Watch Trailer

The Bride of Habaek AKA Habaekui Shinboo (2017) [EP 15] Sinhala Subtitles | දිය දෙවියාගේ මනමාලිය…[සිංහල උපසිරසි සමඟ]

හබෙක් යූන් සු ආත් එක්ක මේ දවස්වල සතුටින් කාලය ගතකරනවා. ඒ වගේම හබෙක් යූන් සු ආට කෑම වර්ග ගොඩක් සහිත රසවත් උදේ කෑමක් හදලා දෙනවා. ඒ වෙලාවෙම හදිස්සියෙන් ශින් සභාපතිතුමා යූන් සු ආගෙ ගෙදරට එන නිසා හබෙක් ශින් සභාපතිතුමාටත් එයාලත් එක්ක උදේ කෑම ගන්න එන්න කියලා ආරාධනා කරනවා. ඒත් ඉතිං මේ දෙන්නා තවමත් ඉන්නෙ එච…


හබෙක් යූන් සු ආත් එක්ක මේ දවස්වල සතුටින් කාලය ගතකරනවා. ඒ වගේම හබෙක් යූන් සු ආට කෑම වර්ග ගොඩක් සහිත රසවත් උදේ කෑමක් හදලා දෙනවා. ඒ වෙලාවෙම හදිස්සියෙන් ශින් සභාපතිතුමා යූන් සු ආගෙ ගෙදරට එන නිසා හබෙක් ශින් සභාපතිතුමාටත් එයාලත් එක්ක උදේ කෑම ගන්න එන්න කියලා ආරාධනා කරනවා. ඒත් ඉතිං මේ දෙන්නා තවමත් ඉන්නෙ එච්චර හිත හොඳකින් නම් නෙවේ. ශින් සභාපතිතුමාට ඊරිසියා හිතෙන විදියට හබෙක් යූන් සු ආ ගැනයි, එයාලා දෙන්නා අතරෙ තියෙන සම්බන්ධතාවය ගැනයි සභාපතිතුමාට කියනවා. ශින් සභාපතිතුමාට ගොඩක් ඊරිසියා හිතෙන නිසා එයා එකපාරටම යූන් සු ආට කියනවා යූන් සු ආගෙ සායනය අයිති ගොඩනැගිල්ල මිලදී ගත්තෙ එයා කියලා. ඉතිං හබෙක්ගෙ ළකුණු ඔක්කොම ඉවරයි. යූන් සු ආ පුදුම වෙලා සභාපතිතුමාට ස්තූති කරනවා.

යූන් සු ආගෙ ඉඩම් ගිවිසුම අවලංගු කිරීමේ ගාස්තු ගෙවීමේ ක්‍රමයක් විදියට යූන් සු ආ සභාපතිතුමාගෙ ගොවිපලේ වැඩ කරන්න ඕනෙ. ඒත් හබෙක් ඒකට කැමති නැති නිසා ඒ ගාස්තු ගෙවන්න මූ රාගෙනුයි, බී රියොම්ගෙනුයි සල්ලි ඉල්ලනවා. ඒත් ඒ දෙන්නා හබෙක්ට සල්ලි දෙන්නෙ නෑ. යූන් සු ආ සභාපතිතුමාගෙ ගොවිපලේ වැඩ කරන්න යද්දි හබෙක් යූන් සු ආත් එක්ක ගොවිපලට ගිහින් වැඩ කරනවා. දිය දෙවියාට ගිය කලක්..

සත්වෙනි වතාවට රතු වතුර ගලාගෙන යන දවසට කලින් හබෙක් දේව අධිරාජ්‍යයට යන්න ඕනෙ. මේ රතු වතුර ගලාගෙන යන සත්වෙනි දිනය ගැන පණිවිඩයක් මූ රාට ලැබෙන නිසා මූ රා ඒ පණිවිඩය හබෙක්ට දැනුම් දෙනවා. අනිවාර්යයෙන්ම ආපහු යන්න සිද්දවෙනවා කියලා දන්න හබෙක් ගොඩක් දුක් වෙනවා. ඒත් යූන් සු ආ දුක හංගගෙන හබෙක්ව ධෛර්යමත් කරනවා. මේ අතරෙදි බී රියොම් ලොකු උත්සාහයක් ගන්නවා මූ රාත් එක්ක සම්බන්ධතාවයක් ඇතිකරගන්න. මූ රා ආඩම්බරකාර දේවතාවියක් නිසා බී රියොම්ගෙ ගැට වලට එයා අහුවෙන්නෙ නෑ. ඒත් මූ රා බී රියොම්ට අකමැතිත් නෑ.

යොම් මීට දිගින් දිගටම යූන් සු ආ ඉන්න හීනයක් පෙනුනත් යොම් මීට ඒ හීනය තේරෙන්නේ නෑ. ඒත් අවසානයේදී යොම් මී ඒ හීනය තේරුම් ගන්නවා. ඒ වගේම ඒ හීනය වටා ලොකු කතාවක් ගෙතිලා තියෙනවා. කතාව අවසන් වෙන්න තව එක කොටසයි තියෙන්නෙ ඔන්න. එහෙනම් ලස්සන අවසානයක් අරගෙන මං එන්නම්.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,554 downloadsDownload The-Bride-of-Habaek-AKA-Habaekui-Shinboo-2017-EP-15.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/06/018046abf64305004028e237166d4bf6-e1527791872294.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂි චතුරිකා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-05-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

4,554 downloadsDownload Subtitles31 KB

17 comments

  1. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි................

  2. geeganagamage

    බොහොම ස්තුතියි මහේෂි චතුරිකා” සොහොයුරියට

  3. nethushi

    Good work thanks

  4. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. shehandilshan

    ela ela sis
    thnxxxxxxxxxxx sub ekata

  6. Chami.S

    Thanks.
    Awaiting for the last epi..
    Good Luck!

  7. thanujamilandi

    thank you sub ekata... lassana kathawak genawata thank you.... oyata jaya wewa...

  8. Ravija randinu

    Gdk tnx sub ekata

  9. Ravija randinu

    Tree with deep roots me kathweth sub eka denkoo..plzzz dr..

  10. Supun9612

    thankz sub ekata akkiiii

  11. Udara Damith Dissanayaka

    thanksssssssssssssssssssss

  12. tcnissanka

    download karanna ba ne

  13. tcnissanka

    hadanne naddo page not found

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. sakuntha

    meka donload karanna site ekak hari torrent link ekak hari denawada kawruhari

  16. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  17. Krishani

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.