Comali (2019) Sinhala Subtitles | කෝමාවෙන් අවදි වුණෙමි ! [සිංහල උපසිරසි සමඟ] 50*
ආයුබෝවන් බයිස්කෝප් වාසි සියලුම දෙනාට.
ක්‍රිකට් මැච් එකක් වුණත් පළමුව වරම් ලබාගත්ත ක්‍රීඩකයෙකුගේ පළමු අධියර වෙන්නෙ අර්ධ ශතකයක් ලබාගන්න එක. ඉතින් ඔන්න ඒ කඩයිමට අඩිය තියන්න මටත් අවුරුදු දෙකකට පස්සෙ හැකියාව ලැබුණා. හැබැයි ක්‍රිකට් වලින් නෙමෙයි. දෙමළ චිත්‍රපට බලන්න ආස කරන අය වෙනුවෙන් උපසිරැසි නිර්මාණය කරන්න පටන්ගෙන 50වෙනි උපසිරැසියට පා තබපු මොහොත. ඉතින් හිතේ ලොකු සතුටක් තියෙනවා උපසිරැසියක් කරලා ඒක ගොඩක් දෙනෙක් අරගෙන බලනවා කිව්වාම, එයාලගෙ අදහස් දක්වපුවාම. හුගක් අය බලනවා ඇති මම ගිය වතාවේ කරපු උපසිරැසියේ තිබුණේ 44 වෙනි උපසිරැසිය දැන් එක පාරම කොහොමද 50ක් වුණේ කියල. 44ක් මම තනියම කරපු උපසිරැසි ඊට අමතරව මම තවත් උපසිරැසි 5කට දායක වෙලා තියෙනව, අයියෙ ඔයාගෙ 50 වෙනි එක නේද කියල මාව දැනුවත් කරපු කවිෂල් රසින්ත මල්ලිට ස්තූති වෙනවා.
ඉතින් මම පලමුවෙන්ම ස්තූති කරනවා අපේ ඇඩ්මින් මඩුල්ලේ සිසිල ප්‍රසාද් සොහොයුරාට මම ඉල්ලීමක් කරපු ගමන් බයිස්කෝප් පවුලට සම්බන්ධ වෙන්න අවශ්‍ය කරන පියවරයන් සහ නීති රීති සම්බන්ධයෙන් දැනුවත් කර මාව බයිස්කෝප් පවුලට දායක කර ගැනීම සම්බන්ධයෙන්. ඒවගේම හසන්ත වික්‍රමරත්න සොහොයුරත් මගෙ හැම උපසිරැසියකටම වගේ අදහසක් පල කරන රොයිලි ප්‍රනාන්දු සොහොයුරාත් මාත් එක්ක සහයෝගයෙන් වැඩකරපු චානක ඉදුනිල්, කවිෂල් රසින්ත, කවිනු වීරක්කොඩි, සසිත් සදරුවන් සොහොයුරාවත් මේ අවස්ථාවේදි මතක් කරන්න කැමති.
Ravi Mohan දමිළ සිනමාවේ තවත් කඩවසම්ම නළුවෙක්. Jayam (2003) නම් චිත්‍රපටයෙන් දමිළ සිනමාවට පිවිස එම චිත්‍රපටයෙන්ම ජනප්‍රියත්වයට පත්ව ඔහුගේ නම Jayam Ravi ලෙස ප්‍රසිද්ධියට පත්වුණා. එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ ඔහුගේම වැඩිමල් සොහොයුරු මෝහන් රාජ් සහ නිෂ්පාදනය ඔහුගේ පියා වන මෝහන් විසින්. පසුව Jayam Ravi රගපාන ලද M.Kumaran S/O Mahalakshmi (2004), Unakkum Enakkum (2006), Deepavali (2007), Santhosh Subramaniam (2008), Thillalangadi (2010), Thani Oruvan (2015), Miruthan (2016), Bogan (2017), Adanga Maru (2018) චිත්‍රපට අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. Comali (2019) චිත්‍රපටයේ පාසල් දිවියේ චරිතය