Watch Trailer

Sense8 (2017) [S02 : E12 – Amor Vincit Omnia] Sinhala Subtitles | සමුගනිමු ආදරෙන්.. [සිංහල උපසිරසි සමඟ]

The Matrix (Series) + (Game), Jupiter Ascending (2015), Cloud Atlas (2012), V for Vendetta (2005) මේ සිනමා නිර්මාණයන් බලපු, එහෙම නැතිනම් The Matrix වීඩියෝ ක්‍රීඩාවත් එක්ක සෙල්ලම් කරපු ගොඩක් දෙනෙක් ඉන්නවා ඇති. මේ ලිපිය කියවනවා ඇති. සිනමා ලෝකයේ ලොකු වෙනසක් කරපු The Matrix, V for Vendetta වැනි චිත්‍රප…

The Matrix (Series) + (Game), Jupiter Ascending (2015), Cloud Atlas (2012), V for Vendetta (2005) මේ සිනමා නිර්මාණයන් බලපු, එහෙම නැතිනම් The Matrix වීඩියෝ ක්‍රීඩාවත් එක්ක සෙල්ලම් කරපු ගොඩක් දෙනෙක් ඉන්නවා ඇති. මේ ලිපිය කියවනවා ඇති. සිනමා ලෝකයේ ලොකු වෙනසක් කරපු The Matrix, V for Vendetta වැනි චිත්‍රපට නම් මැරෙන තාක් සිනමා ලෝලියෙකුට කවදාවත් අමතක නොවන විදියේ සිනමා සිත්තම්. මේ වගේ චිත්‍රපට නිර්මාණය කරන ලද විශිෂ්ඨ ගණයේ අධ්‍යක්ශක, රචක සහ නිශ්පාදක යුවලක් තමයි The Wachowskis කියන්නේ. මේ දෙන්නා ඇත්තටම සහෝදරියෝ, තවකෙකුට කියන්න පුළුවන් සහෝදරයෝ කියලා. ඔව් මට වැරදුනේ නෑ. මේ ලෝකේ විවිධාකාර විදියේ පුද්ගලයින් ජීවත් වෙනවා. ඒ වෙනස්කම් දකින අපි බොහෝමයක් සාමාන්‍ය මිනිස්සු එයාලා අසාමාන්‍ය මිනිස්සු කියලා ගරහනවා. ඒත් එවැනි සමාජ තත්වයක් හමුවේ තමුන් තමුන්ම වෙමින් තමුන්ගේ සිතේ තියෙන දෑ නිර්මාණාත්මකව කලා ලෝකයට එකතු කරපු දෙන්නෙක් තමයි Lilly Wachowski සහ Lana Wachowski කියලා කියන්නේ. ඔවුන් දෙදෙනා විසින් නිර්මාණය කරන ලද මේ Sense 8 නම් අන්තර්ජාල කතා මාලාව අදින් අවසන් වෙන්නයි මේ හදන්නේ. කතාව නිර්මාණය කලත් මේ කතා මාලාවේ මුල්ම කතාංගයේදී සදහන් කරපු විදියට කතාව කතා මාලාවකට සරිලන විදියට තිර රචනයට J. Michael Straczynski පවා දායක වෙනවා.

