Watch Trailer

Redline (2009) Sinhala Subtitles | විශ්වයේ දරුණුතම ධාවන තරඟය [සිංහල උපසිරසි] 18+

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

විශ්වයේ වේගවත්ම, අතිශය භයානකම සහ නීති විරෝධී මෝටර් රථ තරගයට ඔබ සූදානම්ද?

Redline (2009) Sinhala Subtitles

විශ්වයේ වේගවත්ම, අතිශය භයානකම සහ නීති විරෝධී මෝටර් රථ තරගයට ඔබ සූදානම්ද?

​සෑම වසර පහකටම වරක් මුළු ගැලැක්සියම නොඉවසිල්ලෙන් බලන් ඉන්න ඒ දැවැන්තම සිදුවීම සංවිධානය වෙනවා. කිසිම නීතියක් නැති, කිසිම සීමාවක් නැති, ජයග්‍රහණය වෙනුවෙන් ඕනෑම ජීවිත පූජාවක් කරන්න ලෑස්ති අභ්‍යවකාශයේ දරුණුතම ධාවකයින් පිරිසක් එකම තරග බිමකට එකතු වෙනවා. ඒ තමයි "Redline"!

Katsuhito Ishii අතින් නිමවුනු original story එකකට අනුව Madhouse Studio අතින් පණ ලබපු වර්ණවත් ඇනිමේ නිර්මාණයක් තමයි 2009 වසරෙදි නිකුත් වුනු Redline කියල කියන්නේ. පැය 1 මිනිත්තු 42 ක ධාවන කාලයක් පුරා දිවෙන මේ නිර්මාණයේ විශේෂත්වය තමයි අතින් අඳින ලද ෆ්‍රේම්ස් (Hand Drawn Frames) 100000 කට අධික ප්‍රමාණයකින් වසර 7ක් පුරා මේ චිත්‍රපටය නිර්මාණය කරපු එක. ඒ වගේම IMDB දර්ශකයේ 7.5 ක අගයක්, Rotten Tomatoes හි 84% ක අගයක් සහ MyAnimeList දර්ශකයේ 8.29 ක අගයක් ලබාගෙන R+ Mild Nudity යටතේ Rate වෙලා තියෙනවා. Action, Sci Fi, Sport යන Genre වලට අයත් වෙන මේ චිත්‍රපටය James Shimoji සහ Rob Laufer විසින් perform කරන "Redline Day" යන Ending Theme එකෙන් හැඩ වෙනවා.

කතාව පැත්තට හැරෙනවා නම්​, මෙහි ප්‍රධාන චරිතය වෙන "ජේපී" හෙවත් "ස්වීට් ජේපී" (Sweet JP) කියන්නේ තමන්ගේ පරණ, ඒත් පට්ටම වේගවත් රථයෙන් මේ තරගයට එකතු වෙන අභියෝගාත්මක තරුණයෙක්. අනිත් තරගකරුවන් තමන්ගේ වාහනවලට එක එක ජාතියේ මාරාන්තික ආයුධ සවි කරගෙන එද්දී, ජේපී විශ්වාස කරන්නේ තමන්ගේ වේගය සහ ධාවන හැකියාව විතරයි. ඒත් මෙවර Redline තරගය පැවැත්වෙන්නේ මුළු විශ්වයේම තහනම් සෝන් එකක් වෙන, හමුදා පාලනය යටතේ තියෙන "රොබෝවර්ල්ඩ්" (Roboworld) ග්‍රහලෝකය තුළයි. ජයග්‍රහණය වෙනුවෙන් කෙරෙන මේ දරුණු තරගය මැදට, රෝබෝවර්ල්ඩ් හමුදාවේ මාරාන්තික ප්‍රහාරත් එකතු වෙද්දී ජේපී ට සහ අනිත් ධාවකයින්ට මුහුණ දෙන්න වෙන්නේ හිතාගන්නවත් බැරි අනතුරු රාශියකටයි. මේ තරඟයට ජේපීට උදව් කරන අය වගේම ජේපීගේ මරණය බලාපොරොත්තු වෙන අයත් ඉන්නවා. ඒ අය කවුද? ඉතින් ඒ හැමදේම එක්ක, මේ විශ්වයේ දරුණුතම ධාවන තරගයේ අවසාන ජයග්‍රාහකයා වෙන්නේ කවුද? ජේපී ට තමන්ගේ සිහිනය සැබෑ කරගන්න පුළුවන් වෙයිද? ඒ වගේම ජේපීත් එක්ක මේ ජය අත් විඳින්න හීන දකින තවත් කෙනෙක් ඉන්නවා. මේ කතාව නරඹද්දි ඔයාට Death Race වගේ හොලිවුඩ් නිර්මාණ මතකයට නැගෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි මේ Redline නම් ඒ කිසිම නිර්මාණයක් වගේ නෙමෙයි කියල සහතික වෙන්න පුලුවන්.
​
ත්‍රාසය, කුතුහලය එකට කැටිව විනාඩියකටවත් ඇස් පියවන්න නොදෙන අතිශය තියුණු ක්‍රියාදාම, මනස්කාන්ත Animation සහ හදවතේ ගැස්ම වැඩි කරන පසුබිම් සංගීතය එකතු වුණු Redline කියන්නේ Anime ලෝකයේ බිහිවුණු හොඳ නිර්මාණයක්. ඉතින් ඒ රස විඳින්න නම් සිංහල උපසිරැසියත් එක්ක මේ සුපිරි Anime චිත්‍රපටය නරඹන්න කියලා ඔබට ආරාධනා කරනවා! ඒ වගේම ඔයාගෙ අදහස පහළින් comment කරන්නත් අමතක කරන්න එපා. මේ Redline (2009) උපසිරැසිය නිර්මාණය කෙරුනේ [bonkai77] Redline (2009) [1080p] [DUAL-AUDIO 5.1] [HEVC] [x265] [10bit] නම් Torrent පිටපතටයි. ඒ වගේම මේ තමයි මම ඒකල වශයෙන් අපේ ඇනිමෙ රසිකයන් වෙනුවෙන් අරන් එන 70 වෙනි සිංහල උපසිරැසිය වෙන්නේ. එහෙනම් තවත් කතාවකින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් - හසරංග නදීෂ

Subtitles by

ලංකන් Weebs

Rank: LegendLegend
සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

22 downloadsDownload Subtitles43 KB

0 comments

No comments yet. Yours will be the first.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.