සදහා Jayam Ravi ට 18Kg පමණ බර අඩුකරගන්න සිදුවීම ප්‍රේක්ෂකයන්ගේ පැසසුමට ලක් වෙලා තියෙනවා. Kajal Aggarwal දමිළ, තෙළිඟු සිනමාවේ දඟකාර සුන්දර යුවතියක් Magadheera (2009) තෙළිඟු සිනමා පටයෙන් ජනප්‍රියත්වයට පත්ව Arya 2 (2009), Darling (2010), Naan Mahaan Alla (2010), Mr. Perfect (2011), Singham (2011), Jilla (2014), Maari (2015), Vivegam (2017) ඇතුලු සිනමාපට 50කට අධික සංඛ්‍යාවකට දායක වී තිබෙනවා. ඒ වගේම මෑත කාලයේ ඉන්දියානු සිනමාවේ නැතුවම බැරි Comedy චරිතයක් වන Yogi Babu දායක වෙනවා. සංගීතය අතින් ගත්තාම ඔයාලට මතක ඇති 2017 අවුරුද්දේ තිරගත වුණ Hiphop Tamizha කණ්ඩායම විසින් අධ්‍යක්ෂණය කරන ලද ලස්සනම ගීත 8කින් වර්ණවත් වුණ ලස්සනම Meesaya Murukku සිනමා පටය. මෙහි සංගීත නිර්මාණය කරන ලද Hiphop Tamizha කණ්ඩායම Comali (2019) චිත්‍රපටයටත් ගීත 5න් ලස්සනම ගීත 2ක් නිර්මාණය කර තිබෙනවා. 2019 අගෝස්තු 14 වන දින ඇමරිකාවේ තිරගත වීම ආරම්භ කරන ලද පැය 2 විනාඩි 23ක් පුරා දිවෙන Comedy ගණයට අයත් IMDb අගය 7.5 ක් මේ ලිපිය ලියන අවස්ථාව වන විට ලැබිල තියෙනවා.
ඉතින් යාලුවනේ කතාව පැත්තට හැරුනාම ඉස්කෝලේ කාලේ රවීගේ හොදම යාළුවා මනී දෙන්න එක්ක ඉස්කෝලේ එකම පංතියේ 12 වසරට අලුතෙන් ලස්සන ගෑණු ළමයෙක් දැන් එයි දැන් එයි කියල බලාගෙන ඉදලා කිසිම ලස්සන කෙල්ලෙක් නැතුව බලාපොරොත්තු සුන් වෙනකොට පංතියේ මිස් කතා කරල කියනවා රවී ඔයාගෙ පංතිය මේක නෙමෙයි අල්ලපු පංති කාමරේ කියල. ඒ පංතියට තමන්ගෙ යාලුවත් දාල යන රවී දකිනවා ලස්සන කෙල්ලෙක්, නම නිකිතා. මෙයාට කොහොම හරි බැල්ම දාගෙන ඉදලා හරියටම 1999 දෙසැම්බර් 31 වෙනිදා නිකිතාට යෝජනා කරන්න හිතාගෙන සෝනා බේකරිය ළගට එන්න කියනවා. රවී යනවා රෝස මලකුත් අරගෙන රවීගේ තාත්තා පොඩි කාලේ තමන් කැමතිම කෙනාට දෙන්න කියල දීපු පිළිමයක් තිබ්බා ඒකත් අරගෙන නිකිතා එනකම් බලාගෙන ඉන්නවා. ඔය අතරෙම සෝනා බේකරිය අසළ කඩේකට එන ගජා කියල කෙනෙක්ව මරන්න 3 දෙනෙක් සැලසුම් කරගෙන ඒ වෙලාවෙම ඒ කඩේට එනවා. නිකිතා ආවට පස්සේ එයාට රවී යෝජනා කරන අවස්ථාවේම අර 3 දෙනා ගජාව මරලා පැනගන්නවා. පැනගන්නකොට නිකිතාගෙන් පිළිමය උදුරගෙන ඒකම බෙල්ලට තියලා පිළිමයත් අරගෙනම අර තුන් දෙනා පැනගන්නවා නිකිතාව තල්ලු කරල. එයාව බේරගන්න කියල පාරට පනින රවී ලොරියකට හැප්පිලා රෝහල් ගත කරනවා.
