හැමෝටම සුභ දවසක් වේවා. මේ ගෙන එන්නේ DCs Legends of Tomorrow කතා මාලාවේ තුන්වන සමයේ 16 වන කොටසයි. තවත් කොටස් දෙකක් පමණක් ඉතිරිව ඇති මේ කතා මාලාවේ පසුගිය සතියේ කොටස ගැන පොඩි මතක් කර ගැනීමක් කරමු. පසුගිය සතියෙන්… ගිය සතියේ කොටසනම් ආයේ කියන්න දෙයක් නෑ.නියමෙටම තිබුනා කිව්වොත් හරි කියලා මම හිතනවා.මරණිය ට…

හැමෝටම සුභ දවසක් වේවා. මේ ගෙන එන්නේ DCs Legends of Tomorrow කතා මාලාවේ තුන්වන සමයේ 16 වන කොටසයි. තවත් කොටස් දෙකක් පමණක් ඉතිරිව ඇති මේ කතා මාලාවේ පසුගිය සතියේ කොටස ගැන පොඩි මතක් කර ගැනීමක් කරමු.
පසුගිය සතියෙන්…
ගිය සතියේ කොටසනම් ආයේ කියන්න දෙයක් නෑ.නියමෙටම තිබුනා කිව්වොත් හරි කියලා මම හිතනවා.මරණිය ටෝටම් එක පැළඳ ගත් සැනින් සාරාට මලස් අරක් ගන්නවා.ඒත් සමග සාරා යානයේ සිටින අයට පහර දෙන්න පටන් ගන්නවා. මුලින්ම පහර දෙන්නේ රේ පාමර්ට. මොකද ඔහු තමා ඒ වෙද්දී යානයේ හිටිය කෙනා. මේ වෙද්දී රේ අග්නි ටෝටම් එක සකසලා තමා තිබුනේ. ඊළඟට ප්‍රහාරයට ලක් වෙන්නේ අමායා හා රෝරි. මෙතන දී අමායගේ කකුලක් කඩන්න පවා සාරා දරුණු වෙනවා.ඊළඟට වොලී වෙස්ට්. ජෙසී විදියට පෙනී ඉඳලා මෙතන දී වොලිට පහර දෙනවා.මේ අතර වාරයේ මේ ගැන දැනගන්න ඒවා හා ගැරී කොන්ස්ටන්ටීන් හොයන්න පිට වෙලා යනවා.ඔහුව හොයා ගැනීමෙන් අනතුරුව සාරාට වෙලා තියෙන දේ පවසන ඒවා ඇයව ගලවා දෙන ලෙස ඉල්වා සිටිනවා. මේ නිසා කොන්ස්ටන්ටීන් සාරා මුදවා ගැනීමට මෙහෙයුම දියත් කරනවා. මේ අතර වාරයේ මලස් ආවේශ වුන සාරා දිගින් දිගටම ලෙජන්ඩ්වරුන්ට පහර දෙන විට ඇයට විරුද්ධව අනෙකුත් ටෝටම් භාවිත කිරීමට පිරිස එකඟ වෙනවා. ඒ අනුව නතානියල් භුමි ටෝටම් එක ලබා ගැනීමට ගියත් ඔහුට එය සාරාට විරුද්ධව පාවිච්චි කරන්න නොලැබෙන්නේ නාතනියල්ගේ සියා ඔහුට දර්ශනය වීම නිසි. මෙහෙ දී නතානියල් පහර කෑමට ලක්වෙනවා. ඒ වගේම අග්නි ටෝටම් එක ලබා ගැනීම සිද්ධ වෙන්නේ රෝරි විසින්. ඔහුට එහි බලයට පිවිසීමට පවා හැකි වෙනවා. මේ අතර වාරයේ කොන්ස්ටන්ටීන්, ඒවා හා ගැරී වෙව්රයිඩර් එකට පැමිණෙන්නේ මලස් එලවා දමා සාරා බේරගන්න. නමුත් එහි දී කොන්ස්ටන්ටීන්ට ඇස්ට්‍රා නම් කුඩා දැරිය ලෙස සාරා පෙනී සිටිනවා. හැබැයි කොන්ස්ටන්ටීන් රැවටෙන්නේ නෑ. ඔහු බොරුවට රැවටුනා වගේ පෙන්නලා ඇයට පුජනිය ජලය ඉසිනවා.ඒ වුනාට ඒක හරියන්නේ නැත්තේ මලස් ඊටත් වඩා බලවත් නිසා.මේ අතර වාරයේ මලස්ගේ ලෝකයේ දී සාරා හා නෝරා මුණ ගැසෙනවා. සාරාට තමන්ගේ සැබෑ ස්වරුපය භාරගන්න ලෙස නොරා පැවසුවත් සාරා එය ප්‍රතික්ෂේප කරනවා. මේ අතර වාරයේ අග්නි ටෝටම් එක දැරූ රෝරි හා සාරා අතර සටනක් සිද්ධ වෙන්නවා. අවසානයේ රෝරි සාරාට එල්ලකළ දරුණු පහරකින් ඇය බිම පතිත වීමත් සමගම ඒවා ඇය පැළඳ සිටි මරණිය ටෝටම් එක ගලවා දමා සාරාව බේරා ගන්නවා. අවසානයේ මේ සිදුවීම් සියල්ලම නිසා සාරා ඒවාගෙන් වෙන්වීමට තීරණය කරන්නේ ඇය නිසා ඒවාට කරදරයක් වේවි යන බිය නිසාවෙන්. එමෙන්ම කොන්ටන්ටීන් ලෙජන්ඩ්වරුන් සමග එකතු වුනා දෝ කියන සැකය ඉතිරි කරමින් කතාව නිමාව දුටුවා.
මේ සතියෙන්…
කලින් කිව්වා වගේම මේ කතා මාලාවේ මේ සමයේ අවසන් ටිකේ තමා මේ ඉන්නේ. ඒ නිසා මරණ,අහිමි වීම්,ඇතැම් අයගේ සැබෑ ස්වරූප වගේ දේවල් දකින්න ලැබෙනවා. ඉතින් අද කොටසත් ඒ වගේම දෙයක් ගැබ් වුන කොටසක්. ඔව් මාතෘකාව දැක්කම හිතා ගන්න පුළුවන්නේ අද කොටස කා ගැනද තියෙන්නේ කියලා…?කට්ටියට මතක ඇතිනේ කලින් කොටසක දී රිප් හන්ටර් ඒවා ගැන ලිපි ගොනුවක් මකලා දැම්මා.ඉතින් කලින් වෙච්ච හිත් තැවුල නිසා ඒවා ටික දවසක් වැඩට එන්නේ නෑ. මේ නිසා ගැරී භය වෙලා ඒ ගැන ලෙජන්ඩ්වරුන්ට දන්වනවා. මේ අවස්ථාවේ දී සාරා තමන්ගේ වැඩ වෙන කෙනෙක්ට භාර දීලා යානයෙන් පිට වෙන ගමන් ඉන්නේ. ඒ අහන්න ලැබුන දෙයත් සමගම සාරා,රේ හා ගැරී ඒවා ගැන හොයන්න පිටත් වෙලා යනවා.මේ අතර වාරයේ ඩිට්‍රෝයිට්වල වුන සිද්ධියක් නිසා මාරි(වික්සන්) තුවාල ලබනවා.මේ ගැන දැනගන්න ලෙජන්ඩ්වරුන් ඇය ගැන හොයලා බලන්න නතානියල් හා වොලී පිටත්කර හරිනවා. එහි දී ඔවුන් දෙදෙනාට කුආසා මුණ ගැසෙන නිසා ප්‍රශ්නය තවත් අවුල් යනවා. එසේනම් ඒවා සොයා යන සාරා ඇතුළු පිරිසට ඒවා ගැන දැනගන්න ලැබෙන්නේ මොනවගේ තොරතුරක්ද? ඇත්තටම ඒවා කියන්නේ කවුද?කුආසා මුණ ගැසුණු නතානියල් හා වොලී මොනවගේ දෙයකට පැටලේවී ද? යානයේ ම සිටින සාරි හා මික් මොන වගේ විකාර වැඩ කරාවිද? මේ ප්‍රශ්න විසඳන කොටසයි මේ.
