මට ඔයාලට පොඩි කතාවක් කියන්න තියෙනවා. පොඩියි කිව්වට මේක සිනමා ඉතිහාසය හොල්ලපු චිත්‍රපටයක් ගැන කතාවක්. ඉතිං, අපි යමු අවුරුදු 7ක් ආපස්සට. හරියටම කියනවා නම්, අවුරුදු 7යි මාස 2ක් අතීතයට යමු. හරියටම වර්ෂ 2013ක් වෙච්ච දෙසැම්බර් මාසෙ 19 වෙනිදා. ලෝකයේ ලොකුම රටක, පුංචිම පුංචි සිනමා කර්මාන්තයකින්, බොහොම පොඩි…

මට ඔයාලට පොඩි කතාවක් කියන්න තියෙනවා. පොඩියි කිව්වට මේක සිනමා ඉතිහාසය හොල්ලපු චිත්‍රපටයක් ගැන කතාවක්. ඉතිං, අපි යමු අවුරුදු 7ක් ආපස්සට. හරියටම කියනවා නම්, අවුරුදු 7යි මාස 2ක් අතීතයට යමු. හරියටම වර්ෂ 2013ක් වෙච්ච දෙසැම්බර් මාසෙ 19 වෙනිදා. ලෝකයේ ලොකුම රටක, පුංචිම පුංචි සිනමා කර්මාන්තයකින්, බොහොම පොඩි සිනමා නිර්මාණයක් එදා දවසේ එළි දැක්වුණා. හැබැයි, එදා ඒ විදියට නිකුත් වෙච්ච ඒ සිනමා නිර්මානය නිසා සමස්ත සිනමා කර්මාන්තයක් උඩු යටිකුරු වේවි කියලා කවුරුවත් නිකමටවත් හිතුවෙ නැතුව ඇති. මේ තමයි ඒ කතන්දරය!

ඉන්දියාව කියන රටේ, මලයාලම් කියන පුංචිම පුංචි සිනමා කර්මාන්තයෙන්, ද්‍රිෂ්‍යම් (2013) කියලා බොහොම පොඩි සිනමා නිර්මාණයක් එළි දැක්වුනා.
ප්‍රධාන රංගන දායකත්වය ලබාදුන්නෙ, එදාමෙදා තුර මලයාලම් සිනමාවෙන් බිහිවූ ජනප්‍රියතම සහ අද්විතීයම රංගන තාරකාව, මෝහන් ලාල්!
Memories (2013) ගහලා පිකප් එකේ හිටපු Jeethu Joseph මහත්මයව රියල් පොරක් කරපු සිනමා නිර්මාණය තමයි මේ ද්‍රිෂ්‍යම් චිත්‍රපටය.
ඉන්දියානු රුපියල් කෝටි 5කට අඩු බජට් එකකින් හදලා, ඉන්දියානු රුපියල් කෝටි 75 ඉක්මවපු ආදායමක් හොයපු සිනමා නිර්මාණය තමයි මේ ද්‍රිෂ්‍යම් චිත්‍රපටය.
මලයාලම් සිනමාවෙන් ඉන්දියානු රුපියල් කෝටි 50 ඉක්මවූ ආදායම් වාර්තාවක් තියපු පලවෙනි සිනමා නිර්මාණය තමයි මේ ද්‍රිෂ්‍යම් චිත්‍රපටය.
Ravichandran ගේ රංගන දායකත්වයෙන් කන්නාඩ භාෂාවෙන් 2014 වර්ෂයේදී Drishya යන නමින්ද,
එම වර්ෂයේදීම Venkatesh ගේ රංගන දායකත්වයෙන් තෙලිඟු භාෂාවෙන් Drushyam යන නමින්ද,
Kamal Haasan ගේ රංගන දායකත්වයෙන් 2015 වර්ෂයේදී දමිළ භාෂාවෙන් Papanasam යන නමින්ද,
එම වර්ෂයේදීම Ajay Devgn ගේ රංගන දායකත්වයෙන් හින්දි භාෂාවෙන් Drishyam යන නමින්ද,
ජැක්සන් ඇන්තනී මහත්මාගේ රංගන දායකත්වයෙන් සිංහල භාෂාවෙන් ධර්මයුද්ධය යන නමින්ද,
එතකින් නොනැවතී, ඉන්දීය සිනමා ඉතිහාසය තුල ප්‍රථම වතාවට ඉන්දීය සිනමා නිර්මාණයක් චීන භාෂාවට ප්‍රති නිර්මාණය වෙමින්,
2019 වර්ෂයේදී චීන භාෂාවෙන් Sheep Without a Shepherd යන නමින්ද ප්‍රති නිර්මාණය වූ සිනමා නිර්මාණය තමයි මේ ද්‍රිෂ්‍යම් චිත්‍රපටය.
Top Rated Indian Movies ලැයිස්තුවේ 33 වෙනි ස්ථානය වගේම,
Top Rated Malayalam Movies ලැයිස්තුවෙත් 17 වෙනි ස්ථානය තමන් සන්තක කරගෙන,
30, 000+ මනාප සංඛ්‍යාවකින් 8.3ක Imdb අගයක් සහිතව විරාජමානව වැජඹෙන සිනමා නිර්මාණය තමයි මේ ද්‍රිෂ්‍යම් චිත්‍රපටය.
ඒ වගේම, පුරා මාස 5කට ආසන්න කාලයක් මුළුල්ලේ ලොව වටා සිනමා ශාලා තුල තිරගත වෙමින්,
වර්තමාන මලයාලම් සිනමාවේ නැගී සිටීම කෙරෙහි සෘජුවම බලපෑ දැවැන්තම සාධකයක් තමයි මේ ද්‍රිෂ්‍යම් චිත්‍රපටය.

පුංචි ගමක, තමන්ගෙ බිරිඳ සහ දූවරුන් දෙදෙනා සමගින් කේබල් ටීවී බිස්නස් එකක් කරගෙන පාඩුවේ ජීවත් වෙච්ච ජෝර්ජ් කුට්ටිගෙ ජීවිතයට,
නොසිතූ මොහොතක චණ්ඩ කුණාටුවක් කඩා වදිනවා!
යළි කිසි ලෙසකින් හෝ ප්‍රති නිර්මාණය කල නොහැකි අයුරින් විනාශ වීමට යන සිය ආදරණීය පවුල වෙනුවෙන්,
කාලයක් තිස්සෙ උන්මාදයකින් මෙන් ඔහු නරඹන ලද සුවහසක් සිනමා නිර්මාණයන්හි අඩංගු අනේක විධි උපක්‍රමයන් භාවිතයෙන්,
දැවැන්ත බලවේගයකට එරෙහිව සටන් වදින මේ සාමාන්‍ය මිනිසා අවසානයේ සිය පවුල සුරක්ෂිත කරගනු ලබනවා!
එනමුත්, එම සුරක්ෂිත බාවය කෙතරක් කලකට වලංගු වේවිද?
චිත්‍රපටය අවසානයේ අප සියල්ලන්ගේම සිතෙහි ඇතිවූ ප්‍රශ්නාර්ථය එයයි!
වසර හතයි මාස දෙකකට පසුව අද තමයි ඔබෙත්, මගෙත් ඒ ප්‍රශ්නාර්ථයට පිළිතුරු ලැබෙන දිනය!

ඒ ගමමයි… ඒ ජෝර්ජ් කුට්ටිමයි… ඒ පවුලමයි…
හැබැයි, අළුත් පොලිස් ප්‍රධානියෙක්!
ඇට නැති දිවට බ්‍රේක් නෑ කියලා කතාවක් තියෙනවනෙ!
බෝම්බෙ පත්තු වෙනවා!
මලගිය ඇත්තො හඹාගෙන එන්න පටන් ගන්නවා!
අළුත් පොලිස් ප්‍රධානියා දුම්මල වරම අතට ගන්නවා!
කලින් වතාවෙ වගේම ජෝර්ජ් කුට්ටිට මේ වතාවෙත් තමන්ගෙ පවුල රැකගන්න පුළුවන් වේවිද?
එහෙමත් නැත්නම්…?

පොඩි අවවාදයක් දෙන්නම්. පලවෙනි චිත්‍රපටය හෝ, ඉහත කියපු ප්‍රති නිර්මාණ හයෙන් එකක් හෝ නොබලපු කෙනෙක් නම් වහාම මුල් චිත්‍රපටිය නරඹලා ඉන්න. එහෙම නැත්නම්, විඳින්න තියෙන සිනමා නිර්මාණයක්, විඳව විඳවා තමයි බලන්න වෙන්නෙ. (මං දැක්කා ලංකාවෙ සමහර යූටියුබ් සිනමා ඔස්තාර්ලා වගයක් රිවීව් කරලා තියෙනවා පලවෙනි ෆිල්ම් එක බලන්න ඕනෙ නෑ, මේක බලන්න පුළුවන් කියලා. උන්ට බම්බු ගහගන්න කියන්න. එකම කතා බීජය පදනම් වෙච්ච ෆිල්ම් දෙකක, දෙවනි ෆිල්ම් එක රිලීස් වෙන්නත් කලින්, පලවෙනි ෆිල්ම් එක නොබලා දෙවනි ෆිල්ම් එක බලලා තේරුම් ගන්න පුළුවන් කියලා කියන්න උන්දැලට අහවල් ඥානය පහලවෙලාද දන්නෑ)

ද්‍රිෂ්‍යම් කියන්නෙ ඉන්දියාවම හොල්ලපු නමක්!
මලයාලම කියන්නෙ මොකක්ද කියලා ලෝකෙටම කෑගහලා පෙන්නපු භාණ්ඩයක්!
මෝහන් ලාල් කියන්නෙ මලයාලමේ ටොප් බ්‍රෑන්ඩ් එකක්!
Jeethu Joseph කියන්නෙ වැටෙන සුනංගුවට නැගිටින එළකිරි ඩයල් එකක්!
මේ ඔක්කොමම් කලවම් වෙච්ච ද්‍රිෂ්‍යම් දෙවනි කොටස කියන්නෙ…
දෙවනි චිත්‍රපටියෙන් පලවෙනි චිත්‍රපටයෙ නම්බුවත් එක්කම ඉවර කරාවි කියලා හිතපු ෆෑන්ස්ලට කැරකිලා වැටෙන්නම හොඳවයින් කනේ පාරක් ගහපු…
රිලීස් වෙලා පැය කිහිපයක් යද්දිම,
Top Rated Malayalam Movies සහ Top Rated Indian Movies ලිස්ට් වලට පැනගන්න පුළුවන් වෙච්ච…
සරල…
ඒ වගේම සංකීර්ණ…
පලවෙනි හාෆ් එකේදි හරිම ආදරයෙන් හිමීට ඔළුව අතගගා ඉඳලා…
දෙවනි හාෆ් එක පටන්ගන්නවත් එක්කම හුස්ම ගන්නවත් ඉඩක් නොදී,
එක පිට එක යඳඩු මුෂ්ටි ප්‍රහාරයන්ගෙන් මුසපත් වන තෙක්ම පහරදෙන…
සිනමා රසිකයෙක් විදියට එදාමෙදා තුර මං දැකපු හොඳම සීක්වල් එකක්!

කමෙන්ට් වලින් දැක්ක කාරණා කීපයකට මේ වෙලාවෙ පිළිතුරක් දෙන්නම්. චෝදනාවක් තිබ්බා බයිස්කෝප් එකෙන් අළුත් ෆිල්ම් වලට දැන් සබ් දෙන්නෙ නැහැ කියලා. කොරෝනා වසංගතයත් එක්ක නිකුත් වෙන්න තිබ්බ බහුතරයක් චිත්‍රපට කල් ගියා. එහෙමත් එකක් තමයි OTT ෆ්ලැට්ෆෝම් හරහා නිකුත් වුණේ. ඔය අතරවාරයේ ගුණාත්මකභාවයෙන් ඉතාමත් අඩු මට්ටමේ චිත්‍රපට බොහෝමයක් අන්තර්ජාලයට නිකුත් වෙන්න ගත්තා. මේවයින් බොහොමයක් ඉන්දියන් ඒවා. කියන්න කණගාටුයි, මේ සමහර ඒවා චිත්‍රපටයක් කියලා නම් කරන්නවත් සුදුසුකම් නැති ඒවා විදියටයි මං නම් දැක්කෙ. හරියට නිකං ගෙදර ඉන්න ගමන් ආතල් එකට ගහපු ෆිල්ම්ද කියලත් වෙලාවකට හිතුණා. ඉතිං, ලංකාවෙ අපේ සමහරක් අයියලා මොකද කලේ, හිටු කියලා අර ජරාවල් වලට සබ් හදලා සයිට් වල දාගන්න පටන්ගත්තා. එහෙම දාලා නිකං හිටියෙත් නැහැ, ඔන්න අපි තමයි මුලින්ම දුන්නෙ, අපි විතරයි මේවට සබ් දුන්නෙ කියලා පම්පෝරි ගහන්නත් ගත්තා. මේවා දැකලා සමහර අය කියන්න ගත්තා, ඇයි බයිස්කෝප්ලා අර ෆිල්ම් වලට සබ් දෙන්නෙ නැත්තෙ, බයිස්කෝප්ලා දැන් අළුත් ෆිල්ම් වලට සබ් දෙන්නෙ නැහැ කියලා. ඒත්, බුද්ධිමත් ප්‍රේක්ෂකයෙක් නම් ඔබට දැන් උනත් සයිට් එකේ චෙක් කරලා බලන්න පුළුවන්, මේ වසංගත කාල සීමාවෙදි නිකුත් වෙච්ච ගුණාත්මක චිත්‍රපට අතරින් සැලකියයුතු ප්‍රමාණයක අලුත් චිත්‍රපට වලට අපි උපසිරැසි ලබාදීලා තියෙන්නෙ. ඒ වගේම, අළුත් චිත්‍රපටි අඩු නිසා ඒ වෙනුවට පැරණි, මගහැරුණු චිත්‍රපට වලටත් උපසිරැසි දීලා ඇති ඒ වෙනුවෙනුත් ප්‍රේක්ෂක පිරිසක් ඉන්න නිසා. චිත්‍රපටය අලුත් නම්, මොන ජරාවක් වුණත් කමක් නෑ දීලා දාලා සයිට් එක පුරවගන්න ඕනෙ කියන මතයේ නෙමෙයි පෞද්ගලිකව මම නම් ඉන්නෙ. ඇයි අපි කෙනෙක්ට රසවිඳින්න බැරි මට්ටමේ අඩු කොලිටියෙ සිනමා නිර්මාණ දෙන්නෙ? සයිට් එකේ ට්‍රැෆික් වැඩි කරගෙන ඇඩ් දාගන්නද? අපි හැම වෙලාවකම ගුණාත්මක සිනමා නිර්මාණයන් සඳහා ගුණාත්මක උපසිරැසි ලබාදීම පමණක්ම කල යුතුයි යන්න තමයි මගේ අදහස නම්.

අනිත් චෝදනාව තමයි බයිස්කෝප්ලා දැන් හැමෝටම පරක්කු වෙලා සබ් දෙන්නෙ කියන එක. ඒකට මං මෙහෙම උත්තරයක් දෙන්නම්. සබ් එකක ලයින් 1000ක් පරිවර්තනය කරන්න කොච්චර වෙලාවක් යනවද කියලා ඇහුවොත් ගොඩක් දෙනා කියාවි දන්නෙ නැහැ කියලා. ඒ නිසා මං මෙහෙම කියන්නම්. එකේ ඉඳලා දාහට ගණන් කරන්න කොච්චර වෙලාවක් යනවද? අන්න ඊට සාපේක්ෂව හිතන්නෙකො චිත්‍රපටයක් බලන ගමන් දෙබස් 1000-2000 ක් පරිවර්තනය කරලා ටයිප් කරන්න කොච්චර වෙලාවක් යාවිද කියලා. එහෙම හිතුවා නම් ඔය පරක්කුයි කියන අය කවුරුවත් පරක්කුයි කියන එකක් නැහැ. එතකොට තව කෙනෙක් කියාවි, එහෙනම් ඔය අනිත් අය අච්චර ඉක්මණට දෙන්නෙ මොකද උන් අමුතු උන්ද කියලා. ඔව්, උන් අමුතු උන් තමයි. අපි තමයි සබ් එක මුලින්ම දුන්නෙ කියලා පට්ටම් ගහගන්න ගූගල් ට්‍රාන්ස්ලේට් සබ් එකක් උඩින් උඩින් හදලා දෙන එකත්, දහයක් විතර එකතු වෙලා එක සබ් එක බෙදාගෙන කරලා, දෙන්නම් වාලේ සබ් දෙන එකත්, මේවා අමුතු එකෙක්ට ඇරෙන්න වෙන එකෙක්ට කරන්න බැහැ නේන්නම්. කාලයක් තිබ්බා, ලංකාවටම උපසිරැසි ලබාදෙන ප්‍රධාන මට්ටමේ වෙබ් අඩවි දෙකයි තිබුණෙ. චිත්‍රපටයක හොඳ පිටපතක් නිකුත්වෙලා දවස් 4-5ක් යනකොට ඒ වෙබ් අඩවි වලින් උපසිරැසි ලබාදුන්නා. ඒකටත් එක්ක වර්තමානය වෙද්දි රෑ 12ට විතර හොඳ පිටපතක් නිකුත්වෙන චිත්‍රපටයට පාන්දර 2 වෙනකොට සබ් එක දෙන්න පුළුවන් ජාතියෙ සුපිරි සබ් මැෂින් ටිකක් බිහිවෙලා ඉන්නවා. [ලොකු මහන්සියක් දරලා හෝල් කොපියට සබ් එක හදලා, හොඳ පිටපතක් ආ සැණින් අප්ඩේට් කරලා දෙන උපසිරැසිකරුවන් ගැන නෙමෙයි මං මේ කියන්නෙ] පැය 2-3ට ලයින් 1500-2000ක් පරිවර්තනය කරලා ටයිප් කරන්නත් පුළුවන්නම් ඒ කෙනා කොහොමටවත් සාමාන්‍ය මනුස්සයෙක් වෙන්න නම් බැහැ. හැබැයි, අදාල පුද්ගලයො දන්නවා තමන් මේ කරන්නෙ වැරැද්දක් කියලා. මේවා මහ බාල වැඩ විදියටයි මං නම් දකින්නෙ. මේ අඳ-බාල වැඩ වලින් කිසිම විදියකින් ගුණාත්මක උපසිරැසියක් නම් බිහිවෙන්නෙ නැහැ. මේ නිසා තමයි සමහරු සිංහල සබ් කිව්වම “අපෝ! මොන ජරාවක්ද!” කියන මට්ටමට මේ කලාව වැටිලා තියෙන්නෙ. හැබැයි, ගුණාත්මකභාවය ගැන හැමදාමත් ඉහලින්ම හිතන අපි ඉස්සර වගේම කාලය අරගෙන, වඩාත් හොඳ උපසිරැසියක් අරගෙන එන්නයි මහන්සි වෙන්නෙ. හැමදාමත් අපිත් එක්ක ඉන්න බුද්ධිමත් ප්‍රේක්ෂකයා දන්නවා අරහෙන් මෙහෙන් දෙන සිප්පි කටු කෑලි වගේ නෙමෙයි අපි දෙන ඒවා කියලා. ඉතිං, මන්ද පමා කියලා අහන අයට කියන්න තියෙන්නෙ, පමාවක් නැහැ, හොඳම දේ දෙන්නයි මේ උත්සාහය කියලා.

කිසිම කෙනෙක් එක්ක තරහක් වත්, තරඟයක් වත් නැහැ. කියන්න තියෙන්නෙ, කරන දේ කොලිටියට කරන්න. තරඟය තියෙන එක හොඳයි. ඕනෙම ක්ෂේත්‍රයක තරඟයක් තියෙනකොට තමයි ඒ ක්ෂේත්‍ර දියුණු වෙන්නෙ. හැබැයි, පලවෙනියා වෙන්න කියලා අදාල ක්ෂේත්‍රය විනාශ කරගෙන යනවානම් ඒ වගේ අයට වැඩි පැවැත්මක් නැහැ කියන එකයි මගේ නම් විශ්වාසය. මේ උපසිරැසි කලාව විනාස කරන්න එපා. අපේ වුනත් අඩුපාඩු තියෙන්න පුළුවන්. අපේ උපසිරැසි වල වුණත් වැරදි අඩුපාඩුවක් දකිනවානම්, නිවැරදි වියයුතු දෙයක් තියෙනවානම් [email protected] ලිපියනට පැහැදිලිව ඊමේල් පණිවිඩයක් එවන්න. ඒ පිලිබඳව හොයලා බලාලා, වැරද්දක්/අඩුපාඩුවක් තියෙනවා නම් අනිවාර්‍යයෙන්ම නිවැරදි කිරීමක් සිදුකරනවා. අපි කවුරුවත් 100% අංග සම්පූර්ණ මිනිස්සු නෙමෙයිනෙ. එහෙම නැතුව පොඩි දෙයක් අල්ලගෙන කීබෝඩ් වීරයො වෙන්න සමාජ ජාලා වල රැඟුවට නම් තමන්ට වෙන සෙතකුත් නැහැ, අනුන්ට වෙන සෙතකුත් නැහැ. අවුරුදු 12ක් පුරාවට මේ ගුණාත්මකබව රැකගෙන ආපු නිසයි බයිස්කෝප් කියන නාමය අදටත් ලංකාවෙ අංක එකේ විනෝදාත්මක වෙබ් අඩවිය විදියට ඔබතුමන්ලා කිරුළු පලන්දාගෙන ඉන්නෙ.

අවසාන වශයෙන්, අලුත් සීරීස් පටන්ගන්නෙ නැත්තෙ ඇයි කියලා අහලා තිබ්බා. සරලම සහ කෙටිතම පිලිතුර, සීරීස් රීනිව් වෙද්දි ඒවා ඇදගෙන යන්න අපහසු වීම. එහෙම වෙන්න ආසන්නම හේතුව, එපිසෝඩ් එකක් පොඩ්ඩ පරක්කු වෙනකොට අම්මා-තාත්තගෙන් පටන් අරගෙන හත්මුතු පරම්පරාවටම පිං දෙන දායක සභාවෙ කල් ක්‍රියාව තමයි. ඒ නිසා, මින් ඉදිරියට අලුතින් සීරීස් ලබාදෙන්නෙ විකාශය වෙලා අවසන් වූ ඒවා හෝ, මිනි සීරීස් පමණයි. ඒ තීරණයේ කිසි වෙනසක් වෙන්නෙ නැහැ. ඈවරයි! දෑවරයි! තුන් ඈවරයි!