අවුරුදු 16කට පස්සේ රවී කෝමාවක ඉදලා සිහිය එනවා කූඹියෙක් දෂ්ඨ කරලා. ඒ වෙනකම් එයාව බලාගත්තේ එයාගෙ හොදම යාලුවා වන මනී. මනී ඒ වෙනකොට රවීගෙ නංගිව කසාද බැඳල ළමයි දෙන්නෙකුත් ඉන්නවා. රවීගේ තාත්තත් අන්ත්‍රා වෙලා. රවීට මේ දේවල් නිකන් හීනයක් වගේ. හැමදේම වෙනස් වෙලා. පස්සෙ ඉතින් දොස්තර කෙනෙක් හම්බවෙලා සම්පූර්ණ පරික්ෂාවක් කරගෙන කිසිම අවුලක් නෑ හැබැයි කාරණා දෙකක් තියෙනවා පරිස්සමෙන් බලාගන්න කියල දොස්තර මහත්තයා කියනවා. රවීට වුවමනාව තියෙන්නෙ කොහොම හරි නිකිතාව හම්බවෙන්න. ඒත් මනී කියනවා දැන් එයාට කසාද බැදල ළමයිනුත් ඇති එනිසා ඒව අමතක කරල වෙන කෙනෙක් බලමු කියල. නමුත් රවීට කොහොම හරි නිකිතාව හම්බවෙලා කතා කරන්න ඕනෙ කියල දෙන්නම නිකිතාව හොයාගෙන යනවා. හොයාගෙන ගිහින් බලනකොට එයා දොස්තර මහත්තයා බැදල ඉන්නෙ. එතනින් කතාව දුර දිග ගිහින් රිතිකා මේ දෙන්නවම එළව ගන්නවා. ඊට පස්සෙ රවී, මනී දෙන්න එකතුවෙලා කෙල්ලෙක් හොයනවා අන්තර්ජාල විවාහ ගලපන ඒවගෙන්. පස්සෙ එක්කෙනෙක් හම්බවෙලා එයාව මුණ ගැහිලා කතා කරල සෙල්ෆියක් ගන්න යන වෙලාවේ ආයෙ අකරතැබ්බයකට මූණ දීල පොලීසියටත් ගිහින් ගොඩින් බේරගෙන රවීව ගෙදරට ගේනවා. හොදටම කේන්තියෙන් හිටිය මනීගේ බිරිද, නැතිනම් රවීගෙ නංගි රවීට හොදටම බනිනවා. රවීගෙ බෙහෙත් වලට ගේ උකස් කරල ණය අරගෙන ගෙවාගන්න බැරුව ඉන්නෙ කියල එතනදි රවී දැනගන්නවා. කොහොමහරි රස්සාවක් හොයාගෙන මේවගෙන් ගැලවෙන්න හිතාගෙන රස්සාවල් හොයාගෙන ගියත් රවීට රස්සාවක් හම්බවෙන්නෙ නෑ. පස්සෙ රවීගෙ නංගි එයාගෙ යාලුවෙක්ගෙ කෞතුකාගාරයක මුරකාර රස්සාවක් අරගෙන දෙනවා. රවිත් කරන්න දෙයක් නැතුව ඒකට කැමති වෙලා එතන රස්සාවට යනවා.
ලිපිය ගොඩක් දික් වුණ නිසා කෙටියෙන් කියන්නම්. රවී දකිනවා කෞතුකාගාරයේ තියෙනවා එයාගෙ පොඩි කාලේ තාත්තා දීපු පිළිමය. ඒ ගැන විස්තර හොයපුවාම දැනගන්නවා ඒක අයිති වෙන්නේ රාජ පරම්පරාවකට කියල. ඒක දැන් තියෙන්නෙ ධර්මරාජ් කියල ඇමති කෙනෙක් ලග කියල කෞතුකාගාරය භාරව ඉන්න රිතිකාගෙන් විස්තර දැනගන්නවා. විස්තර තවත් හොයල බලද්දි ධර්මරාජ තමයි එදා නිකිතට යෝජනා කරන්න යනකොට එයාගෙ බෙල්ලට පිහිය තියල පැනල ගිය 3 දෙනාගෙ ලොක්කා. උන් පැනල යද්දි නිකිතගෙ අතින් පිළිමයත් හොරකම් කරගෙන ගිහින් තියෙනවා. ඉතින් ඊළඟ ක්‍රියාන්විතය තමයි රාජ පරම් පරාවට අයිති එයාළගෙ පිළිමය මේ ඇමතියගෙන් ලබාගන්න එක..
