Watch Trailer

Fantastic Mr. Fox (2009) with Sinhala Subtitles | ඔස්කාර් සම්මානයකට නිර්දේශිත චිත්‍රපටයක් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න රොකියා මාමා පොඩි හිටියන්ට පුංචි තෑග්ගක් දෙන්නයි යන්නෙ. කට්ටිය මට බනිනවනෙ හොල්මන් ඒවා විතරයි දෙන්නෙ කියලා.මේක එසේ මෙසේ තෑග්ගක් නෙමෙයි, තව දින කීපයකින් පැවැත්වෙන ඔස්කාර් සම්මාන උලෙලෙදී හොඳම ඇනිමේෂන් චිත්‍රපටයට නිර්දේෂ වී තියෙන චිත්‍රපටයක්. ඒ වගේම ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙලටත් මෙය නිර්දේෂ වුනා. ම…

ඔන්න රොකියා මාමා පොඩි හිටියන්ට පුංචි තෑග්ගක් දෙන්නයි යන්නෙ. කට්ටිය මට බනිනවනෙ හොල්මන් ඒවා විතරයි දෙන්නෙ කියලා.මේක එසේ මෙසේ තෑග්ගක් නෙමෙයි, තව දින කීපයකින් පැවැත්වෙන ඔස්කාර් සම්මාන උලෙලෙදී හොඳම ඇනිමේෂන් චිත්‍රපටයට නිර්දේෂ වී තියෙන චිත්‍රපටයක්. ඒ වගේම ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙලටත් මෙය නිර්දේෂ වුනා. මේ බයිස්කෝප් එක ගැන විශේෂතා ගොඩයි. ඒ මෙ චිත්‍රපටය තමයි 20th Century Fox විසින් නිපඳවනු ලැබූ මුල්ම “stop-motion animated film“ එක වීම. මේ “stop- motion” animation කියන්නෙත් අමුතු කලාවක්. මෙයට ගොඩක් දිගු ඉතිහාසයක් තියෙනවා. මෙහිදී නිපඳවන රූප සම්පුර්න පරිගණකය තුලින් ත්‍රිමානව මවන රූප නෙමෙයි. මෙහිදී ඇත්තටම යම් දෙයක් අතින් අල්ලන්න පුලුවන් අයුරින් නිර්මානය කරලා එය පසුබිමක තබා එයට පරිගනකයෙන් චලනය සඳහා පන ගැන්වීමක් තමයි කරන්නෙ.ඒ කියන්නෙ මේ කතාවට අදාල හැම චරිතයක්ම එයාලා විසින් අතින් අල්ලන්න පුලුවන් විදියට පුලුන් පුරවලා හදලා තියෙනවා. ඒක ගැන පොඩි තේරුමක් මෙතනින් ගන්න පුලුවන්. මේ චිත්‍රපටය තමයි මම උපසිරසි යොදන්න ගිහිල්ලා ගොඩක්ම අල බවට පත් වෙච්ච බයිස්කෝප් එක. ඒකට හේතු ගොඩයි. මෙය සාමාන්‍ය වියවහාරික බසින් එහාට ගිය අයුරින් දැබස් සැකසී තිබීම. හදිස්සි අවස්තාවකදී උදවු ගැනීමට සිටි සෑම දෙනෙක්ම හදිසියේ කාර්යබහුල වීම (මම online දානකොට කට්ටිය invisible දානවා), ඕය හේතු වලින් මූලික උනා. කොහොමහරි ඉතින් අපේ බයිස්කෝප් පාඨක පිරිස වෙනුවෙන් කට්ටක් කාලා කොහොමහරි වැඩේ ගොඩ දා ගත්තා.

මේ කතාවත් හරියට  අර Prison Break කතාව වගේ තමයි. කතාවට පාදක කරගෙන තියෙන්නෙ 1970 දී Roald Dahl විසින් රචිත Fantastic Mr Fox කියන නවකතාවයි.  කතා නායකයා වෙන්නෙ හිවලෙක්. මේ හිවලා අමුතුම විදියේ වැඩක් තමයි දෙන්නෙ. එයාගෙ හිවල් පවුලට සහ යාලුවන්ට මිනිසුන් කරන හිරිහැර වලට එයා සටන් කරලා ඒ හැම ප්‍රශ්නයකින්ම ගලවගන්න හැටි තමයි මේ කතාවෙන් පෙන්නන්නෙ. ඒ සඳහා ඔහු කන්ඩායමේ ඉන්න එක් එක් කෙනාගෙකෙනාගෙ දක්ෂතා වලින් උපරිම ප්‍රයෝජනයක් ගන්නවා. ඒ හැම සම්පතක්ම අරගෙන මේ Mr.Fox අමුතුම විදියෙ වැඩසටහනක් තමයි දෙන්නෙ. ඒ වැඩසටහන මොකද්ද කියලා දැනගන්න ඕනෙනම් ඉතින්, මේ කට්ටක් කාලා හදපු සිංහල උපසිරසියයි, බයිස්කෝප් එකයි බාගත කරලා මුල ඉඳලා ඇස්පිල්ලන් ගහන්නෙ නැතුව බලාගෙන ඉන්න.

Imdb වල 8.2 ක ශ්‍රේනිගත කිරීමේ අගයකුත් මේකට හම්බෙලා තියෙනවා.මේ චරිත සඳහා හඬකැවීමෙන් දායක වෙලා තියෙන්නෙ හොලිවුඩ් වල සුපිරිම සුපිරි තරු ටිකක් වන George Clooney, Jason Schwartzman, Bill Murray, Owen Wilson, Willem Dafoe යන අති දක්ෂයින් පිරිසකි. කට්ටියට තව සිංහල උපසිරසි රැගත් අලුත්ම චිත්‍රපට ඕනෙනම්, කමෙන්ට් කරන්න ඕනෙ, මොකද අපිට මෙවයෙන් අන්තිමේදි ඉතුරු වෙන්නෙ ඔයාලා මෙතන දාලා යන කමෙන්ට් එකක් විතරයි.
මෙන්න මේ පෙර දසුන් බලලම බාගත කිරීම පටන්ගන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

5,982 downloadsDownload Fantastic.Mr_._Fox.2009.Sinhala.Subtitle.zip39 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනුෂ්ක උදාර ( රොකියා )” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/01/20

Subtitles

5,982 downloadsDownload Subtitles39 KB

89 comments

  1. Tharindudoo

    එල එල,,
    නියමයි

  2. Akila

    mama 1 wqage ne.
    lassana film ekak wage
    baalama balami
    Thanks.

  3. චරිත

    එළ එළ මමත් මේක බානවා. බලලම comments දාන්නම්.

  4. Dar[K]

    පට්ටා මචො ඔන්න මම බානවා !! අහ් මේක සින්හල උපසිරසිත් තියෙන්නේ!! එල එල මොක උනත් අද බානවා [ වැඩිය නෑ දැනටමත් ෆිල්ම්ස් 8ක් බානවා] :D

  5. Dar[K]

    අඩේ රොකියා නේද මේක ලියලා තියෙන්නෙ O.o එල එල පොඩ්ඩක් හොල්මන් කතා නවත්තලා මේවා දාපු එක හොදයි | ඊලග පාර හොද කොමඩියක් දෙන්න :)

  6. chamila

    රොයිලියා බලු කථා දානවා..... මූ පූස් කථා දානවා... :(

  7. Anju

    d.loading..thanxxx...!!!!

  8. chamila

    සොරි වෙන්න ඕන පූස් කතා නෙමේ නරි කථා... :D

  9. NmL

    ඔන්න මමත් බානවා. සිංහල උපසිරැසි වලටත් බොහොම ස්තතියි.

