හොඳයි එහෙනම් මෙන්න ගෙනාව හතරවෙනි කොටස. වැඩි කතා නොකර අපි කලින් කොටස මතක් කරගම්මු. සිතියමේ අංක දැම්මෙ ඉහළ ඉඳන් පහළට යන්නයි. රූපය මත right click ක්ලික් කරලා වෙනම ටැබ් එකක විවෘත කරගන්න. ප්‍රාකාරයෙන් පිටත, (සිතියමේ අංක 01) බ්‍රෑන් විසින් බොහෝ දෙනෙක් මේ දවස් වල කතා කරන උපකල්පනයකට අදාළ සිදූවීමක් දකිනවා.…

හොඳයි එහෙනම් මෙන්න ගෙනාව හතරවෙනි කොටස. වැඩි කතා නොකර අපි කලින් කොටස මතක් කරගම්මු. සිතියමේ අංක දැම්මෙ ඉහළ ඉඳන් පහළට යන්නයි. රූපය මත right click ක්ලික් කරලා වෙනම ටැබ් එකක විවෘත කරගන්න.
ප්‍රාකාරයෙන් පිටත, (සිතියමේ අංක 01)
බ්‍රෑන් විසින් බොහෝ දෙනෙක් මේ දවස් වල කතා කරන උපකල්පනයකට අදාළ සිදූවීමක් දකිනවා. (හැබැයි පොත් වල කතාවට වඩා ටිකක් වෙනස් විදියට. වැඩි විස්තර තරිඳු අයියගේ ලිපියේ තියෙනවා.) ඒ තමා රොබට් රජුගේ කැරැල්ලෙන් පස්සේ ඒ සියල්ලම පටන් ගත්ත හේතුව වෙච්ච ලියෙන්නා ස්ටාක්ව බේරගන්න ටවර් ඔෆ් ජෝයි (සතුටේ කුළුණ) (සිතියමේ අංක 05) වෙත යන ගමන දැක්කා. දැන් ගොඩ දෙනෙක් හිතනවා, රේගාර් ටාගේරියන් ලියෙන්නව පැහැර ගත්තට හැමෝම දන්න විදියට දූෂණය කරලා ටවර් ඔෆ් ජෝයි හිදී නෙඩ් ස්ටාක් එනකොට මිය ගියා කියන කතාවට වඩා වෙනස් දෙයක් වෙන්න ඇති කියලා. ඒ උපකල්පනය තමා ඒ වෙද්දි එලියා මාටේල්ව බැඳලා උන්න, ඊළඟට රජකමට පත් වෙන්න නියමිත රේගාර් කුමාරයා හා ලියෙන්නා(අපිට පෙන්නපු විදියට ටිකක් ආර්යා ස්ටාක් වගේ නාහෙට නාහන) ආදරයෙන් වෙලිලා අන්තිමේ කැරැල්ල වෙලාවේ ළමයෙක් හම්බවෙන්න කිට්ටු වෙච්ච හින්දා, රේගාර් විසින් කිංග්ස්ගාර්ඩ් ආරක්ෂකයෝ තිදෙනෙක්ගේ ආරක්ෂාව යටතේ ටවර් ඔෆ් ජෝයි හී රඳවල තිබ්බ කියන එක. (මොකද යුද්ධයක් තියනකොට කවුද තමුන්ගේ හොඳම සෙබළු තුන් දෙනාව කුළුණක ආරක්ෂාවට දාන්නේ?) ඒ වගේම නෙඩ් ස්ටාක් එනකොට තම මරණ මංචකේ උන්න ලියෙන්නා පුතෙක් බිහි කළ බවත් ඔහු ජෝන් ස්නෝව් බවත් තමා මේ ප්‍රසිද්ධ උපකල්පනය. (R+L=J) ඉතින් මේ වෙද්දි අන්තිම ටාගේරියන් වාංශිකයා වෙනකම් මරණයට කැපකරණ හින්දා,(ඩැනේරිස් වුණත් බේරෙන්නෙ 99 න් නේ) තම ඥාති පුත්‍රයෙක් වෙන