Game of Thrones [S6E01 – The Red Woman] with Sinhala Subtitle (18+) | රතු වත හැඳි කත. [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි එහෙනම් මේ අපි එකතු වෙන්නෙ හයවෙනි අදියර සමඟයි. මෙතක් කල් වෙච්ච දේවල් පොත් වලිනුත් ආවරණය වුණාට මෙදාපාර තමා කතා පොත් වලින් ඔබ්බට යන්නේ. ඉතින් මේක රසිකයෝ හැමෝටම වෙනස්ම අත්දැකීමක් කියලා අමුතුවෙන් කියන්න ඕනා නෑනේ. පොත් වල කතාවයි, මේ කතාවෙයි ටිකක් විතර වෙනස් කම් තිබ්බට, අරටුව එකට තමා වෙලිලා තියෙන්නේ. ඉතින් මෙදා පාර මම දීර්ඝ ලිපි නොලිය ඒකට ගැලපෙනම කෙනාට ඒ රාජකාරිය බාර දෙන්නයි මේ ලෑස්ති වෙන්නෙ. එහෙනම් මෙතනින් පස්සෙ අපේ තරිඳු විශ්වනාත් අයියා දිගටම වටිනා ලිපි වලින්, කුතුහලයෙන්, නොදන්නා කරුණු වලින් සපිරි ලිපි අපි එක්ක බෙදාගනීවී. ඔයාලත් නොමසුරුව තරිදු සහෝටත් ස්තූතිය පුද කරන්න අමතක නොකර. එහෙනම් අපිත් අලුත් අදියර බලන්න ගම්මු.
රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
Game of Thrones 6 වෙනි කතා මාලාවේ පළවෙනි ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ Red God (රතු දෙවියන්) වටා ඇති විශ්වාස පිළිබඳවයි. ඔබ දන්නවා Game of Thrones විශ්වය මහාද්වීප දෙකකට බෙදිලා තියෙන්නෙ. ඉන් එකක් තමයි කතාවෙ ප්‍රධාන සිදුවීම් බොහොමයක් සිදුවන වෙස්ටරෝස්. මේ මහාද්වීපයට නැගෙනහිර දිශාවෙන් තියෙන අනෙත් මහාද්වීපය තමයි එසෝස් කියල කියන්නෙ. එසෝස් වල තමයි බොහෝ දුරට රතු දෙවියන් පිළිබඳ වැඩි විශ්වාසයක් තියෙන්නෙ. මේ රතු දෙවියන්ව R’hllor (රොලෝ), lord of light (ආලෝකයේ දෙවියන්), heart of fire, god of flame and shadow ආදී විවිධ නම් වලින් හඳුන්වනු ලබනවා. මේ දෙවියන්ගේ සලකුණ වන්නෙ ගිනිගෙන දැවෙන හදවතක්. වෙස්ටරෝස් වලත් රතු දෙවියන් විශ්වාස කරන පිරිසක් ඉන්නවා. රතු දෙවියන් අදහන පූජකයන් හඳුන්වන්නෙ red priests (රතු පූජකයන්) විදිහට. මැලිසැන්ඩ්රා කියල කියන්නෙත් මේ විදිහට රතු දෙවියන් අදහන පූජිකාවක්.
රතු දෙවියන් හා බැඳෙන තවත් කෙනෙක් තමයි ඔහුගේ ප්‍රධාන හතුරා වෙන the great other, එහෙමත් නැත්නම් god of darkness (අන්ධකාරයේ දෙවියන්). මේ අන්ධකාරයේ දෙවියන් තමයි white-walkers මෙහෙයවන බලවේගය. Game of Thrones පොත් වල white walkersලව බොහෝ විට හඳුන්වන්නෙ others විදිහට. එතකොට the great other කියන්නෙ ඔවුන්ගෙ ප්‍රධානියා, මැවුම්කරු විදිහට හිතන්න පුළුවන්. ඒත් TV series එකේදී white walkers කියන නාමය විතරයි පාවිච්චි වෙන්නෙ. මොකද ප්‍රසිද්ධ Lost කියන TV series එකේ others කියන නාමය පාවිච්චි කරල, එය රසිකයන් අතරට ගිහින් ඉවරයි. ඒත් අපිට දැනට හිතන්න පුළුවන් දෙයක් තමයි මේ “the great other” කියල කියන්නෙ අපි කතා මාලාවේ දැකපු night king. එහෙම නැත්නම් night king කියන්නෙ අන්ධකාරයේ දෙවියන්ගේ ශූරයා.
රතු දෙවියන් හා බැඳී විශ්වාස හැටියට, ලෝකයේ ඉරණම රඳා පවතින්නෙ හැමදාමත් මේ දෙවියන් දෙදෙනා අතර සදාතනික අරගලයක. එක විදිහට ගත්තම, Game of Thrones කතාවට පාදක වන කතා මාලාව නම් කරල තියෙන්නෙත් song of ice and fire විදිහට නිසා, රතු දෙවියන් පිළිබඳව ඇති විශ්වාසය සහ කතා මාලාව අතර ප්‍රධාන සම්බන්ධයක් තියෙන්න පුළුවන්. Ice කියල කියන්නෙ white walkers සහ ඔවුන් මෙහෙයවන අන්ධකාරයේ දෙවියන් නම්, fire විදිහට හඳුන්වන්නේ රතු දෙවියන් නම්, මේ සම්බන්ධය හරි විදිහට පැහැදිලි කරන්න පුළුවන්. ඒත් song of ice and fire කියන එකට තවත් අර්ථකථන තියෙනවා. මම මේ කියපු සදාතනික අරගලය නිම වෙන්නෙ Azor Ahai -අසෝ(ර්) අහායි කියන වීරයකුගේ නැවත පැමිණීමත් එක්ක බවයි රතු දෙවියන් අදහන අයගේ විශ්වාසය තියෙන්නෙ. ඒ විශ්වාසය, අනාවැකිය පහත විදිහටයි දැක්වෙන්නෙ.