මේ කතා මාලාව අනෙකුත් කතා මාලාවන්ට වඩා විශේෂ වෙන්න හේතු ගොඩක් තියෙනවා. ඒ ලෝකේ බහුතරයක් තත්වයන්, තරාතිරමක්ම, පොදු දර්ශණයක්ම කතාව තුලින් ආවරණය කිරීම. අනෙක සමාජවාදීත්වය විදහා දැක්වීම. මිනිසෙකුගේ නිදහස් චින්තනයට ඉඩහසර ලබාදීම. තත්වය, ජාතිය, භාෂාව, රට මොකක් වුනත් ආදරය හැමටම පොදුයි යන බව විදහා දැක්වීම. මෙසේ ගලා යා යුතු ලෝකයේ නපුර කෙතෙක් පැවතුනත් ආදරය, එකමුතුකම, මිත්‍රත්වය අභිබවා ඒ කිසිවකටත් යජග්‍රහණය කල නොහැකි බව. මම පිලිගන්නවා මේ කතාවේ බොහෝමයක් දේවල් අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නෑ. සමහර අදහස් අපට ගැලපෙන්නේ නෑ. ඒත් විශිෂ්ඨ කලා නිර්මාණයක් කියන්නේ තමුන් ලෝකය දකින ආකාරය, තමුන්ගේ අත්දැකීම්, තමුන් දුක, ආදරය, වේදනාව විදපු ආකාරය, ලාභ, ප්‍රශංසා, සැප, දුක යන සියල්ලක්ම තමුන් විදපු ආකාරය කලාත්මකව ඉදිරිපත් කිරීමක්. අපි ලෝකය දකින්නේ වෙනස් විදියකට. ඒ වගේම රචකයාගේ දැක්ම අනුව මේ විදියට සිද්ධ වුනොත් ලෝකය මේ විදියට ගලා යා හැකියි නේද යන අදහසින් ගොඩනගන ලද ප්‍රබන්ධයක්. මේ ප්‍රබන්ධය හමුවේ රසිකයින් නිර්මාණයේ දැක්වෙන අදහස් මනසට අවශෝෂණය කරගන්නේ කෙසේද යන දෘශ්ඨිකෝණයෙන් දැක කරන ලද නිර්මාණයක්. අසාධාරණ ලෙස කප්පාදුවට ලක් කරන රූපවාහිනී කතා මාලාවන් හමුවේ අසංතෘප්තියට පත්වෙන රසිකයින් අත් නොහැර, මුදල් පමණක් පරමාර්ථ කර නොගෙන සිදු කල පිරිසිදු නිර්මාණයක්.

කතාව මොකක්ද චරිත කවුද, වෙන සිද්ධිය මොකක්ද යන හැම දෙයක්ම මීට පෙර ලිපි වලින් ඇති තරමට පැහැදිලි කරලා තියෙනවා. ඒ වුනත් එදා මෙදාතුර ප්‍රධාන චරිත 8ත් සමග එකට ආදරෙන් බැදුනු හිත මිත්‍රයින් පවා එකට පවුලක් බවට පත්වෙලා 8 දෙනා හිතුවටත් වඩා ලොකු සංඛ්‍යාවක් බවට පත්වෙලා. කලින් සිටි සමහරක් මිතුරන් අතිජාත මිත්‍රයින් බවට පත්වෙලා. කතාවේ තැනකින් මතුවුනු පොඩි චරිත අවසානයේදී එකට එකතු වෙලා. වුල්ෆ්ගැන්ග් ගේ පැහැරගැනීමෙන් පස්සේ විස්පර්ස් ගෙන් පලි ගන්න හැමෝම එකට එකතු වෙලා විස්පර්ස්ව පැහැර ගන්නවා. ඒ කතාවේ ප්‍රධාන චරිත 8හි ක්ලස්ටර් එක BPO වලට යුධ ප්‍රකාශ කරමින්. තමුන්ගේ හැකියාවන්, අදහස්, සිතිවිලි බෙදා හදා ගනිමින් මේ හැම කෙනෙක්ම එකා වගේ එකට වැඩ කරනවා.

කතාව අවසානයේදී මෙතෙක් කතාවේ ක්‍රියාදාමයට උදව් වුනු හැම කෙනාම එකට එකතු වෙනවා. කතාවට තවත් අලුතින් විවරණන් එකතු වෙනවා. ඒ වගේම කතාවේ චරිත සමුගන්නවා. මෙතෙක් කතාවේ සිදු නොවුනු අන්දමට ගැටුම් ඇති වෙනවා. ජයග්‍රහණයන් සහ පරාජයන්ද හැමෝම එකට එකතුව අත්විදිනවා. කෙනෙකුගේ වේදනාව අනෙකුන් පවා බෙදා හදා ගන්නවා.