  10. Dinushka Udara | රොකියා

    එහෙනම් කට්ටිකම බාගත කිරීම් අරබන්න. මටනම් අද දවස ටිකක් කාර්යබහුල වෙයි. පොඩි ප්‍රොජෙක්ට් එකකට එලියට යනවා. හවසට කට්ටියටම රිප්ලයි කරන්නම්. ජය වේවා !

  11. මලිත්

    niyamai ela ela adama banawa

  12. SPND

    tnx hode

  13. DCD Weerawardhana

    Ela ela. Thanks for sinhala sub.

  14. Dushan

    macho thx vry much mamath banawa........mekath torrent godata danawa......torrent nam goda gahilaaa.....11 k banawa.....macho gladiator film eka sub ekka danawada?

  15. Dushan

    macho thx vry much mamath banawa........mekath torrent godata danawa......torrent nam goda gahilaaa.....11 k banawa.....

  16. Dushan

    macho gladitor valata sub danawada?

  17. හසී

    අම්මෝ ගොඩ දවසකින්....මං මේක බැලුවා.....පට්ට....

  18. kathu

    පුදුමෙ කියන්නෙ මම දවසක් IMBD එකෙ කැරකි කැරකි ඉද්දි මෙ film එක හම්බවුනා. එ්ත් motion animated film එකක් නිසා බාන්න කම්මැලි හිතුනා.. දැන් Rokiya සිංහල sub එක්කම දීලා තියෙන එකෙ නොබා කොහොමද..?? අනිවා බෑවා.. Rokiyata පිං..!!

  19. දසයා

    ජයවේවා මචෝ. මේකනම් එල භාණ්ඩයක් වගේ. අපේ පොඩි එකත් කැමති වෙයි. බොහොම පිං මහන්සි වෙලා සබ් දාල අපිට දෙනවට. සිංහල සබ් එක්ක බලද්දි ආතල් එක ඩබල් වෙනවා.

  20. aKILLER (Aki)

    පෙර දසුන් demma ekatanam mam godak kemathi ........ onna banna demma ...

  21. Brayen

    niya mai athi yantham holman nethi film akak dem ma.... kapu katta ta ape pranameya!!!!!! ithuru tika bala la kiyan num.... jaya wewa!!!!

  22. anthr6x

    මේ තියෙන්නෙ. මම guess කලා හරි නේදෝ???? ;)

  23. Dinushka Udara | රොකියා

    @ Tharindudoo ; @ Akila; @ චරිත ; එල, කට්ටියම බලලා ඉවර වෙලා කමෙන්ට් එකක් දාන්න ආයෙත්.

    @ Dar[K] ; ආයෙත්නම් සිංහල සබ් දාන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ මචෝ. ඔෆිස් එකේ වැඩත් දැන් ගොඩයි. ඒ අස්සෙ මේ දවස්වල Hanthana project එකටත් පොඩි දායකත්වයක් දෙනවා.

  24. Dinushka Udara | රොකියා

    @ chamila ; අන්න කොල්ලට වැඩදුනු තැන. මේක පූස් කතාවක් නෙමේ .... එලකිරි නරි වැඩ කාරයෙක්ගෙ කතාවක්.

    @ Anju ;@ NmL ; බලලා ඉවරවෙලාම කමෙන්ට් එකක් දාන්නකො එහෙනම්.

    @ මලිත් ; අපි කවදත් එල ඒවනෙ දෙන්නෙ.

  25. Dinushka Udara | රොකියා

    @ SPND ; @ DCD Weerawardhana ; එල එල

  26. Dinushka Udara | රොකියා

    @ Dushan ; දෙන ටොරන්ට් නොබා ඉන්න ඉන්න එක හොඳ වැඩක් නෙමෙයි.
    gladiator ෆිල්ම් එකනම් මම හිතන්නෙ උපසිරසි සහිතව රූපවාහිනියෙ දෙපාරක් විතර ගියා.

