[box] කොහොමද හැමෝටම? හැමෝම පරිස්සමින් ගෙදර ඉන්නව ඇති කියල හිතනවා. ලොකු කරදරයකින් බේරෙන්නේ මම අද. ඇත්තටම මම මේ ෆිල්ම් එකට සබ් එක කරන්න අරගෙන දැන් මං හිතන්නේ අවුරුදු තුනකට එහා. 😛 මම කරන්න ගත්තට පස්සෙයි චාමර කරන්න ගත්තෙ. මට සේරම කරන්න කම්මැලි හිතුන නිසා චාමරව සෙට් කරගත්තත් මිනිහ හෙන උනන්දුවෙන් මටත් කල…

කොහොමද හැමෝටම? හැමෝම පරිස්සමින් ගෙදර ඉන්නව ඇති කියල හිතනවා. ලොකු කරදරයකින් බේරෙන්නේ මම අද. ඇත්තටම මම මේ ෆිල්ම් එකට සබ් එක කරන්න අරගෙන දැන් මං හිතන්නේ අවුරුදු තුනකට එහා. 😛 මම කරන්න ගත්තට පස්සෙයි චාමර කරන්න ගත්තෙ. මට සේරම කරන්න කම්මැලි හිතුන නිසා චාමරව සෙට් කරගත්තත් මිනිහ හෙන උනන්දුවෙන් මටත් කලින් සබ් එකේ මිනිහගේ කොටස ඉවර කළා. වැඩි ලයින් ප්‍රමාණයක් කලෙත් මිනිහමයි. කොහොම උනත් ඔන්න DC කොමික් ඇසුරින් නිමවුණ හොඳම ෆිල්ම් එකකට උපසිරසි අරගෙන එන්න හිතුනේ මාවල් ගොඩට විසි කරලා තියෙන මටම තමා ඉතිං. පරක්කු උනා තමයි. ඒත් පරක්කු වෙලා හරි ගෙනාව ඒකනේ වටින්නේ, නැද්ද මං අහන්නේ. 😛 එහෙනම් මම ගියා. චාමරටත් බොහොම ස්තුතියි වෙච්ච දැඩි උනන්දුවටත්, සාරවත් ලිපියටත්. පරිස්සමින් ගෙදර ඉන්න.
එහෙනම් ඔන්න තවත් චිත්‍රපටයක් අරගෙන මුණගැහෙන්න ආවා. නිකන්ම නිකන් ෆිල්ම් එකක් නම් නෙවෙයි ඩීීසි කොමික්වල මීට වසර ගණනාවකට කලින් නිකුත් වෙච්ච ක්ලැසික් චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට මෙතෙක් කල් තිබුනේ වෙබ් අඩවිය පටන් ගත්ත මුල් කාලෙ චිත්‍රපට සම්බන්ධ ලිපි පමණක් පල කාලෙ අපේ ඉසිර සහෝදරයා පල කරපු ලිපියක් පමණයි. ඒකවත් තේරුම් ගන්න බැරුව සමහර අය ලිපියට කැත විදිහට බැනලා තියෙනවා. තාමත් කමෙන්ට් මකලා නැති නිසා ඔයාලටම වුනත් බලාගන්න පුලුවන්. මම දැනගෙන හිටියේ නැහැ මේ වගේ ක්ලැසික් ෆිල්ම් එකක් බලන්න හිතෙන අය අතරත් ඒ තරම් පහත් මානසිකත්වයත් තියෙන අයත් ඉන්නවා කියල. 😅 ආපු කාරණාවට බහිමුකො එහෙනම්. මේකෙ චිත්‍රපටය දිහාවට කෙලින්ම යන්නෙ නැතුව පොඩ්ඩක් වතගොත ගැන බලලා ඉමු.

වොච්මෙන් කණ්ඩායමේ ප්‍රධාන චරිත කිහිපය
වොච්මෙන් කියන නම යටතේ කොමික් පැත්ත දිහා බැලුවොත් ජස්ටිස් ලීග් වලට වගේම හොද පැතිකඩක් දීලා තියෙන චිත්‍රකතා බිහිවෙලා තියෙනවා. වොච්මෙන් චිත්‍රකතාවල මූලාරම්භය සිද්දවෙන්නෙ 1986 වසරේ සැප්තැම්බර්වල නිකුත් වුනු Watchmen මුල්ම කලාපය තුලින්. Alan Moore විසින් කතාව ගොඩ නැගෙද්දී, Dave Gibbons විසින් තමයි චිත්‍රකතාව සිතුවමට නැගිලා තියෙන්නෙ. මේ අයගේ කණ්ඩායම තුල Ozymandias, Nite Owl II, Comedian, Doctor Manhattan, Silk Spectre II වගේම Rorschach I කියන චරිතය කිහිපය දකින්න ලැබුණා. 1987 පුරාමටම දිග හැරුණු වොච්මෙන් චිත්‍රකතා කලාප 12 ක් ඔස්සෙ මුලදී දිගහැරිලා තියෙනවා. ඊටපස්සෙ Before Watchmen, DC Universe Rebirth මුල් කලාපය තුලින් වගේම Doomsday Clock තුලින්ද මේ චරිත දැකගන්න ලැබුණා. මේ විදිහට නිර්මාණය වූ වොචේම්න් කණ්ඩායම එක්කාසු කරලා 2009 වසරේ පෙබරවාරි මාසයෙ ඒ නමින්ම චිත්‍රපටයක්ද, 2009 වසරේ මාර්තු මාසයේදී Watchmen: The End Is Nigh නම් ක්‍රීඩාවද, 2019 වසරේදී HBO නාලිකාව හරහා මේ නමින්ම රුපවාහිනී කතාමලාවක්ද එළිදැක්වීමට නියමිතයි.
ඔය විදිහට නිර්මාණය වුනු අති ජනප්‍රිය වොච්මෙන් චිත්‍රකතා ඇසුරින් නිර්මාණය වෙච්ච මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නෙත් 1986-1987 කාලය අතරතුර බිහිවුනු කලාපයන් 12 ක් පුරාවටම නිර්මාණය වූ චිත්‍රකතා ඇසුරින්. ඔයාලා මේ වෙද්දී චිත්‍රපටය බලලා ඇතියි කියලා හිතන නිසා කතාව ගැන ලොකුවට විස්තර කරන්න යන්නෙ නැහැ. ඒත් කෙටියෙන්ම කියනවනම් මේකයි වෙන්නෙ. 1930-1940 කාලෙ රැකවලන වැඩ කටයුතු කරපු කණ්ඩායමක් තමයි “මිනියුට්මෙන්” කියන්නෙ. මේ අයගේ කාලෙන් පස්සෙ වසර දහයක කාලයක් ගත වෙලා නව පරම්පරාවක කට්ටියක් එකතු වෙලා තවත් රැකවලුන් කණ්ඩායමක් නිර්මාණය කරගන්නවා. මේ අයව හදුන්වන්නේ “වොච්මෙන්” කියලා. මේ අය අතරෙත් සමහර අය කාලයත් එක්ක මේ රැකවලන වැඩෙන් අයින් වෙනවා. ටික කාලයත් ගත වෙනවත් එක්කම මුල් කණ්ඩායමේ හිටිය සාමාජිකයන්ගේ කෙනෙක් වන කොමේඩියන්ව දරුණු විදිහට මරලා දානවත් එක්ක රෝෂෑෑක් මේ මරණය විමර්ශණය කරන්න ගන්න තීරණයත් එක්කම වොච්මෙන් කණ්ඩායමේ හිටිය තවත් දෙන්නෙක් ආපහු වතාවක් රැකවලන වැඩ වලට එක්කාසු වෙනවා.

