අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිබලන්නසිංහල උපසිරැසිසුසිත පුෂ්පකුමාරෆැන්ටසි

Beetlejuice (1988) with Sinhala Subtitles | කුරුමිණි යුශ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.0/10. From 3 votes.
Please wait...

Beetlejuice (1988)

මේක තමා මගේ පළමු උපසිරසි නිර්මාණය. හැමදාම බයිස්කෝප් එකට ඇවිත් උපසිරස බාගන්න එකේ මටත් හිතුන චිත්‍රපටයකට උපසිරස නිර්මාණයක කරන්න. ඒත් ඒක හිතන තරම්ම ලේසි නෑ කියල තේරුනේ ටිකක් කරගෙන යනකොට තමයි. බයිස්කෝප් එකේ සෙට් එක අපිට උපසිරසක් දෙන්න කොච්චර නම් කට්ටක් කනව ඇතිද කියල තේරෙන්නෙ දැන් තමයි. මේ ටිකේ පොඩි නිවාඩුවකුත් හම්බුන නිසා වැඩේ දිගටම කරගෙන ගියා. මට සතියක් වගේ ගියා මේක ඉවර කරන්න.

ඇත්තටම මම මේකෙ උපසිරස කරන්න හිතුවෙ මේකෙ දෙවන චිත්‍රපටය විදියට Beetlejuice 2  ලබන අවුරුද්දෙ තිරගත් වීමට තියෙන නිසයි. මේකත් එක්ක ඒකෙ සම්බන්ධයක් තීනවද කියල නම් මම දන්නෙ නෑ.

චිත්‍රපටය ගැන පොඩ්ඩක් කිව්වොතින්, මේක 1988 තිරගත වෙච්ච චිත්‍රපටයක්. ටිකක් පරණයි වගේ පෙනුනට මේකට හිමිවෙලා තීන IMDb අගය දැක්කම පෙනෙයි මේක සුපිරි කතාවක් කියල. ඒවගේම මේක ඔස්කාර් සම්මාන එකක් හා තව සම්මාන හතකට හිමිකම් කියල තීනව වගේම තවත්  සම්මාන දහයකට නිර්දේශ්වෙලා තීනව. මේක අධ්‍යක්ශනය කරල තීන්නෙ Tim Burton අධ්‍යක්ශවරය විසින්. මේ නම අපහපු ගමන්ම මතක් වෙනවනෙ  Miss Peregrine’s Home for Peculiar Children (2016 ), ඒවගේම 2017 තිරගත විමට නියමිත Beetlejuice 2 චිත්‍රපටයත් මෙයාගෙම තමයි.

කතාව ගැනත් කෙටියෙන් කියනවනම්, තරුණ ජෝඩුවක් හදිසි අනතුරකින් මිය යනව. ඒත් එයාල මේ ගෙදරම ඉස්සර වගේම ජීවත්වෙනව. ඒ අතරෙ මේ ගෙදරට අලුත පදිංචියට අලුතෙන් කට්ටියක් එනව. ඉතින් ඒ කට්ටිය එලව ගන්න මේ ගොල්ලො භූත කට්ටඩියෙක් ගෙන්නවනව. ඉතින් ඒ කට්ටඩියත්  එකක් මේගොල්ලො කරන වැඩ තමයි මේකෙ තීන්නෙ.

විශේෂයෙන්ම කියන්න මේක මගේ පළවෙනි උපසිරස නිර්මාණය. ඒක නිසා වැරදි අඩු පාඩු ගොඩාක් ඇති. ඒවට සමාවෙන ගමන් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.

Beetlejuice (1988) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Beetlejuice.1988.BluRay.720p.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/01/SusithaPushpa-e1483571924793.jpeg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුසිත පුෂ්පකුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

37 thoughts on “Beetlejuice (1988) with Sinhala Subtitles | කුරුමිණි යුශ [සිංහල උපසිරැසි සමඟ]

  • sasanka sathyajith

    Thanks for the sub

    Reply
  • පට්ට සහෝ.. ඔයාලට ජයෙන් ජය.. අපි වගේ ඉංග්‍රීස් බැරි උන්ට ෆ්ලිම් එකක් බලන්න සහයෝගය දෙන ඔයාලට පට්ටම ස්තුතියි..

