත්සහ දැරුවත් එය අසාර්ථක වෙනවා. පස්සෙ සෑම් ඔක්කොම දමල ගහල ආපහු යන්න තීරණය කරනවා, පොත් හා තවත් ලිපි ලේඛන වගයක් හොරකම් කරගෙනම. මේ අතර වැදගත් දෙයක් ගිලී දකිනවා. ඒක සෑම්‍ට එච්චර නොතේරුණත්, ගිලී හොයාගන්නවා, රේගාර් ටාගේරියන් තම විවාහයෙන් දික්කසාද වෙලා ආපහු විවාහයක් ඩෝන් කිට්ටුවදි කරගත් බව. මේ අනුව රේගාර්ගේ හා ලියෙන්නාගේ විවාහය වලංගු එකක්. ඒ කියන්නෙ ජොන් නිකන්ම ටාගේරියන් අවජාතකයෙක් නෙවෙයි. නීත්‍යානූකූල රේගාර්ගේ පුතෙක් හා ටාගේරියන් වරයෙක්, මිත්‍රවරුනී මේකෙන් ගොඩක් දේවල් වෙනස් වෙනවා. අපි හිතනවට වඩා ලොකු බලපෑමක් මේ සිද්ධියෙන් කතාවට වෙනවා.
එහෙනම් මේ කොටස බාගෙන බලන්න. සඳූදා නියම කොපියෙන් ගේන්නම්. ඊට පස්සේ සතියෙ අන්තිම කොටස අරන් එන්නම්. අහ් කියන්න අමතක වුණානේ තරිඳු අයිය තාමත් එව්වෙ නම් නෑ. එව්වොත් සඳුදම දෙන්නම්. ජය෴෴
කතාවේ නියම රස ගැනීමට කියවියම යුතු පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.
14) නෙරංජි නගාගේ සිංහල රිවිව් ලිපි.

Works with – AMZN.WEB-DL, HDTV Proper AVS Releases. / BR – PSA
ඕනෑම ටොරන්ට් අඩවියකින් බාගත කරගන්නා ඉහත සඳහන් ටොරන්ට් සඳහා මෙම උපසිරැසිය සහය දක්වනු ඇත.
79,208 downloadsDownload GOT.S07.E06.Sinhala.zip163 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
- #Aidan Gillen
- #Alfie Allen
- #Daniel Portman
- #Dean-Charles Chapman
- #Emilia Clarke
- #Finn Jones
- #Gwendoline Christie
- #Iain Glen
- #Jacob Anderson
- #Jerome Flynn
- #John Bradley
- #Kit Harington
- #Kristofer Hivju
- #Lena Headey
- #Liam Cunningham
- #Maisie Williams
- #MaxxA
- #Michael McElhatton
- #Michiel Huisman
- #Natalie Dormer
- #Nathalie Emmanuel
- #Nikolaj Coster-Waldau
- #Owen Teale
- #Peter Dinklage
- #Sophie Turner
- #Stephen Dillane
- #රොයිලි ප්‍රනාන්දු
127 comments
dilan
Nalin KD
අම්මෝ ස්තුතියි
deshan
කමක් නෑ අයියේ අනිත් එක බලන්න ටිකක් වැඩිපුර කල් ඉන්න වෙනවා එත් මේකට sub දුන්නට බොහොම ස්තුති ජය වේවා
Lahiru
සබ් එක ගන්න බෑනේ.. පේජ් නොට් ෆවුන්ඩ් කියල වැටෙනවා..
shasith sandaruwan
බොහොම ස්තූතියි රොයිලි අයියේ උපසිරැසියට...
අද නම් කමෙන්ට් දාපු මුල් කිහිප දෙනා අතරට ආවා :P
දිගටම සබ් දෙමු ආ....
ඔබට ජය!Dileepa nuwan
බොහොම ස්තුතියි රොයිලි අයියේ..
devinda
aiye oyata pin.....
Keshan Wasala
අවුලක් නෑ සදුදා වෙනකම් ඉවසන් ඉන්නවා එක්කෝ :D බලන එක හොදට පැහැදිලිව බලන්න ඕනේ :P සර්සිට ළමයෙක් ඉන්නවා කිව්වා එක බොරු කියලා හිතෙන්නේ මට විතරද ? මොනවා උනත් බොහොම ස්තුතියි රොයිලි අයියේ සබ් එකට. සදුදාම web කොපියට ගන්නම් සබ් එක ... ජය වේවා !!
tharindu
Tnx
LSM HUSKAA
අපොයි…. kiwwama bayat hitenawa aka hnda sanda wenakamma innawa web ma balanna.
sub 1ta tnks,jayenjaya & elapin browww.devinda
yako 1080P poddakwath adu na....
Pradeep Anuruddha Dissanayake
Hamme thanks ayyaa...dan balanawaa ayeth
Pradeep M Gamlath
Hash tag eka deepan machan...**
Kasun
බොහොම ස්තූතියි සහෝ......
KAVINDA GAMAGE
thank you
pathfinder
Thanks :-):-)
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Kalpajith
Tnxmachn
Gihan Iddamalgoda
Thanks 4 sub.
tharangani
thanx thanx thanx
Nilanka
නියමය රොයිලි සහෝ. සඳුදා වෙනකම් ඉඳලා හොඳ කොපිය බාගෙන බලනවා. ගොඩක් ස්තුතියි සබ් එකට.
thisan
thx brov
Mahesh
Sub ekata thanx
නිරෝෂ්
ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා!
roshin
මේ වගේ කතා ලීක් කොපි වලින් බලලා වැඩක්නැ.
කතාවට වගේම අපේ ඇස් වලටත් පාඩුයක්.
සදුදා වෙනකං ඉවසනවා.
ස්තුතියිLahiru
Tanxx aiyaa
Hasindu
Elama
Shanaka Chathuranga
නියමායි!!!
TT
page not found enawane ayye download karaganna bane
kavindu mihiranga
Tnx roily bro
Pradeep M Gamlath
Thanks bro....***
පින් කැමති පින්වතෙක් උඩ තියෙන ටොරන්ට් කොපියෙ හැෂ් ටැග් එක දෙන්ඩෝ..puli
hambunda bro
Shenin Perera
Thanks royly aiye
pathfinder
හුටා..............මකරෙකුත් වයිට් වෝකර්ස් කෙනෙක් උනා
Kulanjana Maduranga
niayamai…thanks ROYLI saho..sub ekata..digatama sub demu.jaya wewa……
රුසිත් ගිම්නද
සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
අවසාන කොටසෙන් නැවත හමු වෙමු
#ජය වේවාරයන් ද සිල්වා
සබ් එකට තෑන්ක්ස් රොයිලි අයියේ
මේ ගැම්මට 07 ත් ලීක් උනොත් හොදා දැන්නම් ඉවසන්න බෑ...
එහෙනම් ආයෙම සීසන් ෆිනාලේ එකෙන් හමු වෙමුsajiw
tnk u very much brooooo
Lakshan Jayasuriya
Para para royley aiye....kalinma dunna eka godak hodai...bohoma thuthi sabata..jaya wewa...!!
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~Priyadarshana
thx frd......
Nchamara
Thanks
viraj
බොහෝම ස්තූතියි රොයිලි අයියේ සිංහල උපසිරසියට... ජය වේවා!!
උදාර දිල්ශාන්
සබ් එකට තෑන්ක්ස්
07 ත් ආපු ගම්න් ගින්දර වගේ දෙන්න
එලමඩිලාන් හසිත
සබ් එකට ස්තූතියි අයියේ
දැන් ඉතින් දවස් 10 ක් විතර ඉදපංකෝ ඊලග කොටහ බලන්න...
ඉවසන්න බෑ අෆ්ෆා....harsha
බොහෝම ස්තූතියි රොයිලි. සඳුදා වෙනතුරු ඉන්නවා ද නැද්ද අනේ මන්දා රොයිලි තීරනයක් ගන්න බෑ බලමු හවස් වෙනකොට එහෙනම් ජයවේවා
Edie
හම්බෝ.... තැන්ක්ස් වේවා සහෝ
Reshan
thanks
Dimuthu
Thank you!!!
Sandun
The bro
prathapa89
thanks bro... eth monday ma balanwa...
සචින් කෙවින්
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
Good Luck. Keep Subtitling :-)
Elzzzzzzzzzzzz..anujaya
උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



elakiri macho......