“There will come a day after a long summer when the stars bleed and the cold breath of darkness falls heavy on the world. In this dread hour a warrior shall draw from the fire a burning sword. And that sword shall be Lightbringer, the Red Sword of Heroes, and he who clasps it shall be Azor Ahai come again, and the darkness shall flee before hi”
“දිගු ග්‍රීෂ්ම සෘතුවට පසු, තරුවලින් ලේ ගලන, අන්ධකාරයේ සීශීත සුසුම් පොළොව මත පතිත වන දිනක් උදා වනු ඇත. මේ භයානක වෙලාවේ සටන්කරුවෙක් ගිනිගෙන දැවෙන කඩුවක් ගින්නෙන් ඇද ගනු ඇත. මේ කඩුව Lightbringer, වීරයන්ගේ රතු අසිපතයි. මේ අසිපත ලබාගන්නා කෙනා අසෝ(ර්) අහායි නැවත පැමිණීම වනු ඇත. ඔහු ඉදිරියේ අන්ධකාරය පලායනු ඇත.”
හරියට night king කියන්නෙ the great other හෝ අන්ධකාරයේ දෙවියන්ගෙ ශූරයා වගේ, අසෝ(ර්) අහායි කියල කියන්නෙ රතු දෙවියන්ගෙ ශූරයා (champion),. ඒ වගේම මේ අනාවකියේ නැවත පැමිණීමක් ගැන කතා වෙනවා. ඒ කියන්නෙ මීට කලින් මේ ශූරයා ඉඳල තියෙනවා. ඒ කොයි කාලේද?
මීට අවුරුදු 8000කට කලින් දිගු රාත්‍රියක් ඇවිත්, ලෝකයේ අන්ධකාරයෙන් වැසී, night walkers ල හිස ඔසවා තිබුණු කාලයේ මේ අසෝ(ර්) අහායි කියන ශූරයා ඔවුන්ව පරදවා දිගු රාත්‍රිය නිම කිරීමට සටන් කරා කියලයි රතු දෙවියන් අදහන මිනිසුන්ගෙ විශ්වාසය. white walkersලව පරාජය කිරීම ගැන game of thrones විශ්වයේ එක එක කලාප වල වෙන වෙන ආකාරයේ පුරාවෘත සහ විශ්වාසයන් තිබෙන්නෙ. ඒත් දිගු රාත්‍රිය තිබුණා කියන එක, white walkersල ඒ කාලේ හිටිය කියන දේ බොහෝ අය විශ්වාස කරනවා. උතුරේ මහා විශාලට හදා තිබෙන යෝධ තාප්පය (the wall) නිර්මාණය වුණේ, white walkers උතුරට පලවා හැර, මිනිසුන්ව මේ තර්ජනයන්ගෙන් බේරා ගන්න. එහෙම හදන්න ඒ කාලෙ වින්ටෆෙල් හිටිය බ්‍රැන්ඩන් ස්ටාර්ක් කියන පුද්ගලයා මායාව පාවිච්චි කරලා තියෙනවා. ඊට පසුව ඒ සීමාව ආරක්ෂා කරන්න පිහිටවූ පිරිස night watch එක ලෙස විදිහට හැඳින්වුණා.
ඒ වගේම උතුර හැමදාමත් ස්ටාක් කෙනෙක් සිටිය යුතුයි (there must alwasy be a stark in winterfell) කියල කියන්න හේතුවක් වෙන්නෙ මේ white walkersලගෙන් තියෙන තර්ජන නිසා. ඊට අමතරව මේ ප්‍රකාශයට තව හේතුවක් තියෙනවා. ඒත් කතාව spoil කරන්නෙ නැතුව ඒක සාකච්ඡා කරන්න බෑ. ඒ වගේම ස්ටාක් ප්‍රකාශය වන “winter is coming” කියන එක නිකම්ම නිකම් පැමිණීමක් නෙවෙයි, එයින් ඔබ්බට ගිය භයානකකමක් ගැන කෙරෙන අනතුරු ඇඟවීමක් ලෙස සලකන්න පුළුවන්. ඒ මොකද, දිගු ශීත කාලෙක වෙලා තියෙන දෙයක් ආයේ ශීත කාලෙක වෙන්න පුළුවන් කියන දේ ඔවුන් දන්නවා.
දැනට කතා පැවතෙන කාලයේ white walkersල ආයේ හිස ඔසවලා තියෙන්නෙ. අවුරුදු 8000කට උඩදි වගේ, අඳුරු සීතල අතරින්, ඔවුන් පලවා හැරි ප්‍රදේශවලින් ඔවුන් නැවතත් පැමිණෙමින් සිටිනවා. අඳුර සහ ශීත කාලය වෙස්ටරෝස් වලට ළඟා වෙනකොට ඒ සමගම white walkersල ජනතාව සිටින ප්‍රදේශවලට ඇතුල් වෙන්න උත්සහ කරන්න පුළුවන්. ඔවුන් ඒ සඳහා හමුදාවක් ගොඩ නගාගෙන තියෙනවා. ඔවුන්ට තියෙන බාධාව විශාල wall එක විතරයි. ඒත් night watch එක wildlingsල එක්ක කරපු සටනෙදි පවා අපි දැක්ක wall එක ආරක්ෂා කරන්න ඔවුන්ට ඉන්නෙ මොන තරම් අඩු හමුදාවක්ද කියල. white walkers නැවත හිස ඔසවා තියෙන බව දැනුම් දී, night watch එකේ ආරක්ෂාව තර කරන්න උදවු ඉල්ලුවත් ඒ සඳහා හොඳ ප්‍රතිචාරයක් බොහෝ ප්‍රභූවරුන්ගෙන් ලැබුණේ නෑ. විශේෂයෙන්ම kings landing වල මේ සඳහා තියෙන්නෙ ඉතා අඩු අවධානයක්. ඔවුන් විශ්වාස කරන්නෙ නෑ ඇත්තමට white walkersල ඉන්නවා කියල.
එතකොට අපේක්ෂා කරන්න පුළුවන් එකම දේ තමයි රතු දෙවියන් හා බැඳී අනාවැකිය වන අසෝ(ර්) අහායි නැවත පැමිණීම. ඒත් කවුද අසෝ(ර්) අහායි? එක එක අය ඒ ගැන හිතන විදිහ වෙනස්. එසෝස් වල ඉන්න රතු පූජකයන් විශ්වාස කරනවා ඩැනේරිස් ටාගේරියන් තමයි අසෝ(ර්) අහායි නැවත පැමිණීම කියල. ඇය දැනට සිටින්නෙ ඒ මහාද්වීපයේ කියල ඔබ දන්නවා. ඇයට හිමි රජකම ලබාගන්න ඇය තවමත් වෙස්ටරෝස් හි kings landing වලට ආවේ නෑ. ඇය අසෝ(ර්) අහායි කියල විශ්වාස කරන්න ප්‍රධානම හේතුව තමයි ඇයගේ මකරුන්. ගිනි විදින මකරුන් සහ ගිනි සඳහා අධිපති දෙවියන් අතර සම්බන්ධයක් තියෙනබව ඕන කෙනෙක්ට පිළිගන්න පුළුවන් තර්කයක්. ඒ වගේම අනාවකියේ සඳහන් වෙනවා නෙ ගිනිගෙන දැවෙන අසිපතක් ආයුධයක් ගැන. ඩැනේරිස් තමයි අසෝ(ර්) අහායි කියල හිතන අය තර්ක කරන්නෙ මේ මකරුන් තමයි අනාවකියේ සඳහන් වෙන ආයුධය කියල.
ඒ වගේම මකරුන් උපත ලැබුවාට පසුව, රතු පූජකයන්ගේ බලය වැඩි වීමක් වෙලා කියල ඉතා පැහැදිලිව සඳහන් වෙනවා. මැලිසැන්ඩ්රා එය සම්බන්ධ කරේ වල්ගා තරුවක් අහසේ දිස්වුණු දිනයට. ඇය විශ්වාස කරා අනාවකියේ සඳහන් වෙන ලේ ගලන තරුව මෙයයි කියල. නමුත් එදාමයි ඩැනේරිස්ට මකරුන් හම්බෙන්නෙත්. (දෙවන කතා මාලාවේ පළවෙනි කොටස) තව විශේෂ දෙයක් තියෙනවා. මීට කලින් white walkers ල ඉන්න කාලෙ, ඒ කියන්නෙ අවුරුදු 8000කට කලින් වැලේරියා යුගය බිහිවෙලා තිබුණේ නෑ. අපි දන්නවා මකරුන් සහ ටාගේරියන් පරම්පරාවේ ආරම්භය සම්බන්ධ වෙන්නෙ වැලේරියා වලට. වැලේරියා ලෝහ ඉතා ප්‍රබලයි. ඒ ලෝහයෙන් හදපු කඩු තියෙන්නෙ ඉතා සුළුතරයක්. ජෝන් ස්නෝ ගාව තිබුණු කඩුවත් (longclaw) වැලේරියා ලෝහයෙන් හදපු එකක්. මේ වර්ගයේ කඩුවකින් white walkers ල මරන්න පුළුවන් කියල ඔවුන් පවා දැනගෙන හිටියේ නෑ. ඒකයි ජෝන් ස්නෝ අතින් longclaw කඩුවෙන් white walker කෙනෙක් මැරුනම night king ඒ දිහා වික්ෂිප්තව බලාගෙන හිටියේ.
ඒත් මැලිසැන්ඩ්රා විශ්වාස කරා, ඇය ගින්දරෙන් දැකපු නිමිති විදිහට, ස්ටැනිස් බැරතියන් අසෝ(ර්) අහායි කියල. ඒ අනුව ඇය ඔහුව ඇයගේ විශ්වාසවලට හරවාගෙන වෙස්ටරෝස් රජකම ගන්න ඔහුව උනන්දු කරා. ස්ටැනිස් බැරතියන් තම සාමාන්‍ය බැරතියන් ධජයට ගිනිගෙන දැවෙන හදවතක් එකතු කළෙත් ඒ විදිහට.
රතු දෙවියන්ගෙ විශ්වාස වල මිනිසුන්ව ගින්දරට පූජා කිරීම ගැන විශ්වාස කෙරෙනවා. ඒ විශ්වාස නිසා අවසානයේදී ස්ටැනිස් බැරතියන් තමන් ආදරය කරන ඔහුගේ දුවව පවා බිලි දෙනවා. ඒත් අවසානයේදී ඔහු සහ මැලිසැන්ඩ්රා විශ්වාස කරපු දේවල් බොරුවක් බවට පත් වුණා.
