Ahsoka Season 01 Sinhala Subtitles හොඳයි මිත්‍රවරුනි. අද මං ඔයාලට අරගෙන ආවේ පසුගිය වසරේ නිකුත් වුණු Star Wars සිනමා සහ ටෙලිනාට්‍ය මාලාවට අයත් Star Wars: Ahsoka කතා මාලාවේ සිංහල උපසිරැසියයි. Dave Filoni විසින් නිර්මාණය කළ මේ අෂ්ඨාංගික කතා මාලාව, The Mandalorian කතා මාලාවෙන් ව්‍යුත්පන්න කෙරුණු අතුරු…
Ahsoka Season 01 Sinhala Subtitles
හොඳයි මිත්‍රවරුනි. අද මං ඔයාලට අරගෙන ආවේ පසුගිය වසරේ නිකුත් වුණු Star Wars සිනමා සහ ටෙලිනාට්‍ය මාලාවට අයත් Star Wars: Ahsoka කතා මාලාවේ සිංහල උපසිරැසියයි. Dave Filoni විසින් නිර්මාණය කළ මේ අෂ්ඨාංගික කතා මාලාව, The Mandalorian කතා මාලාවෙන් ව්‍යුත්පන්න කෙරුණු අතුරු කතාවක් (Spin-off) ලෙසින් දිග හැරෙන අතර, The Mandalorian කතා මාලාවට සමාන්තර කාලරාමුවක දිවෙමින් Return of the Jedi (1983) සිනමපටයෙන් පසුව වුණු සිදුවීම් විවරණය කරන්නේ, ඊට සමාන්තර අතුරු කතාවන් එකිනෙක සම්බන්ධ කරමින්. Ahsoka කතා මාලාවෙන් කියැවෙන්නේ හිටපු ජෙඩායි ශිෂ්‍යාවක වන අසෝකා ටානෝ සහ ඇයගේ මිත්‍රපාර්ශවකරුවන් විසින් ගැලැක්සීය අධිරාජ්‍යයේ අවශේෂයන්ට එරෙහිව, සටනට උකටලී වන නව ජනරජයේ පාලනයට අකීකරුව යමින් සටන් කරන අන්දමයි. Rosario Dawson මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ, The Mandalorian කතා මාලාවේ ඇයගේ චරිතය ප්‍රතිනිර්මාණය කරමිනුයි. ඊට අමතරව Natasha Liu Bordizzo, Mary Elizabeth Winstead, Ray Stevenson, Ivanna Sakhno, Diana Lee Inosanto, David Tennant, Eman Esfandi, Evan Whitten, Genevieve O’Reilly, Hayden Christensen, Ariana Greenblatt, Lars Mikkelsen, සහ Anthony Daniels යන නළු නිළියන්ද රංගනයෙන් දායක වෙනවා. Ahsoka Tano චරිතය Filoni විසින් Star Wars: The Clone Wars නම් සජීවිකරණ ටෙලිවෘතාන්තයට ද යොදාගෙන තිබෙනවා.
Ahsoka Season 01 Sinhala Subtitles
Ahsoka මුල්වරට විකාශය කෙරුණේ 2023 අගෝස්තු 22 වැනිදා යි. ඒ එහි මුල් කතාංග දෙකයි. අනතුරුව ඔක්තෝබර් 03 වැනිදා එහි ඉතිරි කතාංග හය විකාශය කෙරුණා. මේ කතා මාලාව වැඩිම ප්‍රේක්ෂක නැරඹුම් වාර ගණනක් හිමි කරගත් අතර, සාමාන්‍ය වශයෙන් ධනාත්මක විචාර ප්‍රතිචාර වගේම සම්මානයන් ද ලබාගත්තා. Ahsoka කතා මාලාව IMDb දර්ශකයේ මනාප ඡන්ද 118,000කට අධික ප්‍රමාණයකින් 7.5/10 ක අගයක් ලබාගන්නට සමත්ව තිබෙන අතර Rotten Tomatoes වෙබ් අඩවියේ 86%ක ප්‍රතිශතයක් දිනා ගන්නට සමත් වුණා. 2024 ජනවාරි වල ලූකාස් ෆිල්ම්ස් වෙතින් නිවේදනය කෙරුණේ මේ කතා මාලාවේ දෙවැනි කතා සමයකුත් නිෂ්පාදනය වෙමින් පවතින බවයි. එය 2025දී නිකුත් වීමට නියමිත බවටයි වාර්තා වන්නේ. තරු සංග්‍රාම කතා මාලාවේ ඉදිරි වියමන් කෙසේ වනු ඇතිද කියා අපි බලා සිටිමු.
