වසර 20000කට එහා යුරෝපයේ එක්තරා ගෝත්‍රයක් ජීවත් වුනා. මුතුන්මිත්තන් තබා ගිය මං සලකුණු ඔස්සේ ඔවුන් දඩයම් සොයා ගියා. එහි අද මෙන් මිනිසුන් අතර සතුන් අතර යහලු මිත්‍ර සබඳකමකට ඉඩක් නම් තිබුනේ නැහැ. ඒ අපූරු සබඳතාවට පාර කී තරුණයා නමින් කෙඩා. “දැක්කද අර සතා? ඒ තමයි ඇල්ෆා, උන්ගේ රැලේ නායකයා. ඌ දුර්වලයි කියලා…

වසර 20000කට එහා යුරෝපයේ එක්තරා ගෝත්‍රයක් ජීවත් වුනා. මුතුන්මිත්තන් තබා ගිය මං සලකුණු ඔස්සේ ඔවුන් දඩයම් සොයා ගියා. එහි අද මෙන් මිනිසුන් අතර සතුන් අතර යහලු මිත්‍ර සබඳකමකට ඉඩක් නම් තිබුනේ නැහැ. ඒ අපූරු සබඳතාවට පාර කී තරුණයා නමින් කෙඩා.
“දැක්කද අර සතා? ඒ තමයි ඇල්ෆා, උන්ගේ රැලේ නායකයා. ඌ දුර්වලයි කියලා රැලේ අනික් උන්ට ඉව වැටුනොත්, උන් ඇල්ෆට අභියෝග කරනවා. ඌ ඉපදුනේ ඇල්ෆා විදියට නෙවේ, ඌ ඒ තැන උපය ගත්තෙ උගේ උත්සහයෙන්, උගේ හදවතින්මයි.”
කෙඩාගෙ තාත්තා, ගෝත්‍රයෙ ප්‍රධානියාගෙ සිතේ තිබුනෙ තමාගෙ ඇවෑමෙන් නායකත්වය කෙඩාට පවරන්නයි. ඒත්, ඊට ඔහු සුදුස්සෙක් බව ඔප්පු කළ යුතුයි. මේ අතරේ නොසිතූ කරදරයකට මුහුණ පාන කෙඩාට තමන්ගේ පවුලම අහිමි වෙද්දී මුණ ගැහුන සුන්දර මිත්‍රයා තමයි, “ඇල්ෆා”. මේ ඔවුන්ගේ කතාන්තරයයි.
Imdb දර්ශකයේ දැනට ලකුණු 7 ක අගයක් හිමි කරගත්ත adventure, drama, fantacy කැටගරියට අයිති ඇල්ෆා 2018 සිංහලෙන් නරඹන්න එකතු වෙන්න කියලා සත්තුන්ට ආදරේ කරන හැම කෙනෙක්ටම ආදරයෙන් ආරාධනා කරනවා. තව විශේෂයක් තියනවා, ඒ තමයි මේ මගේ 150 වැනි උපසිරැසි ගැන්වීම. මේ චිත්‍රපටයට සිංහල උපසිරැසිය ගේන්න හිටියේ ඇඩ්මින් මණ්ඩලේ අසංක ප්‍රදීප් රණතුංග සහෝදරයා. ඉතින් මගේ කඩයිම් වෙනුවෙන් මේ චිත්‍රපටය වෙන් කරලා දුන්නට බොහොම ස්තූතියි කියන්න ඕනේ. ඒ වගේම චිත්‍රපටය ගැන නිරන්තරයෙන්ම මාව යාවත්කාලීන කරපු ඇඩ්මින් මණ්ඩලේ හසන්ත වික්‍රමරත්න, අශාන් විමුක්ති සහෝදරයන්ටත් හද පිරි ප්‍රණාමය පුද කරනවා.

හා හා පුරා කියලා 2017. 02. 02 වෙනිදා Thank you (2011) හින්දි චිත්‍රපටයට සිංහල උපසිරැසිය ගෙනැත් පටන් ගත්ත ගමනේ 150 වෙනි අඩිය තමයි මේ තියන්නේ. හින්දි චිත්‍රපට වලින් ගත්තොත් Hungama(2003), Kismat Konnection (2008), Lage Raho Munna Bhai(2006), Mom (2017) 50 වැනි සිංහල උපසිරැසිය, 100 Days (1991) චිත්‍රපටත්, Run Lola Run (1998) ජර්මානු චිත්‍රපටයටත්, Men and Chicken (2015) ඩෙන්මාර්ක්, ජර්මානු චිත්‍රපටයත්, Your Name (2016), To the forest of Firefly Lights (2011) කියන ජපන්, ඇනිමේෂන් චිත්‍රපට වලටත්, The Shape of Water (2017) ඇමරිකානු චිත්‍රපටයත්, Voldemort; Origins of the Heir (2018) ඉතාලියානු Fan made prequel එකටත්, Forever my girl 2018, Stand by me 1986, The greatest showman 2017 (100 වැනි සිංහල උපසිරැසිය ) The proposal 2009 ඇමරිකානු චිත්‍රපටත්, විශේෂයෙන්ම මලයාලම් චිත්‍රපටයටක් වුන Queen 2018 උපසිරැසි ගෙන එන්න දායක වෙන්න මට වාසනාව ලැබුනා.
