Gandhi (1982) Sinhala Subtitles | අවිහිංසාවාදයේ පියා…[සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන් යාළුනේ!!! ඔන්න අද මම ආවේ වෙනත් ආරක චිත්‍රපටයක් ඔයාලට අරගෙනයි. Friday the 13th චිත්‍රපට මාලාවෙන් පොඩ්ඩකට අයින් වෙලා IMDb දර්ශකයේ 8.1 අගයක් ගන්නා මෙම ගාන්ධි චිත්‍රපටය අරන් ආවා. මෙය චිත්‍රපට දර්ශකයේ හොඳම චිත්‍රපට 250න් එකක්. වසරේ හොඳම චිත්‍රපටයට ඇතුළු ඔස්කාර් සම්මාන 8ක් දිනාගත් මෙම චිත්‍රපටයතුලින් අවිහිංසාවේ පියා යන විරුදාවලියලත් ගාන්ධි නම් කෙසඟ සිරුරකට උරුමකම් කී පතාක යෝධයාගේ ජීවිත කථාවයි.
මුලින් මොහන්දාස් කේ. ගාන්ධි මහතා කලිසම් කෝට් ඇඳි නිතීඥයෙකි. දකුණු අප්‍රිකාවේ සේවය කරන ගාන්ධි මහතාටත් එහි සේවය කළ අනෙකුත් ඉන්දියානුවන්ටත් එවකට පාලකයන් වූ බ්‍රිතාන්‍යයන්ගේ වූ අසාධාරණකම් සහ දුක් ගැහැට අනන්තයි අප්‍රමාණයි. ඔවුන් ඉන්දියානුවන්ගෙන් වැඩ ගත්තේ වහලුන්ගෙන් මෙනි. කළු හමට සුද්දන් බොහෝ අවමන් කරන්නට විය. නිරපරාදේ ගාන්ධි සිරබත් කෑ වාර ගණන අප්‍රමාණය. දකුණු අප්‍රිකානු බන්ධනාගාරයෙන් නිදහස ලැබූ ඔහු නැවත ඉන්දියාවට පැමිණෙන්නේ සුද්දන්ගේ ඇඳුමටද ආයුබෝවන් කියාය. සුද්දන් බුරුතු පිටින් ඉන්දියානුවන් සමූලඝාතනය කරද්දිත් ගාන්ධිට අවශ්‍ය වූයේ සුද්දන්ට නොරිදවා, අඩුතරමින් ප්‍රතිප්‍රහාරවත් නොදී නිදහස ලබා ගැනීමටයි. තම මව්බිමේ නිදහස වෙනුවෙන් කැපකිරීම් රාශියක් සිදුකළ ඔහු අවසානයේ තම පවුල් ජීව්තයත් කැප කරයි. මහා කන්දක් සේ නොසැලී සිටි ඔහු තම බිරිඳගේ වියෝව නිසා එම පර්වතය දියවී යන ආකාරය කාගේත් දෙනෙත් තුලට කඳුළුබිඳු එක්කරන්නට තරම් වරක මෙම චිත්‍රපටය හැඟුම්බරය. බොහෝ කැපකිරීම්කර සුද්දන්ගෙන් නිදහස ලබාගැනීමට ඔවුන්ව කැමති කරගත් පසු ඔහු අසලම සිටි මුස්ලිම් මිතුරන් වෙනම මුස්ලිම් රාජ්‍යයක් (පාකිස්ථානය) ඉල්ලා සිටීම කෙසේ දරා ගන්නද? (ඒක හරියට කොටි ත්‍රස්තවාදීන් අපේ රටෙන් කෑල්ලක් බලෙන් ගන්න හැදුවා වගේ) හින්දු අය ඊට දක්වන ප්‍රතිචාර කෙසේද? ඒ සියල්ලටම මහත්මා ගාන්ධි දක්වන ප්‍රතිචාරය කෙසේද? මේ අනර්ඝ චිත්‍රපටය නරඹා දැනගන්න.
ගාන්ධි චිත්‍රපටය හිමිකරගත් ඔස්කාර් සම්මාන:
1. වසරේ හොඳම චිත්‍රපටය.
2. හොදම අධ්‍යක්ෂනය.