සැක් ස්නයිඩර් අධ්‍යක්ෂකවරයා
එක කලාපයක් හරි ආසාවට කියවලා තියෙනවනම් චිත්‍රකතාවල තියෙන බැරෑරුම්කම දන්නවා ඇති. ඒ වගේ ලොකු අවධානමක් එක්කම Zack Snyder විසින් වොච්මෙන් චිත්‍රපටය නිර්මාණය කරනවා. මේ කාලෙ මේ විදිහේ චිත්‍රපටයක් නිකුත්වෙනවා කියන්නෙ අනිකුත් කොමික් චිත්‍රපට නිර්මාණය කරන අධ්‍යක්ෂකවරුන්ට සෑහෙන ලොකු අභියෝගයක්. මොකද කොමික්වල තියෙන සිදුවීම් වලින් පුළුල් පරාසයක් මේ චිත්‍රපටය ඇතුලේ එහෙන් පිටින්ම ඇතුලත් වෙලා තියෙනවා. අන්න ඒකත් එක හේතුවක් මේ චිත්‍රපටය මේ තරමටම ජනප්‍රිය වෙන්නත්. 2006 වසරේ නිකුත් වන 300 චිත්‍රපටයේ නිර්මාණයට දායක වූ සැක් විසින් අධ්‍යක්ෂණය කෙරෙන වොච්මෙන් චිත්‍රපටයෙ නිෂ්පාදක කටයුතු සිද්දවෙලා තියෙන්නෙ Lawrence Gordon, Lloyd Levin වගේම සැක්ගෙ බිරිද වන Deborah Snyder විසින්. චිත්‍රපටය සදහා ලෝරි ජුපිටර්ගෙ චරිතය සදහා Malin Åkerman ද, ඩොක්ටර් මෑන්හැටන්ගේ චරිතය සදහා Billy Crudup ද, ඒඩ්‍රීීයන් වයිඩිට්ගේ චරිතය සදහා Matthew Goode ද, සැලි ජුපිටර්ගෙ චරිතය සදහා Carla Gugino ද, රෝෂෑෑක්ගේ චරිතය සදහා Jackie Earle Haley ද, කොමේඩියන්ගෙ චරිතය සදහා Jeffrey Dean Morgan ද, ඩෑෑන්/නයිට් ඔව්ල්ගෙ චරිතය සදහා Patrick Wilson කියන නළු/නිලියන් පිරිස සහභාගී වෙලා තියෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 120 ක මුදලින් නිර්මාණය වෙන චිත්‍රපටය 2009 පෙබරවාරි 23 වැනිදා ඉදන් තිරගත වීම ආරම්භ වෙලා බොක්ස් ඔෆිස් දර්ශකය තුල ඇමරිකානු ඩොලර් මිලියන 186.3 ක මුදලක් උපයාගන්න සමත් වෙලා තියෙනවා.IMDb දර්ශකය තුල 7.6/10 අගයකුත්, රොටර්න් ටොමෑටෝ දර්ශකය තුල 68% ක අගයකුත් ලබාගන්න සමත්වෙලා තියෙනවා. ඔය විදිහට විශාල ප්‍රේක්ෂක පැසසුමක් ලබාගත්ත මේ චිත්‍රපටය මේ වෙද්දී,
- 36’වැනි සාටම් සම්මාන උළෙලේ හොදම ෆැන්ටසි චිත්‍රපටය සදහාද, හොදම ඇදුම් මෝස්‌තර නිර්මාණ කරණය සදහාද, විශේෂ ගණයේ ඩිවිඩි පට නිකුත් කිරීම සම්බන්ධයෙන්ද සම්මාන ත්‍රිත්වයක් ලබාගෙන තියෙනවා.
- 2009 වසරේ පැවැත්වූ ස්ක්‍රිම් සම්මාන උළෙලේහොදම කොමික්-බුක් චිත්‍රපටය සදහාද සම්මානය දිනාගෙන තියෙනවා.
මේ විදිහට යම්තාක් දුරකට සාර්ථක වෙච්ච මේ චිත්‍රපටයෙ දෙවැන්නක්ද නිර්මාණය වෙන්න ඉඩ තිබුණු බව අන්තර්ජාලයෙ සදහන් වෙනවා. නමුත් මේ චිත්‍රපටයෙන් සැක් ස්නයිඩර් ලැබූ ජයග්‍රහණය නිසාම එයාට වෝනර් බ්‍රදර්ස්ලා සුපර්මෑන් වගේම බැට්මෑන්ව DCEU එක යටතේ රිදී තිරයට ගේන්න වගකීම පවරනවා. ඒකෙ ප්‍රතිඵලයක් නිසාවෙන් Man of Steel (2013) වගේම Batman v Superman: Dawn of Justice (2016) චිත්‍රපට දෙක නිර්මාණය කරන්න යෙදුන නිසා වොච්මෙන් සීක්වල් චිත්‍රපටය නිර්මාණය වෙන්න තිබුණු ඉඩකඩ නැතිවුනා කියලයි සදහන් වෙන්නෙ.
මේ චිත්‍රපටය සදහා උපසිරැසි ගන්වන්න මාවත් සම්බන්ධ කරගත්ත විමාට ස්තුති කරන ගමන් මං සමුගන්නවා. එහෙනම් ඉතින් ලිපි කැල්ලක් විතරක් තිබුණු මේ චිත්‍රපටයත් උපසිරැසි අරගෙන ආව එකේ අරගෙනම බලන්නකෝ. ජය!!
ප:ලි: මතක ඇතිව චිත්‍රපටය සදහා විඩියො පිටපත් ඩවුන්ලෝඩ් කරද්දී Director’s cut එකම ඩවුන්ලෝඩ් කරන්න මතක තියාගන්න. මොකද ඩිරෙක්ටර් කට් එකේ විනාඩි 186 ක ධාවන කාලයක් සමන්විත වෙනවා. ඒ කියන්නේ සිනමාශාලාවල පෙන්නපු විනාඩි 162 ධාවන කාලයට වැඩි කාලයක් මේකෙ අන්තර්ගත වෙනවා. Ultimate Cut එක ගත්තොත් විනාඩි 186 හැරුනම තවත් වැඩි කාලයක් පුරාවටම ධාවනය වෙන, අනවශ්‍ය කොටස් බොහොමයක් ඇතුලත් වෙනවා. චිත්‍රපටයෙ අධ්‍යක්ෂකවරයා වන සැක් ස්නයිඩර් නිර්දේශ කරලා තියෙන්නෙත් Director’s cut එක අරගෙන බලන්න කියලයි. ඒ නිසා මතක ඇතිව Director’s cut එකම අරගන්න.
පෙර පල වූ ලිපිය – ඉසිර ගුණතිලක
ඔන්න කට්ටිය මාස ගානක් තිස්සෙ බලාගෙන හිටපු චිත්‍රපටයක හොද පිටපතක් ඇවිත් තියෙනව. ඒ තමයි මීට සතියකට කලින් කොළඹ MC සිනාමා හලේ තිරගත වූ Watchmen චිත්‍රපටය. මේක එන්නත් කලින් බොහොම ප්‍රසිද්ද උනා සුපිරි චිත්‍රපටයක් වන 300 චිත්‍රපටයේ අධ්‍යක්ශක වරයාගෙම තවත් නිර්මාණයක් නිසා.
මේක බොහොම වෙනස් චිත්‍රපටයක්. සුපිරි වීරයක් කීපදෙනෙක් වටා ගෙතුන කතාවක්. ලෝකයත් මීට වඩා ටිකක් වෙනස් තැනක් මේ කතාවෙදි. ටික වෙලාවක් යනව අපිට ඊට අනුව හැඩ ගැහෙන්න. ඔන්න එහෙනම් මම කතාවෙ මුල් ටික කියන්නම් මේක කොහොම එකක්ද කියල දැනගන්න. එක්තරා පුද්ගලයෙක් තම ගෙදර සාලයට වෙලා ඉන්නකොට දොර කඩාගෙන පැමිනෙන කෙනෙක් ඔහුව මරණව. මේ මරණය සිදුවන්නෙ ලොකු සටනකින් පස්සෙ. මේ සටනෙදි අපිට තේරෙනව මෙයාල සාමාන්‍ය අය නම් නෙවෙයි කියල. මේ මියගිය පුද්ගලය සුපිරි වීරයන්ගෙන් එක්කෙනෙක්. පසුව ඔහුගේ අවමගුලට සහභාගී වන ඔහුගේ සගයන්ගෙ මතකයන් අනුව මියගිය පුද්ගලයා බොහොම නරක ගති පැවතුම් තිබුන කෙනෙක්. මේ අතරතුර ඔවුන් උනන්දු වෙනව තම සගය මැරූ කෙනා සොයන්න. අවසානයේ මේ මිනීමැරුම කළ පුද්ගලයත් එක්කම ඇමරිකානු ආරක්ශාවට තර්ජනයක් වෙන කරුණු රැසක් එලිදරවු වෙනව. නමුත් මෙමගින් ලෝක සාමය ඇති වෙනව. චිත්‍රපටය බැලුවොත් තේරෙයි ඒ කොහොම්ද කියල.
මේ තමයි කතාවෙ ප්‍රදාන සිද්දිය. මීට අමතරව මොවුන් නගරය තුල සාමය ඇති කරන්න දරන උත්සාහයන් එහෙම මේකෙන් දැක්වෙනව. අමුතුම චිත්‍රපටයක්. අපිව වෙනස්ම තැනකට තමයි අරගෙන යන්නෙ. සාමාන්යෙන් මේ වගෙ චිත්‍රපටි කරන්න ගියාම අනාගන්නව. නමුත් මේක හොදට කරල තියෙනව. වෙනසකටත් එක්ක බලන්න. IMDB රේටින්ග්ස් වල දැනට මේක 7.9/10 ම ලබාගෙන තියෙනවා.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය “Director’s cut Blu-Ray” පිටපත සඳහා පමණක් අදාළ වේ.
18,684 downloadsDownload Watchmen-2009.zip81 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” හා “චාමර සම්පත්” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27 [ ශාන් විමුක්ති ]
JOINING DATE – 2015-02-12 [ චාමර සම්පත්]
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
- #2009
- #Billy Crudup
- #Box Office Hits
- #Carla Gugino
- #DC
- #DC Comics
- #Editor's Pick
- #Jackie Earle Haley
- #Jeffrey Dean Morgan
- #Malin Akerman
- #Matthew Goode
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Patrick Wilson
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #You Decide
- #චාමර සම්පත්
- #ශාන් විමුක්ති [විමා]
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
80 comments
Uraj Deemantha
chamila
මට නම් මේ කතාව ගැන වැඩිය උනන්දුවක් තිබුනේ නැහැ ඒත් විස්තරේ කියෙව්වහම බාන්න හිතුනා...
පොතේ ගුරා
@Uraj Deemantha!හික් හ්ක්..මෙහෙම ෆිල්ම් බලන්න ගිහින ජොබටත් කෙලවෙයිද දන්නෙ නෑ..හික්z..
@chamila!අමුතු ෆිල්ම් එකක් මචෝ..ඇක්ශන් ෆිල්ම් වලට කැමති අයට හොදයි.. :) බලල කියපන්කො කොහොම්ද කියල.. :)
Uraj Deemantha
ඔව් ඔව් ජොබට කෙල උනොත් මට උඹේ සයිට් එකේ ඇඩ්මින් කමවත් දියන්...... :D
ඒජන්ට් එක්ස්
මචන්ලා,ටොරන්ට් බානවට වඩා ලේසි නැද්ද ඩිරෙක්ට් ලින්ක් එකකුත් දැම්මානම්???