එම ළදරුවාව නෙඩ් ස්ටාක් විසින් තමුන්ගේ අවජාතක දරුවෙක් විදියට වින්ටර්ෆෙල් වලට ගෙනිහින් හදාගත් බවත් තමා මේ උපකල්පනය. අනික දැන් මෙච්චර කාලයක් ජෝන් ගේ අම්මා කියල හිතපු කෙනත් ඔය ටවර් ඔෆ් ජෝයි වලට කිට්ටුව තියෙන හා නෙඩ් හා සටන් කරපු කිංග්ස්ගාර්ඩ් ආරක්ෂකයගේ වංශයට අයිති ගමේ කෙල්ලෙක්. ඉතින් නෙඩ් විසින් ආතර් ඩෙයින්ව මරලා ඔහුගේ ප්‍රසිද්ධ කඩුව(ඔය කඩුව උල්කාපාතයක ඉතුරු වුන ලෝහයකින් වාත්තු කරල හදපු එකක්) ආපහු ඔහුගේ වංශයට ගෙනිහින් දෙන්න ගිය වෙලාවේ ජෝන්ගේ අනන්‍යතාව සඟවා කතාවක් ගොතපු බවත් තව උපකල්පනයක්. අනික ඔය ඩෙයින් වංශයේ ඈයෝ එක්ක ස්ටාක්වරු (නෙඩ් හා බ්‍රැන්ඩන් ස්ටාක් හා අශාරා ඩෙයින් අතර හැරන්හෙල් නැටුම හා අනෙක් කතා) අතර කට කතා වගයකුත් තියෙනවා. කොහොම හරි ඒ කතාවේ ඇත්ත නැත්ත දැනගන්න කලින් බ්‍රෑන්ව ආපහු වර්තමානයට ගෙන එනවා. ඒකට බ්‍රෑන්ට තරහ ගියාට දෑස් තුනේ දෝනකාකයා කියන්නේ ඔහු ඉක්මනින් සියල්ල ඉගෙන ගත යුතු බවයි.
ප්‍රාකාරයේදී… (සිතියමේ අංක 02)
මරණයෙන් ආපහු ආව ජෝන් ස්නෝව් තමුන්ට පිහියෙන් ඇන්න හතර දෙනාට මරණ දඬුවම දෙනවා. ඊට පස්සෙ ඔහු තම දිවුරුමෙන් මිදිලා තමාගේ හොඳම මිත්‍රයට, නායකකම බාර දීලා, යන්න යනවා.
වින්ටර්ෆෙල් හිදී… (සිතියමේ අංක 03)
රැම්සිට තෑග්ගක් අරගෙන අම්බර් වංශාධිපතියා පැමිණෙනවා. ඒ තෑග්ග තමා කාලයක් තිස්සෙ අමතක වෙලා උන්න රිකොන් ස්ටාක්. තවත් ස්ටාක් උරුමක්කාරයෙක් දැන් සතුරන්ට අහුවෙලා. ඒ වෙනුවෙන් ඔහු බලාපොරොත්තු වෙන්නේ ජෝන් ස්නෝව් විසින් ප්‍රාකාරයෙන් දකුණට ගෙන ආව වනචාරීන් සමග සටනට යන්න රැම්සිගේ හමුදා එවන ලෙස ඉල්ලීමටයි.
කිංග්ස් ලෑන්ඩින් හිදී…(සිතියමේ අංක 04)
වාරිස්ගේ ඔත්තු බලන පොඩි උන් දැන් වැඩ කරන්නේ කයිබර්න්ටයි. මේ අතර සර්සිට ඕනා වෙනවා ඔවුන්ව අගනගරයෙන් පිට තම සතුරන් ඉන්න හැම නගරයකටම යවාගන්න. මේ අතර ජේමියි, සර්සියි යනවා කුඩා කවුන්සිල හමුවට. හැබැයි එතෙන්දි නම් ඔවුන්ට හොඳ ප්‍රතිචාරයක් ලැබෙන්නේ නෑ. මේ අතර ටෝමන්වත් තමුන්ට ඇහුම්කන් දෙන තත්වයකට පත් කරගැනිමට ලොකු ගේ කුරුල්ලා අඩිය තියෙනවා.
පටු මුහුදේදී… (සිතියමේ අංක 06)
ආචාරිවරයෙක් වීමේ බලාපොරොත්තුවෙන් පැරණි නගරය බලා යෑමට නැව් නැග සිටින සෑම් හට මුහුදු ගමන් වල යෙදෙන නුපුරුදු අයට සෑදෙන අසනීපය වැළඳී තිබෙනවා. ඒ අතර ඔහු ගිලීට පවසනවා ඇයව සිටඩෙල් හී තබාගැනීමට අවසර නොලැබෙන නිසා තම නිවස වූ හෝන් හිල් හී නැවැත්වීමට අදහස් කරන බව.
බ්‍රාවෝස් හිදී… (සිතියමේ අංක 07)
ආර්යගේ පුහුණූවේ අලුත් පියවරකට ඇය අඩිය තියනවා. අවසානයේ ඇය කිසි කෙනෙක් නොවන තත්වයට පැමිණි බවට පිළිගන්න ජැකෙන් හගාර් ඇයට නැවත පෙනීම දෙනවා. ඊළඟට මොකෝ වෙන්නෙ කියලා අද බලමු.
මෙරීන් හිදී… (සිතියමේ අංක 08)
වාරිස් විසින් හාපි පුතුනුවන්ට මුදල් සපයන්නන්ව අඳුනගන්න සමත් වෙනවා. නිකැළැල් හමුදා නායකයා ඔවුන්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළත් කොට ආදිපාද වෙනම උපායකට යන්න තමා සූදානම. බලමුකෝ ඒකට මොකද වෙන්නෙ කියලා.
වායෙස් ඩොත්‍රාක් හිදී. (සිතියමේ අංක 09)
ඩැනේරිස්ව නියමිත ස්ථානයට ගෙන එනවා. ඇයව සූදානම් කරන තවත් වැන්දඹුවක් ඇයට සැබෑ තත්වය පැහැදිලි කරනවා. කාල් ඩ්‍රෝගෝගේ මරණයෙන් පස්සේ, මෙම ස්ථානයට නොපැමිණ ඇය පිටස්තර ලෝකයට ගිය බැවින්, මුලින් ඒ ගැන දෙන විනිශ්චයකට යටත් වීමට අදාළ නායකයන්ගේ හමුවේදී ඇයට සිදුවෙනවා.
හොඳයි මෙන්න එහෙනම් GOT විශේෂඥ තරිඳු අයියගේ ලිපිය.
Tower of Joy
රොබර්ට් බැරතියන් විප්ලවයෙන් පසුව, නෙඩ් ස්ටාක් “Tower of Joy” කියන ස්ථානයට යන්නෙ, ඔහුගේ සොයුරිය රඳවා සිටින්නෙ එහි බව දන්න නිසා. Tower of Joy තියෙන්නෙ “ඩෝන්”වල. මේ ස්ථානයට ඒ නම ලැබිල තියෙන්නෙ රේගා ටාගේරියන් විසින්. ඔහු ඒ නම මේ ස්ථානයට, එහෙම නැත්නම් කුටියට ලබා දීල තියෙන්නෙ, ඔහුගේ ජීවිතයේ බොහෝ සතුටු දේවල් මෙහි සිදු වී ඇති නිසයි. නෙඩ් ස්ටාක් මේ ස්ථානයට යද්දි, පොතට අනුව ටාගේරියන් රාජ්‍ය ආරක්ෂක කණ්ඩායමේ තුන් දෙනෙක්ම මේ ස්ථානය ආරක්ෂා කරමින් සිටිනවා. නමුත් TV Series එකේදි එහි සිටින්නෙ දෙදෙනෙක් විතරයි. ඔවුන් තුන්දෙනා වුණේ රාජ්‍ය ආරක්ෂක කණ්ඩායමේ නායකයා වුණු ජෙරෝල්ඩ් හයිටවර්, සර් ආතර් ඩේන්, සහ සර් ඔස්වෙල් වෙන්ට්. ආතර් ඩේන් කියල කියන්නෙ එතෙක් මෙතෙක් වෙස්ටරෝස් වල හිටිය විශිෂ්ටතම කඩු ශිල්පියා විදිහටයි සැලකෙන්නේ.