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Nuwan Dewapriya Disanayaka

    dan nam site eka supiri saho..digatama wade karagena yamu…
    all the best

    Reply
  • G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    Reply
  • The rundown 2003
    මෙකට සබ් එකක් දාන්නකො සහෝ ඇයි දන් නෑ මෙච්චර ෆිල්ම් දෙනව මෙවගෙ සුපිරි ෆිල්ම් වලට සබ් නැත්තෙ උපසිරැසි ගන්වල නෑ කවුරුත්

    බොහොම ස්තුතියි දිගටම සිංහල සබ් කරන්න

    Reply
  • Rumesh nilantha jayaweera

    උපසිරසියට ස්තුතියි digatama karamu

    Reply
  • ✦✦✦✦✦උපසිරසියට ස්තුතියි . උබේ හින්දා ඩව්න්ලෝඩ් කරගෙන බලන්නම් . ජය වේවා !! ✦✦✦✦✦

    Reply
  • චරිත්

    ජය වේවා.. ස්තූතියි සහෝදරයා..

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

    Reply
  • ඉස්සෙල්ලම බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා. දෙවනුව ගොඩාක් උපසිරසි කරුවන් එච්චර කැමැත්තක් නොදක්වන තරමක් පැරණි එහෙත් ජනප්‍රියක් චිත්‍රපට ඔබගේ උපසිරසිකරණය ආරම්භයට යොදාගැනීම ගැන ස්තුති කරනවා. ඉතින් සුපුරුදු විදියට මම අනිත් ඔක්කොම නව උපසිරසි කරුවන්ට දෙන උපදෙස ඔයාට දෙන්නම්. මේ ගමන යද්දී ඔයාට මල් වගේම ගල් මුල් පවා වදින්න පුළුවන්. ඒක හින්ද ඉවසීමෙන් මේ පටන්ගත්ත ගමන යන්න. පුළුවන් නම් ඔයාටම අවේනික ආකාරයේ චිත්‍රපට උපසිරසි කරණයට යොදා ගන්න එතකොට ඔයාටම වෙන්වූ රසිකයින් පිරිසක් හදාගන්න පුළුවන් වේවි.

    ඒවගේම දිගටම පැරණි චිත්‍රපට නම් දෙන්න හිතන් ඉන්නේ කවදාවත් ඩවුන්ලෝඩ් ප්‍රමාණය සහ නරබුම් ප්‍රමාණය ගැන හිතන්න එපා. මොකද අනිවාර්යයෙන් අඩු ගණන් ටිකක් තමා ඔයාට පෙන්නේ චිත්‍රපටය කොච්චර හොඳ උනත්. ඒ උනත් සතුටුවෙන්න සිය දෙනෙක් චිත්‍රපටය බාගත කර ගත්තත්. මොකද ඒ සීයම එම චිත්‍රපටයට ඇත්ත රසිකයෝ හින්ද.

    අවසාන වශයෙන් මේ පටන් ගත්ත ගමන දිගටම යන්න අවශ්‍ය වෙලාව සහ ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.

    බුදු සරණයි….!

    Reply
  • කවිදු පෙරේර.

    ගොඩක් ස්තූතියි මචන්…

    Reply
  • අසිත

    අම්මෝ මේක දෙනකම් කොච්ච්ච්ර කල් බලන් හිටියද??
    සබ් නැතිව බලන්න කම්මැලි හිතුනා
    ජය වේවා!!!!

    Reply
  • දිනේෂ් අකලංක

    පලවෙනි ෆිල්ම් එකම හොද කොමඩියක් තෝර ගෙන..ජයවේවා සහෝ..ඉස්සරහට තව සබ් කරන්න..

    Reply
  • සනත් ගුණතිලක​

    thanks bro

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
    • සුසිත

      ස්තුතියි සහෝ!

      Reply
  • Web-බුවා

    පලවෙනි වැඩේට බොක්කෙන්ම සුභ පතනවා සහෝ!
    ඔහොම යමු. තද තද 😀

    Reply
    • සුසිත

      ස්තුතියි සහෝ! පලවෙනි එක නිසා එතරම්ම රසවත් නැතුව ඇති. ඊලග එක තවත් හොදට කරන්න උත්සහ කරනවා

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *