අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඇනිමේ (ජපන් ඇනිමේෂන්) (TV)ඇනිමේෂන් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)කොමඩි (TV)ජපන් (TV)ත්‍රාසජනක (TV)ලංකන් Weebsවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Cowboy Bebop (1998) [S01 : E21 & E22] Sinhala Subtitles | කව්බෝයිවරුන් අතර කව්බෝයිවරයා [සිංහල උපසිරසි]

Rating: 9.7/10. From 3 votes.
Please wait...
Cowboy Bebop [S01 : E21 & E22] Sinhala Subtitles

1998 වසරේදී විකාශය වුනු, IMDB දර්ශකයේ 8.9 ක ඉහළ අගයක් වගේම MyAnimeList දර්ශකයේ 8.75 ක ඉහළ අගයක් ලබා ගෙන මේ වෙන විට Top Anime ලැයිස්තුවේ 46 වන ස්ථානයේ පසු වෙන අතරේ Action, Sci fi, Space, Adult Cast යන Genre වලට අයත් වෙමින්, Award Winning ඇනිමෙ එකක් බවට පත් වුනු, මිනිත්තු 24 බැගින් වුනු කොටස් 26 කින් සමන්විත Cowboy Bebop ඇනිමෙ කතා මාලාවේ 21 සහ 22 කොටස් සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ.

පසුගිය කොටස් දෙකෙන් අපිට දකින්න ලැබුනේ වෛරසයක් යොදාගෙන දඩයමේ යන හොරු තුන්දෙනෙක් එක්ක බිබොප් කණ්ඩායම හැප්පෙන විදිහ සහ අධිමානුෂික උමතු ඝාතකයෙක් එක්ක බිබොප් කණ්ඩායමේ ස්පයික් කරට කර හැප්පෙන විදිහයි. වෛරස් හොරු තුන්දෙනා එක්ක බේරෙන එක මුලදි ටිකක් අමාරු දෙයක් වුනත්, පස්සෙ ස්පයික්ගේ යානා අළුත්වැඩියා කරන මිත්‍රයා වුනු දූහන්ගේ උදව් ඇතුව ඒ වෛරසයෙන් ඒ හොරු තුන්දෙනාටම පහර දෙන්න පුලුවන් වුනා. ඊට පස්සෙ අහම්බෙන් වගේ ස්පයික්ට මුණ ගැහෙන කොච්චර මරන්න හැදුවත් මැරෙන්නෙ නැති කෙනා එක්කත් හැප්පෙන්න සිද්ධ වෙනවා. මුල් සටනින් ස්පයික් මරණය ආසන්නයටම ගියත් දෙවෙනි වටයක් වෙනුවෙන් ඒ නොමැරෙන කෙනා ස්පයික්ව ඉතුරු කරනවා. ඒ නොමැරෙන කෙනා ISSP එකේ අත්හදා බැලීමක ප්‍රතිඵලයක් වුනු අධිමානුෂික උමතු ඝාතකයෙක් කියල බිබොප් කණ්ඩායමේ ජෙට් තොරතුරු හොයා ගන්නවා. කොහොමහරි මේ ඝාතකයාගේ එක දුර්වල තැනක් දකින ස්පයික්, සටනේ දෙවෙනි වටේදී මේ ඝාතකයව ඉවරයක් කරල දානවා. නොසිතූ අවසානයක් එක්ක ඒ කතාවක් එතනින් ඉවර වෙනවා.

මීළඟට සිද්ධ වෙන දේ වෙන්නේ ජෙට් බ්ලැක් පසුබිම් කරගෙනයි. යාළුවෙක්ගෙන් ජෙට්ට ලැබෙන ලියුමක් නිසා හිතුවෙවත් නැති සිද්ධි ගණනාවකට ජෙට් ප්‍රමුඛ බිබොප් කණ්ඩායම මුහුණ දෙනවා. ඒ වගේම මේකට තවත් කෙනෙක් ජෙට්ගේ සහයට එනවා. ඊට පස්සෙ තවත් බවුන්ටියක් පස්සෙ ස්පයික් යනවා. ඒ බවුන්ටිය පැත්තකට දාලා තවත් කෙනෙක් එක්ක හැප්පෙන්න ස්පයික්ට සිද්ධ වෙනවා. මෙයත් ස්පයික් වගේම කෙනෙක්. හැබැයි යන්නෙ අශ්වයෙක්ගෙ පිටේ. බවුන්ටිය පැත්තකට දාලා මේ අශ්වාරෝහකයත් එක්ක හැප්පෙන්න වෙන හේතුව මොකක්ද? ඒ වගේම ජෙට් බ්ලැක්ගේ සහයට එන කෙනා කවුද? එයා එන්නෙ ඇයි? කියල මේ කොටස් දෙකත් නරඹලම හොයාගන්නකො. Cowboy Bebop ඇනිමෙ කතා මාලාවේ අවසානයට අපි ටිකෙන් ටික ළං වෙමිනුයි ඉන්නේ. එහෙනම් Cowboy Bebop ඇනිමෙ කතා මාලාවේ මීළඟ කොටස් තුළින් හමුවෙමු.

“See You Space Cowboy…”

✍️…ලංකන් weebs වෙනුවෙන්- හසරංග නදීෂ.
Cowboy Bebop [S01 : E21 & E22] Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා පමණක් අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Next BT1All BT1Next BT1

Cowboy Bebop [S01 : E21 & E22] Sinhala Subtitles

2 thoughts on “Cowboy Bebop (1998) [S01 : E21 & E22] Sinhala Subtitles | කව්බෝයිවරුන් අතර කව්බෝයිවරයා [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Ishan Madusha

    බොහෝම ස්තූතියි…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *