අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVකනිෂ්කා පෙරේරාකොරියානු (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසි

Bargain [E02] Sinhala Subtitles | රහස් පරීක්ෂකගේ වකුගඩුව [සිංහල උපසිරසි]

Rating: 9.4/10. From 7 votes.
Please wait...
Bargain Sinhala SubtitlesBargain Sinhala Subtitles

හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!! ඔන්න ඉතිං මම ඔයාලට අවුරුද්දට පුංචි තෑග්ගක් ගෙනාවා.

IMDb RATING 6.7 ක් ලබපු මේ කතාව ගැන කියනව නම් ඒක විනාඩි 33 – 37 වගේ කාල පරාසයක දිවෙන කොටස් 6 කින් සමන්විත කතාවක්. ව්‍යසනයක් මැද සිද්ද වෙන තවත් මහා ව්‍යසනයකින් ජීවිත බේරගන්න කීප දෙනෙක් කරන අරගලයක් තමයි මේ කතාවෙන් කියවෙන්නෙ. ඒ වගේ අවස්ථාවකත් මිනිස් හිත වෙනස් වෙන හැටි තණ්හාව බය ඉස්සරහට එන හැටි අපූරුවට මේ කතාවෙන් බලාගන්න පුලුවන්.

Bargain Sinhala Subtitles

විශාල පැසසුමකට වගේම ඇගයීමකට ලක්වුන මේ කතා මාලාව 27 වන බුසාන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ මංගල දර්ශනය වුනා වගේම  2023 ටොරොන්ටෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලෙත් තිරගත වුනා. TheGuardian.com සඳහා වූ ඇයගේ සමාලෝචනයේදී, Lucy Mangan මෙම මාලාවට තරු පහෙන් තරු හතරක් ශ්‍රේණිගත කිරීමක් ලබා දුන්නා.

ඉතිං මම කතාව ගැන වැඩි විස්තරයක් කියන්න යන්නෙ නැහැ. මොකද එතකොට ඒකෙ රසයක් නැති වෙන නිසා. ඒ නිසා ඔයාලම කතාව බලල ඒ ගැන දැනගන්නකො.

හැමදාම කියනව වගේ උපසිරැසි වල හොඳ නරකත් කියාගෙනම යන්න අමතක කරන්න එපා එහෙනම්..

Bargain Sinhala Subtitles

කොහොමද ළමයි…. ජූ-යන්ග් ඇතුල් වුන කාමරේ දැක්කා නේද..ඒක අමුතුම විදිහක වෙන්දේසි පොලක්. එතන වෙන්දේසි වෙන්නෙ අපි දන්න විදිහට හාල් පොල්, මල් වට්ටි නෙවෙයි. එතන වෙන්දේසි වෙන්නෙ මිනිස්සුන්ගෙ ඇට මස් නහර, අවයව. ලෝකෙ ලොකුම වගේම භයානකම අවයව ජාවාරමක් වෙන හොර මුලකට තමයි දැන් වොන් මිලියනයකට කන්‍යාවකගෙ පහස ලබන්න ආපු මනුස්සයව අහුවෙලා තියෙන්නෙ. ඉතිං දැන් තමුන් බොහොම අමාරුවෙන් හදාවඩා ගත්ත දෙයක් වගේ ජූ-යන්ග් මේ මනුස්සයගෙ අවයව වලට ලන්සු තියනවා. ඇවිත් ඉන්න අයත් බොහොම උනන්දුවෙන් ඒ වෙනුවෙන් මිල නියම කරනවා. කන්‍යා පහසේ මිල කේවල් කරපු මනුස්සයව දැන් කුණු මාලු කෑල්ලක් වගේ මිනිස්සු වෙන්දේසි කරනවා. මුලින්ම විකුණන්නෙ වකුගඩුවක්. බොහොම අමාරුවෙන් ලොකු මිලකට කෙනෙක් ඒක ගන්නවා. ඒ ගැණුම්කරුවා මේ වකුගඩුව කොහොම අරගෙන යයිද…. ඊලඟ කොටසෙන් බලමු…  

Bargain Sinhala Subtitles


 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


[/box]

Bargain Sinhala Subtitles

 

Next BT1

All BT1

Next BT1

5 thoughts on “Bargain [E02] Sinhala Subtitles | රහස් පරීක්ෂකගේ වකුගඩුව [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Ishan Madusha

    බොහෝම ස්තූතියි…

    Reply
  • …බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට..
    සුබ අලුත් අවුරුද්දක් වේවා…..

    Reply
  • අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *