Enough Said (2013) Sinhala Subtitles | ප්‍රේමයේ මනරම් [සිංහල උපසිරසි සමඟ](18+)
ආයුබෝවන්ඩ! මුලින්ම හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා කියල ප්‍රර්ථනා කරනවා. මම බයිස්කෝප් එක පැත්තේ අවේ සෑහෙන කාලෙකින්. මම මේ චිත්‍රපටිය බාර අරගෙනත් මං හිතන්නේ සැහෙන කාලයක්. පහුගිය අවුරුදු වල අධ්‍යාපන වැඩ කටයුතු එක්ක සෑහෙන කාර්ය බහුල වෙලා හිටියේ. දැන් ඒ හැමදේකින්ම නිදහස් වෙලා නැවතත් බයිස්කෝප් ක්‍රියාකාරී සාමාජිකයෙක් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ චිත්‍රපටිය සිංහල උපසිරසි කරන්න සෑහෙන කල් ගියපු ඒක ගැන මුලින්මා හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. මේ මගේ හතරවන සිංහල උපසිරසි ගැන්වීම. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ ගොඩක් ආදර කතා වලට කැමති අයට වගේම හිනාවෙවී සැහැල්ලුවෙන් චිත්‍රපටියක් බලන්න කැමති අයටත් ගොඩක් හොද චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම තමයි “Enough Said” 2013 අවුරුද්දේ ඇමරිකාවේ නිෂ්පාදනය කරපු IMDb වාර්ථා වල 7.1 අගයක් සටහන් වෙලා තියනවා.මිනිත්තු 90 කට ආසන්න කාලයක් ගලාගෙන යන මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරලා තියෙන්නේ Nicole Holofcener. මේ ෆිල්ම් ඒක ආදර / හාස්‍ය / නාට්‍ය කියන වර්ග තුනටම වර්ගීකරණය කරන්න පුළුවන් මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත විදිහට Julia Louis-Dreyfus, James Gandolfini, Catherine Keener වගේ අය දායක වෙලා තියනවා.
ඉතින් දැන් අපි කතාව දිහාට හැරෙමු නේද? කථාවේ ප්‍රධාන චරිතය “ඊවා” ඇය සම්භාහන මධ්‍යස්ථානයක සම්භාහනය කරන චිකිත්සකවරියක් විදිහට සේවය කරනවා. ඇය නිත්‍යානුකුලව තමන්ගේ විවාහයෙන් වෙන් වෙලා ඒ කියන්නේ දික්කසාද වෙලා අවුරුදු දහයක්. ඇයට ලස්සන ගැනු ළමයෙක් එහෙම ඉන්නවා. දවසක් මෙයා රාත්‍රී සාදයකට යනවා.එහෙදි ඇයට “ඇල්බර්ට්” කියලා පුද්ගලයෙක් මුණගැහෙනවා. ඔහුත් නිත්‍යානුකුලව විවාහයෙන් වෙන් වෙලා ඉන්න එක ගැනු ළමයෙක් ගේ තාත්තා කෙනෙක්. ඉතිං එතනින් එහාට වෙන දේවල් මොනවද කියලා කුතුහලයක් එක්ක බලන්න හැමෝටම ආරාධනා කරනවා. මේ ෆිල්ම් එක බලනකොට පවුල් අවුල් කරන්න යන ගැනු ගැනත් හොදට ඉගෙන ගන්න පුළුවන්. අවුරුදු 18 වැඩි අයට වඩාත් යෝග්‍යයි!
අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න. ආයෙත් මේක දෙන්න පරක්කු වුන එක ගැන කණගාටු වෙනවා. ඉතිං තවත් උපසිරසියකින් හමුවෙමු !!! ජය !!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2116 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2015-04-30
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

ස්තූතියි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
Thank U Very much Bro……….
බොහොම ස්තූතියි සහෝ………!
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි යසිරු සහෝ.
ජයෙන් ජය.
Thanks machan…..jayawewa…….!
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ela ela
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
උපසිරැසියට බොහෝම ස්තුතියි
elama saho thanks
patt filumak wage…….tnx..
thankz subata