මේ අවස්ථාව සුවිශේෂ වෙන්න හේතුවක් තියෙනවා. මේ වෙලාව වෙද්දී ට්‍රිඩෙන්ට්වල රොබර්ට් බැරතියන් සහ රේගා ටාගේරියන් අතර විශාල සටනක් ඇති වෙලා ඉවරයි. ඒ සටනින් රේගා ටාගේරියන් මිය ගියා. king’s landing වල විශාල සමූලඝාතනයක් වෙලා ඉවරයි. ඒ වගේම storm’s endවල රොබර්ට් බැරතියන්ගෙ වාසල වටලා තිබුණු ටිරෙල් හමුදාව නෙඩ් ස්ටාක් එහි ගියාම දණ නවා තම සටන නැවැත්වුවා. රේගා ටාගේරියන්, දෙවෙනි ඒරිස් රජතුමා, රේගාගේ බිරිඳ එලියා මාටෙල් සහ දරුවන් දෙදෙනා මිය යන මේ සිද්ධි දාමයේ එක තැනකවත් ඉහත කියපු රාජ්‍ය ආරක්ෂක කණ්ඩායමේ තිදෙනා හිටියේ නෑ. ඒ කාලය ඇතුළේ ඔවුන් Tower of Joy කියන ස්ථානයේ ආරක්ෂාවට සිටියා. රාජ්‍ය ආරක්ෂක කණ්ඩායමේ හත් දෙනාගෙන් තිදෙනක්ම, එයිනුත් එහි නායකයා ජෙරෝල්ඩ් හයිටවර්, සහ හොඳම සටන්කරුවා සර් ආතර් ඩේන් සිටීම සුවිශේෂ සිදුවීමක්. රේගා කියල කියන්නෙ ඔහුගේ පියා වුණු මහලු දෙවන ඒරිස් මියගියාට පසුව රජ වීමට සිටිය කෙනා. ඒ කාලෙ වෙද්දීත් ඔහු සමග බොහෝ බලයක් ගොඩ නැගී තිබුණා. රේගා ටාගේරියන් තම හොඳම යාළුවා වුණු ආතර් ඩේන් සහ අනිත් දෙදෙනාගෙන් ඉල්ලා තිබුණේ, එහි සඟවා සිටින ලියානා ස්ටාක් ආරක්ෂා කරන්න කියල. නෙඩ් ස්ටාක් මේ ස්ථානයට ආවේ ඔහුගේ සොයුරිය බේරාගන්න. ඔහු සමග හොලන්ඩ් රීඩ් කියන නෙඩ් ස්ටාක්ගෙ සගයා වෙන හොලන්ඩ් රීඩ් සිටියා. හොලන්ඩ් රීඩ් කියන්නෙ බ්‍රැන් ස්ටාක් සමග දැන් සිටින මීරා ගෙ තාත්තා. දෙපිරිස අතර ඇතිවන සටනින් අවසානයේ ඉතිරි වෙන්නෙ නෙඩ් ස්ටාක් සහ හොලන්ඩ් රීඩ් විතරයි.
ඊට පස්සෙ සිදුවන සිදුවීම් තවම TV series එකේ පෙන්නුවේ නෑ. නමුත් එහි වැදගත්කම ඉතා සුවිශේෂ එකක් වෙන බව පැහැදිලියි. කතා පොතේ මේ සිදුවීම එක්තරා අභිරහස් එකක් විදිහටයි ලියා තිබෙන්නෙ. සියලු දේ බ්‍රැන් විසින් දැනගත යුතුයි කියල විශ්වාස කරන three eye raven පවා මේ දේවල් ඔහුට පෙන්වන්නෙ විශාල හේතුවක් නිසා. Tower of joy ඇතුළට යන නෙඩ් ස්ටාක්ට ලියානා ස්ටාක්ව හමුවෙන්නේ ඇය තම මරණ මංචකයේ සිටියදි. ඒ වගේම මියයාමට කළින් ඇය නෙඩ්ගෙන් පොරොන්දුවක් ලබාගන්නවා. මේ පොරොන්දුව මොකක්ද? රේගා විසින් පැහැරගෙන ආවා කියල විශ්වාස කෙරෙන ලියානාට මේ තරම් හොඳ ආරක්ෂාවක් යොදා තිබුණේ ඇයි? මේ ප්‍රශ්නවලට උත්තර අපිට මේ කතා මාලාව තුලදී දැනගන්නට ලැබේවි.
ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
රොබර්ට් බැරතියන් විප්ලවයෙදි රේගා ටාගේරියන්, ඔහුගේ බිරිද සහ දරුවන්, දෙවන ඒරිස් රජතුමා මරා දැමුවාට පස්සෙ, දෙවන ඒරිස් රජතුමාගේ බිරිඳ සහ ඔහුගේ දෙවන පුතා වුණු විසේරිස් නැව් මගින් එසෝස් වලට අරගෙන යන්න, ටාගේරියන්වරුන්ට හිතවත් පිරිස කටයුතු කරනවා. ඩැනේරිස් උපත ලබන්නෙ මේ ගමනේදී. නමුත් දරු උපතේදී ඇයගේ මව, රීලා ටාගේරියන් මිය යනවා. එතකොට ලෝකේ ඉතිරි වුණේ ටාගේරියන් දෙදෙනෙක් විතරයි. ඒ විසේරිස් සහ ඩැනේරිස් විතරයි. රොබර්ට් බැරතියන් රජකම ලබාගත්තත් උරුමයෙන් රජකම අයිතිව තිබුණේ විසේරිස්ට. ඒ නිසා විසේරිස්ට සහ ඩැනේරිස්ට නිරන්තරයෙන් රොබර්ට් බැරතියන් විසින් ඔවුන්ව මරන්න එවපු පිරිසගෙන් බේරී බේරී ඉන්න සිදු වුණා. ඔවුන් දෙදෙනා බ්රාවොස් ඇතුළු Free citiesවල හැදුණු වැදුණු බවටයි සඳහන් වෙන්නෙ. ඒ කාලය පුරාවට විසේරිස් තමාට උපතින් අයිතිය වුණ රජකම ලබා ගැනීමට සිහින දැක්ක.
TV series එක මුලදි, ඩැනේරිස්ව ඒ කාලේ දොතරාකි හමුදාවේ නායකයා වුණ කාල් ඩ්රෝගෝට විවාහ කර දුන්නෙ ඔහුගේ හමුදාව විසේරිස්ට එකතු කරගෙන වෙස්ටරෝස්වල රජකම ලබාගන්න. ඒත් හමුදාව එක්ක වෙස්ටරෝස්වලට එනව වෙනුවට, විවාහයෙන් පසුව කාල් ඩැනේරිස් එක්ක වේස් දොතරාක්වලට එනවා. ඒ ගමන දුර වගේම දුෂ්කර එකක්. ඒ වගේම වෙස්ටරෝස් තියෙන්නෙ විසේරිස් එතෙක් සිටි පෙන්ටෝස්වලින් බස්නාහිර දිශාවෙන් වුණත්, වේස් දොතරාක් තියෙන්නෙ තවත් නැගෙනහිර දිශාවට වෙන්න. මේ එන කාලයෙදි, විසේරිස් වෙනුවට දොතරාකි පිරිසගේ ගරු බුහුමන් වලට ලක්වෙන්නේ ඩැනේරිස්. ඩැනේරිස්ට පුතෙක් ලැබෙන්න ඉද්දි ඇයට හිමිවෙන ගෞරවය තවත් වැඩි වෙනවා.

මෙයින් ඉරිසියාවට සහ කේන්තියට පත්වන විසේරිස් නැවත ඔහුගේ සහෝදරිය එක්කගෙන යන්න උත්සහ කරනවා. එහි ප්‍රතිඵලය වුණේ කාල් ඩ්රෝගෝ විසින් ඔහු මිය යාමයි. දොතරාකි නායකයෙක් විවාහ වෙලා, ඩැනේරිස්ට පුතෙක් ලැබෙන්න ඉන්න බව ආරංචි වුණාම ඇයව මරා දමන්න රොබර්ට් බැරතියන් දරණ උත්සාහය වැඩි වෙනවා. ඩැනේරිස්ට රජකම ලබාදෙන්න කාල් ප්‍රතිඥා දෙන්නෙ මේ නිසා. ලසර් වලට පහර දීල, එහි මිනිස්සු වහලුන් විදිහට මරීන් වලදි විකුණලා, එයින් නැව් නැග වෙස්ටරෝස් එන්න කාල් සැලසුම් කරනවා, නමුත් ලසර් ඉඳල මරීන් එන අතරමගදි කාල් මිය යනවා.

