උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
Apple TV+ හරහා විකාශය ආරම්භ වූ, කුතුහලයෙන් හා රහස් පරීක්ෂණ පූර්ණ සිදුවීම්වලින් පිරි "Last Seen" නවතම මිස්ට්‍රි / ත්‍රිලර් කථා මාලාවේ හයවන කොටසේ උපසිරැසිය අරගෙන තමයි මම අද ආවේ.
කථා මාලාවේ නම: Last Seen
කොටසේ නම: The Choise (S01E06)
විකාශය වූ දිනය: 2026 ඔක්තොම්බර 07
ධාවන කාලය : මිනිත්තු 55
වර්ගීකරණය: Thriller / Mystery / Crime / Drama
රචනය / අධ්‍යක්ෂණය: Kris Mrksa / Christian Schwochow
ප්‍රධාන නළු නිළියන්: Patrick Brammall, Brendan Cowell, Maxine Peake, Chloe Jean Lourdes, Zahra Newman, Tobias Muhafidin
කතාව ගැන:
පසුගිය කොටස් පුරාවටම ගොඩනැගුණු කුතුහලය සහ උද්වේගකර බවේ උපරිමයටම ළඟා වෙමින්, Last Seen පළමු කථාසමයේ අවසාන කොටස මෙලෙස දිගහැරෙනවා.
පස්වන කොටස අවසානයේදී හෙන්රිගේ ගොවිපළේදී සිදුවූ මාරාන්තික ගැටුමෙන් පසුව, ඉයන් (Ian) සිය දියණිය වන සාරා/මැගී (Maggie) වෙනුවෙන් තමන්ගේ ජීවිතය පවා පරදුවට තබා අවසාන සටනට පිවිසෙනවා. තමන්ගේ රහස මුළු ලෝකයටම හෙළිවීම වැළැක්වීමට හෙන්රි සහ ජෙනා සියලු සීමාවන් ඉක්මවා යද්දී, සාරා සිය අතීත මතකයන් නැවත අවදි කරගනිමින් තමන්ගේ සැබෑ පියා වෙත ළඟා වීමට දැඩි වෙහෙසක් දරනවා.
මේ අතරතුර, නියමිත වේලාවට එම ස්ථානයට ළඟා වන පොලිස් පරීක්ෂිකා ඊසබෙල් පේනියා (Isabel Peña), වසර 11කට පෙර සිදුවූ මේ අභිරහස් පැහැරගැනීම පිටුපස සිටි සැබෑ මහමොළකරුවන් සහ ඊට සම්බන්ධ තවත් සැඟවුණු ජාලයක් මුළුමනින්ම හෙළිදරව් කරගැනීමට සමත් වෙනවා.
වසර 11කට පසු ඉයන්ට සිය ආදරණීය දියණියව නැවතත් සුරක්ෂිතව වැළඳගැනීමට හැකි වේවිද?.....
ඉතින් Last Seen Season 1 මෙතනින් සමාප්තයි. අපිත් එක්ක හිටපු ඔයාලට ගොඩක් ස්තූතියි. ඉක්මණට තව series එකක් අරන් එන්න තමයි හිතාගෙන ඉන්නේ. හැමෝටම සුබම වේවා!
තවත් උපසිරැසියකින් ඉක්මනින් හමුවෙමු!

Subtitles
- #Last Seen s01 sinhala sub
- #Last Seen s01 sinhala subtitles
- #Last Seen season 01 sinhala sub
- #Last Seen season 01 sinhala subtitles
0 comments
No comments yet. Yours will be the first.
![Last Seen [S01 : E06] Sinhala Subtitles | අතීතයෙන් බිඳක්. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-7ecd5e9b8ab38d61f2d6c30e.webp)