පොතේ ගුරා
@Uraj Deemantha !හික් හික්..ඇඩ්මින් කම නම් දෙන්න බැරියැ..මේකෙන් සතයක් වත් හම්බෙන්නෙ නෑ..හැබැයි බර ගානක් වියදම් නම් වෙනව..හික් හික්..
@ඒජන්ට් එක්ස්!හැම ෆිල්ම් එකටම ඩිරෙක්ට් ලින්ක්ස් හොයාගන්න අමාරුයිනෙ මචන්..RS ලින්ක්ස් එහෙම නම් දෙන්න පුලුවන්..ඒ උනාට ඒව දවසක අයින් වෙනවනෙ..එතකොට තමයි අවුල..ලිපි වලින් ප්‍රයොජනය්ක් නැති වෙනව එහෙම උනාම..ටොරන්ට් එහෙම නැති නිසා තමයි ටොරන්ට් දෙන්නෙ.. :)
දක්ෂිණ
මෙන්න Direct links ටික. මම තාම මේක බෑවේ නෑ. කියලා තියෙන්නේ නම් DvDRip එක කියලා. Mediafire නිසා ඉක්මනට download කරගන්න පුළුවන් වෙයි.
බස්සා
ෙටාරන්ට් නැතිව බාන්න බැරිද
පොතේ ගුරා
@දක්ෂිණ !තෑන්ක්ස් මචන්..උඹ මේ ලින්ක් වලින් බෑවොත් කියපන් කොහොම්ද තත්ත්වය කියල.. :)
@බස්සා !මම නම් දෙන්නෙ ටොරන්ට් තමයි මචන්..මොකද ෂුවර් නැති ඒව දෙන්නෙ නෑ මම..දක්ෂිණ සහෝදරය දීල තියෙන ලින්ක්ස් ටික සමහරවිට උඹට ප්‍රයෝජනවත් වෙයි.. :)
දක්ෂිණ
දෙවෙනි කොටසේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක mediafirefilms.com site එකේ admin ට කිවුවා නම් හදයි.
Dili | දිලින
මේක සම්මාන පිට සම්මාන දිනපු කොමික් පොතක සිනමාකරණයක්, මම ගාව ඒකට links කොහෙද තිබුනා. ඒවා හොයලා දාන්නම්. හැබැයි මම නම් කියන්නෙ DVDRip එක බාන්න එපා කියල මොකද Bluray Directors Cut එකේ වැඩිපුර විනාඩි 30 තියෙනවා.ඒකෙ Rip එක බාන්න
ChuttaFX
අලුත් තැනට මාරු උනාට පස්සෙ මගේ පළවෙනි කමෙන්ට් එකද කොහෙද.
ඉතින් ඔබට සුබ පතුම් අලුත් තැනට මාරු වෙච්ච එක ගැන.එතකොට ෆිල්ම් එක බලන්න ඕන. තෑන්ස්! :)
hard disk එකේ space1 නැති එක තමා අවුල. :(Suvin
Thanx!
Suvin
mamath hoya hoya hitiye meka.....
පොතේ ගුරා
@දක්ෂිණ !ආහ්...අවුලක් තියෙනව නම් කස්ටිය මේ ලින්ක්ස් නොබා ඉන්නව නම් තමයි හොද.. :)
@Dili | දිලින !මම ඒ පොත නම් බලල නෑ මචන්..කොහොම උනත් අමුතු,එළ කතාවක්.. :)Directors Cut එකේ කොච්චර වෙලාවක් තියෙනවද බන්z?කොහොම උනත් ෆිල්ම් හෝල් වල ගියපු ටික ගානට තියෙනව මම මේ දීල තියෙන රිප් එකේ.. :)
@chathurarcrc !තෑන්ක්ස් මචෝ.. :)
@ChuttaFX !ඒක තමයි..ගොඩ කාලෙකින් මේ දැක්කෙ.. :) හික්z..ඉඩ නම් මටත් ප්‍රශ්නයක් වෙනව ගොඩක් වෙලාවට..