සාමාන්‍ය දොතරාකි සම්ප්‍රදාය හැටියට දොතරාකි නායකයෙක් මියගියාට පස්සෙ, ඔහුගේ බිරිඳ වේස් දොතරාක්වල තියෙන දෝශ් කලීන් පන්සලට ඇවිත් ජීවිතේ ඉදිරි කාලය ගතකරන්න ඕන. නමුත් ඩැනේරිස් එහෙම කරන්නෙ නෑ. කාල් ඩ්රෝගෝගේ චිතකය එක්ක දැවෙන ඇය නැවත එයින් නැගිටින්නේ කුඩා මකරුන් තිදෙනා එක්ක. ඉන්පසුව කාත්, අස්ටෝපර්, යුන්කායි, හරහා ඇය මරීන් වලට අවසානයේ ළඟා වුණා. ඇය මරීන්වල කාලයක් පාලනය කරන්න පවා තීරණය කරනවා. great fighting pitවලදි sons of the harpy ඩැනේරිස්ව මරන්න උත්සහ කරද්දි, ඇයගේ ප්‍රධාන මකරා වන ඩ්රෝගෝන් ඇයව බේරාගෙන ඈතට රැගෙන යනවා. නැවතත් කාල් හමුදාවකට ඇය හසුවන්නේ මේ විදිහටයි. මේ කාල් හමුදාවේ නායකයා “මෝරෝ”, ඇය කලින් කාල් නායකයෙක්ගේ බිරිඳක් නිසා ඇයට හිරිහැරයක් නොවන සේ තියාගත්තත්, සම්ප්‍රදායානුකූලව ඇය දෝශ් කලීන් පන්සලේ සිටිය යුතු බව මතක් කරල, ඇයව එහි එක්කගෙන යනවා.
රිකෝන් ස්ටාක් රම්සේ අතට පත් වීම
වින්ටර්ෆෙල්වල ඉඳල wall එකෙන් එහාට යන්න ගමන ආරක්ෂා කරද්දී ඔහු සමග ඔහුගේ බාල සහෝදරයා වුණු රිකෝන් ස්ටාක් සිටියා. පසුව රිකෝන් ඕෂා සමග වැඩි ආරක්ෂාවට තවමත් ස්ටාක්වරුන්ට පක්ෂපාතී අම්බර් වාසලට එක්කගෙන යන්න ඔවුන් තීරණය කරනවා.

අම්බර් නිවාසයේ අපි හොඳින්ම දන්න කෙනා තමයි great jon umber.

ඔහුගෙ නිවාසය ස්ටාක්වරුන්ට ඉතා පක්ෂපාතී එකක්. බොහෝ සටන්වලදි ඔහු නෙඩ් ස්ටාක් සමග එකට සටන් කර තියෙනවා. නෙඩ් ස්ටාක් king’s landingවල හිරකාරයෙක් වුණාම, රොබ් ස්ටාක් විසින් උතුරේ හමුදාව රැස් කරද්දි, රොබ්ට සහයට මුලින්ම ආපු කෙනෙක් තමයි great jon. රොබ් ස්ටාක්ගෙ සටන්වලට ඉතා හොඳ උපදේශකයෙක් වුණා වගේම, රොබ් ස්ටාක් උතුරේ රජු (the king in the north) ලෙස පළමුව ප්‍රකාශ කරෙත් ඔහු විසින්. Red wedding එකේදී රොබ් ස්ටාක්ව ෆ්රේ සහ බෝල්ටන් පිරිස විසින් මරාදමද්දි, great jon umberව සිර කරුවෙක් ලෙස ගැනුණා.