ඒත් මැලිසැන්ඩ්‍රා කියන්නෙ වංචාකාරියක්ද? අපිට එහෙම හිතන්න බෑ. ඇය ඉතා දක්ෂ රතු පූජිකාවක් කියල අපිට විශ්වාස කරන්න වෙනවා. වෙන ආගම් වල දැක නැති අදහාගත නොහැකි දේ අපි රතු දෙවියන්ගෙ පූජකයන්ගෙන් දැක්ක, මැලිසැන්ඩ්රා ගෙන් පවා දැක්ක. ඇය ස්ටැනිස් බැරතියන්ගෙ සහෝදරයා (රෙන්ලි බැරතියන්) මරන්න එවපු කළු ඡායාවක් වැනි දේ එයට උදාහරණයක්. ඒ වගේම ඇය රතු දෙවියන්ගෙන් අසෝ(ර්) අහායි ව පෙන්වන්න කියා කල ඉල්ලීමේදී, ගිනි දළු තුළින් ස්ටැනිස් බැරතියන්ව දුටුවම, ඔහු තමයි අසෝ(ර්) අහායි කියා හිතපු දේ තමයි ඇය කල වැරැද්ද. දෙවියන් වැඩ කරන්නෙ මිනිසුන්ට තේරෙන විදිහට නෙවෙයි. සමහර විට මැලිසැන්ඩ්රාට ස්ටැනිස්ව පෙන්නුම් කරන්න ඇත්තේ, සැබෑ අසෝ(ර්) අහායි වෙත ළඟා වීමේ මග සලකුණක් විදිහට. ඒ නිසයි සමහරුන් විශ්වාස කරන්නෙ ජෝන් ස්නෝ සැබෑ අසෝ(ර්) අහායි වෙන්න පුළුවන් කියල. ඒ තර්කය ඇත්ත වෙන්න පුළුවන්ද කියල අපිට 6 වෙනි කතා මාලාවේදී දැකගන්න පුළුවන්.
ලිපිය නිමකරන්නම් තවත් රතු පූජකයන් සතු බලයක් සඳහන් කරලා. ඔවුන්ට පුළුවන් මිය ගිය පුද්ගලයන් නැවත ගෙන්වන්න. අපි TV series එකේ ඒකට උදාහරණයක් දැක්ක. ඒ තමයි Thoros of Myr කියන රතු පූජකයා බෙරික් ඩොන්ඩේරියන් කිහිප වතාවක්ම මරණයෙන් අවදි කර තිබීම. (ඔහුගෙත් බලය වැඩි වීම සිදු වුණේ මකරුන් ඉපදුනාට පස්සෙ) ඉතිං ඒ විදිහට ජෝන් ස්නොව නැවත මරණයෙන් අවදි කරන්න මැලිසැන්ඩ්රාට හැකි වේවිද? ජෝන් ස්නෝ සැබෑ අසෝ(ර්) අහායිද එහෙමත් නැත්නම් ඒ ඩැනේරිස් ටාගේරියන්ද? එහෙමත් නැත්නම් අපි නොහිතපු වෙනත් කෙනෙක්ද? පිළිතුරු කොහොම වුණත් රතු දෙවියන් සහ ඒ වටා තිබෙන විශ්වාස ගැන දැනගෙන ඉන්න එක, TV series එක බලද්දි ගොඩක් ප්‍රයෝජනවත් වේවි.
පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.
Works with – INTERNAL-KILLERS, x265.ShAaNiG, FLEET, CtrlHD, WEBRip-monkee / BR – PSA rip
SInhala Subtitles
-- Count 75068 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks machan
Thanks sub ekta❤
thank you
උපසිරසියට හා ලිපියට බොහොම ස්තූතියි…
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
thanks bro…
සබට තුති වේවා.
තව සබ් ඕනා.
ජය!
Sub ekta Thanks
ela…! sub ekata thanks….!
මට මේ එපිසෝඩ් එක බාන්න ලින්ක් එකක් දන්න පුලුවන්ද
Thank for sub
Thanks for your valuable service
Thanks bro…
උපසිරැසියට බොහෝම ස්තූතියි……………..ජය වේවා………!!!!!!!!!!!!!!!!!!!
thnx fr sub 🙂
Tnx bn
Thank you
බොහොම ස්තුතී
Mama Hamadaama Comments Nam thiyala Yanne Naaa… Habai mata kiyanna oone ada wenakota baiscope thibbe naththam mata game of thrones balaganna wenneth naaaaa………Me Wadeta Thanks BROOOOO
puluwannam kawru hari kiyanawada me episod wala torrent link eka ganne kohomada kiyala, mokada mata me episod wala torrent link pennanne nane, puluwannam me episod 1-6 link tika email karannako
Thanks saho sub 1ta. jaya wewa!!!
THanx machn
එළකිරි ! මේක මම හැමදාම ආසාවෙන් බලාපු කතාවක් ! ජයවේවා රොයිලි ! ඒ වගේම මේ දිගම දිග ලියුම ලියාපු තරිදුටත් ජයවේවා !
රොයිලි තවත් පොඩි වැඩක් කරන්න තරහ නැතිව., ඒ හැමදාම පුරැදු විදියට ටොරන්ට් ලින්ක් එකත් දාන්න. කම්මැලි කමට ඉල්ලන දෙයක් නෙවෙයි. සමහර හොයලා ගන්න ෆයිල් වලට සබ් එක ගැලපෙන්නේ නෑ. එතකොට දෙක තුනක් ගන්න වෙනවනේ හරිඑක හොයාගන්න. ඒක නිසා තරහ නැතිව ලින්ක් එකත් දාන්න. ස්තුතියි !
maxxa thanks bro
ane dewani kotasaikmanata dennako i
roily ayyeeee 02 th awoooooo….
episode2 kooooooooo
roily ayyeeee 02 th awoooooo….
Thank u very much bro…. lipiya kiyewwama katawa hodata terum yanawa…lipiyatath bohoma sthuthi…anik sub tikath ikmanatama denn…
බොහොම ස්තුතී එල එල එල නියමයි
මේක ගන්න බෑනේ. වීඩියෝ ලින්ක් එක නෑ.
video eka ganna link ekak ewanna puluwanda kata hari
Ammoo,. Finnaly,. athi yantham,. Thanku thanku bro sub ekt,. Kyl wedak ne,.Gigatama mek krnn,.
Ubata GOT digatama balanna puluwan Wei.baya wenna epa.
Jon Snow marunoth mn balana eka nawattanawa…Monawa unath Thnaks Bro
pattama lipiyak pattama subtitle ekak pattama tv series ekak,jaya wewa
Sub ekata thanx aaaaaaaaaaa
මචන් උබෙ සබ ට වඩා බන් මෙ ලිපිය වටිනවා කොල්ලො ගොඩක් තෙරෙන්නෙ නැති දෙවල් ටිකක් තෘම් ගන්න පුලුවන් බලන කෙනෙකුට good luck bro එලම බන් දිගටම කොරන් යන්න ….ජය වේවා
Kanthare seen eka tower of joy mcn.ethana inne mad king arisge kigsgard arakshakayo dennelui ned stark ethulu northen soldiersla 5 dennekui.oya seen eken apita Jonge parentsla kauda kiyala hoyaganna hambei. Maybe 5th or 6th episode .
niyami digatama karagena yanna
2 වැනි episode එක HOME කාගෙ ගෙදරද?කවුද ගෙදර යන්නෙ?කාටද ගෙදර කිට්ටුවෙන් ඉන්නෙ? ගොඩක් වෙලාවට ජෝන් ස්නෝ නැගිටල ගෙදර යන එක වෙන්න පුලුවන්,නැත්නම් සෑම් ගෙදරට යනව වෙන්නත් පුලුවන්.හැබැයි සෑම් පිටත් වෙලා වැඩි කාලයක් වෙන්න බෑ.
ජෝන් ස්නෝව්ගෙන් ගලපු ලේ වල හැඩේ නිකන් මොකක් හරි සලකුණක් වගේ.කමෙන්ට් එකක තිබ්බ මකරෙක් වගේ කියල.මොනව උනත් සර් ඩාවෝස් ටිකක් පුදුමෙන් ඒ දිහා බලන් හිටිය.
සෑම්ගෙ මොකක් හරි අමුතු බලයක්,හැකියාවක් තියෙනව X-MEN 3 එකේ ජීන්ට තිබ්බ ද්විත්ව පෞර්ෂත්වෙ වගේ.අම්බානකට ගුටි කාපුම,තද උනාම,වේදනාවක් ආපුම උගෙ ඇග ඇතුලෙ ඉන්න දරුණු සටන්කාරයෙක් එලියට එනව වගේ.මට මතකයි සෑම් 1වෙනි එපිසෝඩ් එකේ කියනව තාත්ත නිතරම ගහනව කියල.වයිට් වෝකර් මරපු වෙලාව,තෙන්ස් කාරයට ඊතලෙන් විද්ද වෙලාව උදාහරන.ගිලීට අතවර කරන්න ආපු උන්ට නෙලන්න ගිය වෙලාවෙදි මේ ගැන ඉගියක් දුන්න.
රොබ් ස්ටාක් ජෝන්ව ස්වජාතක කෙනෙක් විදිහට නම් කරල ලියපු ලියුම සමහරවිට ස්ටැනිස් ගාව වෙන්න පුලුවන්.එහෙම උනොත් ඩාවෝස්ට ඒක හම්බෙන්න ඉඩ තියෙනව.
trailerඑකේ wildlings ල බෝල්ටන්ල එක්ක යුද්ද කරන කෑල්ලෙ පිටිපස්සෙන් මෝමන්ට් කොඩිය තියෙනව.ඒ කියන්නෙ කට්ටිය වින්ටර්ෆේල් අල්ලන්න යන්නෙ,තියෝන් වින්ටර්ෆේල්වල රහස් උමං ගැන අනිත් අය නොදන්න දේවල් දන්නව.විසි දෙනෙක්ගෙන් වින්ටර්ෆේල් ඇල්ලුවෙ එහෙම වෙන්න ඕනෙ.තියෝන්,සන්ස,ජෝන් හම්බුනොත් මේක වෙන්න පුලුවන්,බෝල්ටන්ල හතරවටේම හොයද්දි උතුරට යනව මිසක් ආපහු හැරිල යන්න විදිහකුත් නෑනෙ.බෝල්ටන් ප්‍රශ්නෙ විසදුවොත් තමයි ප්‍රාකාරෙට හමුදාවක් එන්නෙ,බෝල්ටන්ලනම් එන්නෙ නෑ ලැනිස්ටර්ලටයි අනිත් උතුරෙ ප්‍රභූවරුන්ටයි බයේ,බෝල්ටන්ල ඉන්නකන් අනිත් උන් එන්නෙත් නෑ.අනික නයිට් වොච් දිවුරුම වලංගු වෙන්නෙත් මැරෙනකන් විතරයි.ආයෙත් පණ ආවම ඒක වලංගු නෑ,ඒ හින්ද ජෝන්ට අකමැති වෙන්න හේතුවක් නෑ.මේ ගැන නොදන්න,විශ්වාස නොකරන උතුරෙ ප්‍රභූවරුන්ට පෙන්නන්න රොබ් ස්ටාක්ගෙ ලියුම උන් ගාව තිබ්බනම් එල.නැත්නම් නයිට්වොච් එකෙන් අයින් වෙන එක තහනම්නෙ.