අපි දැන් යොමුවෙමු Star Wars සිනමා විශ්වය වෙත. Star Wars කියන්නේ ජෝර්ජ් ලූකස් විසින් නිර්මාණය කරන ලද ඇමරිකානු අභ්‍යවකාශ වීරකාව්‍ය ඔපෙරා මාධ්‍ය සිනමා සමුහයක් වන අතර, එහි ආරම්භය 1977 දී නිකුත් වුණු Episode IV: A New Hope සුප්‍රකට සිනමපටයෙන් සිදු වුණා. නිකුත් වුණු පළමු සිනමා පටන් පසුව එහි උන්මාදය ඉක්මණින්ම ගෝලීය පොප් සංස්කෘතික සංසිද්ධියක් බවට පත් වුණා. අනතුරුව මේ සිනමා නිර්මාණ මාලාව තවත් චිත්‍රපට, ටෙලිනාට්‍ය, නවකතා, කොමික් පොත්, වීඩියෝ ක්‍රීඩා ආදී වශයෙන් විවිධාකාර මාධ්‍යයන් ඔස්සේ පුළුල්ව ගෝලීය වශයෙන් ව්‍යාප්ත වුණේ එකිනෙක හා බැඳුණු ප්‍රබන්ධ විශ්වයක් නිර්මාණය කරමිනුයි. Star Wars එදා මෙදාතුර ඉහළම ආදායම් වාර්තා තැබූ ප්‍රබන්ධ කතා මාලා වලින් එකක් වෙනවා.
1977 නිකුත් වුණු මුල්ම සිනමාපටය, Episode IV: A New Hope නම්වුණු අතර එයින් පසු එහි අනුබන්ධයන් (Sequels) ලෙසින් Episode V: The Empire Strikes Back (1980) සහ Episode VI: Return of the Jedi (1983) යන සිනමාපට නිකුත් වුණේ Star Wars සිනමා විශ්වයේ මුල්ම චිත්‍රපට ත්‍රිත්වය නිර්මාණය කරමිනුයි. Lucas පසුව එම ප්‍රබන්ධ මාලාවට සම්බන්ධ වෙමින් පෙර නිකුත් වුණු සිනමා ත්‍රිත්වයට පූර්වබන්ධයන් ත්‍රිත්වයක් (Prequel Trilogy) ලෙසින් Episode I: The Phantom Menace (1999), Episode II: Attack of the Clones (2002), සහ Episode III: Revenge of the Sith (2005) යන චිත්‍රපට නිර්මාණය කළා.
2012 දී, Lucas ඔහුගේ නිෂ්පාදන සමාගම ඩිස්නි වෙත විකුණා, Star Wars සිනමා විශ්වයට ඇති හිමිකම අතහැර දැමුවා. මේ සිදුවීම පෙර සඳහන් කළ පූර්වබන්ධ සිනමා ද්විත්වයට තවත් අනුබන්ධ සිනමාපට ත්‍රිත්වයක් නිර්මාණය වීමට අඩිතාලම දැමුවා. ඒවා Episode VII: The Force Awakens (2015), Episode VIII: The Last Jedi (2017), සහ Episode IX: The Rise of Skywalker (2019) යන නම් වලින් නිෂ්පාදනය කෙරුණා. මේ සිනමාපට නවය “Skywalker Saga” හෙවත් “ස්කයිවෝකර් වෘතාන්තය” ලෙසින් හැඳින්වෙන අතර ඒ සියල්ල ඇකඩමි සම්මාන වලට නිර්දේශ වී මුල් නිකුත්වීම් දෙකට ඇකඩමි සම්මාන දිනාගැනීමට ද සමත් වුණා.
ඉන් අනතුරුවද තවත් හුදෙකලා සිනමාපට දෙකක් නිකුත් කෙරුණු අතර ඒවා Rogue One (2016) සහ Solo (2018) යන නම් වලින් නිකුත් වුණා. මේ සියලු සිනමා නිර්මාණ එකතුවේ සමස්ත ආදායම ඩොලර් බිලියන 10ක් ඉක්මවා ගොස් තිබෙන අතර, එදා මෙදාතුර ලොව තුන්වෙනියට වැඩිම ආදායම ලද සිනමා සමූහය බවට Star Wars සිනමා සමූහය පත් වී තිබෙනවා.
Star Wars මාලාවට අයත් සිනමා නිර්මාණ සහ ටෙලි වෘතාන්තයන් ඒවායේ කතාව ගලා යාමේ අනුපිළිවෙලින් (chronological order) පෙළ ගැසුවොත් එන්නේ පහත දැක්වෙන ආකාරයටයි. ඒවායින් චිත්‍රපට දම් පැහැයෙනුත් ටෙලිවෘතාන්ත කොළ පැහැයෙනුත් දක්වා තිබෙන්නේ හඳුනා ගැනීමේ පහසුව තකායි.