ඔන්න එහෙනම් දැවෙන ප්‍රශ්න කීපයකට පිලිතුරු දුන්නා. චාන්ස් එක ලැබිච්ච වෙලාවෙ ඔක්කොම ටික කියලා දැම්මා. වෙබ් අඩවියේ වගකීමක් දරණ කෙනෙක් විදියට, වැරදි අදහසක් සමාජගත වෙමින් යනවා දැක්ක නිසයි ඒ වෙනුවෙන් පිලිතුරු දෙන්න හිතුවෙ. ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගැනීම බුද්ධිමත් ඔබ සැමට බාරයි. එහෙනම්, ඔබ අප කෙරෙහි තැබූ ඒ විශ්වාසය ඉදිරියට රකින බවට පොරොන්දු වෙමින්, ආරාධනා කරනවා ජෝර්ජ් කුට්ටියේ වික්‍රමාන්විත දෙවන චාරිකාව හා අත්වැල් බැඳගැනීමට එක්වන මෙන්!

ප. ලි : විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න තරිඳු රුක්ෂාන් සහෝදරයට. බාගයක් කරමුද කියලා අහපුගමන්, නෑ-බෑ කියන්නෙ නැතුව උදව්වට ආවට. පෙබරවාරි 18 වෙනිදා රෑ 10 පහුවෙලා ටොරන්ට් පිටපත් නිකුත් වෙච්ච, ලයින් 2800+ දැවැන්ත දෙබස් ප්‍රමාණයක් අන්තර්ගත වෙච්ච චිත්‍රපටයකට, ඊට පහුවෙනිදා හවස 7 විතර වෙනකොට උපසිරැසි ලබාදෙන්න අපි දෙන්නා කාපු කට්ට දන්නෙ අපි දෙන්නම විතරයි 😛 (මේ උපසිරැසිය නිර්මාණය කරන්නෙ රාජකාරි වැඩත් කරන අතරතුර) . ඒ වගේම, විශේෂයෙන්ම මතක් කරනවා පලවෙනි චිත්‍රපටයට උපසිරැසි ලබාදුන්න චලිඳු දේශාන් සහෝදරයවත්.

 

Form is Temporary
Class is Permanent
BaiscopeLK Forever !!!

 

ලිපි සැකසුම : සිසිල ප්‍රසාද්

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය වෙබ් / එච්.ඩී. පිටපත් සඳහා අදාළ වේ.

44,279 downloadsDownload DSHYM-2-2021-2.zip94 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට සහ “ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles

44,279 downloadsDownload Subtitles94 KB

121 comments

  1. Shaggy

    බොහොම ස්තූතියි

  2. Prabodha

    Godak sthuthi mee kala kepawimata...

  3. Nethini123

    බොහොම ස්තූතියි උපසිරැස ඉක්මනටම ලබා දුන්නට...

  4. චාරුක ලක්ෂිත

    සුපිරි..
    ෆිල්ම් එකටත්...
    ලිපියටත්..
    දිගටම කරන් යමු..
    ජය වෙවා...

  5. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට තුති වේවා ඩබලටම..
    උඩින් කියලා තියෙන හැමදේම 200%ක්ම ඇත්ත..
    දෙන්නටම ජය වේවා!

  6. John

    නියමයි මචෝ..
    පට්ට විස්තරයක් දීලා තියෙන්නේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය

  7. තාරක නුවන් දිල්හාර

    තද තද,
    උපසිරැසි ඕනෙමයි මේක බලන්න.
    තදියම වැඩි කමට ඊයේ රෑම බැලුවා.
    ඒත් සබ් එක්ක ආයේ බලන්නම ඕන අදම.
    ස්තුතියි දෙන්නටම..
    BaiscopeLKForever
    ජය..!!!

  8. විමා

    අඩ්ඩෝ...
    මෙන්න වැඩ්ඩො. ❤️

  9. හේමන්ත

    පට්ටයි ඕයි....!!!

    ස්තුතියි සිසිල.... ස්තුතියි තරිඳු....!
    ඒ වගේම මේත දැම්ම කියල දැනුවත් කරපු කවිඳුටත්.....

  10. Pradeep

    පිස්සුවක් මේකනං.. පැය කීයද ගියේ.. මෙන්න සබ් එක දීලා

  11. Anonymous

    කීව හැමදේම ඇත්ත. අපි කවදත් හොද ෆිල්ම් එකක් අවොත් බය්ස්කෝප් එකේ සබ් දානකන් බලාගෙන ඉන්නවා. හොද ගුනාත්මක සබ් එකක් ගන්න. Tnxs බ්‍රෝ සබ් එකට. ජය

    1. රංග ප්‍රසන්න

      සා වෑව් සිසිල... තරහ මරහ ඉවරයක් කරලා යාලු වෙමු ඒයි. සන්තෝසයි.... කෙටියෙන්ම කියනවා නම් සුපිරිම

  12. Das

    හිතට වැදුනා වචන ටික. ෆිල්ම් එක බලන්න නිකන්ම ආස වෙනවා මේ වචන වලට

  13. Deegayu Abeysekera

    kiyanna ona widiyatama kiyala thiyanawa ahaganna ona wela thibuna ayata

    bana bana mekema inne nathuwa paw nodi giyanan hari wage wakyakuth dammanan thamai gamma

  14. සියන්ත

    ලෙසටම කියලා නේ..බොයික්
    පට්ට මරු සහ
    තුති වේවා තුති වේවා දෙපලටම
    මෙන්න බාගත්තා.

  15. Prabodha Jayakody

    Thanks...

  16. Gihan Lakmal

    වචන ටික නම්රි දෙන්නම දීල.. සුපිරි මචන්ලා... ❤️

  17. tharidu

    thanks machi

  18. Kolitha4

    Thanks brothers

  19. සුභාෂිණි මල්ලව ආරච්චි

    උපසිරැසියට දෙන්නටම ගොඩක් ස්තූතියි.

  20. එල්.සී. දමැල්

    මරු ඒ වගේම හිතට ආවාට මගේ අතින් ලියවුණේ නැති වචන ටිකක් තමයි කියන්න ඕණ වුණාටත් වඩා හොඳටම ලියලා තියෙන්නේ ❤️ මේක නොබලා කොහොමද? ඉන්දියාවෙ කතාවක් කියලා ආඩම්බරයෙන් බලන්න පුලුවන් අතලොස්සක් කතා තමයි මේ❤️ දෙන්නටම ස්තුතියි...

  21. THE NEW FOLDER

    සබ් එකට ස්තුතියි,
    මොනව වුනත් ඈත්ත , ගුණාත්මකභාවය අතින් ඔබලාගේ අඩවිය ඉතා ඉහලයි,
    රිදෙන අයට රිදුනාවේ.ගොඩක් අය කරන්නේ ගුගල් ට්‍රාන්ස්ලේට් කරලා,
    උඩින් පල්ලෙන් සබ් හදන එක තමා
    GOD BLESS YOU

  22. Ishan madhushanka

    මේක නම් ආපු දවසෙම දීපු එකට තෑන්ක්ස් ආ,,කියපු කතාවක් නම් ඇත්ත..ලගදී ආපු වෙන සයිට් පේජ් වල සබ් නම් මෙලො රහක් නෑ.බාශාව ගැන කිසි දැනුමක් නෑ කෙලින්ම මදුර එකෙන් කොපි කරලා ගහලද කොහෙද,,
    උදා= collector(දිසාපති)සබ් එකේ යන්නේ(එකතු කරන්නා)

  23. Gihan perera

    පට්ට මචන් නියමයි....කියන්න ඕන දේ කෙලින්ම කියලා තියෙනවා...අන්න එහෙම තමයි ඉන්න ඕන..මේකේ ඔක්කොම version ටික බලලා තියෙනවා... පට්ට ෆිලුමක්. ... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා....ජය වේවා සහෝදරවරු දෙන්නාටම....

  24. Anonymous

    ස්තුතියි සහෝ…මේ ටික කියන්නෙ සයිට් එකේ සබ් දෙන සියලු දෙනා ඇතුලු ඇඩ්මින් මණ්ඩලයට.සිංහල සබ් එක්ක ෆිල්ම් ටීවී සීරීස් බලන්න මම ඇතුළු හුඟක් දෙනා පුරුදුවෙලා ඉන්නෙ ඉංග්‍රීසි සබ් කියවල තේරුම් ගන්න බැරි නිසා නෙමේ.අපේ භාෂාව එක්ක බලනව තරම් ඉංග්‍රීසි සබ් එක්ක බැලුවම කතාව සමීප වෙන්නෙ නැති නිසා.එතනදි සිංහල සබ් කිං විදියට ඉස්සර ඉඳන්ම අපේ හිත්වල වැජඹෙන සයිට් එක බයිස්කෝප් එක.විශේෂයෙන්ම game of thrones වගේ පට්ට කතා බලන්න ලාංකිකයන්ව පොළඹවල ශ්‍රී ලාංකීය රසාස්වාදය වෙනම මානයකට අරන් ගියෙ ඔයාල.නමුත් අද වෙද්දි බයිස්කෝප් එකට ඒ තිබ්බ තැන නැතිවෙන මට්ටමක් ඇවිත් තියනව.ඉස්සර ආපු පරක්කුවට ඕන ෆිල්ම් එකක් ටීවී සීරීස් එකක් සයිට් එකේ පලවුණත් අද වෙද්දි එක්කෝ ඇවිත් මාසයක් විතර ගිහින් තමා සයිට් එකේ පලවෙන්නෙ නැත්තම් ඇතැම් ඒවට සබ් සයිට් එකේ ඇත්තෙම නෑ..ඒත් හුඟක් දෙනා එහෙම ඉන්නෙ නෑ.ගුණාත්මකභාවයෙ යම් අඩුපාඩු තිබ්බත් වටේ තියෙන සයිට් කලින් සබ් දෙනව කට්ටිය බොහෝදුරට ඒ සයිට් වලින් බාගන්නව ෂුවර්.ඒකත් එක්ක බයිස්කෝප් එකට තිබ්බ තැන නැතිවෙනව නිරායාසයෙන්.netflix,amazon prime,HBO වගේ ststreaming services වලින් මෑතකදී ආපු පට්ට ටීවී සීරීස් කීපයක්ම තියනව බයිස්කෝප් එකෙන් සබ් නොදුන්න.ඒත් අනිත් සයිට් වලින් සබ් දීල හුඟක් ඒවට.බයිස්කෝප් එකෙන් සබ් නොදුන්න අලුත් ෆිල්ම් එහෙමත් සෑහෙන්න තියනව.නමුත් ඇයි කියල හිතාගන්න බෑ පරණ ෆිල්ම් ලොට් එකක් ඇදගෙන සබ් දෙන්න පටන් අරන්.පරණ ෆිල්ම් වල රසිකයො අඩුයි.හුඟක් අය බලාපොරොත්තු වෙන්නෙ අලුතින් නිකුත් වෙන දේවල්.පරණ ඒවට සබ් එපා කියල නෙමේ කියන්නෙ.ඒත් අවශ්‍ය දේට දැන් ප්‍රමුඛත්වය ලැබෙනව අඩුයි.බයිස්කෝප් එක ගැන හිතේ තිබ්බ පක්ෂපාතිත්වය එහෙම්මයි.ඒ නිසාමයි මේ ටික කියන්නෙ.කරුණාකරල සයිට් එක ඉස්සර තිබ්බ වගේ කාර්‍යක්ෂම තත්වෙට අරන් එන්න කටයුතු කරන්න කියල ඉල්ලනව.අපි හැමදාමත් බයිස්කෝප් එක එක්ක…ජයවේවා!!!