මටනම් හිතෙන්නෙ රෙඩ් වුමන් මත්තෙ නහින්නෙ නැතුව ජෝන් ස්නෝව් ඩිනේරිස් ස්ටෝන්බෝර්න් ගිනිගොඩකින් පිච්චුන් නැති විදිහට මොකක් හරි මැජික් එකකින් නැගිටියි කියල.සමහරවිට ඩිනේරිස්ට මකරු ඉන්නව වගේ ජෝන්ට වයිට් වෝකර්ල ඉන්න ඉඩ තියෙනව.මේ අයගෙ ප්‍රදාන සතුර වෙනව ඇත්තෙ වයිට්වෝකර්ලටත් වඩා ප්‍රභල,සමහර්විට උන්වත් පාලනය කරන වෙනත් ලොකු බලවේගයක් වෙන්න පුලුවන් කියල හිතෙනව.ට්‍රෙලර් එකේ තිබ්බ කලු ඇදගත්ත පිරිමි ටිකක් කාන්තාර ප්‍රදේශයක කන්දක් උඩ ඉදල කඩු ඇදල ගන්නව,සමහර යූටියුබ් විචාරකයො කියල තිබ්බ ඒ පැත්තක ඉන්නෙ ජෝන් ස්නෝ කියල.සමහරවිට මකරු හොයන්න,වැලේරියන් වානෙ හොයන්න ජෝන් නැගෙනහිරට යනව වෙන්නත් පුලුවන්.එතකොට සමහරවිට ඩිනේරිස්ව හම්බවෙලා පෙම් හුටපටයක් යයි.ඩිනේරිසුත් අතරමං වෙලා වගේනෙ ඉන්නෙ.
sira kathawa machan.but jon white walkerslage paththe wenna ba.white walkerslata starks ekka connection ekak thibunata jon targaryen kenek wenna thamai kathawe wadi idakadak thyenne.le walin makarek pennapu ekath ekata sakshiyak wenna puluwan.danny ginnen goden awe eka eyalage tradition eken ena deyak nisa jon ta ehema enna widihak na neh.melisandre ona wei jon ta mata hithena widihata.
උබත් එල කොල්ලෙක් නේ ! සිරා කමෙන්ට් එක !
අඩෝ පට්ට thanks සබ් වලට. ලිපියටත් එහෙමයි.
DDMKV copy ekata wada na ne sahoo.. 🙁
බොහොම ස්තුතියි රොයිලි
ලිපියටත් බොහොම ස්තුතියි තරිදු .
ජයවේවා !
ස්තූතියි…
thanks
ස්තුතියි සහෝ
Elaz bro
thanks sahoo
හේහ් හේ, අන්තිම ටිකේ ඔක්කොම අවුල් ගියා නේ…චඃ…
කාරී නෑ.,..
දැනට නම් සුවර් ස්නොව් කාරය ආයේ පනගහලා එනවා කියලා.
බොහොම ස්තුතියි රොයිලි අයියේ සබ් එකට හොදේ,
පොඩි තර්ජනයක් දැම්මා කියලා ඔයතරම් බය වෙන්න එපා හොදේ…
එහෙනම් ලබන කොටහින් හම්බෙමු..
ජය වේවා!!
රොයිලි අපේ වීරයා 😀 , Thanx bro
බලාගෙන හිටිය කාලේ ඉවරයි දැන්
දැන් තියෙන්නේ බෑවා බැලුවා කාලේ
සබට බොහොම තුති රොයිලි අයියේ
ඒ වගේම තරිදු සහෝ දිගටම මේ වගේ විස්තරාත්මක ලිපි ලියාවී කියල හිතනව
දෙන්නටම බොහොම ස්තුතියි එහෙමනම්.
ඔන්න සබ එක්ක බලන්න හදන්නේ ආයේ
ඉවසන් ඉන්න බැරි කමට ඊයේ උදෙන්ම බැලුව 😀
ජෝන් ස්නෝ සමග නැගිටිමු
Thanks Bro !!!
Supirima supiri saho
Bohoma pin
thanks royli aiye
niayamai…thanks ROYLI Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
ko torrent link aka ?? video aka download karaganna
ela machan
Thank’s .ජයවේවා !
පිස්සු හැදෙයි මේ දීලා තියෙන්නෙ බාන්ඩෙ එලස් රොයිලි සහෝ **ජය**
සබ් එකට තුති රොයිලි අයියා ඔන්න බෑවා ෴ජය වෙවා෴
බලාගෙන හිටියෙ උපසිරැසිය දෙනකම්,
ඔන්න එහෙනම් මාත් බා ගත්ත,
උපසිරැසියට බොහෝම ස්තූතියි රොයිලි අයියේ…
ජය වේවා 😀
appaaaa maruuu ahhhaaa kannta nathath meaka balanawaaaaaaa heeeeeeeeeeee
අප්පේ බලාගෙන හිටියේ බොල රොයිලි අයියේ….thank you වේවා …දිගටම කතාව ඉවරෙටම ඉවරවෙනකම් sub එක දෙන්න ලැබේවා ….ජයවේවා ..
සබ දාලා තියනවග දැක්කම ඉස්සෙලාම කලේ කවුද අපේ දෙයියා කියලා බලන එක. බැලුවම අපිට ටටා කියලා ගිය රොයිලි. මචෝ උඹත් මේකට ඇබ්බැහි වෙලා නේද? ඒක බොහොම වටින ලක්ෂනයක්. එහෙමත් නැත්නම් අපේ වාසනාව. එහෙනම් මෙතන ඉඳලා සති 10 කතාව බැලීම සහ කියවීම ස්තූතියි මචෝ ජයම වේවා
බොහොම ස්තූතියි සහෝ
🙂
එල රොයිලි අයියේ ගොඩක් ආසාවෙන් හිටියේ බලන්න අලුත් ssn එක සබ් එකට ගොඩක් ස්තූතියි ජයවේවා >>> (Y) (Y)
එහෙනං බලන් ඉදපු කාලේ ඉවර උනා නේ රොයිලි අයියේ..