Ahsoka Season 01 Sinhala Subtitles-
- Star Wars: Young Jedi Adventures (2023)
- Star Wars: Episode 1 – The Phantom Menace (1999)
- Star Wars: Episode 2 – Attack of the Clones (2002)
- Star Wars: The Clone Wars (2008)
- Star Wars: The Clone Wars (2003-2005)
- Star Wars: Episode 3 – Revenge of the Sith (2005)
- Star Wars: The Bad Batch (2021-2024)
- Solo: A Star Wars Story (2018)
- Obi-Wan Kenobi (2022)
- Star Wars: Rebels (2014-2018)
- Andor (2022)
- Rogue One: A Star Wars Story (2016)
- Star Wars: Episode 4 – A New Hope (1977)
- Star Wars: Episode 5 – The Empire Strikes Back (1980)
- Star Wars: Episode 6 – Return of the Jedi (1983)
- The Mandalorian, season 1 and 2 (2019-2020)
- The Book of Boba Fett, season 1 (2021)
- The Mandalorian, season 3 (2023)
- Ahsoka (2023)
- Star Wars: Resistance, season 1 (2018)
- Star Wars: Episode 7 – The Force Awakens (2015)
- Star Wars: Episode 8 – The Last Jedi (2017)
- Star Wars: Resistance, season 2 (2019)
- Star Wars: Episode 9 – The Rise of Skywalker (2019)
- Star Wars: Visions (2021-2023)
Ahsoka Season 01 Sinhala Subtitles
අද පළ වන කතාංගය ගැන:
පළමුවැනි කොටස – “Part One: Master and Apprentice” – ‘පළමු කොටස: ගුරුතුමා සහ ශිෂ්‍යාව’
අධ්‍යක්ෂණය – Dave Filoni
තිර රචනය – Dave Filoni
මුල්වරට නිකුත් කෙරුණු දිනය – අගෝස්තු 22, 2023
IMDb Ratings – 7.7/10
අද කතාව වෙත යොමුවෙමු එහෙනම්. බිඳ වැටුණු ජෙඩායිවරයෙක් වන බේලන් ස්කොල්, ඔහුගේ ශිෂ්‍යයා වන ෂින් හැටි සමඟ නව ජනරජයේ යානයකට පහර දෙනවා, එහි රඳවාගෙන යන මෝගන් එල්ස්බෙත් ආර්යාව නිදහස් කරගැනීමේ අරමුණින්. මෝගන්ව අල්ලාගෙන ප්‍රශ්න කළ හිටපු ජෙඩායිවරියක වුණු අසෝකා ටානෝ, ත්‍රෝන්ට මඟ පෙන්වන තරු සිතියමක් සොයමින් සිටින බව මෝගන් ඔවුන්ට දන්වනවා. බිඳවැටුණු මන්දාකිණීය අධිරාජ්‍යයේ ඉතිරිව සිටින අවසාන මහා අද්මිරාල්වරයා වන ත්‍රෝන් වසර ගණනාවක් අතුරුදහන් වී සිටින්නේ, ඔහු සහ කැරලිකාර නායකයා වන එස්රා බ්‍රිජර්ව පර්ගිල් (අභ්‍යවකාශ තල්මසුන්) විසින් නොදන්නා ස්ථානයකට ගෙන ගොස් ඇති නිසයි. ත්‍රෝන් නැවත පැමිණ අධිරාජ්‍යය යළි ගොඩනැගීමට උදව් කළ හැකි යැයි අශෝක බිය වන නමුත් එස්රා ජීවතුන් අතර සිටිය හැකි යැයි බලාපොරොත්තු වෙනවා. ඇය සහ පැරණි ජෙඩායි පුහුණුකාර ඩ්‍රෝයිඩ් වරයෙක් වන හුයෑන් මෝගන්ගේ තොරතුරු මත තරු සිතියම ලබා ගන්නා නමුත් එහි අගුළු ඇරීමට නොහැකි වෙනවා. නව ජනරජයේ ජෙනරාල් හේරා සින්දුල්ලා මෝගන්ගේ පලායාම ගැන අශෝකාට දන්වා, සිතියම අගුළු හැරීමට උදව් ලබා ගැනීමට ඇයට යෝජනා කරන්නේ, අසෝකාගේ හිටපු ශිෂ්‍යාවක් ලෙස ඉගෙනුම ලබන සබීන් රෙන් ගෙන්. හේරා සහ සබීන් දෙදෙනාම එස්රා අතුරුදහන් වීමට පෙර ඇය සමඟ සමීපව සිට තිබෙනවා. අසෝකා මේ යෝජනාවට එකඟ වෙයිද? අසෝකා සොයාගත් තාරකා සිතියමේ සැඟවී ඇති රහස කුමක්ද? වසර ගණනාවකින් ඇය නොදුටු සබීන්ව ලෝතාල් වෙත බැලීමට අසෝකා අකමැත්තෙන් හෝ පැමිණෙණු ඇතිද? සබීන් මාර්ගයෙන් ඔවුන්ට තරු සිතියමේ අගුලු හරින්නට හැකිවෙයිද? මෝගන් එල්ස්බෙත් තමන්ව බේරාගත් ගුරුතුමා සහ ශිෂ්‍යාව සමඟින් උත්සාහ කරන්නේ තාරකා සිතියම සොයාගන්නටයි. ඔවුන් අසෝකා සතු සිතියම පැහැරගන්නට සමත් වෙයිද? අද කොටසින් මේ දේවල් දැනගන්න.

