Colony (2026) Sinhala Subtitles කොහොමද හැමෝටම, මේ යන්නේ මගේ 150 වෙනි කඩයිම, 01 වෙනි උපසිරසියේ සිට අද 150 වෙනි උපසිරසිය දක්වා මගේ උපසිරසිකරණ ගමන සාර්ථක කරගන්න මට අතදුන්, මාව දිරිමත් කළ, උපසිරසි Download කරගෙන නැරඹූ ඔබ සැමට මාගේ හදපිරි ස්තූතිය! මම හදන උපසිරසි විශ්වාසයෙන් Download කරගෙන බලලා, “Film එක…

කොහොමද හැමෝටම,
මේ යන්නේ මගේ 150 වෙනි කඩයිම,
01 වෙනි උපසිරසියේ සිට අද 150 වෙනි උපසිරසිය දක්වා මගේ උපසිරසිකරණ ගමන සාර්ථක කරගන්න මට අතදුන්, මාව දිරිමත් කළ, උපසිරසි Download කරගෙන නැරඹූ ඔබ සැමට මාගේ හදපිරි ස්තූතිය! මම හදන උපසිරසි විශ්වාසයෙන් Download කරගෙන බලලා, “Film එක පට්ට”, “Subtitle එක සුපිරි” කියලා පහළින් Comment කරපු ඔයාලා හැමෝමයි, ඒ ලැබුණු පුංචි වචන ටික තමයි මහන්සිය අමතක කරලා ඊළඟ Sub එක හදන්න මට තියෙන ලොකුම ශක්තිය වුණේ. මාව විශ්වාස කරලා මාත් එක්ක දිගටම රැඳී සිටි ඔබ සැමට හදවතින්ම ස්තූතියි! මේ විශේෂ 150 වෙනි උපසිරසියත් අරන් Film එක බලලා ඔයාලගේ අදහස කියන්න අමතක කරන්න එපා. හැමෝටම ආදරෙයි!

K-Movie රසිකයන්ට වගේම Horror, Sci-Fi Thriller චිත්‍රපට වලට ආස කරන හැමෝටම බලන්න නියම කොරියානු චිත්‍රපටයකට සිංහල උපසිරසි තමයි අද අරගෙන ආවේ.අපිට කවදාවත් අමතක නොවෙන Train to Busan සහ Hellbound වගේ ලෝකයම හොල්ලපු නිර්මාණ දුන්න Yeon Sang-ho අධ්‍යක්ෂකවරයාගේ අලුත්ම චිත්‍රපටය වෙන “Colony” (군체) තමයි අද මම ඔයාලට අරන් ආවේ. Cannes Film Festival හිදී පවා ඉහළ ප්‍රශංසාවක් දිනාගත් මේ චිත්‍රපටය, සාමාන්‍ය Zombie චිත්‍රපටවලට වඩා වෙනස්ම පැත්තකින් කතාව ගොඩනගලා තියෙන එක විශේෂත්වයක්!
චිත්‍රපටයේ මූලික තොරතුරු
*චිත්‍රපටයේ නම: Colony (2026) / Gunche (군체)
*අධ්‍යක්ෂණය: Yeon Sang-ho (Train to Busan, Peninsula, Hellbound)
*තිර රචනය (Screenplay): Yeon Sang-ho, Choi Gyu-seok
*වර්ගීකරණය (Genre): Action, Sci-Fi, Horror, Thriller
*ධාවන කාලය: මිනිත්තු 123 (පැය 2 යි මිනිත්තු 3)
*රට: දකුණු කොරියාව (South Korea)
රංගනයෙන් දායක වන නළු නිළියන්
මේ චිත්‍රපටයට කොරියානු සිනමාවේ දැවැන්තම සහ ජනප්‍රියම නළු නිළියන් පිරිසක් එකතු වෙලා තියෙනවා:
*Jun Ji-hyun – ක්වොන් සේ ජොන්ග් —–> මහාචාර්යවරිය ලෙස
*Ji Chang-wook – චො හ්යොන් සොක් —–> ඩුන්වුරි ගොඩනැගිල්ලේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස
*Koo Kyo-hwan – සො යොන් චොල් —–> වෛරසයේ නිර්මාතෘ ලෙස
*Kim Shin-rok – චො හ්යොන් හුයි —–> චො හ්යුන් සොක් ගේ සහෝදරිය ලෙස
*Go Soo – හන් ග්යු සොන්ග් —–> ක්වොන් සේ ජොන්ග් මහාචාර්යවරියගේ යහළුවා ලෙස.
මීට සමාන වෙනත් නිර්මාණ
*Train to Busan (2016)
*peninsula (2020)
*Sweet Home (korean Series)
*Resident Evil (american Series)
*All of Us Are Dead (korean Series)
ඔයාලා Train to Busan එකේ තිබුණු අසීමිත කුතුහලයට සහ Sweet Home එකේ තිබුණු භයානක පරිසරයට කැමති කෙනෙක් නම්, Colony (2026) කියන්නේ ඔබට කිසිසේත්ම මඟහරින්න බැරි සිනමා පටයක්. ත්‍රාසය, භීතිය විතරක් නෙමෙයි, මිනිස් සබඳතා සහ පැවැත්ම වෙනුවෙන් කරන අරගලය මේකේ ඉතාම අලංකාර ලෙස හා භායනක විදියට නිර්මාණය කරලා තියනවා.එහෙනම් තවත් වැඩි විස්තර නැතුව Colony (2026) සිංහල උපසිරසිත් සමග රසවිදින්න කියලා ඔයාලට ආරාධනා කරනවා.
Colony (2026) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,066 downloadsDownload COLONY-2026.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-03-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Colony Sinhala Subtitles
Subtitles by
තරිදු දිසානායක
Subtitles
- #Colony (2026) Sinhala Sub
- #Colony (2026) Sinhala Subtitles
- #Colony Sinhala Sub
- #Colony Sinhala Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #තරිදු දිසානායක
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
11 comments
Gagan Pabasara
නිශාන් සමීර
නියමයි සහෝ… සුභ පැතුම්150* ට…
ඉක්මනින්ම 200* ගහමු…
●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●Buddhika laKMal
තෑන්ක්ස් මචං ෙම් මූවිඑකට සිංහල සබ් දුන්නට
ඕෂද එරංග (Era Boy)
150ට සුබ පැතුම් තරිදු සගෝ!
තරිදු දිසානායක
සුභ පැතුමට ගොඩක් ස්තූතියි ඕෂද සහොදරයා❤️
තරිදු දිසානායක
වෙනදා වගෙම, මේ සැරෙ සුභ පැතුමටත් ස්තුතියි නිශාන් සහොදරයා ❤️
තරිදු දිසානායක
සුභ පැතුමට ස්තූතියි ඔයාට❤️
තරිදු දිසානායක
බොහොම ස්තූතියි ඔයාගෙ කමෙන්ට් එකට❤️
Jazz
ස්තුතියි මිත්‍රයා
Anonymous
කමෙන්ට් එකට ස්තූතියි❤️
UDARA
Eela
Advertisement
සුභ පැතැම් ❤️