ඉතින් මේ අවුරුදු 2ක කාලය පුරාවටම සහයෝගය දුන්න හැම කෙනෙක්ටම ස්තූතී කරමින් තවත් උපසිරැසියකින් මුණගැහෙන බලාපොරොත්තුවෙන් ඉන්න කියල කියනවා. ඒවගේම ඔයාලගෙ මොනයම් හෝ අදහසක් ඇත්නම් එයත් පළකරන්න කියල ඉල්ලීමක් කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Proper HDRip පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 21601 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
ස්තුතියි උපසිරසට ජයවේවා – ඩනජය
thanks
Thanks bro
Kalekin balpu lasna movie ekk eke jokes wgema action tybath eke jiviteta padm godk kila denwa..sub ekt thnks..
bohoma sthuthi me sub ekata
Tn q brother
#සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි#$$ඔෂද
thanks for the subtitle
Thank you
Thanks …………………………………..good luck ………………………………..
Congratulations machan… නියමයි… ජය වේවා….
Congratulations bro. ජයවේවා
Congratulations bro
Thanks for sub
ස්තුතියි
Thanks bro..
50වෙනි උපසිරසියට සුබපැතුම් බ්‍රො
Patta film ekak bro
Thanks
ela
Thanks
50වෙනි උපසිරැසියට සුභ පැතුම් ඔෂධ සහෝ!! ඉදිරි කඩයිම්වලටත් ලගාවෙන්න හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා.. ජය!!!!
අර්ධ ශතකයට සුබපතනවා. සුපිරි ම ෆිලුමක් තමයි. ඉතින් මේ ෆිල්ම් එකේ විශේෂ යෙන්ම දැන් කාලෙ තාක්ශණයට නතුවෙලා ඉන්න තාරුණ්‍ය යට හොද පණිවිඩයක් ලබා දෙනවා.ඒ වගේ ම මනුෂ්‍යත්වය ගැනත් පාඩම ඉගෙනගන්න පුලුවන් මෙකෙන්.
කොටින්ම කියනවනම් තරුණ අපිට නොකියා කියන්නෙ ගෙවල්වලට වෙලා බ්‍රොයිලර් කුකුල්ලු වගේ හැදෙන්නැතුව එලියට බැහැපල්ලා කියලා…
ඔෂධ සහෝ අර්ධ ශතකයට වගේම ශතකයටත් සුබපතන්න ලැබේවා ඉක්මනින්ම….ජයවේවා !!!!
තද බෝම තුති ජයවේවා
Tanx bro
ප්‍රමාදවෙලා හරි ඔන්න මමත් එක්වෙනවා 50 ට සුබපතන්න. මෙතනින් නොනැවතී 100 ට ඉක්මනින්ම යන්නත් ලැබේවායි පතන ගමන්ම බොහොම ස්තූතියි කියනවා වෙනද වගේම උපසිරැසියටත්. ජය෴෴ 😛 😛
Thanks bro
thz
jaya wewa
නියමයි ඔෂද අයියේ,
පළවෙනි කඩයිමට සුබ පැතුම්!
දෙවනි කඩයිමටත් ඉක්මනින්ම යන්න ලැබෙන්න කියලා සුබ පතනවා
සබ් දෙන වේගේ හැටියට නම් සෙන්චරියට එච්චර කාලයක් යන්නැති වෙයි වගේ!! 🙂
මටත් බොහොම උපකාර කරපු සහෝදරයෙක්…
දෙමළ කැටගරිය පුරවන්න බොහොම වෙහෙසක් දරන නිසාම වෙන්නැති කඩයිමත් දෙමළෙන්ම දුන්නේ?!
ජයම් රවීගෙයි කාජල්ගෙයි ඒවා අතාරින්නම බෑනේ.. ලිස්ට් එකට දාගත්තා!
අද හෙටම බලනවා! ජය වේවා!!!!
thank u
Thnxxx
50 වෙනි සිංහල උපසිරැසය වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් සහෝ.
