Watch Trailer

Game of Thrones [S5E03 – High Sparrow] (18+) | මොළවල් හොඳයි ඇලේ දාල හෝදන්න… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියටම? ටිකක් විතර ප්‍රමාද වෙලා හරි මෙන්න ගෙනාවා 03 වෙනි කොටස. ලබන සඳුදා වෙද්දි තත්වයෙන් හොඳ කොපියට අනිවා සබ් එක යාවත්කාලීන කරන්නම්. නියම පිටපතට යාවත්කාලීන කරල තියෙන්නෙ. මුලින්ම අපි බලමු 02 කොටසෙ වෙච්ච දේවල් ගැන. කිංග්ස් ලෑන්ඩින් වල සර්සිට ඩෝන් වල ඉඳන් ලැබෙන පාර්සලයක තමුන්ගේ දුවට පලන…

GoT5New2

හොඳයි කොහොමද කට්ටියටම? ටිකක් විතර ප්‍රමාද වෙලා හරි මෙන්න ගෙනාවා 03 වෙනි කොටස. ලබන සඳුදා වෙද්දි තත්වයෙන් හොඳ කොපියට අනිවා සබ් එක යාවත්කාලීන කරන්නම්. නියම පිටපතට යාවත්කාලීන කරල තියෙන්නෙ. මුලින්ම අපි බලමු 02 කොටසෙ වෙච්ච දේවල් ගැන.

කිංග්ස් ලෑන්ඩින් වල

සර්සිට ඩෝන් වල ඉඳන් ලැබෙන පාර්සලයක තමුන්ගේ දුවට පලන්දල තිබ්බ මාලේ තිබිල හම්බවෙනවා. මේක අනිවා තර්ජනාත්මක පණිවිඩයක් විදියට සලකන ජේමි ඉදිරිපත් වෙනවා බ්‍රොන් එක්ක ගිහින් ඇයව ඩෝන් වලින් කොහොමහරි බේරගෙන එන්න. බ්‍රොන් බඳින්න උන්න කෙනා වෙන කෙනෙක් බඳින බවත්, ඒ වෙනුවට මේ වැඩෙන් පස්සෙ ඊට වඩා ලොකු මන්දීරයක් සහිත වංශවත් කාන්තාවක්ව බ්‍රොන්ට බන්දල දෙන්න ජේමි පොරොන්දු වෙනවා.

මේ අතර සර්සි, කොට ආදිපාදව දඩයම් කරන්න අරගෙනයි තියෙන්නෙ. ඉතින් දඩයම් කාරයෝ මරල ගෙනල්ලා තියෙන්නෙත් වැරදි කෙනෙක්වයි. කොහොමහරි කුඩා කවුන්සිල හමුවෙදි ඇය කියනවා රජු අලුත් පුරෝහිතයෙක්ව තෝරගන්නකම් ඇය තාවකාලිකව වැඩ බලන්නම් කියලා. ඒ අතර ඇය මේස් ටයිරෙල්ට නව මුදල් ඇමති කමත්, කයිබර්න්ට බුද්ධි අංශ ඇමතිකමත් දීලා තමුන්ගේ මාමට යුද ඇමතිකම දෙන්න යද්දි ඔහු ඒක ප්‍රතික්ෂේප කරනවා. මව් රැජිනට කිසි බලයක් නොමැති බවත්, ඇයගේ රූකඩ වලින් පිරි කවුන්සිල හමුවට ඔහු අකමැති බවත් පවසනවා. ඒ වගේම රජුගෙන් කෙළින්ම සේවය පතා ඉල්ලීමක් කරනකම් ඔහු කාස්ලි රොක් වල නවතින්න තීරණය කරනවා.

ප්‍රාකාරයේදී….

ස්ටැනිස් බැරැතියන් විසින් ජෝන් ගෙන් ඉල්ලනවා තමා හා යුද්ධයට පැමිණ තම අවජාතක නම වෙනුවට ස්ටාක් නාමය ලබාගන්නා ලෙසත් යුද්ධයෙන් පසුව උතුරේ පාලකයා විදියට පත්වෙන ලෙසත්. මොකද උතුරේ අය තමුන්ගේ නියම පාලකයෙක් විදියට පිළිගන්නෙ ස්ටාක් කෙනෙක් පමණක් නිසා. හැබැයි ජෝන් තම මිත්‍ර සෑම්ට කියනවා එයා ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරන බව. මොකද ඔහු දැනටමත් නයිට්ස් වොච් එකට තම ජීවිතය කැමකිරීමට පොරොන්දු වෙලා ඉන්න නිසා. (මූ නම් තාම කිසි දෙයක් දන්නෙ නෑ තමා 🙂 ) කොහොමහරි එදා රෑ නියත ජයග්‍රහණයක් ලබා සිටි සර් ඇලිසර්ව පරදවා ජෝන් නයිට්ස් වොච් හී 999 වැනි ප්‍රධානියා බවට පත්වෙනවා.

වේල් රාජ්‍යයේදී…

බ්‍රියෙන්නෙ හා පොඩ්‍රික්ට බොජුන්හලකදී සන්සාව හමුවෙනවා. හැබැයි ඇයට සන්සාගේ ආරක්ෂාව බාර දෙනවට බේලිෂ් කැමති වෙන්නෙ නෑ. සන්සාගෙ කල්පනා කොහොමත් ඉතින් අපි නොදන්නවයෑ කොච්චර බුද්ධිමත් ඒවද කියලා. මොකද මුල ඉඳන්ම අපිත් මේක බැලුව නොවැ. 🙂 කොහොමහරි බේලිෂ් ඇයව අත් අඩංගුවට ගන්න කිව්වත් ඇය පොඩ්‍රික් සමඟ බේරිලා පැනගන්නවා. දැන් සන්සා හා ආර්යා දෙන්නම බ්‍රියෙන්නෙගේ උදව් එපා කියපු නිසා ඇයව දිවුරුමෙන් මිදෙන බව පොඩ්‍රික් කිව්වත් බේලිෂ් එක්ක සන්සා ආර්ක්ෂිත නෑ කියල තමා බ්‍රියෙන්නෙ කියන්නෙ..

ඩෝන් වල…

එලාරියා සෑන්ඩ් දැන් ඉන්නෙ සර්සිගේ දියණිය එක්කත් සෑහෙන තරහෙන්. ඇය ගිහින් ඩෝරන් මාටෙල් හෙවත් එහෙ පාලකයාගෙන් ඉල්ලනවා ඇයව කෑලි වලට කපල කෑල්ල කෑල්ල සර්සිට යවන්න ඉඩ දෙන්න කියලා ඕබ්‍රන්ගේ මරණයේ පලිය ගන්න. හැබැයි ඩෝරන් මාටෙල් කියනවා ඇයට ඔබ්‍රින් මියගියේ සටනකින් කියලා. ඉතින් නීතිය අනුව ඒක ඝාතනයක් වෙන්නෙ නෑ කියලා. හැබැයි ඇය එතනින් යන්නෙ ඔහු සදහටම පාලනයේ ඉන්නෙ නෑනේ කියන එක මතක් කරලා දීගෙන මයි.

පටුමුහුදෙන් එහා….

වොලන්ටිස් වලට යන ගමන් කොටආදිපාදතුමා තමුන් රජුගේ පුරෝහිත විදියට ගෙවපු කෙටි කාලය ගැන කතා වෙනවා.

බ්‍රාවෝස් වලට එන ආර්යාව නැවේ කපිතාන් විසින් කළු හා සුදු වංශයේ මන්දීරය වෙත ගෙනියනවා. හැබැයි එතනින් දොරටුපාලය ඇයව ඇතුළට ගන්නෙ නෑ ජකෙන් හගාර් දීපු කාසිය පෙන්නුවත්. එතන රෑ ගත කරලා කාසියත් විසි කරල යන්න ගියාට පස්සෙන් පහු ඇයව කොල්ල කන්න එන කට්ටියක් අර දොරටුපාලය දැකල පැනල ගියාට පස්සෙ ඇය දැනගන්නවා ඒ ජැකෙන් හගාර් කියලා. කලින් ඇයව පිළිනොගත්තෙ ඇයි කියල ඇහුවම කියනවා එහෙම නමක් තියෙන කෙනෙක් නෑ කියලා. කොටින්ම ඇයව ඇතුලට ගන්න නම් ඇය නමක් නැති කෙනෙක් වෙන්න ඕනා කියල කියනවා.