බයිස්කෝප් එකෙන් උපසිරස නිකුත් කරන Arrow, The Flash, DCs Legends of Tomorrow යන යන කතා මාලා සඳහා හොඳ ෆෑන් බේස් එකක් තියෙනවා කියලා අපි පැහැදිලිවම දන්නවා. හැබැයි ඉතින් මේ කතා මලාවලට වඩා හොඳ කතා මලා ඕනෑතරම් තියෙනවා. ඒ අතර මෑතක දී විකාශය ආරම්භකළ මැජික්වලට කැමති අයටම විශේෂ Deception හා කොමික්/සුපර්හිරෝ කැමති අයට විශේෂ Krypton කතා මලා දෙකේ උපසිරසත් දැන් බයිස්කෝප් එකෙන් භාගත කරන්න පුළුවන්.ඒ නිසා ඒ කතාමාලාත් රසවිඳින්න කියලා ආරාධනා කරමින් සමුගන්නවා.හැමෝටම ජය ශ්‍රී.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
6,802 downloadsDownload DCs-Legends-of-Tomorrow-S03E16.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
57 comments
dimuthuhome
subodha
Thanks
Subhash13
ftt bn.. api nam krypton balanawa.. ftt thama aka.. oya arrow flash wageda bm.. krypton පහරක් thami... oya mal katha balanne nathuwa balanawanam... Gotham .. Krypton balahan...
Udara Damith Dissanayaka
niyamayine
ඉක්මනට දිලනේද
ඒවා බලනවා
මන් මේකෙන් බයිස්කෝප් එකෙන් දෙන ටීවී සීරියස් වලින් සියට 93 ක් විතර බලන ඒවා තියෙන්නේKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rumesh Perera
Thanks Bro
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරසට.. බයිස්කෝප් එකේ දෙන අලුතින් පටන් ගන්න හැම සීරිස් එකම බලනවා සහෝ. සබ් තියේනම් අනිවා බැලිල්ලක් තමා!
Hirunaprabodha
ස්තූතියි සහෝ.. ඔබට ජය
akram
thnx machan....
wajira
thanks for bro
wajira
thanks for sub
Mr.pamz
Thanks bro.......
Good luckJehank
Thanks bro..........
podda
thanks bro!!! lipiya maru
Podi illimak thiyenawa puluwannam FRINGE tv serious eke season 3 ekata sub dennakoohash99
thnx broo...........ikmanatama sub ek dunnta....
Gayan_madushanka_
Thanks bro
anuka
❤️❤️❤️❤️❤️
sachintha
Sub ekata thanks sahoo
JayaSuranjan
Thanks machan........jayawewa.........!
Naveen Rangana
බොහොම ස්තුතියි උපසිරසට................................
JL Fernando.
Thanks Bro.
bla bla bla
thanks bro
Nuwandika Dil
Ela tnks
AshanChathuranga1997
Elama
Thanks broGayan Darshana
Thanks machan..
Amila89
බොහොම ස්තුතියි
Hard Rock
thank machan
EMWinchester99
thanks bro
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
එනකම් හිටියේ.....Dasun Chathuranga
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…….
ජය වේවා !!!!!!!!!podda
thanks bro
tv malli
tnx bn sub ekata
Mahesh ruwan
bohoma sthuhti
Chamliy1
ela bro ....thanks for sub...best wishes..!!!!!!!
Ashan Maduranga
thank you wewa jaya wewa baiscope set eekatama good luck keep it up
D.Chamara
bohoma sthuthi sahooo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
HgGHSalinda
Thanks
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......
Iresh Umayanga
Thnks For Sub mchan.
Arrow eke sub eka atharala wage ai
Chamod_Sasitha
Me para sub ekath ikmanata denna puluwan weida saho
Iwasillak ne bro balanakalMilinda Sadaruwan
thanks for sub bro
Pathum Winchester
Thanks sub ekata
100
Sub eakata thanx
futureomega
sub ekata thanks
Janith Ramanayaka
බොහොම ස්තූතියි උපසිරැසියට ජය වේවා !!!!!!!!!
kesiri
thanx
Amadoru
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thank you for the sub keep it up cheers