අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅභිරහස්එළචිත්‍රපටිත්‍රාසජනකනාට්‍යමයබලන්නරංග ප්‍රසන්නසිංහල උපසිරැසිහින්දි

Ugly (2013) with Sinhala Subtitles | සල්ලි සල්ලි සල්ලි. මිනිස්සු මෙතරම් පහත්ද [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.8/10. From 8 votes.
Please wait...

Ugly (2013)

කලී. මව පියා දික්කසාද වූ වයස අවුරුදු 10ක මුරණ්ඩු දියණියක්. තමන්ගෙ තාත්තාට තරම් කිසිම කෙනෙක්ට ඇය ආදරේ නෑ. හැම සෙනසුරාදම තාත්තා එක්ක කොහේ හෝ ඇවිදින්න යන්න කලීට අවස්ථාව ලැබිලා තියෙනවා. එවැනි සෙනසුරාදා දවසක කලීව යම් කෙනෙක් විසින් පැහැර ගැනීමට ලක් වෙනවා. චිත්‍රපටය පුරාම දිව යන්නේ කලීගේ පැහැරගැනීමේ සිද්දිය. චිත්‍රපටය මොනතරම් සුපිරිද කියනවා නම් Imdb 8.1 ක ඉතාම ඉහල අගයක් ලැබී තියෙනවා. ඒ වගේම සම්මාන රැසක්ම හිමිකරගන්නත් පුළුවන් වෙලා තියෙනවා. අනුරාග් කාශ්‍යප් ගේ අධ්‍යක්ෂ්‍යනයක් වන මේ චිත්‍රපටය ඉන්දියාවේ සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වෙලා තියෙන්නේ. චිත්‍රපටයේ ආදායම ඉන්දියානු රුපියල් මිලියන 138ක්.

කලීගේ සුළු පියා පොලිස් නිළධාරී ශෞමික් බොස්. කවුරුත් දන්නවා ඇති Ronit Roy. පසුගියදා තිරගත වූ Kaabil චිත්‍රපටයේ දුෂ්ටයා.මෙම චිත්‍රපටයේ ඔහුගේ රංගනය නම් අද්විතීයයි. නැති වූ කලී තමන්ගේ දියණිය සේ සලකා ඔහු ඇයව ‍සොයාගැනීමට ගොඩක් උත්සාහ කරනවා. ඒ වගේම මෙහි චරිත කිහිපයක් ඉන්නවා. කලීගේ තාත්තා රාහුල්. අම්මා ශාලිනී. මේ අයගෙ පවුලේ මිතුරා චේතන්‍ය. කලීගෙ මාමා සිද්ධාන්ත්. රාහුල්ගෙ දැන් පෙම්වතිය රාඛී(Survin Chawla). මේ අය කලීගෙ අතුරුදහන් වීම තමන්ගේ වාසියට හරවාගන්න උත්සාහ කරනවා. චිත්‍රපටය පුරාම දිවෙන්නේ මේ අය පොලීසිය නොමග යවමින් තමන්ගේ වාසියට කලීගේ පැහැර ගැනීම යොදාගන්න ආකාරය.

ඔයාලා පැහැරගැනීම් සම්බන්ධ චිත්‍රපට ඕනෑ තරම් බලලා ඇති. ඒත් මේක සත්‍ය කතාවක්. මේ අයට පොලීසිය නොමග යවන්න පුළුවන් වෙයිද? කලීව ඇත්තටම පැහැරගත්තේ කවුද? පැහැරගත් කෙනා අල්ලාගන්න පුළුවන් වෙයිද? කලීට මොකද වුනේ? කලී ජීවතුන් අතරද? විනාඩි 128 ක් පුරාම කිසිම කම්මැලිකමක් නැතිව කුතුහලයෙන් බලන්න පුළුවන් සුපිරි චිත්‍රපටයක්. ඒ වගේම ‍මේකේ අවසානය ගැන නම් ඔයාලට හිතාගන්න වත් බැරි වෙයි. දුක හිතෙන අවසානයක් තියෙන මේ චිත්‍රපටය ඔයාලා ආසාවෙන් බලයි කියලා විශ්වාස කරනවා. මේ වගේ දේවල් මේ ලෝකේ අපි අතර වෙනවද කියලත් මට හිතාගන්න බෑ. චිත්‍රපටය අවසානයේ ඔයාලම තීරණය කරයි ඇයි මේකට Ugly කියලා නම දැම්මේ කියලා. උපසිරැසියේ වැරදි ඇති. මොකද මේ මගෙ දෙවෙනි නිරිමාණය. බලලා ඔයාලගේ අදහස් කියන්න. එච්චරයි අපිට ඉතිරි වෙන්නේ. හැමෝටම ජය වේවා.

සෑම පැයකදීම ඉන්දියාවේ කුඩා දරුවන් 11ක් පැහැරගැනීමට ලක් වේ. 2008 – 2010 අවුරුදු වල පමණක් කුඩා ළමයින් 117480 (එක්ලක්ෂ දාහත්දහස් හාරසිය අසූවක්) ක් පමණ අතුරුදහන් වී ඇති අතර ඔවුන්ගෙන් 41546 (හතලිස් එක් දහස් පන්සිය හතලිස් හයක්) තවමත් සොයාගෙන නැත.

Ugly (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Ugly 2013 720p BluRay x264 Hindi AAC – Ozlem

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/01/RangaPrasanna-e1483658195805.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රංග ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

29 thoughts on “Ugly (2013) with Sinhala Subtitles | සල්ලි සල්ලි සල්ලි. මිනිස්සු මෙතරම් පහත්ද [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි

    Reply
  • chathurabro2018

    supiri kathawa

    Reply
  • nalin.kumara0510

    Thanks bro good luck

    Reply
  • thanx for sub
    good luck

    Reply
  • sampath n perera

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Thanks..
    Good Luck..

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • හසිත මධුෂාන්

    සබ් කට බොහොම ස්තූතියි…

    Reply
    • Ranga Prasanna

      අනිවා සුපිරි කතාවක්

      Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • Ranga Prasanna

      Thanks ලොක්කා

      Reply
  • Sub එකට thanks… Story බලනවා අඩුයි බන්… හිංදිනම් කොහෙත්ම නෑ…

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..

    Reply
    • Ranga Prasanna

      අවුලක් නෑ බන් එල

      Reply
  • Sudesh Gayan

    Thanks.. 🙂 🙂

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • janithanarasinghe

    thanks brother..

    Reply
  • Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….
    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *