Watch Trailer

Narcos: Mexico [S03 : E05] Sinhala Subtitles | පසුබැසීම! [සිංහල උපසිරැසි සමඟ] [18+]

මේ අරගෙන එන්නෙ Narcos: Mexico තුන්වන කතාසමයෙ පස්වැනි කොටසයි. පස්වැනි කොටසට යන්න කලින් කලහාකාරී යුද්ධ ඇතිවෙච්ච හතරවැනි කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. කලින් කොටස පටන් ගත්තෙ අති ජනප්‍රිය චරිතයක් වෙච්ච පැබ්ලෝ එස්කොබාර් අල්ලගන්න යොදවපු මෙහෙයුමට අදාල කොටස් වලින්. ඒ කිව්වේ Narcos දෙවැනි කතාසමයෙ අවසාන හර…

මේ අරගෙන එන්නෙ Narcos: Mexico තුන්වන කතාසමයෙ පස්වැනි කොටසයි. පස්වැනි කොටසට යන්න කලින් කලහාකාරී යුද්ධ ඇතිවෙච්ච හතරවැනි කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.

කලින් කොටස පටන් ගත්තෙ අති ජනප්‍රිය චරිතයක් වෙච්ච පැබ්ලෝ එස්කොබාර් අල්ලගන්න යොදවපු මෙහෙයුමට අදාල කොටස් වලින්. ඒ කිව්වේ Narcos දෙවැනි කතාසමයෙ අවසාන හරියෙ. අමාඩෝට පුලුවන් වෙනවා කාලි කාටෙල් එකේ ප්‍රධානින් එක්ක හමුවකට එන්න. එකේදී එයාගෙ කොන්දේසිය වුනේ කොකේන් හරහා සල්ලි එයාට ලැබෙන්න සලස්වන්න. ඒ කිව්වේ බෙදාහැරීම වගේම ගිවිසුම් වලදී වගකීම අරගන්න. මේ අතරේ වෝල්ට් ඉල්ලුම් කරලා තිබුණු චිකාගෝ DEA කාර්යාලයට මාරුවක් හදලා දෙන්න කියලා කරපු ඉල්ලීම අනුමත වෙලා අත්සන් කරලා ගන්න ඕන ලියකියවිලි එක්කම භාර දුන්නත් මේ ගැන එයාගෙ පෙම්වතිය වෙච්ච ඩැනීටවත් කියන්න යන්නෙ නැහැ.

ඒ කොටසෙ අවසානය වෙද්දී චපො ගුවන් තොටුපලට ඇතුල් වෙලා එතනින් පැනගන්න හදන බව දැනගත්ත රෝමන් වගේම එයාගෙ මැර සගයො ටික එතනට කඩාපාත්වෙලා ඇතිවෙන වෙඩිහුවමාරුව අතරතුර එතන හිටිය සුප්‍රසිද්ධ පොසාඩස් කාදිනල්වරයා මිය යනවා.

අද කොටස ගැන කිව්වොත් වෝල්ට් අවස්ථාව ලැබෙනවා ටුහානා වලට ගිහිල්ලා ජෙනරාල් හේසූස් හෙක්ටර් රෙබෝලෝ එක්කලා වැඩ කරන්න. එයා එහෙ අලුත් කාර්යය ඒකකයක් ගොඩනගාගෙන යනවා මත්ද්‍රව්‍ය වැටලීම් වෙනුවෙන්. ඉතිං චිකාගෝ යන්න ලැස්ති වෙලා හිටිය මේ මනුස්සයා එක පාරටම මේ විදිහේ ගමනක් යන්න ලැස්ති වෙනවා කියලා අවසාන මොහොතේදී ඩැනීටකිව්වම එයා ඒ හැටි කැමති වෙන්නෙ නැහැ වගේම මේ දෙන්නා අතරේ තිබ්බ සම්බන්ධයත් කඩාගෙන වැටෙන්න මුල්ම අඩිතාලමත් මේ හරහා සිද්දවෙනවා.

එහෙනම් ඉතිං බලලම ඉන්නකො මොකද වෙන්නෙ කියලා. හයවෙනි කොටස අරගෙන හිරාන් ඔයාලව මුණගැහෙන්න ඒවි.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

3,080 downloadsDownload Narcos-Mexico-S03-E05.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

3,080 downloadsDownload Subtitles30 KB

6 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  3. KRK

    ithuru tikath ikmnatama oneeee.

  4. Nilush Angana

    Sub ekata thanx

  5. Anonymous

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.