මේ කාලය වනවිට great jon umber මිය ගිහින් බවයි, ඔහුගේ පුතාවන little jon umber සහ රම්සේ බෝල්ටන් අතර ඇතිවන සංවාදයෙන් පැහැදිලි වන්නෙ. උතුරේ නව බලයට තම සහයෝගය එක් කිරීමක් ලෙස, රම්සේ බෝල්ටන්ට එකතුවන little jon umber, තමන් භාරයේ සිටි රිකෝන් ස්ටාක්ව රම්සේට භාර දෙනවා. මෙය පරම්පරා ගණනක් තිස්සේ අම්බර් නිවාසය ස්ටාක් නිවාසයට තිබුණු පක්ෂපාතීබවට ද්‍රෝහී වීමක් විදිහට දකින්න පුළුවන්. ඒත් සමහරු විශ්වාස කරනවා මෙය රම්සේ බෝල්ටන්ට විරුද්ධ සැලසුමක කොටසක් කියල. ඒ කොහොම වුණත්, රම්සේ රිකෝන්ට හානියක් කරන එකක් නෑ කියල හිතන්න පුළුවන්. උතුරේ බලය තර කරගන්න වගේම, රිකෝන් ප්‍රාණ ඇපයට තියල සන්සාව නැවත ලබාගන්න; රම්සේ පියවර ගනීවි කියල අපිට හිතන්න පුළුවන්.
පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.
Works with – HDTV AFG, AVS, x265 HEVC – YSTEAM / BR – PSA rip
ඕනෑම ටොරන්ට් අඩවියකින් බාගත කරගන්නා ඉහත සඳහන් ටොරන්ට් සඳහා මෙම උපසිරැසිය සහය දක්වනු ඇත.
69,409 downloadsDownload GOT.S06.E04.Sinhala.zip114 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
- #Aidan Gillen
- #Alfie Allen
- #Daniel Portman
- #Dean-Charles Chapman
- #Emilia Clarke
- #Finn Jones
- #Gwendoline Christie
- #Iain Glen
- #Jacob Anderson
- #Jerome Flynn
- #John Bradley
- #Kit Harington
- #Kristofer Hivju
- #Lena Headey
- #Liam Cunningham
- #Maisie Williams
- #MaxxA
- #Michael McElhatton
- #Michiel Huisman
- #Natalie Dormer
- #Nathalie Emmanuel
- #Nikolaj Coster-Waldau
- #Owen Teale
- #Peter Dinklage
- #Sophie Turner
- #Stephen Dillane
- #රොයිලි ප්‍රනාන්දු
98 comments
රොයිලි
hashi
sellama lellama
Asiri
හිහී.අන්තිමට තියෙන 156 රොයිලි අයියා අතින් දාපු එකක් වගේ.අව්ලක් නෑ.ඕවත් ප්‍රශ්නද?
dwnman
කොල්ලනේ මේ link 1n කෙලින්ම donload කර ගන්න
leo
දානකම් refresh කරලම එපා වුනා මොනවුනත් බොහෝම ස්තූතියි සහෝ
charith
matah ehemai
AMS
ude idan balan hitiye. thanks bro. :-D
Lakshitha
Sau nan ithin roili thama..elaz bro...!
Ranga Gabriel
thank you
lahiru
meka ekmanata dunnata thanks.... jaya wewa bro....
sanjaya jayasinghe
tnx bro for the link
harsha
හුරේ....!! මොනාද මේ කතා.. රොයිලි අයියා ගින්දර වගේ සබ් දාල ඇති වෙලාවට..
prabath
thx machan
supun nirmal
Elama roili ayya elama......
ජෝන් ස්නෝව්
thanks bro...enkm balan hitiye.. medapara kalinma dala..
Asiri
Sub වලට රොයිලි අයියටත් ලිපියට තරිඳු සහෝටත් බොහොම ස්තූතියි.ඔය tower of joy වල වෙච්ච සිද්දිය මේකෙවත් හරියට පෙන්නයිද බලමුකො.
Praveen Geeshan
Thanks bro. I was waiting for sub.
Gihan
Thank you bro...:)
shehan randika jayathunga
supirima roili aiyee
chamika
thankzzzzzz sub ekata
N3M!KA
සබ් එක එනකල් බලාගෙන හිටියේ බ්‍රෝ..!!