    ~උපුටාගැනිමකි~

  25. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  26. Anonymous

    එල ... එල ....
    මලයාලම් මායාවට අහුවුනෙ මේ 2013 ෆිල්ම් එකෙන් ම යි…

  27. රංගික සිනෙත් කාරියවසම්

    මග බලන් හිටපු ෆිලුමක්. මේකට මෙතරම් ඉක්මනට සබ දෙයි කියලා හිතුවෙ නෑ සහෝ.ජයම වෙිවා ... මලයාලමට සබ් දෙනවානම් හැමදාම දුන්නේ අංක එකේ බයිස්කෝප් තමා ඉතිම්.ජයම වේවා සිසිල සහෝට සහ පෙරිය⁣ට. එලම වැඩක් හැමදාම මතක හිටින වැඩක්. ජය

  28. palitha de silva

    thankyou verymuch...

  29. Ravfdo 06

    thank you very much

  30. Pasindu Hashan

    Supiri Bro.Keep it up❤️

  31. Anonymous

    baiscop no 1 in srilanka

  32. Gayan

    Baiscop thama supiri kisima awlak ne sub wala

  33. shan

    ගොඩාක් ස්තූතියි බයිස්කෝප් එනකල් බලාගෙන හිටියේ ...ආදරෙයි දෙන්නට ම

  34. Bandara

    සිසිල සහ කරිදු දෙදෙනාටම අප සැමගේ උපහාරය. සබ් එකක් කරන එකේ අපහසුව හා කැපවීම ගැන අවබෝධයක් ලබදීම ගැන බොහොම හොදයි.

  35. dilanka madushan

    Bohoma Isthuthi sub walata, digu gamanak eddi ninda prashansa hamdema enwa, wadipurama enne banum tamai, ewata salenna epa baiscope team eka.. api hamdama oba samagai...

  36. R_deshan

    සබ් එකට ගොඩක් තෑන්ක්ස් සිසිල සහෝ...මෙච්චර ඉක්මනට මේකට සබ් එක දුන්නට ස්තූතියි.සයිට් එකේ 'අඩුපාඩු' කියල අපි දකින දේවල් ගැන කමෙන්ට් කරපු අයගෙන් කෙනෙක් මාත්.අවංකෙන්ම ඒක දැම්මෙ දන්න කියන යාළුවො සමහරු ඉස්සර බයිස්කෝප් එකත් එක්ක ඉඳල දැන් වෙන සයිට් වලින් සබ් බාගන්න පුරුදු වෙලා නිසා.බයිස්කෝප් එක්ක හිටපු රසිකයො හැමදාම ඒ විදියටම බයිස්කෝප් එක්ක ඉන්නවට කැමතියි.නමුත් අඩුපාඩු කියල කියපු දේවල් ප්‍රායෝගිකව කරද්දි මතුවෙන ගැටලු සහ යම්‍ යම් වෙනත් කාරණා ලිපියෙ විස්තරාත්මකව ඉදිරිපත් කරාට ගොඩක් ස්තූතියි.අපේ කමෙන්ට් වලින් යම් වැරදි දෙයක් කියවුණා නම් සමාවෙන්න කියල කියනව.මම දාපු කමෙන්ට් එකත් anonymous කියල මූණ වහගත්තු කවුරු හරි පහළින් නැවත පලකරල තියනව.අපේ බකපණ්ඩිතකම් මතක් කරන්න වෙන්න ඇති එහෙම කරේ.හැබැයි ඒ කෙනාටත් කියන්නෙ පණ්ඩිතකමට නෙමේ එහෙම කමෙන්ට් කරේ බයිස්කෝප් එකට තියන පක්ෂපාතිත්වය නිසයි කියල.සයිට් එකේ ඉදිරි වැඩකටයුතු සාර්ථකව කරන් යන්න සිසිල සහෝ ඇතුළු සමස්ත ඇඩ්මින් මණ්ඩලයටත් සියලුම උපසිරැසිකරුවන්ටත් අවශ්‍ය කාලය හා කැපවීම ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.ජයවේවා!!

  37. නලින් පෙරේරා

    සුපිරි සිසිල, තරිදු සහෝදරයෝ දෙන්නටම. බඩු දැක්ක ගමන් බැවෙන්න දැම්මා... මෙච්චර ඉක්මනට සබ දෙයි කියලා මමත් හිතුවේ නැහැ...

    ලගදි ජාලයට ආපු කිරි සප්පයෝ ටිකක් තමයි ඔය ගුගල් වැඩේ කරගෙන සබ් කෙරුවාව ගූ කරගෙන යන්නේ. වැඩිය ඕනේ නැහැ අපි දාපු ආර්ට්වර්ක් පවා ඒ විදිහටම කොපි කරද්දී සබ් ගැන තව කවර කතාද? කවුරු කොහොම කරත් අපි කරගෙන ආපු දේවල් අපි වටේ මුල ඉදල හිටපු අය දන්නවා... ඒ අය අපෙන් ගැලවෙන්නේ නැහැ.

    දෙන්නටම ස්තුතියි. ජයවේව!

    1. isuru srinath sjs

      අනිවා.. ඒක නම් ඇත්ත..

  38. යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි සිසිල, තරිඳු සහෝලා දෙන්නටම
    මේකට ගැලපෙනම දෙන්නම වැඩේට බැහැලා කියලා දැනගත්තම මාර සතුටක් ආවේ.
    උඩ කියලා තියෙන දේවලුත් 100%ට 1000%ක්ම අනුමත කරනවා
    එහෙනම් තවත් ෆිලුමකින් හම්බෙනකන් දෙන්නටම ජය වේවා !!!

  39. මයුර

    සබ එකට තැන්ක්ස් වේවා දෙන්නටම. ලෙට්ස් රොක්!!!!!!!!

  40. හෙළිලි

    එකදිගට බලන් ඉන්න පුලුවන් ෆිල්ම් එකක් බලන්න ලැබුනේ කාලෙකින්. එහෙම බලපු ගොඩක් ෆිල්ම් වල කැමතිම නළුවෙක් හෝ නිළියක් හිටියා. ඒත් මේක වෙනස්. මෝහන් ලාල්ගේ ෆෑන් කෙනෙකුත් නොවී මේක බැලුවේ එකදිගට බලන්න පුලුවන් ෆිල්මෙකක් බලන්න තිබුන පෙරේතකම නිසාමයි. ලිපියේ කියලා තියනවා වගේ රීමේක් එකක් හරි බලලා නැත්නම් මේක බලන්නෙපා කියන කතාවට මාත් එකඟයි. ජෝර්ජ් කුට්ටිගේ පවුලේ හිතවතෙක් වෙලා මේක බලන් ඉද්දි තමයි නියම අත්දැකීම ගන්න පුලුවන්. සිංහල උපසිරැසිය ගැන නම් ඉතින් කියන්න වචන නෑ. ඒ කැපකිරීමට ගෞරව කරනවා. මේ ෆිල්මෙක ආවා කිව්වම කී දෙනෙක් නම් උපසිරැසිය එනකල් බලන් ඉන්න ඇත්ද.. (මාත් ඒ ගොඩේ) ඉංග්‍රීසියෙන් ඕක බලලා දාන්න බැරිකමක් තිබුනේ නෑ. හැබැයි සිංහල උපසිරැසියෙන් බලන රහ දැනන් හිටපු නිසා ඉවසගෙන හිටියා. ඉතින් නැවත නැවතත් ස්තූතියි බයිස්කෝප් සිංහලෙන්!

    1. චමින්ද

      ස්තුතියි සහෝ. කියපු කතා නම් මසුරන්.

  41. sasanka sathyajith

    Thanks for The Sub

  42. Anonymous

    meke torrant eka ganne nadda

    1. isuru srinath sjs

      baiscopedownloads එකේ තියෙනවා..

  43. isuru srinath sjs

    මුලින්ම දෙන්නටම බොහොම ස්තුතියි කියන්න ඕන.. ඇත්තටම මේ උඩ ලිපිය මම දෙවනි සැරයටත් කියෙව්වා.. ඒ තරමට ඒ ලිපියේ තියෙන වචන මාරම ව්දියට හදවතට දැනෙනවා.. කියලා තියෙන හැම දෙයක්ම 100% ක් ඊටත් එහා ඇත්ත...
    අපි හැමදාමත් Baiscopelk එක්කමයි.. ඒකත් අර උඩ ලිපියෙ කියලා තියෙනව වගේ "ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි...!!"

    ආයෙත් බොහොම ස්තුතියි කියනවා සිංහල උපසිරැසියට.. ජය වේවා !!

  44. චමින්ද

    ස්තුතියි සහෝ සබට. කියපු කතා නම් එල.

  45. chaminda1996

    ගොඩක් හොඳ ච්ත්‍රපට්යක්.
    ඉක්මනින් උපසිරසි ලබා දුන්නට බොහොම ස්තූතීයි.

  46. වීරවවිජේ

    එලම එළ.. ගොඩක් ස්තූතියි සබට සහෝ..

    ඒක්යෑ කියන්නෙ දැං ඉතිං අපෙ උන්ටත් නිකං ඉන්න කියල යෑ 1 කොපි කරා නං 2 කොටසත් හදපංදො ඉතිම්....

  47. oshanda

    thanks sahoo ..dennatama

  48. චාරුනි

    සුපිරි චිත්‍රපටවලට තරිදු අයියාගේ නම තියෙන්නම ඔනි ස්තූතියි හැමොටම තව දෙයක් කියන්නම් බයිස්කොප් වෙබ් එකෙන් චිත්‍රපටයක් සබ් කරලා පැන් එක ටි.වි එකට ගහලා කවදාවත් අම්මා තාත්තාගෙන් හෝ ෆිල්ම් එක බලන කාගෙන්වත් සබ් හොද නැ තෙරෙන්නේ නැ කියලා කතා අහලා නැ වසර ගණනාවක් තිස්සේ රුපවාහිනි නාලිකාවල වගෙම වගකිමෙන් සබ් එක ලබාදෙන එකම වෙබ් අඩවිය බයිස්කොප් විතරයි

  49. prageeth

    thanks bro

  50. නිරෝෂ්

    ස්තුතියි දෙපළටම.ජයවේවා!

Load more comments