Little Mom [E01] Sinhala Subtitles සුභ දවසක්.. සෑහෙන කාලෙකට පස්සෙ රූපවාහිනී කතා මාලාවකට උපසිරසියක් ලබා දෙන්න හිතුනා. මේක ඉන්දුනීසියාව හා තවත් රටවල් ගනනක පෙරලියක් ඇතිකරපු 2021 වර්ශයේදී විකාශනය වූ කොටස් 13 කින් යුත් කතා මාලාවක්. ඒ වගේම, මා දන්නා පරිදි මේ තමයි ඉන්දුනීසියානු කතා මාලාවක් සදහා සිංහල උපසි…
Little Mom Sinhala Subtitles
සුභ දවසක්.. සෑහෙන කාලෙකට පස්සෙ රූපවාහිනී කතා මාලාවකට උපසිරසියක් ලබා දෙන්න හිතුනා. මේක
ඉන්දුනීසියාව හා තවත් රටවල් ගනනක පෙරලියක් ඇතිකරපු 2021 වර්ශයේදී විකාශනය වූ කොටස් 13 කින් යුත් කතා මාලාවක්. ඒ වගේම, මා දන්නා පරිදි මේ තමයි ඉන්දුනීසියානු කතා මාලාවක් සදහා සිංහල උපසිරසියක් ලබාදෙන පලවෙනි අවස්ථාව.
Little Mom Sinhala Subtitlesමතක ඇතිනෙ ලංකාව තුල මොනයම් හෝ මාධ්‍යයක් තුල විකාශනය වූ පලවෙනි තුර්කි කතාමාලාව වන Ask Laftan සදහා මා ඇතුළු සහෝදර පිරිසක් උපසිරසි ගෙන ආ බව. ඒ ආකාරයෙන්ම මේ කතා මාලාවත් ඔබ හමුවේ තැබීමට මා බලාපොරොත්තු වෙනවා.. (හැබැයි මේ පාරනම් තනියම එන්නෙ..)
ඇත්තටම මේක වෙනස්ම කතාවක්. මේ අප රට මුහුණ දෙන, කවුරුවත් කෙලින් කතා නොකරන්න, තිත්ත ඇත්තක් හැංගුන කතාවක්.. ඉතින් මම හිතනවා මේ කතාමාලාව ඒ ප්‍රශ්නෙට යම් විසඳුමක් සපයාවි කියලා.
Little Mom Sinhala Subtitlesඅග්නිදිග ආසියාව පුරා මහත් ජනප්‍රියත්වයක් ළගා කරගත් IMDB 7.5 ක අගයක් වාර්තා කල Little Mom කතා මාලාව සඳහා Natasha Wilona, Al Ghazali, Teku Rasya සහ Elina Joerg නවුරා, කීනන්, යූඩා සහ සෙලීන් නමින් රංඟනයෙන් දායක වනවා. විකාශන කාල සීමාව තුල බොහෝ රටවල අංක එකට පැමිණීමට සමත්වූ Little Mom කතා මාලාව මිස් කර නොගත යුතු නිර්මානයක්..
Little Mom Sinhala Subtitlesඑහෙනම් අපි බලමු පලවෙනි කොටසෙන් මොකද වෙන්නෙ කියලා..
Little Mom Sinhala Subtitlesකතාව පටන්ගන්නෙ කතා නායිකාව වන කුඩා නවුරගෙ අනාගත බලාපොරොත්තුව මතක් කරමින්. නවුරගේ දෙමව්පියන් කුඩා අවන්හලක් පවත්වාගෙන යන දුප්පත් පවුලක්. ඇයගෙ එකම බලාපොරොත්තුව වෛද්‍යවරියක් වීම. ඒ සදහා ඇය කැපවෙලා ඉගෙන ගන්නවා. මේ බලාපොරොත්තුව සඵල කරගන්න නවුරගෙ දෙමව්පියන්ගෙනුත් ලැබෙන්නෙ ලොකු පිටිවහලක්.
Little Mom Sinhala Subtitlesඉතින් බලාපොරොත්තු පොදි බැදගෙන ඉගෙන ගන්න නවුරා කෙමෙන් කෙමෙන් නව යොවුන් වියට පියමනිනවා. එහිදී ඇයගෙ දෙමව්පියන් ඇයගෙන් පොරොන්දුවක් ලබා ගන්නවා. ඒ, ඇය පාසලේ කිසිදු ආදර සම්බන්ධතාවයකට මැදි නොවන බවට.
නමුත් ඇයට නොදැනීම මේ පොරොන්දුව බිදී යන්නේ පාසලේ සිටින බාස්කට්බෝල් තරුවක් වන යූඩා මුණ ගැසීමෙන් අනතුරුවයි. ඔවුන්ට නොදැනීම යූඩා සහ නවුරා ආදරවන්තයින් බවට පත්වනවා. හැබැයි ඔවුන්ගේ ඒ ආදර කතාව තමන්ගේ දෙමව්පියන්ට හා පාසලේ
Little Mom Sinhala Subtitlesයහළුවන්ගෙන් සැගවීමට ඔවුන් ක්‍රියාකරනවා.
දිනක් නවුරා සහ යූඩා කිසිවෙකුටත් නොදන්වා විනෝද ගමනක් යෑමට පිටත් වෙනවා.. එහිදී ඔවුන් දෙදෙනා අතර සිදුවන සිදුවීමක් නිසා ඔවුන්ගේ මුලු ජීවිතයම කනපිට පෙරලෙනවා..
Little Mom Sinhala Subtitlesමේක තමයි කතාවෙ ආරම්භය.. අපි බලමු නවුරගෙයි යූඩගෙයි විනෝද ගමන කොතනින් කෙලවර වෙයිද කියලා..
එහෙනම් අපි දෙවෙනි කොටසෙන් ළඟදීම හමුවෙමු.. ඔබට සුභ දවසක්..
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
721 downloadsDownload Little-Mom-E01-Sinhala-Subtitles.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Little Mom Sinhala Subtitles
Subtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
- #Al Ghazali
- #Elina Joerg
- #Little Mom
- #Little Mom [E01]
- #Little Mom [E01] Sinhala Sub
- #Little Mom [E01] Sinhala Subtitles
- #MaxxA
- #Mira Asmara
- #Natasha Wilona
- #Raisya Bawazier
- #Rhani
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Teuku Rasya
- #TV
- #ඉෂාන් මධුෂංක(ඉෂූ)
- #උපසිරැසි
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Buddhika Lakmal
baiscopelk ishu
තෑන්ක්ස් මචන් කමෙන්ට් එකට..
Bimsara Yashan(ඔලිව)
මේකට ඔයා උපසිරැසි ගේනකල් බලන් හිටියේ. බොහොම ස්තූතියි සහෝ මේ සීරිස් එකට තනියම උපසිරැසි ගෙනාවට. ජයවේවා!
baiscopelk ishu
ස්තූතියි ඔයාටත් කමෙන්ට් එකට සහෝ..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement




අම්මෝ බං.. කවද හරි දෙයි කියලා හිතං හිටපු සබක් මේක....
වැඩේට තෑන්ක්ස් මචෝ....
සබට තෑන්ක්ස්...