Thanks..!!dilranga
thanks royly aiye
Dimal
රොයිලි අයියා බොහෝම ස්තූතියි !!
Thanura
සබ් එකට බෝම ස්තූතියි.
Kasun Upeksha
බොහොම ස්තූතියි...
Vikum08
පුළුවන් නම් කවුරු හරි මෙන්න මේ TV ෆිලුමට සබ් දෙන්නකෝ.
රෝවන් ඇට්කින්සන් ඉන්න අලුත්ම එක.Maigret Sets a Trap (2016)
මෙන්න Trailer එක මෙතනින් බලලා අදහසක් ගන්න.
https://youtu.be/0QLxIBkewLwMad Vavaki
Vikum For you Bro...
Maigret Sets a Trap (2016) Download Sinhala Sub Get This Link :
http://www.2shared.com/file/2uj0UNS6/MaigretSetsATrapHDTVx2…
තුරුම්පු හේරා
thanks a lot...
natasha
thank ayye
shine
thank you saho..........
Piyumal D Kularathne
ගොඩක් තැන්ක්ස්. පලවෙනි කමෙන්ට් එක බයිස්කෝප් එකේ දාන. උදේ ඉදන් බලන් හිටියා. බලන් ඉන්න එක මෙච්චර අමාරුනම් දාන එක කොච්චර අමාරු ඇතිද? ඒ නිසා කමෙන්ට් එකක් නොදා බාන එක වැරදී කියලා හිතුනා. THANKS!!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Mahesh
Sub ekata thanx aiye
pissa
Thanks a lot. Climax of the story....!
buddika
thanks
harsha
මටත් දනගහල ආචාර කරන්න හිතුනා. බොහෝම ස්තූතියි සහෝ අපි වෙනුවෙන් කරන මෙහෙයට. ජයවේවා
Dish
Tnx bro.....
Keshan Wasala
බොහොම ස්තුතියි රොයිලි අයියේ. මෙන්න සබ ගත්තා.
තරිදු අයියටත් බොහොම ස්තුතියි !!
ජය වේවා !!Nilusha Nirmal
thanx saho sub ekata
එ් වගේම ලිපියටත් සහෝAshan
bohoma sthuthii saho!!!! jaya
Rajitha
Thank you saho......'Quantico' aluth episode walata sub denda kiyandako......jayawewa......!
dasun
E8EBA7020AA2E5FBB800297C8A74D4CA74045EAC
meka set...thanks sub kingSajeevi
Thanks
Shanaka Chathuranga
තෑන්ක්ස් රොයිලි බ්රෝ.............
Roshan
Thanks for the hard work
Madhawa
ගොඩක් ස්තුතියි සහෝ sub එකට.
channa
බොහෝම ස්තූතියි !!
ජය වේවා !!Lasitha
tnks
BHAGYA
Royly saho godak agaya karanwa oyage mahansiya..e wagema oyatatai,tharidu saho tai dennatama godak sthuthiy....
Namuth loku adu paduwak penwa denna kamathiy..issara wage torrent file eka nodena nisa download karaganna bari wenva..hama denama dadi apahasuthavaykata path wenva...ema nisa torrent file ekath laba denna kiyala adarayen illanawaaa...hash wadath naha..puluwan nam hamadama kalinma dena e wagema quality eka vadi "ettv" torrent ekata sub eka dannaa...Thank u!!!රොයිලි
පළවෙනි කමෙන්ට් එක බලන්න. මම දීලා තියෙන්නේ.
BHAGYA
THANK U..But ay ettv copy ekata damme naththe...hoda quality eken,size aduwen balanna puluwanne...
රොයිලි
ඒකටත් ගැලපෙන්න ඕනා සහෝ. ගැලපෙන්නෙ නැත්තම් කියන්න. හදල දෙන්නම්.
Heshan
Thanks saho....
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ සබ් එක ගෙනාවට...
ජයෙන් ජය...Thusitha
බොහොම ස්තුතියි රොයිලි !!!!!!!!!!!
v
ස්තූතියි රොයිලි සහෝ
Maduka
Thanks...!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

389F003540F7BAC501C5A362FA9FB2EE03FD4741 156