ඒ වගේම රූපවාහිනි කතා මාලා කීපයකටත් උපසිරැසි නිර්මාණය කරන්න මට පුලුවන්කම ලැබුනා. මගේ මුල්ම කතා මාලාවකට කළ සිංහල උපසිරැසි ගැන්වීම Pinnochchio (2014) කොරියානු කතා මාලාව. ඒ වෙනුවෙන් ඔබ ලබා දුන් අසීමිත යහපත් ප්‍රතිචාර නිසාම Healer (2014-2015), The girl who sees smells (2015), The King 2 Hearts (2012), Suspecious partner (2017) කොරියානු කතා මාලා සම්පූර්ණ කරන්නට මට හැකි වුනා. එතැනින් නොනැවතී ඇමරිකානු කතා මාලාවකටත් අත ගහන්න මට ඇති වුන ආසාවේ ප්‍රතිඵලයක් විදියට Fringe කතා මාලාවේ දෙවන සමයේ කොටස් 10 කටත්, Brave කතා මාලාවේ එක කොටසකටත් උපසිරැසි ගැන්වූවා. ඉන්පස්සේ මවිසින් උපසිරැසි නිර්මාණය කළ Harley and the Davidsons ඇමරිකානු මිනි සීරිස් එක මට ලැබුන වටිනාම නිර්මාණයක් විදියට සලකන්න කැමතියි. ඔය අතරේ ඇමරිකානු කතා මාලා වලට උපසිරැසි සපයන්න මට තිබුන ආසාව දැන ගත්ත ඇඩ්මින් මණ්ඩලේ Scorpion එකත් මට භාර කළා.කොරියානු කතා ඇරුනම Koinaka 2015 ජපාන කතා මාලාවටත් උපසිරැසිය ගෙන එන්න මට පුලුවන් වුනා. ඒ වගේම වාර්තාමය වැඩසටහන් අතරින් Prehistoric park කොටස් සියල්ලටමත්, Planet earth හි එක් කොටසකටත් උපසිරැසි ගෙන ආවා.විශේෂයෙන් ම Ask laftan analamaz තුර්කි කතා මාලාවට උපසිරැසිය ගේන්න කාපු කට්ට නම් කවදාවත් අමතක වෙන එකක් නෑ. මං හිතන්නේ උපසිරැසි 150න් කරපු අමාරුම වැඩේ.
උපසිරැසියක් නිර්මාණය කරනවා කියන්නේ ඒ ඒ චිත්‍රපටයට සාපේක්ෂව, ඒ ඒ උපසිරැසිකරුවට සාපේක්ෂව ඒක කට්ටක්. ඒ කට්ට බයිස්කෝප් විබ්පළේ උපසිරැසිකරුවන් වුන හැමෝම අඩු වැඩි වශයෙන් රහ බලනවා. ඒත් ඒක කාලා බලන්නම ඕන කට්ටක් කියලයි මං හිතන්නේ. මේ උපසිරැසිය ගේන මොහොතෙත් යන්තම් අසනීප වෙලා ඉඳලා සුවය ලැබුවා විතරයි. ඒ වුනත් මං හිතන්නෙ හිතේ සතුට තමයි අපට වැඩියෙන්ම වටින්නේ.ඉතින් මේ තාක් දුරට මේ ගමන එන්න මට ශක්තියක් වුන හැම කෙනෙක්ටම අනේකවාරයක් ස්තූතියි. බයිස්කෝප් සොදුරු විබ්පළේ නිර්මාතෘ, ඇඩ්මින් මණ්ඩලය, සාමාජික සාමාජිකාවන් මේ හැම කෙනෙක්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මට මගේ පවුලෙ අය වගේ. නම් වශයෙන් කියන්න බැරි තරම් ගණනක් එතන ඉන්න නිසා මං කාගෙවත් නම් කියන්න යන්නෙ නෑ. ඒ වගේම මගේ පවුලේ සියලු දෙනාවත්, මගේ ළඟින්ම ඉන්න මිතුරියො කීප දෙනාවත් මේ වෙලාවෙ ආදරෙන් මතක් කරනවා.ඒ වගේම මගේ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සහෝදර සහෝදරියන්ටත් මගෙ විශේෂ ස්තූතිය පිරිනමන්න ඕනේ. ඒත් එක්කම ආදරණීය ප්‍රේක්ෂක ඔබේ ප්‍රතිචාර නොතිබුනා නම් මං කවදාවත් 150 ට එන එකක් නෑ. ගොඩක් අය මගෙන් අහනවා, ඔයාට ඔය උපසිරැසි හදන වැඩෙන් සල්ලි ලැබෙනවද කියලා. නැහැ, ඒත් ඇත්තටම මං පෙරේතයි ඔයාලගෙ ප්‍රතිචාර වලට. මං හිතන්නෙ මං වගේ හිතන කට්ටියක් බයිස්කෝප් අඩවියෙ ඉන්න නිසා තමයි අපි අදත්, හෙටත් සතුටින් එක පවුලක් වගේ බැඳිලා ඉන්නේ. ඉතින්, අධ්‍යාපන කටයුතු නිසා භාර ගෙන තියන උපසිරැසි කීපයක් හැරුනාම ඉදිරියට නම් මට මේ වගේ ඔබ වෙනුවෙන් උපසිරැසි ගෙන එන්න බැරි වෙයි. හැබැයි, ආයේ දවසක අපි හමුවෙමු, පුරුදු සෙනෙහසින්ම! ආයුබෝවන්!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB/HD/BR පිටපත් සඳහා අදාළ වේ.
38,072 downloadsDownload Alpha.2018.BR_.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
291 comments
sakraya
hhayeshmantha
Review එකට thankz...බලන්නැතුව අත ඇරල දාල තිබුනු film ගොඩක් ආසාවෙන් බලන්න අරන් තියෙනව ඔයාලගේ review එක කියවල..මේකත් එහෙම එකක්..baiscopelk❤️
God4x
Thanks akke , Oyage whatsapp num eka ewannako mata sub wagayk karagannna thiyenawa.
විමා
අලුත් කලාවක් මේක නම් :D
Mayura
අනා සංකුට්ටා වෙන මුකුත් එපැයි :D :D
සනිඳු ලක්ඛිත
කාගේද බන් මූ????
Tharindu Katuwawala
lol 70i.. :p
ලහිරු ප්‍රසාද්
0777123456, ඕකට කතා කරහන් සෝක් අක්කලා කතා කරනවා.
dsdkavishka
Thenks sis, congratulations move forward
Mangala
congratulations nango 150 weni subata thanks oyala api wenuwen karana me kepa kirim walata c u soon with another sub
Kantha_DLA
150 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!ajith00129
සුබ පතනවා 150 උපසිරසියට, දිගටම සබ් දෙන්න , ස්තූතියි
janithvishva
Congrats Sister, wish u all the best,
May the triple gem bless you!ශසිත් සඳරුවන්
තුන්වන කඩඉම වෙනුවෙන් සුභපැතුම් හෙළිලි.
අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන, ඒවට මුල් තැන දීලා,
ආපු වේගෙන්ම නැතත් හෙමිහිට සබ් දෙමු.
සියලු යහපත් කටයුතු සාර්ථක වේවා!
සබටත් බොහාම තුති.
ඔබට ජය!S.K. Ruchiranga
thzz sub ekata
Sanjeewa2010
Congtzzzzzzzz thnxxxxxxxxxxxx
Prabodha Madhusankha Hettiarachchi
150 weni upasirasata subapathum. Mee awrudde apu supirima movie ekak.
ප්‍රබුද්ධ කේසර විතානගේ
එකසිය පනස් වැනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභපැතුම් හෙළිලි නගා!
ඉදිරියටත් මේ විධියට උපසිරැසි ලබාදෙන්න ශක්තිය ධෛර්යය සහ කාලය ලැබෙන්න කියලා පතනවා!
මේ අඩවියේ රසිකයන් වෙනුවෙන් වැය කළ කාලයටත් ශ්‍රමයටත් ඔබට පින්!
:) :)sashan
Ela ela jaya weva
sumi
150k?
me oba thula thibu kapaweemai, hithaaganna puluwan monatharan kaalayak kepa karanna athida kiyalaa..
obata godak pinvas0303
Thanks Beautiful.....
Sachith Perera
congrats and thanks.
Upul Sampath
thanks
Mayura
හදවතින්ම සුබ පතනවා 150ට. නහිනකම්ම කරන්න ඉඩ ප්‍රස්තාව ලැබේවා.
ඉමෝ ඉන්නවද?wmcsubhash
congrats n thanks sister
dinesh hapuarachchi
Congrats,,,,,,,,,thanks
ලහිරු විනෝජ්
අම්මෝ...සබ් එකත් ආවා නේද...ගොඩාක් ස්තූතියි සහෝදරී..
150 වෙනි උපසිරැසි කඩඉමට සුබ පතනවා.Tharaka Nuwan Dilhara
සුභ පැතුම්.. ඊළඟ කඩයිමටත් ඉක්මනට යමු.
ජයෙන් ජය...!!!AyeshDushmantha
Thank you
Lasithgayan
Thanks sub ekata....van helsing season 03 ekata sub denna puluwannm..
Nilush Angana
Sub ekata thax
Shiromal
Congratulations Akke..
Study weda tika sarthakawa karaganna suba pathanawa..
Good Luck..and Thanks for Sub..එල්.සී. දමැල්
ඔන්න මගෙනුත් සුභ පැතුම් එක් කරනවා... මීළඟ කඩයිම් වලිනුත් හමු වෙමු නේද ඉක්මනින්ම... ඒ් සඳහා කාලය වැය කරන්නත්. අධ්‍යාලපණ වැඩ සාර්ථක කරගන්නත් වෙලාව ලැබේවා කියලත් පතනව.
පැතුම් ඉෂාර
150වෙනි කඩයිමට මාගෙන් සුභ පැතුම්!!! Don't Give Up!!!
James DC
150 වෙනි උපසිරසියට සුභ පැතුම්...
Navodani Thilini Sasanika
150 වැනි උපසිරසියට සුභම සුභ පැතුම් අක්කෙ. ඒ වගේම මේ උපසිරසියටත් ස්තූතියි. අක්කගෙ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා......!!!!!
Nish Abeygunawardhana
ජයවේවා ! ආසාවෙන්ම බලා හිටපු එකක්. ඒ වගේම අපි වෙනුවෙන් මේ කරන කිව නොහැකි තරම් වටින කැපවීමට ස්තුතියි. මේ වගේම තවත් දහසක් උපසිරැසි නිර්මාන අපිට අරන් එන්න වාසනා ශක්තිය ලැබේවා ! ( අන්තිම ප්‍රාර්ථනය අපි වෙනුවෙන්මයි)
කවිශල් රසින්ත (කවී)
150 වැනි උපසිරසියට සුභ පැතුම් අක්කේ... සබ් එකටත් බොහෝම ස්තූතියි... ඉදිරියටත් උපසිරසි වැඩ කටයුතු වගේම උසස් අධ්‍යාපන කටයුතුත් සාර්ථක වෙන්න කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....
sajith
ela
අසංක ප්‍රදීප් රණතුංග
ඩිග්රි ගහල කාටද හරි ගියේ. ඔන්න සබ් එකක් දෙකක් කරන් ඉන්න මෙන්න මෙහෙ. ඔය තුර්කි කතාහෙන හිට් ලංකාවේ. අර කලින් සිරිස් එක හින්ද කිපපාරක් සයිට බ්ලොක් උනා ට්‍රැෆික් හින්දම. ඉතින් ඒවාට වැඩි තැනක් දීල ඔය විබාග අමතක කරන්න. නිසි වයස ආවම පෙලවහක් එහෙම කරන්න බැරියා මේකෙන්ම (දැන් තියෙන ඉල්ලුම අනුව). මමත් දැනගන්න අහන්නේ ගෙදර ලෑන්ඩ් ෆෝන් එකේ වට්ස් ඇප් තියේද?සබ් එකක් තියේ කරන්න දෙන්න ඒකයි.
Udara Damith Dissanayaka
මෙන්න මෙයා
Sanath Indika
THX SIS
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
ජය
150 වෙනි උපසිරැසි නිර්මානයට හදවතින්ම සුභ පතනවාRasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
150 වෙනි උපසිරසියට සුබ පැතුම්!
200ත් ගහමු නවත්තන් නැතිව...
මේ ෆිල්ම් එක අද download කරා විතරයි හවස් වෙද්දී සබ් එකත් දීලා...Thisal
congrats for 150 , thanks
rangika Kariyawasam
මෙතෙක් අපට දුන්න සිංහල උපසිරැසි වලට බෝම තුති හෙළලි.... නියම වැඩක් ... 150 සැමරුමට බෝම සතුටින් සුබපැතුම් පතනවා.ඉදිරියටත් මේවැනි ෆටිටම ෆිලුමි අපට ගෙන්ට කියලා ඉල්ලනවා. ජයවෙිවා
rangika Kariyawasam
151 වන උපසිරැසිය මලයාලමි ෆිලුමක් වේවි කියලා බලාපොරොත්තුව තියාගන්නම්.ඒක ඉෂ්ඨ කොරන්ට හොදද....!!!
gihan perera
150 ට උණුසුම් සුභ පැතූමි නංගා්....200 ටත් යමු නංගියේ....වෙච්ච මහන්සියට ගොඩක් ස්තුතියි....අධ්‍යාපන කටයුතු වලට ජයෙන් ජය වෙිවා....නවත්තන්න නම් එපා නංගා් උපසිරැසි කරන එක....දෙවි පිහිටයි.....
kasun3
jaya wewaaaaaaaaaa...
geeganagamage
150 වැනි සබ් එකට උණුසුම් සුබ පැතුම් ඒ වගේම බොහොම ස්තුතියි නංගි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
DUMINDA PRADEEP
Supiri.....
raviz
Thank you.....!
Prabhasoft
150 ta unusum subapethum....!!! thank you... gd lk....
Ravindu Rukshan
150 ට උණුසුම් සුභ පැතුම් අක්කෙ
මට තාම මතකයි බ්‍රේව් එකේදී හිරවෙලා හිටිය වෙලාවේ බෑ නොකියා හා කිව්ව.ඉතින් බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා එදා කරපු උදව්වට...ඉතින් තවත් ඉරිදියට යන්න ශක්තිය ලැබේවා කියා පාර්ථනා කරනවා...ඒවගේම තමයි සබ් එකට තුති බ්ලුරේ එකක් ආපුවම තමා ඉතින් බැලෙන්නෙM.W. Dilhani
Thanks and congratulations
Udara Damith Dissanayaka
150 හට සුබ පතනවා
දිගටම කරගෙන යමුවිමා
150 ට සුභපැතුම් වේවා...
මම හිතන්නේ 150 කඩයිම පැයෙන් ඉවර කරන්න පුළුවන් සබක් ලැබුනේ අර තුර්කි ආස්මි ලැවරි සිරිස් එකට කර ගහපු පිනෙන් වෙන්න ඕනා.
කොහොම නමුත් සෑහෙන ප්‍රවේසමින් කමෙන්ට් එක දාන්නේ අර පොටෝ එක දිහා නොබලා
මොකද ඒක දැකපු විවාහක අවුරුදු 50 අයත් කොල්ලෝ වෙලා ලෑන්ඩ් ෆෝන් එකෙත් වට්සැප් තියෙනවද අහන තත්වෙට වැටිලා
අනේ අනිච්ච්චන් දුක්ඛං -.,
කොහොම නමුත් බාරගෙන තියෙන සෙට් එක කලාට පස්සේ 200 සපිරේවි මම හිතන්නේ නිකම්ම
ඒ නිසා ඊළඟ කඩයිමටත් ලැහැස්ති වෙන්න බෑයි බෑයි බෑයි නොගා
එහෙනම් බලකියාගන්න හැම පශු සම්පතක්ම සාර්ථක වේවා
හදන කියන හැම කෑමක්ම විස නොවේවා
වැඩේ ගොඩ යේවා
ජය වේවා...සික් උඩ බැලුනා පොටෝ එක දැකුනා..
ඔයා ඉන්නේ මොන ෆාම් එකේද නංගා
සබ් ටිකක් තියෙනව තණකොළ වල ඔතපු
ගෙනත් දාල යන්න එන්නම්...
පරිස්සමින් ඉන්න නංගා
අව්වට යන්න එපා
දොර අරින්න එපා
නුඹ පරිස්සමින් ඉඳපන්
දෙස දීපංකරේ
ලතවුලෙන් වේලි
නුඹ මූදුකරේ තනියෙන් :(
ඔයාගේ එස් බී එක මොකක්ද අනා මට ආසයි ඔයා එක්ක කතා කරන්න.
හරක් තණකොළ කන විදිය, ඌරො මඩ තලන විදිය
බල්ලෝ පොරකන විදිය ගැන එහෙම
හරක් මඩුවකට වෙලා පැය ගානක් ඔයත් එක්ක කතා කරන්න ආසයි
pz kol mi..
tiz ar mi talipon nomber 119
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

supiri sis
thanx sub ekta