ඩොර්න් වල මාර සෙට් එකක් මැරුනනේ..ලොකු දෙයක් ඒක නම්..
රතු වත හැඳි කතගේ වයස නම් මාලේ ගැලෙව්වට පස්සේ වැඩි වෙනවද කොහෙද..
පේන විදිහට ලොකුම ප්‍රශ්නේ සර් ඩාවොස්ටයි,ස්නොව්ගේ යාළුවො සෙට් එකටයි මර උගුලෙන් ගැලවෙන්නේ කොහොමද කියන එක තමා…
ලබන සතියේ එහෙනම් සුපිරියක් බලාපොරොත්තු වෙමු…ජය!
ආ තව දෙයක්..දැක්කද ජෝන් ස්නොව් ගේ මිනිය ඉවත් කලාට පස්සේ ගලා ගෙන ගිය ලේ මකරෙක්ගේ හැඩයක් අරන් තිබ්බා..??
සමහර අය කියනවා ජෝන් ස්නොව් ටාගෙරිඅන් කෙනෙක් කියලා ,මකරු 3 දෙනා පදවන්න 3 දෙනෙක් ඕනි
කොහොමද මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්නේ?
thanks machcn
Niyamay saho….meka enakal kochchara amaruwenda balaaana hitiye.thanx mac thnx
බොහොම ස්තුතියි රොයිලි අයියේ .. අවුරුද්දක් බලන් හිටියේ මේ කතාව එනකම් තමයි .. 😀 ඒ වගේම ලිපිය ලිව්වා තරිදු අයියටත් බොහොම ස්තුතියි .. ඊයේ රෑම බැලුවා දැන් තමයි මේ ඇවිල්ල කොටන්නේ .. ජය වේවා !!
බොහොම ස්තූතියි සහෝ
එනකල් බලා උන්නේ
Wow…
thanks
සහෝදරයා බොහොම ස්තුතියි.
මතක විදියට සීසන් 5 අන්තිමට අයියා කිව්වේ ආයේ සබ් එක කරන්න වෙන්නේ නෑ කියලා.
කොමෙන් නොදැම්මට අයියා නැත්තම් game of thrones අපිට නෑ.
දෙගිඩියාවෙන් හිටියේ අයියා නැතුව කවුරු මේක කරන්නද?
ජය වේවා.. දිගටම කරගෙන යං අයියේ.
Thank you saho……jayawewa…..!
Thanks saho…
balaagena hitiyee…thnks sahooo
https://otorrents.com/Game-of-Thrones-Season-6-Episode-1-S06E01-2016-720p
pattaine,,, ade onna apahu supiri seris eka balanna puluwan, thanks roily sahoooo
amme suda enakam balan hitiye ummmmmmma thanks raththaran
පට්ටයි රොයිලි සහෝ.මේක එනකල් අවුරුද්දක් ම වගේ බලාගෙන හිටියනේ.ලිපිය ලියන තරිදු සහෝටයි සබ් දෙන රොයිලි සහෝටයි බොහොම ස්තූතියි.
Thanks for a sub mcn.tharidu sahoge lipi walatath thanx for lot.keep going maybe 4th or 5th episode Jon will be come back.
niyamai Tharindusaho lipiya…Tharindu saha Royli saholata bohoma isthuuthiyi..
#Hail_Hydra
අම්මට සිරි ඇඩේනවා ඈ. ඉක්මනට sub දුන්නට ගොඩක් තැන්ක්ස් සහෝ. එල එල එනකම් හිටියේ…
බොහොම ස්තූතියි සහෝ
අම්මෝ සබට ගොඩාක් තැන්ක්ස් රොයිලි සහෝ……දිගටම ඉක්මනටම දෙමු..
මග බලාන උන්නෙ කවදද ඉතුරු ටික පෙන්නන්නෙ කියල තෑන්ක් රොයිලි සහෝදරයා
thank bro
subtittle එකේ පොඩි අවුලක් තියෙනව.දෙබස් කියවන වෙලාවට නෙවෙයි sub එක යන්නෙ.කාල පරතරයෙත් අවුල් තියෙනව.ඒ හින්ද එක තැනකදි හැදුවත් ආයෙත් වෙනස් වෙනව.මොනව උනත් thanks මෙහෙමවත් එකක් දුන්නට.පුලුවන්නම් පොඩ්ඩක් බලල දෝෂය නිවැරදි කරන්න
subtitle එකේ පොඩි අවුලක් තියෙනව.දෙබස් කියවන වෙලාවට නෙවෙයි sub එක යන්නෙ.කාල පරතරයෙත් අවුල් තියෙනව.ඒ හින්ද එක තැනකදි හැදුවත් ආයෙත් වෙනස් වෙනව.මොනව උනත් thanks මෙහෙමවත් එකක් දුන්නට.පුලුවන්නම් පොඩ්ඩක් බලල දූෂය නිවැරදි කරන්න
සුචිර සහෝ මට ගත්ත කොපියේ නමයි, ඒකට ගැලපෙන ඉංග්‍රීසි සබ් එකක් තියෙනවනම් ඒකයි පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ස්තූතියි. ජය෴෴
Game.of.thrones.S06E01.HDTV.720p.350MB.MkvCage.com :-video eka
Game.Of_.Thrones.S06E01.HDTVRip.720p.AAC2_.0.x264-CasStudio :-subtittle eka
මේක මේ මුලින්ම ආපු රුසියන් කොපිය නේද සහෝ?
මේකටනම් සබ් ගැලපෙන්නේ නෑ :/
ඉංග්‍රීසි සබ් එක පවා ගැලපෙන්නේ නෑ මේකට
please give torrent links……………..
machan download karana link eka nane
මරු මරු . එනකන් බලන් හිටියේ .
ස්තුතියි සහෝ !
නියමයි නියමයි රොයිලී අයියේ.
වසරක් බලන් හිටියා සීසන් 6 වෙනුවෙන්.
ඉක්මනින් සබ් එක දුන්නාට ගොඩාක් ස්තූතියි අයියේ.
තරිදු විශ්වනාත් අයියාටත් ගොඩාක් ස්තූතියි සුපිරි ලිපිය වෙනුවෙන්. දෙඉහටම සුපිරි ලිපි ටිකක් ඔක්කෝම එපිසෝඩ් වෙනුවෙන් දෙන්ඩෝ.
මං හිතන්නේ අද කොටසින් රෙඩ් වුමන් හෙවත් මෙලිසැන්ඩ්‍රාගේ සැබෑ ස්වරූපය පෙන්නුවා කියලා.
ඊලග කොටස වෙනුවෙන් බලා සිටිමී.
සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා!
ජයෙන් ජයම වේවා!
හ්ම්ම් මුලින්ම කියන්න ඕන. බොහොම තුති බ්‍රෝ සබ් එකට…….උදේ ඉදන් නෙවෙය් දැනට මාසෙකට විතර උඩින් ඉදලා තමය් දත කට මැදලා මේක බලන්න ලෑස්ති වෙලා හිටියේ සහෝ.නැවත වතාවක් තුති සබ් එකට… ජයවේවා!!!
thank you very much.mekata sub watenakan thama balagen hitiye ude idamma
dwn krnna be neh..ane torrnt link ekak denna plz…google search karata pennanne naa neh torrnt link…
Thanks
අසෝ(ර්) අහායි ජොන් ස්නොව් වෙන්න ඔනි.මට හිතෙන විදිහට
ජොන් ස්නොව් ස්ටාක් කෙනෙක් වෙන්න බැහැ.නෙඩ්ගේ අව ජාතක පුතා කිව්වට එක තැනකදි ජොන් ස්නොව් කියනවා මම ස්ටාක් කෙනෙක් නේවෙයි කියලා. ජොන් ස්නොව් ගින්දර එ කියන්නේ මකරු එක්ක සම්බන්ධයක් තියනවා කියලා.මොකද ජොන් ස්නොව් ධවල ඇවිදින්නා එක්ක වලියෙදි උගේ වෙප්න් එක (හෙල්ල) ජොන් ස්නොව්ගේ ඇගේ තිබ්බට මුකුත් වෙන්නේ නැහැ.හරියට කලිසිට උන එකෙ අනිත් පැත්ත.
අඩෝ සුපිරියක් බ්‍රෝ… අද උදේ 10ට විතර මම එපිය බාලා බලාගෙන හිටියේ සබ එනකම්.. තෑන්ක්ස් වෙවා!! අනිත් එපි ටිකත් මෙවගේ ඉක්මනටම දෙන්න… ඔන්න එහෙනම් මම බලනවෝ… #ජය!! 😉
machan mata link eka ewapan ko download karaganna
බොහොම ස්තූතියි සහෝ…..
thanxxxxxxxxxxxx
ude idan balan idala dan tamai news eka awe badu dala kiyala …roily ayya deyya …thank u so much
ude idan balan idala dan tamai news eka awe badu dala kiyala …roily ayya deyya…thank u so much
Thanks ah… torrent link dan danne nedda :O
ela ela
thanx macahan. maa sub 1a dfannakam balan hitiyaa…
anith ewath apu gaman danna hakiyawa labeewa…
obata jaya….
ammoooooooooooo thxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
superiiiiiiiiiiiii aeeeeeee thxxxxxxxxxxxxxx…………………..!!!!!!!!!!!!!!!!!!!!!!
Tnx Royili aiyaa,,awa dawasema dunna ela
kohomada dowunload kranne ?
torrent link????? pls….
ඕනෑම ටොරන්ට් අඩවියකින්, Game of Thrones S6E01 විදියට සර්ච් එකක් කරල, ඉහත සඳහන් නම් තියෙන කොපි එකක් බලලා බාගන්න. HDTV ඕනා කොපියකට වැඩ කරාවී. ජය෴෴
thanx bro….. wede hari
Thanks machan well done
ehenam ithin adugane torrent site ekak denna.kickass piratebay wala meka ne
බොහොම ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා !
Fatta Bro Fatta.oyata pin.ty
torrent nane?
udee idan balan hitiyee meka danakan.thnkzzz dr……..
wow awa awa.tnx tnx
යකඩෝ මේක එනකම් බලන් හිටි කාලයක්…
රෝයිල් අයියට පිං මේකට සබ් එකයි ලිපියයි දුන්නට….
ඉවසිල්ලක් නෑ මේකෙ මොකද වෙන්නෙ බලන්න…
ලිපිය කියවනවා මේක බාන්න දාලා..
ජයෙන් ජය සහෝ….
අනේක වාරයක් ස්තූතියි සබ් එකට….
🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
thank bro!
Thank You…
ගින්දර රොයිලි අයියා! 🙂
පට්ට සහෝ.. අපේ හද පිරි මෙව්වා ඒක ඔයාට.. ඔයා දෙවියෙක් වගේ තමා දැන්.. බොහොම ස්තූතියි
Thanx lot………
මරු මරු . එනකන් බලන් හිටියේ .
ස්තුතියි සහෝ !
thankz saho
බොහොම ස්තූතියි සහෝ
එනකල් බලා උන්නේ =D