Archenemy (2020) Sinhala Subtitles | පරම හතුරා. [සිංහල උපසිරසි]
කොහොමද බයිස්කෝප් කස්ටිය? හොඳින් ඉන්නව නේ? 2020 නිකුත් උන ෆිලුමක සබ් එකක් අරන් තමයි මං අද ආවෙ. නම දැක්කම පේනවනෙ මොකද්ද සීන් එක කියල. ඔව් පරම හතුරා. හැම්ස්ටර් කියන්නෙ දූෂිත, අපරාධ වලින් පිරුන නගරයක්. එතකොට මැක්ස් ෆිට් කියන්නෙ වෙන සමාන්තර ලෝකෙක ඒ කියන්නෙ ක්‍රෝමියම් වල ඉඳන් හැම්ස්ටර් වලට අහම්බෙන් වැටුන කෙනෙක්. එයාගෙ පරම හතුරා තමා ක්ලියෝ වැන්ට්‍රික්. එයාලගෙ ලෝකෙ සිද්ද වෙන සටනක ප්‍රතිපලයක් විදියට තමා මැක්ස් මේ ලෝකෙට වැටෙන්නෙ. ආයෙ තව කොලු ගැටයෙක් ඉන්නව උගෙ නමත් හැම්ස්ටර්. මේ කොල්ලට ඕනෙ මේ නගරයේ සිද්ද වෙන සිදුවීම් අන්තර්ජාලයට දාල කීයක් හරි හොයාගන්න. එයාගෙ අක්ක ඇවිල්ල ඉන්ඩිගෝ. එයා වැඩ කරන්නෙ අපරාධකාරයෝ එක්ක. ඉතින් මේ දෙන්නට අපේ කතා නායක මැක්ස් ෆිට් ව සෙට් වෙනව. එතනින් එහා මේ තුන්දෙනා එකතු වෙලා මොනවද කරන්නෙ කියල ෆිල්ම් එක බලලම දැනගමු නේද? ගොඩක් අය සමහර විට මේක දැනටමත් බලල ඇති ඒත් බලල නැති අය බාගෙන බලන්න.
මේක අධ්‍යක්ෂණය කරන්නෙ Adam Egypt Mortimer. එතකොට ප්‍රධාන නළු චරිතය කරන්නෙ Justice League චිත්‍රපටයේ Deathstroke චරිතයට පණ පෙව්ව Joseph Michael Manganiello. එතකොට අනිත් චරිත වෙනුවෙන් Skylan Brooks, Amy Lynne Seimetz යන අය දායක වෙනව. බොක්ස් ඔෆිස් අගය සටහන් වෙන්නෙ ඇමරිකන් ඩොලර් 136,240ක් විදියට වගේම IMDB අගය සටහන් වෙන්නෙ 5/10ක්. තව එකක් කියන්න ඕනෙ මේක වැටෙන කැටගරිය Action, Adventure, Crime උනාට පොඩි Fantacy ගතියකුත් තියනවා. මේකෙ හරුප එහෙම ටිකක් තිබ්බ ඒත් මං ඒ වචන එහෙම්ම නොදා සරලව දැම්ම ;D . ඒ නිසා ඕන කෙනෙක්ට මේක බලන්න පුළුවන්. එහෙනම් කතා ඇති. මේක බාර දුන්න තිසර සහෝටත් ස්තූති කරන ගමන් මං දැනට නවතිනවා. තව ෆිලුමකින් ළඟදීම සෙට් වෙමු. පරිස්සමින් ඉන්නෝ!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.
1297 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUB-MAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Thanks for Sub!
Thanks………good luck……….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.
Hail Hydra
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
Thanks….jayawewa….!
තෑන්ක්ස් සබ් එකට
thanks..
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!