මේ ආකාරයට ගලාගෙන යන කතාව මොන විදියට අවසන් වේවිද? හිතන්නට යමක් ඉතුරු කරාවිද? අඬන්නට යමක් ඉතුරු කරාවි ද? කුතුහලය සංසිදුවාගැනීම ඔබට බාරයි. මුල් කතාංග තුනට උපසිරැසි කරලා දායකත්වය ලබාදුන්නු චාමර සම්පත් සහෝටත් ස්තුති කරන ගමන් බයිස්කෝප් අද මේ කතාවෙන් සමුගන්නවා.

සමාප්තයි..!

Sense8 (2015– ) on IMDb

 

 

Due to copyright issues we do not provide any torrent links

sense8.S02E12.WEB.x264-STRiFE /
Sense8.S00E02.Amor.Vincit.Omnia.NF.WEB-DL.DD5.1.x264-NTb

මෙම ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාල වේ

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

27 comments

  1. උදයංග සම්පත් හතරසිංහ

    නියමයි සහෝ.. මේ කැපකිරීම ඉහළින්ම අගය කරනව.. ස්තූතියි..!

  2. kaveen gunawickrama

    ela thanx bn!

  3. Eranga Sandaruwan

    එල එල.
    මේක නවත්තපු එක නම් අපරාදේ..
    වෙනස්ම විදියේ කතාවක්.

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා..

  4. Piumi ann

    thanks lassanai dukai

  5. 4devinda

    උප සිරැසියට බොහෝම ස්තූතියි... .

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    මේක දෙනකල් තමයි බලන් හිටියේ
    Deception අවසාන කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  7. Sudheera Kasun

    Thanks Sahooo...!

  8. Amil5289

    Thnaxxx sahoooo

  9. Amil5289

    11 episode 1ke sub nadd sahoooo

    1. sachintha

      11 වෙනි කොටස නෑ කියලා බය වෙන්න එපා සහෝ...
      10 වෙනි කොටස නැවතුන තැනින්ම තමයි අලුත් කොටස පටන් ගන්නේත්....
      මේක 12 වෙනි කොටස වෙන්නේ සීසන් 2 සදහා එකවර කොටස් 10 ක් විකාශය උනත් 2016 වසරේ මේ වගේම විශේශ කතාංගයක් ආවා නත්තල වෙනුවෙන්...(sense8 S02E00) ඒකත් සීසන් 2ටමයි අයිති... එතකොට ඔක්කොම කොටස් 12 යි....

    2. Dilshan Madhushanka

      Banshee ekata sub denne kawadada

    3. Dinuja Nimesh

      Ithin ea unata 11 weni eke sub nehane?

  10. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    මේක එනකම් බලන් හිටියේ....
    සුපිරි කතාවක්..අපරාදේ ඉවර කරේ...

  11. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට..බුදුසරණයි...!

  12. Gathsara Umesh

    Bhoooom sthuuthiyi ayyee..
    Oyaanm super....

  13. Lasa_Sadaru

    Patta broo tnx....

  14. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. Udara Damith Dissanayaka

    sellanda kollo

  16. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....

  17. MAALnath

    Thanks ...............good luck ..........................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--

  18. roshantharu

    Deception den nadda bn

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  21. කෞශල්‍ය දුෂ්‍යාන්

    බැලුවා.පිළිවෙලකට කතාවක් ඉවරවුනාමද කොහෙද.අැයි ඔක්කොම කැන්සල් කරනවනේ දැං.ලස්සන කතාව අෆ්ෆා.නියමයි ප්‍රණියා.ලාස්ට් ශිප් වලින් හම්බෙමු.:-):-):-):-)

  22. chinthaka.max4

    thankx machan

  23. Dinuja Nimesh

    11 sub nadda ethakota?

    1. nimsara

      oke 11k na bn e 11 kiyannne 10ta ehema seen ekak wela thiyenne 11k na 12 thama last ara crismes special ekak awane ewatn ekka baladdi okkoma 12i