මෙතනින් නොනැවතී ඉදිරියටම යන්න ලැබේවා කියා පාර්ථනා කරනවා.
elAAAAAAAAAAAA THANKS
bohoma sthuthi sahoo
thankz saho
thank you
Thank you ❤️❤️
wish you all the best
tnx machn
biscopedownlods eka vada krnne nane…..mokak hri krandooo……
.com nethuwa .co witharak type karanna. (https://www.baiscopelk.co)
torrentmovie.club eken download karaganna
subha pathum saho
thx sahooo
Thanks mcn
Film download karanna bahane subtitles puluwan film download krn plwn site eka denna plz
Bigil MOvie Eke Sub ekath dennako…
thanks bokka
torlock2.com eken download karaganna
Thanks bro
super
thanks
Subapethum sahoo ..tnx
Baiscopedownlod wadakaran nane mokak hari karannako
Ekane bn biscopedownlods eka vada krnne nane…..mokak hri krandooo……
thank you verymuch.
Thanks for sinhala sub
Cold lassi aur chicken masala (alt balaji)
Plzzz me Hindi web series ekatat sinhala sub Denna
Download page eka wada nane bn sub dunnata film nane bn
Thnq sub ekat.50t suba pathum
Ai bn baiscopelk download wada karan naththe.sub dunnata wadak nane bn film download nathuwa.poddak eka balapan.rep ekak dapalla poddak.awlen inne
https://baiscopedownloads . co/
ඩ
congratulations
50 වෙනි උපසිරැසියට සුභපැතුම් ඕෂධ සහෝ,
කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට සමාවෙන්න ඕන,
බයිස්කෝප් සයිට් එකේ දමිල කැටගරියෙ නිතර දකින්න ලැබෙන නමක්. උදව්වක් ඉල්ලුවොත් බෑ නොකිය කරල දෙන සහෝදරයෙක්, ඉදිරියටත් උපසිකරනයේ නියැලෙන්න වැඩි වැඩියෙන් කාලවෙලාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
මගේ නමත් සඳහන් කලාට ස්තූතීයී!
Flm download karanna plwn site eka dennam
bohoma sthuthi sahooo
50 වෙනි උපසිරසට සුබ පැතුම්! ඒ වගේම ඉක්මනින් 100 වෙත ලං වෙන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා! ජය!!
ස්තූතියි සහෝ
thanks bro
what happen baiscope download
Baiscopedownloads nette mokada kohomada film1 download karanne
50ස් වන කඩඉමට සුබ පැතුම්
thanks..50ta subapethum !!!
පළමු කඩඉමට උණුසුම් සුබපැතුම් සහෝ….
චිත්‍රපට වලින්ම 50 ගහනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි…
ඒකත් අවුරුදු දෙකක් ඇතුලත. විශේෂයෙන් දමිළ චිත්‍රපට වලට උපසිරැසි ගන්වන කෙනෙක් නිසා
නිතරම ඇහැ ගැටෙන නමක් තමයි ඉතින්. ඒ වගේම ඉක්මනින් උපසිරැසි අරන් එන කෙනෙක්.
බයිස්කෝප් පවුලත් එක්ක දිගු ගමනක් යන්න හැකියාව ලැබේවා කිව්වා ඕං… 😛
මාවත් මතක් කළාට වගේම මේ උපසිරැසියටත් බොහොම තුති. දිගටම සබ් දෙමු ආ…
ජය!
50 ජය!!!
Thank you sub ekata
thank you for the sub. eth baiscopedownloads site eka wada karanne nane
thanks..ela….(katha wisthare nam wedi thama)
50weni upa sirasata suba pathum saho
dhigatama inna
teruwan saranai
khmd film ek download krne.baiscopedownloads wada nahane
Baiscope download weda නහැ
තෑන්ක්ස් මචන් සුභ පැතුම්
මචං ෆිල්ම් එක නන් හොදයි වගේ ඒ උනාට ඩවුන්ලෝඩ් ලින්ක් එකක් නැහැනේ ටිකක් බලන්න
Baiscopdownloads site ek wada karan natte ai…
✌✌✌✌✌50
Baiscopedownloads.com site eka weda nedda yalu
thx saho.
Thanks for sub
පලවෙනි කඩඉමට උණුසුම් සුභ පැතුම් .!
