The Defects Sinhala Subtitles ඔයාලට මතකද දන්නෙ නැහැ මීට කාලෙකට කලින් ලංකාවම කළඹවපු සිද්ධියක් තිබුනා අම්මලා දාලා යන දරුවො හදාගන්න දෙන කෙනෙක් ගැන. මුලින්ම ඒ කෙනා ගැන ගුණ වයල ප්‍රවෘත්ති ප්‍රසිද්ධ වුනාට, පස්සෙ දවසක එලි වුනේ දුප්පත් අසරණ ගෑණු ළමයින්ව හිර කරගෙන ඒ මනුස්සයා දරුවො බිහි කරවලා විකුණන ව්‍යාපාර…

The Defects Sinhala Subtitles
ඔයාලට මතකද දන්නෙ නැහැ මීට කාලෙකට කලින් ලංකාවම කළඹවපු සිද්ධියක් තිබුනා අම්මලා දාලා යන දරුවො හදාගන්න දෙන කෙනෙක් ගැන. මුලින්ම ඒ කෙනා ගැන ගුණ වයල ප්‍රවෘත්ති ප්‍රසිද්ධ වුනාට, පස්සෙ දවසක එලි වුනේ දුප්පත් අසරණ ගෑණු ළමයින්ව හිර කරගෙන ඒ මනුස්සයා දරුවො බිහි කරවලා විකුණන ව්‍යාපාරයක් කරනවා කියලයි. අද උදේ (25.07.24) මම ආයෙත් ඒ මනුස්සයා ගැන පෝස්ට් එකක් දැක්කා FB එකේ. ඒකෙ තිබුනෙ ඒ මනුස්සයා කතා කරන විදිහට..මම ළමයි ගොඩකට මේ ලෝකෙ හොඳ ජීවිත හදල දුන්නා කියලා..අපරාදෙ කියන්න බැහැ ඒකෙ කමෙන්ට් වල, හැමදාම වගේ ඉතිහාසෙ ඉක්මනට අමතක වෙන අපේ මිනිස්සු ඒ මනුස්සයට දෙවියන්ගෙ බුදුන්ගෙ පිහිට පතල තිබුනා.
දරුවො හදාගන්න ගන්න වගේම දෙන අය අදටත් මේ සමාජෙ ඉන්නවා. ඒවා කොච්චර දුරට සාධාරණද සාර්ථකද කියල දන්නෙ ඒ අත්දැකීම විඳපු අයම විතරයි. අද මම ගේන්න යන මේ කතාවත් ඒ වගේ කතාවක්.
The Defects, අධ්‍යක්ෂක Oh Ki Hwan ගෙ අධ්‍යක්ෂණයෙන් වගේම Eom Se-Yoon (webcomic), Ryu Ga-Myeong (webcomic), An So-Jung යන අයගෙ රචනයෙන් නිර්මාණය වුන Action, Thriller, ශානරයට අයිති වෙන නිර්මාණයක්.
ප්‍රධානවම මේ කතාව ගැන ගන්නව නම්, කිම් සේ හුයි කියන්නෙ ප්‍රසිද්ධ රෝහලක අධ්‍යක්ෂකවරියක් වගේම පුණ්‍යාධාර පදනමක ක්‍රියාකාරිනියක්. සමාජය ඉස්සරහා ගෞරවනීය චරිතයක් වෙන මේ කිම් සේ හුයිට ඇත්තටම මූණු දෙකක් තියෙනවා. ඒ අනිත් මූණෙන් සේ හුයි කරන්නෙ තනිකරම ව්‍යාපාරයක්. ඒ තමයි දරුවො විකුණන එක. ජීවත් වෙන්න ඕනෙ උසස් ජාන තියෙන අය විතරයි කියල විශ්වාස කරන මේ සේ හුයි තමන් විකුණන ළමයි අතරෙ ඉන්න පහත් ජාන සහිත දරුවන්ව විනාශ කරල දානවා. ඒ දරුවන්ව ගත්ත දෙමව්පියො ඒ දරුවො එපා කියලා ආපහු එව්වම සේ හුයි කරන්නෙ ඒ ළමයින්ව මරල දාන එක…
ඔයාලගෙ බලාපොරොත්තුව සැහැල්ලු, විනෝදජනක කතාවක් බලන්න නම්..එහෙනම් මේක බලන්න ගන්න එපා.. මොකද මේක, ළමා ජාවාරම, ළමා අපයෝජනය, ලිංගික අපයෝජනය වගේ තවත් කම්පනසහගත දේවල් ඇතුලත් වුන කතාවක්.
කතාවෙ මුලු කොටස් ගාන 8 යි. ජූලි 21 පටන් ගන්න කතාව අගෝස්තු 12 වෙද්දි අවසන් වෙනවා වගේම හැම සතියකම කොටස් 02ක් විකාශනය වෙනවා. කතාව ඉවර වුනාම උපසිරැසි දෙන්න හිතාගෙන තමයි මම කතාව පටන් ගත්තෙ…එහෙනම් අපි කතාව බලන්න ගමු..
ඔන්න අපි අවසානයට ආවා. ලෝකෙ තියෙනවා කවදාවත් මිල කරන්න හොඳ නැති දෙයක්. මේ සේ හී මිල කරන්නෙත් ඒ වගේ දෙයක්. ආදරේ, දෙමව්පියො දරුවො අතර තියෙන ආදරේ. සල්ලි වලට අපි ගන්නෙ භාණ්ඩයක්නෙ. ඒකට අපේ බැඳීමක් නැහැ. දැන් මේ සේ හීගෙ ගැණුම්කාරයොත් ඒ වගෙයි. එයාලා හැම වෙලාවෙම බලන්නෙ තමන් දුන්න මුදලට ගත්ත භාණ්ඩෙ වටිනවද කියල විතරයි.
දැන් නීතියෙනුත් සේ හීට අවසර තියෙන නිසා වගේම රටේ මුල් පුටුවත් සේ හීගෙ ගැණුම්කරුවෙක් වෙලා නිසා සේ හී ඉන්නෙ කාටවත් පාලනය කරන්න බැරි තරම් උඩඟුකමකින්. ඒ වගේම මේ ඉතුරු වුන ළමයි පස්දෙනා කරපු දේවල් නිසා ඇති වුන අවුල ලිහා ගන්න සේ හීට ඕනෙ දැන් පරණ හැමදේම අයින් කරලා අලුතෙන්ම ව්‍යාපාරය පටන් ගන්න.
ඉතිං ඒක කරන්න යන ගමනෙදි අපිට දැනගන්න පුලුවන් වෙනවා සේ හී මේ විදිහෙ කෙනෙක් වුන හැටි..එතකොට එයා මේ ව්‍යාපාරය හරියටම කරන හැටි…ඒ වගේ දෙයක් කරන්න හේතුව වගේම..ඒ වගේ පාරක ගියාම අවසානයට මොකද වෙන්නෙ කියලා..අන්න එහෙමයි මේ කතාව ඉවර වෙන්නෙ..
ඉතිං කොටස් 08ක් පුරාවට අපිත් එක්ක හිටපු ඔයාලා හැමෝටම ස්තූතියි. උපසිරැසිය ගැන හොඳ නරකත් කියාගෙන යන්න…
ආයෙත් ලස්සන කතාවකින් හම්බෙමු!!
The Defects Sinhala Subtitles![]()
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
389 downloadsDownload The-Defects-S01E08-Sinhala-Subtitles.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Defects Sinhala Subtitles
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
1 comment
Buddhika laKMal
Advertisement



meka complete sub dunnata Thanks.......