මෙරීන් වල දැන් ඩැන්රිස්ට මේ හාපි පුතණුවන් නිසා පාලනය හරියට කරන්න අමාරු වෙලයි තියෙන්නෙ. ඩාරියෝගේ ඉව නිසා අල්ල ගන්න ඔවුන්ගේ සාමාජිකයවත් ඇය සර් බැරිස්ටන්ගේ ඉල්ලීම මත එකඟ වෙන නඩු විභාගයට කලින් වහලෙක් විදියට උන්න මොසඩෝර් මරල දානවා ඇයගේ හිරභාරයේ ඉන්නකොට. මේ හින්දා ඇය ප්‍රසිද්ධියේ මොසඩෝර්ව මරල දානවා. මේ වෙලාවෙදි කැරැල්ලක් පටන් ගන්නවා පරණ හාම්පුතාලයි හිටපු වහල්ලුයි අතර. එදා රෑ අර අතුරුදහන් වෙච්ච තුන්වෙනි මකරා ආපහු ඇවිල්ලා ඉන්නවා. හැබැයි ඩැනේරිස් උගෙ මූණ අල්ලන්න යද්දී ඌ ආපහු පියාඹල යන්න යනවා.

හොඳයි එහෙනම් ඊලඟ කොටසෙන් හමුවෙමු.

පසුබිම් විස්තර ලිපි.
1) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
2) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
3) ඇදහීම් හා නයිට්වරු.
4) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
5) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
6) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
7) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
8) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
9) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.379

Game of Thrones (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

67,863 downloadsDownload GOT.S05.E03.Sinhala.zip163 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

67,863 downloadsDownload Subtitles163 KB

75 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa......

  2. Asiri

    ඇති යන්තම්.මෙන්න sub දිල.thnx වෙවා.අනේ පුලුවන්නම් sub දෙනකොට .srt වලින් දෙන්නකෝ

    1. Asiri

      අපි ඉතින් phone එකෙන්නේ film බලන්නේ.mx player එකෙන් .ssa sub බලන්න ගියාම පිස්සු හැදෙනවා.

    2. Hashan

      mvideoplayer eken balnna .ssa pattatma penawaa

    3. Asiri

      එල එල එකත් හරි.thanks Hashan.

  3. charith

    නියමයි,
    අනිත් එකත් ඉක්මන්ට දෙන්න.

  4. dineth

    sub akata godak thanks aiya.ilaga kotasatath ikmanata sub denna,

  5. Ruchira

    sub 1ට ස්තුතියි.......

  6. Sisira Hegoda

    Thanks.

  7. Mahesh

    sub ekata thanx aaaaaaaaaaa

  8. Sampath

    thanks.........

  9. kkdanula

    thanks bro

  10. Sam

    thnkss sahooo..denkan hitiyeee..elz...

  11. Mahima

    නියමයි අනිත් එකටත් දෙන්න (Y)

  12. theekshanax

    tnx sahoo

  13. Hashan

    Thnx patta digatama kran ymu

  14. akalanka

    ගොඩක් ස්තුතියි බයිස්කොප් එක සියලුව දෙනාට. ජයෙන් ජය..

  15. isuru

    thanks bro!

  16. harsha

    නියමයි නියමයි පට්ටම පට්ට. මචෝ අද අපේ පැත්තේ අවුරුදු උත්සවය ඒක බලන්නද මේක බලන්නද කාසියක් වත් උඩ දාලා තෝරා ගන්න වෙනවා. ජයවේවා

  17. GKean

    thnx brother.. :)

  18. janaka

    thanks saho ammo mea danakal balan hitiya godaaak anith ekath ikmanatama denawanam loku deyak

  19. Sadu

    tnkzz r; saho meka enakan inna beruwa maara kattak kewe.dawasata 25s wathawak withara awilla balanawa sub dilada kiyala.a kohoma wunath api dannawane parakku wela hari ape saho sub eka denawa kiyala.baiscop eken ithin ahema athaheralath ne.ath harinneth nehe kiyala api biscop rasikayo widihata hodakaarawama dannawane.. . anith ewath ikmanatama demu........b.s

  20. thusitha

    thanks

  21. Viduranga

    BOHOTH THANKS Sub ekata. eelaga ekath puluwan tharan ikmanata diyan kollaaaaa..................

  22. dev

    bohoma stuti saho.... .

  23. Tharindu

    Ela ela... niyamai roily aiya 3 weni ekath wadi parakkuwak nathiwa dila thiyenne.... enakam balan hitiye...
    thank you very much....onn balanawooo...:-)

  24. karan

    Man.. this translated subs excellent . you deserve for it. really appreciated for translating without damaging the real meaning. believe me..
    only few ppl can do this

  25. thisal

    tnxxx macnnn

  26. indika

    thnq :)