  27. ashan kandy

    ela ela onna bawa.. ala, del nowi jaya wewa..

  28. Dinushka Udara | රොකියා

    @ හසී ; බැලුවට කමක් නෑ, නරකද සිංහල සබ් එක්ක තව පාරක් බැලුවනම් ?

    @ kathu ; මට විතරක් නෙමෙයි මචෝ පින් දෙන්න ඕනෙ. මේ සයිට් එක වෙනුවෙන් කැපකිරීම් කරන ගෝලයා, ගුරා, රොයිලියා වැගේ හැම එක්කෙනෙක්ටමයි

  29. Dinushka Udara | රොකියා

    @ දසයා ; ඔවු ඔවු මේක පොඩි එවුන් වෙනුවෙන්ම සබ් දාපු එකක්, ඒකනෙ මම උඩින්ම ලියලා තියෙන්නෙ රොකියා මාමගෙන් තෑග්ගක් කියලා

    @ aKILLER (Aki) ; ඒකනෙ කියන්නෙ, ෆිල්ම් එක හොඳනැත්තන් ඔස්කාර් වලට නොමිනේට් වෙයිද!

    @ Brayen ; කට්ටියකට හොල්මන් ෆිල්ම් නොදිරවන නිසාම තමයි මේ ඇනිමේශන් එකට දැම්මෙ.

  30. Dinushka Udara | රොකියා

    @ anthr6x ; සම්පූර්න වැරදියි. උඹ කියුවෙ ගිනි නරියද මොකද්ද කියලනෙ.

  31. අම්ර

    digatama sinhalen sub denna obata haki weva....!!!

  32. සසික නානායක්කාර

    එල ඔන්න මමත් බාන්න දැම්මා.සිංහල සබ් තියෙන නිසා එලම තමයි.

  33. Enri

    මචෝ මොනව කරන්නද දැන්නේ ආවෙ. එළ අනිව බානව. අද පොඩ්ඩක් කට්ට්ය සෙට් වුනා. දන්නැද්ද?

  34. රන්දික පෙරේරා

    මේක බාන්න ඕන...
    ඒත් අද හෙට නෙමෙයි. මොකද මම මේ දවස් වල දාන බැරි වුන ටොරන්ට් ගොඩ ගැහිලා නොවෑ.

    තුතී..

    ජය වේවා...!!!

  35. susantha

    mamath banna danava.sinhala sub thiyana hinda aniva banava.thnx

  36. h

    මේක මම හොය හොය ඉඳලා හොඳ එකක් ආ ගමන්ම වගේ බාගත්තා. හොඳ ඇනිමේෂන් එකක්. stop motion ක්‍රමයට හැදුවා කියලා රස විඳින්න කිසිම බාධාවක් නෑ.

  37. රොයිලි

    ස්තූතියි රොකියෝ සබ් ෆිල්ම් එකට. අද නම් මහ එපාම කරපු දවසක්. නෙට් එක දුන්නෙ නැහැ මෙහෙම වදයක් කවදාවත් :(
    දැන් සති දෙකක් තිස්සෙ මේ කරච්චලය.

    සමාවෙන්න ඔනා මූනූ පොතේ මැස්සව අරින්න වෙලා ගියාට. පට්ටම චිත්‍රපටියකට සබ් දාලා තියෙන්නේ. එල එල ජය වේවා. !

  38. Uraj Deemantha

    හදිස්සි අවස්තාවකදී උදවු ගැනීමට සිටි සෑම දෙනෙක්ම හදිසියේ කාර්යබහුල වීම (මම online දානකොට කට්ටිය invisible දානවා)

    ඇයි මචන් ඒ ..............??