උණුසුම් සුභ පැතුම් සහෝ 50 කඩයිමට…..මේක දානකන් හිටියේ….පට්ට…..ස්තුතියි……ස්තුතියි….ස්තුතියි….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා…
Thank You
Baiscopedownloads website ekata mkda une. Ai wada naththe
bro direct link ekek nadda
COngrdz bro…❤️
50 ට මගෙන් උණුසුම් සුබපැතුම් සහෝ ඔය වගේම 100 ගහමු ඉක්මනටම ඒ වගේම සබ් එකටත් ස්තුතියි සහෝ
50 වෙනි උපසිරසට හදවතිම සුභ පැතුම් සහෝ…චිත්‍රපටම 50ක් කියන්නේ ලේසි පාසු දෙයක් නෙමේ…තව තවත් ඉදිරියට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..ජය වේවා..බුදුසරණයි..!
සුභ පැතුම් අයියේ පනස්වන උපසිරැසියට
දිගටම සබ් අරගෙන එමු
ජයවේවා!!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
50 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
ජය
Subodha
Thnxxxxxxxxxxxx
සුබ පැතුම්. දිගටම අපට උප සිරසි දෙන්නට ඔබට ධෛර්යය ලැබේවා.
මේ ෆිල්ස් එකේ ලින්ක් එක තියෙන එකෙක් දාපංලකෝ ටොරන්ට්ස් වලත් න
baiscope downloads site eka weda ne.ai e?
Mcn ai weda nathe bisecopedownloads .wena film ganna site ekk kiyahanko
thanks bro
site eka wada natte ai
please danna kenk innwanm me sub ekta hariyna film eke link eka ewannaaaaaaaakooooooo
machn biscope dwonload site eka weda ne .. poddk blapnko bn please
Tnx saho සුබපැතුම් 50*ta
Baiscopedownloads website ekata mkda une. Ai wada naththe
Thank you sub ekata
Sthuthi sahooo obata …
a uba karoth patta bn…..// super….
ado poddak balapanko bn biscopdownload web site eka wedda nane bn..
thanks oshaja dananjaya sub ekata a wagema 50 weni upasrasatath suba pathanawa jayawewa theruwan saranai
Broo baiscopedownload eka weda ne ne mkdd awala a
THANK YOU
අයියගෙ 50වන උපසිරැසියට මගෙන් උණුසුම් සුබ පැතුම්
50 වෙනි උපසිරසියට සුබ පතනවා බ්‍රෝ දිගටම සබ් දෙන්න.. ඒ වගේම සබ් එකට ගොඩක් ස්තුතියි.. 🙂
ජය වේවා.!
50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
50qට හදවතින්ම සුබපැතුම් අයියේ..දිගටම කරගෙන යමු..
100 හමුවෙමු..❤️
50ට හදවතින්ම සුබපැතුම් අයියේ..දිගටම කරගෙන යමු..
100 හමුවෙමු..❤️
50 ta bokkenma suba patum jaya wewa suba wewa budusaranai
උපසිරසි දිවියේ පලවෙනි කඩයිම් හෙවත් 50වැනි උපසිරසියට උණුසුම් සුභ පැතුම් අයියේ මුලින්ම. උදව්වක් ඕන උන වෙලාවට හා මල්ලි කරමු කියලා එකෙන්ම උදව් කරන කෙනෙක් හැටියටත්, ඉතාමත් වේගයෙන් උපසිරසි ලබා දෙන උපසිරසිකරුවෙක් හැටියටත් අයියව හදුන්වන්න පුළුවන්. එහෙනම් ඉතින් 100වැනි උපසිරසියත් බෝම ඉක්මනින් ගේන්න හැකියාව ලැබෙන්න කියලත් පෞද්ගලික ජීව්තේ කටයුතුත් සාර්ථක වෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මාවත් මතක් කලාට ස්තූතියි හොදෙ. ආ උපසිරසියට ස්තූතියි. ජය වේවා….!!!</b
Thanks dhananjaya ✨
ඇත්තටම ගොඩක් සතුටුයි බං …හදවතින්ම සඅභ පතනව උබට පලවෙනි කඩඉම වෙනුවෙන්…50 වෙනි කඩ ඉමෙි ජයමිගෙ මේක දෙනකන්බලන් හිටියෙ බං……ඉක්මනින්ම එහෙනම් සෙන්චරි එකත් දාපන් බං..ස්තුතියි…සයිට් එකට කරනා විශාල මෙහෙය අගයනවා…….
ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි
Thanks bro
Elama bn
thanks machan