එහෙමනම් ඉතින් මම තීරණය කළා මේ ජේමිස් බණ්ඩා චිත්‍රපට පෙළ එකවරම අත හරින්නෙ නැතුව, තව එකක් දෙකක් දීල බලන්ඩ ඕනෙ කියලා. මොකද මම ගියපාර කියපු දේ දැකලා හුඟ දෙනෙක් ඉල්ලීම් කරලා තිබුණනේ මේක නතර කරන්ඩ එපා කියලා. අනික මම ඒ කියාපු කාරණය කට්ටියට හැබෑටම හිතට දැනුණද කියන එක මට සනාථ කරගන්ඩනම් මේක එකපාරට දමල ගහල […]

එහෙමනම් ඉතින් මම තීරණය කළා මේ ජේමිස් බණ්ඩා චිත්‍රපට පෙළ එකවරම අත හරින්නෙ නැතුව, තව එකක් දෙකක් දීල බලන්ඩ ඕනෙ කියලා. මොකද මම ගියපාර කියපු දේ දැකලා හුඟ දෙනෙක් ඉල්ලීම් කරලා තිබුණනේ මේක නතර කරන්ඩ එපා කියලා. අනික මම ඒ කියාපු කාරණය කට්ටියට හැබෑටම හිතට දැනුණද කියන එක මට සනාථ කරගන්ඩනම් මේක එකපාරට දමල ගහල බෑනෙ. නේද? තව එක දෙකක් ලබා දීලා ඉන්ඩ එපැයි ඒ ගැන හරියටම දැනගන්ඩ. ඒ හින්දා මම තීරණය කළා තව ඇබින්දක් බලන්ඩ ඕනෙ කියලා. ඔබේ ප්‍රතිචාරය තමයි වැදගත් වෙන්නේ ඉතින්!
මේ පාර එක දිහාට හැරුණොත්; මේ පාර බොන්ඩ්ට සිද්ධ වෙන්නේ අභ්‍යවකාශ සම්බන්ධ ගවේෂණයක යෙදෙන්ඩ. අභ්‍යවකාශ ගවේෂණයක කිව්වට මේක මේ අභ්‍යවකාශ යානයක් ගැන කෙරෙන පරීක්ෂණයක්. කක්ෂගතව පවතින ඇමරිකානු යානයක් අතුරුදන්! කොහොමද එහෙම වෙන්නේ? ඇයි දෙයියනේ එහෙම එකක් කාටවත් නොදැනෙන්ඩ, නොතේරෙන්ඩ හොරාගන්ඩ පුළුවන්යෑ. ඒකනම් වෙන්ඩ බෑ… ඒ වුණාට ඒක එහෙම තමා වෙලා තියෙන්නෙ. ඇමරිකාවට ඉන්න අංක එකේ තරගකාරයා නැතිනම් විරුද්ධවාදියා කවුද? රුසියාව! හෙහ් හේ ඔන්න අහුවුණා පොට. ඒ කියන්නේ රුසියාවද මේක කරලා තියෙන්නේ? අපෝ නෑ නෑ, රුසියාව කළ වැඩක්නම් නෙමෙයි! එහෙනම් කිව්වෙ රුසියාව තමා කියලා? රුසියාව කියල කිව්වෙ කවුද; කිව්වේ රුසියාව ඒගොල්ලනේ ප්‍රමුඛතම විරුද්ධවාදියා කියල විතරනේ… එහෙනම් මොකද්ද මේ අපභ්‍රංශෙ තේරුම? රුසියාව කියනවා, නෙමෙයි කියනවා. ආපහු තමයි කියනවා. මහ අවුලක් නේ. ඔය ඉතින් කියනකම් ඉන්නෙ නෑනේ ටිකක්. පොඩ්ඩක් ඉවසන්ඩකෝ කියන එක අහලා.
මෙහෙමනේ වැඩේ. ඇමරිකාවට ඉන්න ප්‍රධාන තරගකාරයා රුසියාවනෙ. එතකොට ඇමරිකාවෙ වැලි කැටයක් හෙල්ලුණත් ඉස්සෙල්ලාම ඇඟිල්ල දික්වෙන්නෙ රුසියාවට. දැන් තේරුණාද වැඩේ. අහහා… හරි හරි ඒ කියන්නෙ මේකෙදිත් සැකකාරයා වෙන්නෙ රුසියාව වෙන්ඩ ඇති එහෙනම්. ඔය තේරුණේ. දැන් පැහැදිලියිනේ ඉතුරු හරිය, මෙහෙම වාතාවරණයක් දිග්ගැස්සුණොත් එහෙම ඉතින් ලෝක යුද්ධයක් දක්වා දුරදිග යන්ඩ පුළුවන්. වම දකුණ බෙදිලා රටවල් දෙපිළ ගැහෙනවනේ. අන්න ඒක තමා මේ පාරත් SPECTRE ලෝක ත්‍රස්ත සංවිධානයේ අරමුණ. හෝව් හෝව් පොඩ්ඩක්. ඒකියන්නෙ මේ පාර ඔය අභ්‍යවකාශ යානෙ උස්සන්නෙ ඒ කල්ලිය කියන එකද? නැතුව, ඒ කටිටිය තමා මේක පැහැරගන්නේ. හිතාගන්ඩ ඇහැකි නේ මුන්ගෙ බලය ගැන. හරි හරි කෝකවෙතත් කමක් නෑ. කතාවෙන් කතාවෙන් අපේ වීරය ගැන කියන්ඩ අමතක වුණානේ.
මෙදා පාර මෙයා බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් මේ ගැන තමා වෙහෙසෙන්නේ. මොකද ඇමරිකාව රුසියාව ඔරොප්පු වුණා කියන්නෙ සමථකරුවා වෙන්ඩ පුළුවන් එකම සමතා තමයි බ්‍රිතාන්‍යය. ඉතින් මේ වෙනුවෙන් මොකක්හරි නොකර අහක බලාගෙන ඉන්ඩ ඒගොල්ලො සූදානම් නෑ. ඒ නිසා තමන්ගෙ හොඳම වැඩකරු වන බොන්ඩ්ට තමා මේ ගැන කටයුතු කරන්ඩ පවරන්නේ. ‘අප අත ගැසූ වැඩක් කිසිදාක වැරදී නැත.’ කියලා මිනිහත් බහිනවා ගේමට. මේ පාර යන්ඩ වෙන්නෙ ජපානෙට. මේකෙ කොහේදෝ අස්සක ජපානෙත් ගෑවිලා ඉන්නවා. ජපානෙ කියන්නෙත් තාක්ෂණය අතින් ඉස්තරම් මට්ටමක ඉන්න රටක් නේ කොහොමත්. ජපානෙ කිව්වහම නින්ජාවරුන්ගෙනුත් අඩුවක් නෑ මේකේ. කොහොම වෙතත් මෙවරත් බොන්ඩ් ප්‍රධානව සියලූම අන්තර්ජාතික බලවතුන් උත්සාහ දරන්නේ මේක ගොඩින් බේරුමක් කරගන්ඩ. බලමු නේ එහෙනම් ජපානෙ කෙල්ලන්ගෙන් බොන්ඩ්ට මේ පාර කොයි කොයි විදිහෙ තොප්පි වැටෙයිද කියලා… 😉 බොන්ඩත් ඉතින් අණ්ඩයා නේ… 😛
මේක ගැන කියද්දි මේක ඉයන් ෆ්ලෙමින්ග් ගේ නවකතාවට හොඳටම වෙනස් විදිහකට ගොඩනැගුණු මුල්ම සිනමාපටය වෙනවා. මේකෙ කතාව පොතේ කතාවට වඩා හාත්පසින්ම වෙනස්. තව ඉතිං මේක සිනමාවට නගන්ඩ තිරපිටපත සකස් කරලා තියෙන කෙනා ගැන නොකිව්වොත් ඒකත් ලොකු අඩුවක්! Roald Dahl. දන්නවත් ඇති! අර ප්‍රසිද්ධ ළමා කතා රචකයා?? ඔව් ඔව් එයා තමයි. ඉතිං මේක ටිකක් විරල සිදුවීමක් නිසා තමයි විශේෂයෙන්ම මතක් කරන්ඩ හිතුණේ. Charlie and the Chocolate Factory, Fantastic Mr. Fox වගේ පොත් ලියාපු කෙනාම තමයි මේ. ළමා කතා රචකයෙක් විදිහට ප්‍රසිද්ධ වුණාට එතුමා මේ වගේ වැඩත් මහ හුඟක් කරලා තියෙනවා. මේ එකක් විතරයි. හරිනෙ?
ඔන්න එහෙනම් 5ත් ඉවරයි හොඳේ, දන්නවනේ ඉතින් මට ඕනෙ දේ. ලොකුවට ඕනි නෑ. හිත සතුටු වෙන්ඩ අදහසක් තිබ්බනම් ඇති වචනෙකින් දෙහෙකින්. හරිනෙ? එහෙනම් මම ගියා, ලිපියෙ මුලදිම කිව්ව වගේ, ඉතුරුවා ගැන හිතලා බලන්නම් තව එක දෙකක් දීලා ඉවරවෙලා. දිගටම ඕනි නම්… දන්නවනේ ඉතිං 😀
Due to copyright issues, we do not provide any torrent links.
1,371 downloadsDownload You.Only_.Live_.Twice_.1967.zip102 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013/02/12
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
78 comments
ශාන් විමුක්ති [වීමා]
ishara
patta patta macho 007 iwara wenakm demu
quik
thanks
wow
wow... maru :D
උදාර
පට්ට මචං ඉවරයක් වෙනකම් දෙමු පටන් ගත්ත වැඩේ. ජයම වේවා
nishadip1
Thanks brother!!! keep it up!!
chami
thnksssssssssssssss
lasidu
ඔහොම යන් 007 කතා නම් පට්ට හොදේ
naleen
patta patta macho
tharanga
මේක පට්ටම දිගටම කරගෙන යමු සහෝ :)
rusuru | රුසිරු
සුපිරි වැඩක් ජයම වේවා
ccnp
Thanks
Dilan-
downloading tx
mihin ලංකා
නියමයි ජය වේවා! බොහෝ පින්
lk
thanks so much
chamath cafe
කතාව පට්ට දිගටම කරමු හොදේ. ජය
zumo man
elazzz thnxzzzz
pubudu
good work. bro
samaith4
ජය වේවා :)
chandima
supiri kathawak bro 007 kiyanne pls digatama karamu cmt gana nohitha
was
පට්ට පතුරු සහෝ ඔන්න මාත් ගන්නෝ නවත්තන්න එපෝ අපි බලනෝ මේක දිගටම
shann
Thanks digatama denna :D
akila
මමත් අනිවා බලනව.තුති
Hashan
නියමයි කොල්ලො...
ositha
007 aka patta saho mula idala sub dana aka agaya karanwa,jaya wewa sameera sahota
kalinga
සබ් දෙනකම් ෆිල්ම් එක බාගෙන උන්නේ,
මොන නවත්තිලක්ද...දිගටම දෙමු....ජය
jeewantha
all the best machan nosale yamu idiriyatama
wall e
එළනේ මේක දෙනකම් උන්නේ අනිත් ඒවාත් දෙමු නේ
gayan
ෆට්ට ෆට ෆට නියමයි මචන් ඔක්කොම ටික දෙන්න අපි කොමන්ට් දාලා සප් එකක් දෙන්නම්
Bandula
දිගටම දෙමු. අපි බලනවා
“චූටී මල්ලි”
එල එල සහෝ
දඩාර පොස්ට් එකකුත් කරලා තියෙන්නෙ එලනේ
අනික් ටිකත් දෙන්න එහෙනම්
සබට තෑන්ක්ස්Vampire diaries කියන tv series එක ගැන පොඩ්ඩක් සලකලා බලන්නකො
vee
jaya wewa!