3. හොඳම නළුවා (බෙන් කිංස්ලි – මහත්මා ගාන්ධි ලෙස)
4. හොඳම තිර රචනාව.
5. හොඳම කැමරාකරණය.
6. හොඳම කළා අධ්‍යක්ෂනය.
7. හොඳම ඇඳුම් නිර්මානය.
8. හොඳම සංස්කරණය.
ඊට අමතරව හොඳම වේශනිරූපනය, හොඳම ශබ්ද පරිපාලනය, හොඳම සංගීතය යන සම්මාන තුන සඳහා ද නාම යෝජිතව තිබීම ම මේ චිත්‍රපටයේ ගුණාත්මකබාවය මොනවට කියාපායි. ඊට අමතරව අනෙකුත් සම්මාන 28කටත් මෙම චිත්‍රපටය හිමිකම් කියනවා. එදා මෙදා තුර ලෝක චිත්‍රපට ඉතිහාසයේ වැඩිම පිරිසක් රඟපෑ මෙම චිත්‍රපටය ගිනස් වාර්තා පොතට ඇතුලත් වීමත් සමඟම ගාන්ධි චිත්‍රපට නාමය ලෝක චිත්‍රපට ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවින.
මෙය නරඹා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා හොඳේ!!!
මීට පෙර හේමාල් සිල්වා සොහොයුරා විසින් පල කළ ලිපිය
මම අද ඔයලට ගෙනාවේ කවුරුත් දන්න කියන යුගපුරුෂයකුගෙ ජිවිත කතාව අලලා නිර්මාණය වුන චිත්‍රපටියක්. IMDB ශ්‍රෙණිගතකිරීම් වලට අනුව 8.2/10 අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටිය ඉතා උසස් නිර්මාණයක් කියලා කියන්න පුලුවන්.මහත්මා ගාන්ධි තුමාගේ ජිවිතකතාව නිරූපනය කෙරෙන මෙහි බෙන් කින්ග්ස්ලි ගාන්ධිගේ චරිතයට පනපොවයි.එ වගේම මෙම චිත්‍රපටිය ඇකඩමි සම්මාන 8 කින්ද පිදුම් ලත් එකක්.
භාරතයේ නිදහස් සටන වෙනුවෙන් අහිංසාව අවියක් කරගත් ඉන්දීය ජනතාව වෙනුවෙන් පෙරට ගිය භාරතයේ පියා යන විරුදාවලියෙන් පුදලත් මේ මොහන්දාස් කරම්චාන්ද් ගාන්ධි හෙවත් මහත්මා ගාන්ධි උපන්නේ 1869 ඔක්තෝම්බර් 02 වැනිදා ඉන්දියාවේ ගුජරාටයේ පෝබන්දාර් නම් කුඩා ගම්මානයේයි. ඔවුන් ඉතා ඉහළ පංතියට අයත් පවුලක් නොවූණද යමක් කමක් තිබුණූ අය වුණා.මොහු ඉන්දියාවේ බලවත් දේශපාලන හා අධ්‍යයාත්මීය නායකයෙක් වූ අතර ඉන්දියානු නිදහස් අරගලයේ පුරෝගාමියා ලෙස කටයුතු කළේය. තවද, ඔහු සත්‍යයග්‍රරහ දර්ශනයේ පුරෝගාමියා විය. අයහපත් දේ වෙනුවෙන් විරුද්ධත්වය පෑම හා සත්‍යය වෙනුවෙන් නැගී සිටීම උදෙසා අවිහිංසාවාදීව ගෙන ගිය සටන තුළින් ඉන්දියාව නිදහසේ මාවතට පිවිසි අතර සිවිල් අයිතීන් හා නිදහස පිළිබඳ ලෝකයාගේ සිත් තුළට කා වැද්දීමට ගාන්ධිතුමාගේ මෙකී සටනට හැකි විය.නීතිඥයකු ලෙස එංගලන්තයට ගොස් නීතිය හැදෑරූ ගාන්ධි 1891 ජුනි 10 වැනිදා නීතිඥයකු ලෙස ලියාපදිංචි වුණා. තම මව් රටට පැමිණි ගාන්ධිට දකුණු අපි‍්‍රකාවට යෑමට සිදු වුණේ නඩුවකට පෙනී සිටීමටයි. ඒ 1893 වසරේදියි. මාස කිහිපයක් සඳහා පමණක් එහි ගිය ගාන්ධිට දකුණු අපි‍්‍රකාවේ වසර 20 ක්ම ගත කරන්නට සිද්ධ වුණා. වර්ණභේද වාදය තදින්ම එහි ව්‍යාප්තව තිබුණු යුගයකි. ඒ මිනිස් සමේ වර්ණය අනුව මිනිසා උස් පහත් යැයි වෙන්කර තිබෙනු ගාන්ධිට දැක ගන්නට ලැබුණා. එහි ජීවත් වූ ඉන්දියානුවන්ට ද සුදු ජාතිකයන්ගෙන් විවිධ කරදර වලට මුහුණ දෙන්නට සිද්ධ වුණා. ඔවුන්ට දුම්රියේ ප‍්‍රථම පංතියේ ගමන් කිරීමට අවසර ලැබුණේ නැහැ. ඒ ඔවුන් සුදු ජාතිකයන් නොවීම හේතුවයි. ගාන්ධිතුමා මේ අවනීතියට එරෙහිව දකුණු අපි‍්‍රකාවේ සිට අරගල මෙහෙව්වා.දකුණූ අපි‍්‍රකානු රජය ඉන්දියානුවන්ට අලුත් නීතියක් පැනෙව්වා. ඔවුන් සියල්ලන්ම ඇඟිලි සළකුණු තබා ලියාපදිංචි විය යුතුයි යන්නයි ඒ නව නීතිය වුණේ. මේ අවමන් සහගත නීතියට එරෙහිව ගාන්ධිතුමා විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූවා. ඔහු යටතේ රැස් වුණූ ඉන්දියානුවන් මේ නීතියට තමන් කිසි ලෙසකවත් යටත් නොවන බවට ද ප‍්‍රතිඥා දුන්නා. ඔවුන්ගේ මේ විරෝධතාවය “අකි‍්‍රය විරෝධතාවයක් “ එනම් හිංසනයෙන් තොර එකක් වුණා. ඒ නිසා මේ විරෝධතාවය ‘සත්‍යග‍්‍රහය’ නමින් හැඳින්වූවා. දේශපාලන අරගල වලදී අහිංසාවාදී කි‍්‍රයාමාර්ගයකට ප‍්‍රධාන අඩිතාලම වූයේද මේ සත්‍යග‍්‍රහයයි.දකුණු අපි‍්‍රකාවේ සිටි ඉන්දියානුවන්ට ඔවුන්ගේ අයිතීන් බොහෝමයක් සුරක්ෂිත කරදුන් ගාන්ධි නැවත තම මව්රටට පැමිණියේ වීරයකු ලෙසිනි.
ඉන්දීය නිදහස් සටනේ ආරම්භය…
ඉන්දියාවට පැමිණි ගාන්ධිතුමා ඉංග්‍රීසින්ගෙන් තම රට නිදහස් කර ගැනීමේ අරගල වලට සම්බන්ධ වුණා. ඉන්දීය ජාතික කොංග‍්‍රසයේ නායකත්වයට පත්වණු හෙතෙම උපවාස සත්‍ය ග‍්‍රහ ආදිය සංවිධානය කරමින් ඉංග්‍රීසින්ව අපහසුතාවයට පත් කරන්නට උත්සාහ ගත්තා.පළමුවැනි ලෝක යුද්ධය අවසානයේදී බි‍්‍රතාන්‍ය ඉදිරිපත් කළ යෝජනාවකට විරුද්ධව සංවිධානය කළ සත්‍යග‍්‍රහයක් නීති විරෝධි බව ප‍්‍රකාශයට පත් කෙරුණා. 1919 අප්‍රේල් 13 වැනිදා අම්රිට්සර්හි ජලියන්වලා බාග් චතුරස‍්‍රයට විසි දහසක් දෙනා රැස්වූයේ ඉංග්‍රීසින්ගේ තහනම නොතකා එම සත්‍යග‍්‍රහයට සහභාගි වීමටයි. මින් කුපිත වුණු ඉංග්‍රීසි හමුදාව වෙඩි තබන්නට වුණු අතර එහිදි අහිංසක ජනතාව සිය ගණනක් මරුමුවට පත්වුණා.ගාන්ධි මේ ඝාතනයට එරෙහිව අහිංසාවාදී විරෝධතා පෙළපාලි සංවිධානය කෙරුණු අතර බි‍්‍රතාන්‍ය නිෂ්පාදන ඇතුළු බි‍්‍රතාන්‍ය දේවල් ප‍්‍රතික්ෂේප කරන ලෙසින් ගාන්ධි තුමා ඉන්දියානුවන්ගෙන් ඉල්ලා සිටියා. ගාන්ධිතුමාගේ මෙවැනි විරෝධතා ව්‍යාපාර හේතුවෙන් එතුමාව කිහිපවරක්ම ඉංග්‍රීසින් විසින් සිරභාරයට ගනු ලැබුවා.1948 ජනවාරි 30 වැනිදා එවැනි හින්දු අන්තවාදියකු වූ ගොඩ්සේගේ වෙඩි ප‍්‍රහාරයකින් ගාන්ධිතුමා ජීවිතක්‍ෂයට පත්වූයේ කෝටි සංඛ්‍යාත ජනතාවක් වික්ෂිප්ත කරමිනි.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2853 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2020/05/No-Profile-Picture.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිත් මදුරාගොඩ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/06/07
සිංහල සබ් එකට ගොඩක් ස්තුති සහෝදරයා…
හොද වැඩක් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා…
ජය වේවා…
පුලුවන්නම් Big momma’s house 2 සහ grow ups 1 සබ් ටික දෙන්න බලන්න..
Thanx ජය වේවා
tv ake kalin beluwa watina film 1k aye lesatama blamu.
බොහොම ස්තූති…
maxxaaa
niyamai. good luck for baiscope & chamith bro
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
ලිපි දෙකම නියමයි……. අළුත් ලිපිය Short & Sweet වගේ….. 😀
ස්තූතියි
නියම චිත්‍රපටයක් මේක
මේ වගේ වටිනා සිනමා කෘතියකට සිංහල මුසු කිරීම ඇත්තෙන් ම හුඟක් වටින දෙයක්. බොහොම ස්තූතියි චමිත් අයියේ……
mekath balanna one…
අපි නිවැරදි උපසිරැසි යොදන්න ගොඩක් මහන්සි වෙනවා. කාලයත් වැය කරනවා. ඔයාලගේ කමෙන්ට් එකෙන් තමයි අපට නව ජීවයක් ලැබෙන්නෙ. ඒ නිසා අදහස් දැක්වූ හැමෝටම ගොඩක් ස්තූතියි. Friday the 13th 5වන කොටසත් ඉක්මනටම දෙනවා. දැන් අපේ වෙබ් අඩවියත් දියුණුයි. චිත්‍රපට පෝලිමක් තියෙනවා දෙන්න. ඒ ඔයාලා අපව උනන්දු කරන නිසයි.
niyamai chamith ayye…. oya mara wadakarayekne…. mawa dannawane…… man sooniy…..
අනිවා බානවා.. ස්තුති වේවා..!! පට්ට ෆිල්ම් එකක් වගේ..!!!
නියමයි නියමයි…. මමත් අනිවා බලනවා… ජය වේවා බයිස්කෝප් 🙂
Thank you very much Sir..
thnxxxx lot….. 🙂
patta hode…… 😀
* වින්දනයට
මොහන්දාස් කරම්චාන්ද් ගාන්ධි එහෙම නැත්නම් අපි කවුරුත් දන්න විදියට මහත්මා ගාන්ධි තුමන්ගෙ ජීවිතයේ කතාවෙන් අපේ ජීවිතයට එකතුකරගන්න පුලුවන් දේවල් බොහොමයි . ප්ර්වින්දනයට විතරක් සීමා නොවී ජීවිතයට අරුතකුත් එක්කරගන්න පුලුවන් මේ වගේ නිර්මානයක් කරපු එක ඇත්තෙන්ම ගොඩක් ස්තූතියි සහෝ
maxxa ekak ne deela thiyenne aniwa balanawa thanks
මමත් ඊයේ බැලුවා මේ බයිස්කෝප් එක ඇත්තටම මහත්මා ගාන්ධි ගැන නොදත් හුගක් දේ දැන ගත්තා.. ඒ වගේම උපසිරස හොදටම කරලා තිබුනා….ඉංග්‍රීසි ගුරුවරෙයෙකු කියලා දන්නේ නෑ මම හිතන්නේ කට්ටිය..රොයිලි ඔන්න ඒකත් කියලා…
දිගටම සබ් දෙන්න සුභ පතනවා අයියේ…
ජයෙන් ජය~!
වෛද්‍ය නිර්දේශයක් වෙච්ච පරිගණකය අඩුවෙන් පාවිච්චි කරන්න කියන එක පසෙක ලා අපි වෙනුවෙන් මේ බරසාර හා දීර්ඝ චිත්‍රපටියට උපසිරැසි ගැන්වීම ගැන චමිත් අයියේ ඔයාට මගේ ආචාරය පුදකරන්න කැමතියි. ඔයා උපසිරැසි දාන විදිය ගැන ඇහුවහම සහ ඔයා ඉංග්‍රීසි ගුරුවරයෙක් කියන කාරණය එක්ක ගත්තහම මේ උපසිරැසියේ නිරවද්‍යතාවය හා තත්වය ගැන කිසිම සැකයක් කාටවත් ඇතිකරන්න ඕනා නෑ කියලා මම හැමෝටම බය නැතිව කියනවා. බොහොමත්ම ස්තූතියි මේ චිත්‍රපටය සිංහල උපසිරැසි එක්ක අප හමුවේ තැබීම ගැන. 😀 😀
tikak wenas ekak unath aniwa balanawa.
මමත් මේක බැලුවා සැහෙන කාලෙකට කලින්. බලන්න වටිනා බයිස්කෝප් එකක්.
නියම වැඩක් සහෝ. පරණ චිත්‍රපටයක් උනත් ගොඩක් ආදර්ශ මත් එකක්. බාගෙන බලන්න ඕන. ජය
බොහොම ස්තූති………
පට්ට පට පට්ට අනිවා බලනවා
නියමයි සහෝ මේකට උපසිරැසි ගන්වපු එකනම් හරිම වටිනවා..!!!
තවත් මේ වගේ නිර්මාණ උපසිරැසි ගන්වන්න හැකිවේවා කියලා ප්‍රාර්තනා කරනවා…
~ ජය! ~
හපෙ හප්පේ මදුරාගොඩ අයියේ, බොහොම අගෙයි මෙදාපාර දීපු කතාව!
අති විශිෂ්ඨ චිත්‍රපටයක් වුණත් මේකේ ඉන්න මහත්මා ගාන්ධි සැබෑම මහත්මා ගාන්ධි’ම නොවෙන බවත් කිව යුතු වෙනවා. ඒ කිව්වේ මහත්මා ගාන්ධි වෙනුවට නළුවෙක් ඉන්නවා කියන එක නෙමේ, මේකේ පෙන්වන මහත්මා ගාන්ධි චරිතය බටහිරකරණය වූ එකක් බවයි කීවේ. මේක හොලිවුඩ් චිත්‍රපටයක් නිසා ඔවුනගේ අරමුණු වලට සාපේක්ෂව නමහත්මා ගාන්ධි චරිතය නිර්මාණය කිරීමට ඔවුන් උත්සහ දරා තිබෙනවා. මේකේ පෙන්වන මහත්මා ගාන්ධිට වඩා බොහෝම පෘථුල දැවැන්ත අගයක් සහිත චරිතයක් සැබෑ ගාන්ධි කියන්නේ!
නමුත් මේ චිත්‍රපටයේදී ගාන්ධි චරිතයේ ඒ මහා දැවැන්ත බව ගැන කියැවෙන්නේ සීමාවකට යටත්වයි. එනම් ඔහුගේ එක් පැතිකඩක් පමණයි මින් හෙළි වන්නේ.
ඒ නිසා මේක බලල ගාන්ධිව අදුරගන්න යන්න නම් එපා කිසි කෙනෙක්. එහෙම අවශ්‍යනම් හොදම ක්‍රමය ගාන්ධි මතවාදයන් ආශ්‍රිතව තැනුනු ඉන්දීය සිනමා කෘති හොයාගෙන නරඹන එකයි.
ගාන්ධි චරිතයේ ශ්‍රේෂ්ඨත්වය ගැන අවබෝධයක් ලැබීමට මිස ගාන්ධි යනු කවුදැයි තේරුම් ගන්නට මින් බැරි බවයි විචාරක, විශේෂඥ මතය!
කොහොම නමුත් මේ විදිහේ අනගි සිනමා පටයක් සිංහල ගැන්විම ගැන ඕන්න මගේත් ස්තුතිය සහ ප්‍රශංසාව පිරිනමනවා. තව දුරටත් මෙහෙව් ඒවත් අරං එන්න අපි වෙනුවෙන්. ඒ වුණත් අර කතා මාලාව(Friday The 13th) අමතක කරන්නට එපා යැයි ඉල්ලීමක් කරනවා.
ජය!
සුපිරි ෆිල්ම් එකක් ජය වේවා 🙂
වැඩේ පංකාදු මේවගේ ඒවා බලන්නම ඕනේ අනිවා. සබ් දාන්න වෙච්ච මහන්සියට මාගේ ස්තුතිය
thnxxxxx
එල එල මමත් බලන්න හිතං ඉන්නේ . ස්තූතී
super isthuthi
පට්ට.. මේ ෆිල්ම් එක ගැන අහල තිබ්බට බලන්න වුනේ නෑ. සුපිරිම එකක්. මේකට උපසිරැසි ගන්වපු එක ගොඩක් වැදගත්. ස්තූතියි.
ලොවත් නැත ඔන්න මමත් ගන්නවා… ජය වේවා
supirima site akak meyka nam aththatama watinawa mey film akata subs dunna aka nam..thawath hoda awata subs denna
thxxx:) lot 🙂
සුපිරි චමිත් සහෝ හැමෝටම වටිනා දෙයක් ඔයා කරලා තියෙන්නේ අගය කරනවා ඔයාගේ වැඩේ..
hodama films dena baiscope site akata mage acharaya
ලෝක ඉතිහාසයේ පතාක යෝධයෙක් ගැන කියවෙන මේ සලරුව අපට ජීවිතය ආදර්ශ සෑහෙන්න ගන්න පුළුවන් එකක් ..මම කියන්නේ හැම කෙනෙක්ම අනිවා මේ නිර්මාණය බලන්න කියලයි. කොහොම ස්තූතී කරන්නද මන්දා බොහොම පින් වේවා!……
මේ වගේ හොද film එකක් දුන්න එක ගොඩක් වටිනවා, ජයවේවා!
බයිස්කෝප් එකට ජයවේවා සිනමාවේ සොදුරු තැන් අනගි නිර්මාණ අපහට පෙන්වා දෙන එකට
හහ් අනිවා බලනවා
බොහොම තුති !
thnxxxx 🙂
no 1 akey film akak thaks meykata subtitle dapu aka
jaya wewa..saholata mey wagey watina films dena akata…
හොදම ෆිල්ම් එකක් ඔසකාර් 8 ගන්නවා කියන්නේ ලේසි පහසුද .
මේ බයිස්කෝප් සයිට් එක මරු ආ.. සේරම දේවල් තියෙනවා..
one of the best movie.thanks…. 🙂
වැඩේ සුපිරි ආයේ කතා 2 කක් නෑ මේක අති විශේෂ බයිස්කෝප් එකක්
ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ බයිස්කෝප් එක දැන් අග්‍රගණය තැනක වෙලා මේවා තමයි වචනයේ පරිසමාප්ත විදියට ෆිල්ම්ස්.ඇත්තටම මේ කරන උතුම් දේ දිගටම කරන්නට ශක්තිය වාසනාව ලැබේවා!! කියලා පතනවා!!!!!
thxx baiscope teem…
බාන්න දැම්ම ජය වේවා
jaya wewa wadey uparimai….digatama subs denna…
පට්ට මේක බලන්නම ඕනේ එකක්නේ ඇත්තටම මේවා තමයි ෆිල්ම්ස් වටිනා කියන..
එලස් මැක්සා වැඩේ දිගටම මේ වගේ හොද ඒවාට සබ් දෙන්න
සුපිරි සුපිරි ඇත්තටම මේ සයිට් එකෙන් ලොකු සේවාවක් සිදු වෙන්නේ ඒ ගැන හැමෝම දන්නවා,,ඒත් නොදන්නා පිරිස අතරට මේක තවත් ගෙනි යන්න මොකක් හරි කරන්න ,,තව තවත් දියුණු වේවා!
woooow..
thanks…
මේ වගේ විශිෂ්ඨ ඝනයේ බයිස්කෝප් එකක් සිංහල උපසිරසි සමග දෙන විට කොහොම නොබලා ඉන්නද ඔන්න මමත් බාන්න දැම්මා බොහෝම ස්තූතියි චමිත් මදුරාගොඩ සොයුර බයිස්කෝප් අඩවියට අළුතෙන් බයිස්කෝප් දැම්ම ගමන් අපිව දැනුවත් කරන විකී අයියේ ඔයාටත් බොහෝම ස්තූතියි ඔයාල කරන උතුම් කර්ත්‍යවයට බොහෝම පින්
thnx lot….very good film
එළකිරි මැසේජ් එක දැකලා ආවේ. මරු හොදේ ..
Thanks. great film
නියමයි නියමයි…. මමත් අනිවා බලනවා… ජය වේවා බයිස්කෝප් 🙂
ලොවෙත් නෑ සුපිරි බයිස්කෝප් සෙට් එක ඇත්තටම ඔයාල කරන්නේ ලොකුම ලොකු දෙයක්…
තව තවත් ශක්තිය ලැබේවා!!!
supiri saho agaya karanawa wade……….!
අති විවිශිෂ්ටයි…
ජය වේවා!!!!
Thnxxxxx macho 🙂
මම ගන්නවා මචං…. 🙂 ලොකු දෙයක් ඇත්තටම සබ් දුන්න එක නම් 🙂
thanx gr8 film…..
බෙන් කිංස්ලි කියන්නේ පට්ට නළුවෙක් ලගදි ලංකාවේ කරපු ෆිල්ම් එකෙත් ඉන්නේ මෙයා තමා,,මාගේ ප්‍රණාමය බයිස්කෝප් එකට මේ වගේ විශිෂ්ඨ නිර්මාණ අපගේ සිනමා රසිකයන්ට තිලින කරන එකට
නියමා….යි පට්ට හොදේ…. අයෙ මමත් ගන්නවා 🙂
pattai macho download wenna damma
1st
ආයේ කියන්න දෙයක් නෑ ඇත්තටම බැලිය යුතුම ෆිල්ම් එකක්..මෙතුමාගේ ජිවිත කතාව බලන්නම ඕනේ දෙයක් අපි හැමෝටම මේ වගේ වටිනා කියන ෆිල්ම් නිරතුරුව අරන් එන බයිස්කෝප් අඩවියට මෙන්ම චමිත් සොහොයුරාට මාගේ හදපිරි ස්තූතියි
සුපිරි වැඩක් මිල කරන්න බැරි ..ජයම වේවා!!!!
maxxama maxxxa thanks
මේක නම් අධ්‍යාපනික වටිනකාමක් තියෙන එකක්..ඇත්තටම බයිස්කෝප් සයිට් එකට සහ චමිත් සහෝට තුති මේ වගේ විශිෂ්ට නිර්මාණ ලබා දෙන එක ගැන
අයියෝ 3
ෂා පට්ටම වටිනා කියන ෆිල්ම් එකක් ලොවෙත් නෑ අනිවා බාලනවා..ජය වේවා!!!!
අද මම දෙක වෙන්නයි යන්නේ. නියම ෆිල්ම් එකක් වගේ. බලන්න ඕන. ස්තුතියි සහෝ.
තැන්ක්ස් වේවා…. පට්ට ෆිල්ම් එකක් නේ මේක… සිංහල උපසිරැසි වලට තුති… බයිස්කෝප් වලට ජය
mama eka……………..