@Suvin !එළ මචන්..බලල කියපන්කො කොහොම්ද කියල.. :)
nalin
niyama wedak..
geethq
ස්තූතියි
මේකයි තව ෆිල්ම් 3 කුයි ඩවුන්ලෝඩ් වෙන්න දැම්මපොතේ ගුරා
@nalin !එළz!
@geethq!අහ්..එකපාර ෆිල්ම් ගොඩක් බලන්න වගේ..එළ එළ.. :)Suvin
Man Baluwa Movie eka! Movie eke anthima paya nam godak hodai..! Hithapu tharamma action nathi unath Story eke sankeernai.. niyamai! wenasma widiye sSuper Hero Movie ekak!
nilaksha anthony
@Suvin
maha guu hathe film ekak.umbalage rasawindana hithaganna puluwan.machoo matana kisi ginnak na me filme eka mage thiyana Software eken 1.35 h walin bawenawa ela ela .........
sonlanka
Torrent not found...
ගෝලයා
සබැදුම යාවත්කාල කලා..
Harsha
ane meka tikak kammaliy banz.. eth amutghu wenasak balaporottu wenna puluwan movie 1k.. thnx..
Ramraj
මෙකත් බැරි වෙලා වගේ.
AYESH
Maxxxxxa saho
mama mey wagey fight films walata hugak asainish silva
ane machanla mata dan sathiyaka withara idala films banna bane "Oops! Google Chrome could not connect to btjunkie.org" menna mehema error 1 enawa mekata hethuwa mokakda kynawada kawru hari plz....
udayanga..
mge lga tyenne 848mb mkv file akta dvdrip ake subtitle aka match wn nene.aka hda gnda vidiyk ndda.dvdrip akama onada?
sameera
mmm honday wage
Jayalath
Sinhala SUB Kohenda Ganne Machan.
Jayalath
Mata Link Eka Open Karanawada. Sub Wala. Loku Udawwak. Thanks.
Jayalath
meke sub ganna ba. pluwannam add karanawada.
ZuckerBug
sub na ne :(
Kasun
patta tnkz mchn
madushan1st
BEST WADAK.
pirate boy
plezzzzzzzzzz give sinhala subtitle plzzzzzzzzzz!!!
FORpirate boy
plezzzzzzzzzzz give sinhala sub plzzzzzzz
for brrip
thanks!!!!jayakody123
dpn.
Thisara Neo (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)Anuradha
Meke sinhala sub ganna web site ekak nadda bn
jayakody123
dpn.
Sajja
මේකේ සිංහල සබ් නැද්ද?? පුළුවන් නම් මේකටත් සබ් ඒක දාන්නකෝ...
wimma
ko ban saba
chiran maduranga
ayyo sub na ne
chan
ko sub na ne
Akash
meke sub eka nadda bn
Kukula
මේකෙ සබ් එක නැද්දෝ.... ..
Chamith
Sub එක දෙන් නැද්ද
Düshãn T Jáyàsündàrá
Sub eka denne nadda?
Osanda sahan
මේකේ සබ් හොයාගන්න විදියක් නැද්ද
amilamadushan
ko sinhala sub nane
Shalinda Udesh Kumara
Sub eka nane
Gayaru
Where are the subtitles????
Tharanga880
Uba monawa gahalada meka add kare ko yako sub
ashan304
Sub naddo
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![Watchmen (2009) Sinhala Subtitles | වීරයන්ගේ එකමුතුවක්, වෙනස්ම අත්දැකීමකට! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/08/Watchmen-2009-1.jpg)
අද නම් බානවා මේක ඔෆිස් එකෙන්........ :) බොසාට හොරෙන් වෙන මැසිමක දානවා බෑවෙන්න..... :P හික්ස්.... :D