පෞරාණික පිටසක්වලයන් කියන්නේ ඇමරිකානු රූපවාහිනි කතා මාලාවක් වගේම වාර්තාමය වැඩසටහන් මාලාවක්. මේක විකාශනය වෙන්නේ හිස්ටරි නාලිකාව තුලයි. මේකෙන් කතාබහ කරන්නේ පෞරාණික ගගනගාමී තර්කයන්, අතීත මිනිසුන් සහ පිටසක්වලයන් අතර සිදුවුණු සබඳතා, හඳුනානොගත් පියාසර වස්තු, විවිධ රජයන් මගින් ගෙනියන කුමන්ත්‍රණකාරී ක්‍රියා…

පෞරාණික පිටසක්වලයන් කියන්නේ ඇමරිකානු රූපවාහිනි කතා මාලාවක් වගේම වාර්තාමය වැඩසටහන් මාලාවක්. මේක විකාශනය වෙන්නේ හිස්ටරි නාලිකාව තුලයි. මේකෙන් කතාබහ කරන්නේ පෞරාණික ගගනගාමී තර්කයන්, අතීත මිනිසුන් සහ පිටසක්වලයන් අතර සිදුවුණු සබඳතා, හඳුනානොගත් පියාසර වස්තු, විවිධ රජයන් මගින් ගෙනියන කුමන්ත්‍රණකාරී ක්‍රියා සහ විවිධ රටවල් වල ඉතිහාසය ගැන සහ විවිධ මාතෘකා ගැනයි. ඒ වගේම මේ කතා මාලාව ආරම්භ වුනු 2009 මාර්තු 8 වෙනිදා සිට මේ දක්වාම කතාසමයන් 17 ක් සහ කොටස් 200 කින් සමන්විත වෙන ආකාරයට නිර්මාණය කර තිබෙනවා.මේ කතා මාලාව පාදක වී තිබෙන්නේ Erich von Däniken සහ Zecharia Sitchin වැනි ප්‍රධාන ගත්කතුවරු කීප දෙනෙක්ගේ ලියවිලි පාදක කරගෙනයි.ඒ වගේම මේ වැඩසටහන් මාලාවේ නිෂ්පාදකයා විදිහට Giorgio Tsoukalos කටයුතු කරනවා වගේම විධායක නිෂ්පාදකයා Kevin Burns විදිහට කටයුතු කරනවා.නිෂ්පාදන දායකත්වය ලබා දී ඇති සමාගම ලෙස සැලකෙන්නේ Prometheus Entertainment ආයතනය වෙන අතර බෙදාහැරිම සිදු කරන්නේ A&E Network ආයතනයයි.ඒ වගේම ලේඛකයෙක් වෙන David Childress ඇතුළු බොහෝ පිරිසක් මේ වැඩසටහන් මාලාව පුරාවටම ගවේෂණ සහ පර්යේෂණ සිදුකරමින් අතීතයේ අපේ මුතුන්මිත්තන් අතරට පිටසක්වලයන් පැමිණෙමින් ඔවුන්ට දැනුම ලබාදුන් බවත් මානව ශිෂ්ටාචාරය පිහිටුවා ගැනීම සඳහා උපකාර කෙරූ බවට තම මතවාදයන් ඉදිරිපත් කරනවා.කතා මාලාවේ පසුබිම් කථිකයා විදිහට Robert Clotworthy කටයුතු කරන අතර කතා මාලාව සඳහා ලැබී ඇති IMDb අගය 7.2/10ක් ලෙස පෙන්වා තිබෙනවා. ඒ වගේම මෙවර 10 වෙනි කතාමාලාව තුල කොටස් 10 ක් අඩංගු වෙනවා.
2009 වර්ෂයේදී කෙප්ලර් දුරේක්ෂය අභ්‍යවකාශයට දියත් කිරීමෙන් අනතුරුව වෙනත් පෘථිවියක් සොයාගැනීමේ මෙහෙයුම සඳහා ඩොලර් බිලියන ගණනක වියදමක් දරමින් පවතිනවා වගේම විද්‍යාඥයින් ජීවයක් පැවතීමට අවශ්‍ය කරනා හිතකර ග්‍රහලෝක දහස් ගණනින් හඳුනාගෙනද තිබෙනවා. මේ සොයාගැනීම නිසා යුග ගණනාවක් තිස්සේ අප ඇසු “අපි විශ්වයේ තනිවෙලාද ?” කියන ප්‍රශ්නයට අවසානයේදී උත්තරයක් සපයනවාද. අපි වර්තමානයේදී වෙනත් මන්දාකිනි වල වාසයට සුදුසු ග්‍රහලෝක සොයනවා වගේම ඈත අතීතයේදී දියුණු පිටසක්වල ජාතිනුත් පෘථිවියට ඒ විදිහටම කළා වෙන්න ඇතිද. ලෝකයේ සෑම තැනකම ඇති මිත්‍යා කතන්දර පුරාවටම පවතින්නේ තාරකා වල ඉඳන් පෘථිවියට ගගොඩබැසපු ජීවින් පිලිබඳවයි. අප්‍රිකාවේ ඩොගොන් ගෝත්‍රිකයන් විශ්වාස කරන්නේ ඔවුන්ගේ දෙවිවරු ආවේ සීරියස් තාරකා වල ඉඳන් කියලයි. මායාවරු තමන්ගේ දෙවිවරු හත්දින්නත් තරු පොකුර සමඟ ඈඳා කතාබහ කෙරුවා. ඒ වගේම ඇමරිකානු හෝපි ගෝත්‍රිකයන්ට අනුව ජීවය ඇතිකරේ දිව්‍යමය සත්වයින් පිරිසක් විසිනුයි.පෞරාණික ගගනගාමී මතධරයන් යෝජනා කරන්නේ අපේ ග්‍රහලොවට පිටසක්වලයන් ආවා පමණක් නොව.අපේ පැවැත්ම සඳහාද ඔවුන් වගකිවයුතු බව ඔවුන් පවසනවා. ඒ වගේම පැරණි සුමෙරියාවෙන් හමුවී ඇති VA 243 නමින් හඳුන්වන වසර 4500 කට වඩා පැරණි සිලින්ඩරාකාර මුද්‍රාවක අපේ සෞරග්‍රහ මණ්ඩලයේ රූපයක් පවතිනවා. ඒ වගේම ඉතාම නිවැරදි ආකාරයෙන් හිරු මැද සිටින විදිහටත් අනෙක් ග්‍රහලෝක ඒ වටා පවතින විදිහටත් එය සිතුවම් කර තිබෙනවා. බටහිර විද්‍යාවට අනුව ගැලීලියෝ ගැලිලී සහ කොපර්නිකස්ගේ කාලය දක්වාම කිසිම කෙනෙක් ග්‍රහලෝක සුර්යා වටේ භ්‍රමණය වෙන බව දැනගෙන සිටියේ නෑ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසියට අදාළ වීඩියෝ පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන් ලබා ගන්න.
971 downloadsDownload Ancient-Aliens-S10-E06.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිශ්ශංක රුවන්
Subtitles
5 comments
nadun
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Nirosha Nirosha
බයිස්කොප් එකටයි රුවන් සහෝ ටයි ගෝඩාක් ස්තූතියි.අපි ගොඩක් කල් බලන් හිටියා රුවන් සහෝ සබ් දෙනකල්.ගොඩාක් ස්තූතියි,දිගටම මෙ සීරිස් එකට සබ් දෙන්න.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



season 6n passe episodes wala subtitle weda nane