  27. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  28. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අනේ ඉතින් රූයිලි අයියේ තරහක් හිතේ තියාගන්න එපා, කමෙන්ට් එහෙම දාන්න පරක්කු වෙනවට..
    කතාවනම් දශමයක්වත් එපා වෙලා නැහැ..
    ඒත් මේ එක සැරේම කොටස් හතරක් ආපු එකෙන් පොඩි අවුලක් වෙලා වගේ නිකං..
    ඒකයි...
    මේ කොටහ බලලා තියෙන්නේ..
    ඒකට මොකෝ,
    ආයේ බලනවා .
    අර කියන්නත් වගේ ගොන් ජෝනා නම් මොකවත් දන්නේ නැහැ...
    ඌ නිකං පොරාන්දු නොකඩපු එකෙක් වගේ කතාව..
    කෙල්ලොත් එක්ක ඉන්න පුළුවන්, නයිට් වොච් එකෙන් තමා යන්න බැරි..
    (පලයන් යකෝ, ගිහිං වැඩ කෑල්ලක් පෙන්නහං, නැද්ද)
    දැනෙරිස් අක්කට කට්ටිය ස්ස්ස්ස්ස්ස්ස්ස් ගාද්දී මම බය වෙලා ගියේ හොදේ...
    එතනන්ම් සීනෙක මරු,...
    එහෙනම් හතරත් දෙන්නකෝ...
    හතර දෙනකම් මේක ආයේ සැරයක් බලනවා..
    ජය වේවා!!

  29. යශෝධ හේමාල්

    උපසිරැසියට පිං .
    අනිකත් ඉක්මනටම දෙන්න
    කලිං release වුන එකෙන් ප්‍රයෝජනයක් ගන්නත් එපැයි :P

  30. Amantha Iroshan

    ela ela mcn.

  31. nuwan

    thank you saho

  32. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  33. sajeevi

    thanks a lot

  34. Gamage

    paatta pata pata, , thanks saho

  35. D.Chamara

    thanks sahoo niyamai

  36. සඳුන් ආර් විමලවීර

    නියමයි රොයිලි අයියා......
    මටත් ස්නෝ කාරයව එපා වෙලා ඉන්නේ...
    කිසි වැදගත් වැඩකට මු කැමති වෙන්නේ නැහැ නොවැ
    මොනවා කොරන්නද ඉතින් පොතට අනුවනේ මේක යන්නේ...
    ස්ටැනිස් කාරයා ගේමට එන්ටර් වෙලා ඉන්න නිසා හොදයි...
    බලමුකෝ නේ...එහෙනම්..ජය වේවා!

  37. Nishan

    නියම වැඩක්, ස්තුතියි

    Forbidden

    You don't have permission to access /wp-content/uploads/downloads/2015/04/GOT.S05.-..E3.Sinhala.zip on this server.

    මොකද්ද මේ අවුල.

  38. akalanka

    mehem wela daownlord eka denne nene soho mkddda karanna one

    Forbidden

    You don’t have permission to access /wp-content/uploads/downloads/2015/04/GOT.S05.-..E3.Sinhala.zip on this server.

  39. ash

    පට්ටම පට්ටයි.....!!! බොහොම ස්තුතියි......

  40. danushka

    සබ් එක dl කරන්න බැනේ මෙහෙම වැටෙනවා You don't have permission to access /wp-content/uploads/downloads/2015/04/GOT.S05.-..E3.Sinhala.zip on this server.

    1. Sameera

      matath ehemai sub eka dl karanna ba....pls meka fix kranna..

  41. lakshan

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.

  42. lala

    Unable to download..error message 'You don't have permission to access /wp-content/uploads/downloads/2015/04/GOT.S05.-..E3.Sinhala.zip on this server.'

    1. R.D

      Fix this error please.Marco polo 05th episode also have the same error.Please fix the both.Waiting to watch this Episode..........

    2. R.D

      Error Fixed.......Thank you sooooooooooooo much

  43. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ ඔන්න අද තමා සබ් එක ගත්තේ :D දැන් රෑ වෙන්න බලනවා...

  44. chinthaka

    sub 1a download karanna bene

  45. chinthaka

    dan nam sub eka wada kala

  46. රත්ගමයා

    ඒ මේ. ඕන් අද කොමෙන්ට් එකක් දැම්මා හොදේ

  47. rasanga

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.

  48. priyantha

    මගබලාන හිටියෙ එනකම් ස්තුතියි ගොඩාක්

  49. “චූටී මල්ලි”

    සුපිරි
    සබට තුති
    ඔබට ජය...........

  50. Dilanka

    Sub walata godak thanx......puluwannam big bang theory series ekatath sub danna balanna....ogollo karana de apita godak watinawa....thanx baiscope

Load more comments