සිංහල උපසිරැසි ගන්වා ඇත්තේ Ahsoka.S01E01.720p.DSNP.WEBRip.x264-GalaxyTV [247 MB] පිටපතටයි.
එසේ නම් නැවතත් මීළඟ කොටසින් හමුවන තුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් සිංහලෙන් සමඟින් රැඳෙන්න.
‘May the force be with you!’
‘බලවේගය ඔබ සමඟ වේවා!’
Ahsoka Season 01 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
1,418 downloadsDownload Ahsoka-S01-E01-Sinhala-Subtitles.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Ahsoka Season 01 Sinhala SubtitlesSubtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
- #2023
- #Ahsoka
- #Ahsoka S01
- #Ahsoka S01 Sinhala Sub
- #Ahsoka S01 Sinhala Subtitles
- #Ahsoka Season 01
- #Andrew Goodman
- #Anthony Daniels
- #Anthony Notarile
- #Ariana Greenblatt
- #Barry Lowin
- #Bonnie Wild
- #Brendan Wayne
- #Casey Adams
- #Chau Naumova
- #Chris Bartlett
- #Clancy Brown
- #Claudia Black
- #Daniel Bohman
- #Dave Filoni
- #David Tennant
- #David W. Collins
- #Dawn Dininger
- #Derek Diaz
- #Diana Lee Inosanto
- #Dmitriy Karas
- #Editor's Pick
- #Eisa Davis
- #Elton Hom
- #Eman Esfandi
- #Evan Whitten
- #Geeta Vasant Patel
- #Genevieve O'Reilly
- #George Lucas
- #Gina Vitori
- #Greg Kufera
- #Hayden Christensen
- #Helen Sadler
- #Ivanna Sakhno
- #Jacqueline Antaramian
- #Jane Edwina Seymour
- #Jennifer Getzinger
- #Jeryl Prescott
- #Justin Sonfield
- #Kat Kuei Chen
- #Kelly Phelan
- #Kurt Nelson
- #Lars Mikkelsen
- #LeeAnna Vamp
- #Mark Rolston
- #Mary Elizabeth Winstead
- #Matthew Law
- #MaxxA
- #Michael Christian Alexander
- #Michele Weaver
- #Moe Irvin
- #Natasha Liu Bordizzo
- #Nelson Lee
- #Nican Robinson
- #Niki Botelho
- #P.J. Johal
- #Paul Darnell
- #Paul Sun-Hyung Lee
- #Peter Clarke
- #Peter Jacobson
- #Peter Ramsey
- #Ray Stevenson
- #Rick Famuyiwa
- #Rosario Dawson
- #Ryan Ryusaki
- #Shakira Barrera
- #Shelby Young
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Steph Green
- #Subs
- #Temuera Morrison
- #Tom O'Connell
- #TV
- #Vinny Thomas
- #Wes Chatham
- #ප්‍රබුද්ධ කේසර විතානගේ
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Senuth
Lahiru Bandara
සුපිරි ස්ටාවර්ස් සීරියස් ටික බාගයක් බලල නවත්තල තිබ්බෙ අද ඉදන් ආයෙ බලන්න පටන් ගන්න ඕනි. මෙක ඔක්කොම ටික දෙන්න මගදි නවත්තන්න එපා.
Lahiru Bandara
බ්‍රෙ පුළුවන්නම් Tru detective , Fargo ඔය සිරීයස් දෙකෙම අන්තිම සීසන් එකට සබ් දෙන්නකො ඔයා කලින් දුන්න American crime story ටයිප් එකෙ ඒවමනෙ. පුළුවන් නම් දෙන්නකො ලොකූ දෙයක්.
Duminda K
තම වටිනා කාලය වැය කරමින් මෙම සිංහල උපසිරැසිය අප වෙත ලබාදීම ගැන “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොහොයුරාට මගේ ස්තූතිය පුදකරන අතර
තවත් මෙවැනි උපසිරැසි කිරීමට අවශ්‍ය කාලය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කර්මි..!
බයිස්කෝප් පවුලේ සැමට තෙරුවන් සරණයි..!
ජයවේවා..! ❤❤❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



The lone ranger 2013 sinhala sub