
හලෝ හැමෝටම මේ ගෙනල්ලා තියෙන්නෙ ලැන්ටර්න්ස් 6 වෙනි එපිසෝඩ් එක. ඉස්සෙල්ලා එපිසෝඩ් එකෙන් 2016 කතාව අවසන් උනානෙ මේකෙන් අපිට 2026 කතා සමය ගැන බලාගන්න පුළුවන් මේකෙදි අපිට ගොඩක් දුරට පලවෙනි එපියෙන්ම පෙන්නුව හැල් ජෝර්ඩ්න්ගෙ මරණෙ ගැන තමා බලන්න තියෙන්නෙ ඒවගේම ඒ අභිරහසට උත්තරත් ඊළඟ එපිසෝඩ් දෙකෙන් බලාගන්න පුළුවන් අපි බලමු හැල් ජෝර්ඩ්න්ගෙ මරණෙ ඉදිරියේ වෙන්න තියෙන දේවල් වලට එයාගෙම වෙනම ප්ලෑනක්ද කියලා ඒ වගේම මේ එපිසෝඩ් එකෙන් අපිට විශේශ චරිතයක් ගැන අහන්න ලැබෙනවා ඒ චරිතෙ තමයි කැරොල් ෆෙරිස් අපි එයා ගැන පොඩි විස්තර ටිකක් බලමු.
කැරොල් ෆෙරිස් (Carol Ferris)
DC Comics විශ්වයේ එන කැරොල් ෆෙරිස් (Carol Ferris) යනු ග්‍රීන් ලැන්ටර්න් (Green Lantern) හෙවත් හැල් ජෝඩන්ගේ (Hal Jordan) ප්‍රධාන පෙම්වතිය වන අතරම, ෆෙරිස් එයාක්‍රාෆ්ට් (Ferris Aircraft) සමාගමේ නායකත්වය දරන ප්‍රබල හා බුද්ධිමත් ව්‍යාපාරික කාන්තාවකි. ඇයගේ ජීවිතය වෙනස් වන්නේ ආදරයේ දම් පැහැති බලශක්තිය (Violet Light of Love) මගින් පාලනය වන "ස්ටාර් සැෆයර්" (Star Sapphire) බලකායේ සටන්කාරිනියක් ලෙස තේරී පත්වීමත් සමග වන අතර, ආරම්භයේදී එම බලපෑම් හමුවේ හැල් ජෝඩන්ට එරෙහිව සටන් කරන දුෂ්ට චරිතයක් ලෙස ක්‍රියා කළද, පසුව ඇය තමන්ගේ බලය පාලනය කරගනිමින් මුළු විශ්වයේම පැවැත්ම සහ ආරක්ෂාව වෙනුවෙන් ග්‍රීන් ලැන්ටර්න්වරුන් සමග එකතුවී සටන් කරන ප්‍රබල සුපිරි කථානායිකාවක් (Heroine) බවට පත්වේ.

එහෙනන් ඊළඟ එපිසෝඩ් එකෙන් හමුවෙන්න බලාපොරොත්තුවෙන් ජය වේවා !
Subtitles by
ෂතිර මයෝද්
Subtitles
0 comments
No comments yet.
Advertisement