roshan
anith 007 akath ikmanata demu machan.
geeth
supiri kollo
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල දිගටම ඕනි නේන්නම් ...පිස්සු කතා කරන්න එපා මෙයා.....
බන්ඩත් එක්ක අපි ලොවත් දිගටම ඉන්නවා.... හොදේ.... පිස්සු කෙලින්න ලැහැස්ති වෙන්න එපා....හසන්ත වික්‍රමරත්න
නියමයි සමීර මල්ලි ඔහොම එක එක කරගෙන යමු දාන්නෙම නැතුව වැඩේ ඉවර වෙනවා. කට්ටියට මොන හේතුවක් නිසාද මන්දා කොමෙන්ට් එකක් දාන්න බැරි. සබ් එකත් නිකන් දෙනවා කොමෙන්ට් එක දාන්න රෙජිස්ටර් වෙන්න ඕනෙත් නැත්තන් මට පෙන්නේ කම්මැලි කම වෙන්ට ඕනේ. කමක් නැහැ සබ් එක හරි ගන්න කම්මැලි නැතුව එනවා මදැයි නේ ?
vidu
Niyamai machan....okkoma oni kohomahari
dimuthu තරංග ඉලුක්කුඹුර
ඔයා කියන එක හරි සහෝ, උපසිරසියක් දෙන්න වෙන මහන්සිය දන්නේ උපසිරසි දාන අය.දාල ඉවර උනාම හිතට එන සතුට කියල වැඩක් නැහැ.ඊට පස්සේ අඩවියේ පලවෙනකම් බලාගෙන ඉන්නේ කට්ටියගේ අදහස් දැනගන්න අදහස් අඩුවෙනකොට හිතට දැනෙන්නේ ලොකු දුකක් තමයි, නමුත් කරගෙන එන වැඩේ අතඅරින්න එපා,මේ කතා සෙට් එක එනකම් ගොඩ දෙනෙක් බලාගෙන ඉන්නවා, මටත් සමහරවෙලාවට ආයිත් දෙබස් දෙන්න බැහැ කියල හිතුන වාර තුබුන නමුත් අපි කිහිපදෙනත් නිකන් හිටියොත්? දුක් වෙන්න එපා සහෝ දිගටම කරමු,ජයවේවා.
shashik
1000111011011101010010001011010101110001011010101010
BINARYindika
thnxs.......... pata..... athi meka... :)
kapila
thanks machan
Chanaka
බොහොම ස්තුතියි සහෝ.. දිගටම දෙමු..
Akalanka
pattai mcn. okkoma ona!
Dimuthu
Thanks Macho,keep it up
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසිගැන්වීමට. තවත් එකක් දුන්න නේ? නවත්තන්න එපා. ඉතිරි ටිකත් දෙන්න.
නලියා
නියමයි සහෝ..
දිගටම කරමුජය වේවා
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා. :P :P
රෙහාන් චානක
නියමයි සහෝ අනිත් කතා ටිකත් දෙන්න
දිනිඳු සම්පත්
මේ චිත්‍රපටි මාලාවේ 2ක්නම් බැලුවා. බොහොම ස්තූතියි. මේකත් බානවා. ජයවේවා!
Ashain
niyamai...mn laga james bond collection ekama thiynwa..sub nathuwa idiye...dn hari...set ekatama sub denda hode..jaya wewa
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
මම පලවෙනිය එහෙනම් ඕං :)