  39. NuwanHunter

    මේකත් හොද එකක් වගේ පේනවා. හෙට උදේම බාගන්න ඔනේ. :-)

  40. Uraj Deemantha

    සිංහල සබ් වලට පින් සිද්ධ වෙච්චාවේ ........!! :)

  41. Uraj Deemantha

    සිංහල සබ් වලට පින් සිද්ධ වෙච්චාවේ රොකියාට....... :D (කලින් කමෙන්ට් එකේ අමතක වුනානේ ඒක කියන්න.....!! )

  42. Reshan

    සින්හලෙන් සබ් නිසා අපි අනිවාර්යයෙන් බාගන්නවා

    බයිස්කෝප් කණ්ඩායමට අපේ ස්තුතිය...

  43. Reshan

    The Twilight Saga New Moon ච්ත්‍රපටයත් සිoහල සබ් දාලා අපිට ඉක්මනටම දෙනවා නේද?

  44. චමි.දේ.වා.

    ඔන්න,
    උඹ දුන්නා.....මම බෑවා.....රෑම බැලුවා.....

    තව එකක් හෙට අනිද්දම ඕනා.....

  45. San J

    තැන්කූ රොකියො උඹ පට්ට ෆිල්ම් එකක්නෙ දාලා තියෙන්නෙ.
    ඔන්න එහෙනම් සබ් වලටයි ෆිල්ම් එකටයි උඹට පින් දීලා මමත් බානවා

  46. Dinushka Udara | රොකියා

    @ අම්ර ; @සසික නානායක්කාර ; @Enri; කමෙන්ට්ස් වලට තෑන්ක්ස්

    @ රන්දික පෙරේරා ; එහෙම බෑ. අද දෙන එක අදම බාගත කල යුතුයි

    @susantha ; ඒකනේ අනිවා බාගමු එහෙනම්

    @ h ; stop motion කියන්නෙ අමුතුම කලාවක් , අමුතු නිසානෙ මේක ඔස්කාර් වලත් නිර්දේශ වෙලා තියෙන්නෙ ඉතින්

    1. Randimairo

      Bluray walata sub eka update karala denna puluwan da sahoo

  47. Dinushka Udara | රොකියා

    @ රොයිලි ; අන්න අන්න, දැන් ඉතින් බොරුව දාගෙන එනවා. හික්ස් අවුලක් නෑ මචෝ

    @ Uraj Deemantha ; නෑ බන්z මගේ සහෝදරී දැන් මම ඔන්ලයින් ඉන්නව දැක්ක ගමන් ඉන්විසිබල් දාගන්නවා. මම සිංහල සබ් අහලම කරදර කරලා. කොහොම උනත් එයාව අද මතක් කෙරුවෙ නැති උනාට. මටත් අවුල් වෙන ගොඩක් වචන වලට පිහිට වෙන්නෙ ඉතින් මගේ සහෝදරිය තමයි

  48. Dinushka Udara | රොකියා

    @ Reshan ; ඉදිරියටත් අපිත් එක්ක රැඳිලා ඉන්න

    @ Reshan ; ඒකට සිංහල සබ් නම් රොයිලියා දාලා ඉවරයි. ඒත් තාම හොඳ කොපියක් නිකුත් වෙලා නෑ. හොඳ කොපියක් නිකුත් වෙච්ච ගමන්ම ඩෝං ගාලා අපි සයිට් එකට දාන්නම්

    @ චමි.දේ.වා. ; හෙට අනිද්දට නම් මචෝ වැඩ ගොඩක් තියෙනවා බාර අරගෙන. බලමු බලමු. ඔය රොයිලියා ඉන්නෙ ඌව තමයි අල්ලගන්න ඕනෙ!

    @ San J ; මම හැමතිස්සෙම කියනවා වගේ මට විතරක් පින් දීලා වැඩක් නෑ. මොකද මේකට අපේ ගුරා ගෝලයා රොයිලියා උපරිම කැපවීමක් දෙන කට්ටිය

  49. kosala

    Ela ela ....thanks
    When will be My Name is Khan ?

  50. ~බිன்ku~

    බොහොම ස්තුතියි සහෝදරය!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.